29 August 2016

අට වසරෙදී පන්තියට අළුතින් ආපු මිස්


රස්තියාදුකාරයා පහුගිය දවස් ටිකේ හිටියේ විභාගයක් එක්ක.ඇත්තම කිව්වොත් අපේ අධ්‍යාපනය කියන්නේ පට්ටම අවුලක්. මොකද කිව්වොත් අපේ ව්භාග ක්‍රමේදි බලන්නේ මිනිහෙක්ගේ යම් විෂයක් සම්බන්ධව තියෙන හැකියාව නෙවෙයි.ඌට එ සම්බන්දව තියෙන මතකය.කොටින්ම කිව්වොත් ඇත්තටම විභාග වලින් ගොඩ යන්නේ හොද මතකයක් තියෙන උන්. සැබෑ හැකියාව තියෙන උන් හැලෙනවා.හුගක් වෙලාවට සා.පෙළින්ම ඌ හැලෙනවා.
                                                           අපේ සා.පෙළ පන්තියෙදි හෙන කාලෙක ඉදන් ගණන් වලට වැඩිම ලකුණු ගත්ත කොල්ලෙක් හිටියා.හිත හොද කොල්ලා රස්තියාදුකාරය වුනත් බැරි දෙයක් අහගන්නේ උගෙන් තමයි.අපි ඌට සමන් කියමු සමනට මිස්ලා සර්ලත් පට්ට ආදරෙයි.උගෙ අම්මයි තාත්තයිත් ගුරුවරු ඉතින් අපේ පන්ති‍යේ ගණන් නම් සමන්, සමන් නම් ගණන් තමයි හැබැයි මන් දැකලා තියෙනවා  ඔය එක එක බාහිර වැඩ වලදී මෑන් ගණන් පල හිලව් එකතු කරන්න ගියාම කැල් එකක් අරන් ගහනවා.හැබැයි ඌ මොනවා වුණත් ගණන් වලින් විතරක් නෙවෙයි අනිත් විෂයන්ගෙනුත් හොද ලකුණු ගන්න දක්ෂයෙක්. ඒ වගේම අපේ පන්ති‍යෙ හිටියා තවත් හොද කොල්ලෙක් හැබැයි ඌට සමන්ට වගේ ඉගෙන ගන්න බෑ සමන් වැඩිපුඅරම පන්තියේ ඇතුලේ හිටියට මූ නම් ඉන්නේ එළියෙම තමයි.
                                                                          හැබැයි එහෙම කියලා සමන් කියන්නේ පන්තියේ ඇතුළෙම හිටපු පොත් ගුල්ලෙකුත් නෙවෙයි.උගේ අම්මලා අපේ පාසලේම ගුරුවරු වුණු නිසාමද කොහෙද සමනා එලියට බහින්නේ ඉන්ටවල් එකට විතරයි.ඒකට මන් කියපු අනිකා අපි ඌට ලේසියට පියල් කියමු. නොයෙකුත් මත්ද්‍රව්‍ය වර්ග  සහ භාවිතය පිළිබද ඌට තිබුණේ  පාසල් කාළේ ඉදන්ම හසල දැනුමක්. අපි ඔය මොකක් හරි අසම්ජ්ජාති වැඩකට ගොහින් ගණන් හිළව් එකතු කරද්දි පියලා තමයි ඉදිරියෙන්ම ඉන්නේ උදාහරණයක් විදියට මෙහෙමයි කට්ටිය සෙට් උණාම ගල් බොතල් ඒක හමාරකට 1050 යි බයිට්  පැකට් එකට අච්චරයි , ගල් ගහන් නැති උන්ට ගන්න බියර් බෝතල් දෙකට මෙච්චරයි, කියලා අන්තිමට "අඩො රුපියල් හැත්තපහක් අඩුයි.සැන්ඩි වලට ටැප් එකේ පිහිට තමයි" කියලා ඌ ඔප්ෂන් එකත් අපිට දෙන්නේ බස් එකේ යන්න තියෙන අන්තිම රුපියල්  පහත් අපි ඔක්කොම සම්මාදම් කරා කියලා ඌ දන්න නිසා.

10 August 2016

රස්තියාදුකාරයා ගැන

අදත් උදේම මන් දුම්රිය පොළට ගොඩ වුනා ඒ මොකටවත් නෙවෙයි රැකියාව සදහා පිටත් වෙන්න.රැකියාවක් කියලා කිව්වට මේ එහෙම ලොකු රැකියාවක් නෙවෙයි යහළුවෙකුට, නෑදෑයෙකුට තියා ගෑවිච්ච් එකෙකුට කටක් ඇරලා ගන්න පඩිය කීයද කියලා නම් කියන්න බැරි හැබැයි කට පිරෙන්න කොළඹ රස්සාවක් කරනවා කියලා නම් කියන්න පුළුවන් එකක්.ජීවිතේ පටන් ගන්න ඕන අන්තිම අඩියෙන්ලුනේ මාත් එහෙම තමයි හැබැයි පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ තාමත් අඩියෙම තමයි.ගොඩ යන්න ඕන.හීන ගොඩක් තියනවා බොරු කියන්න ඕනෙ නෑනෙ මගේ ජීවිතේනම් සුන්දර නෑ පට්ට කට්ටක්.කටු කාලා තමයි ලු ගොඩ යන්න ඕන ඒත් තාම ගොඩ යාම නම් අහලකවත් නෑ.මේක තමයි මගේ ජීවිතය ඒ ජීවිතය ඉදිරියට උබලත් එක්ක බෙදාහදාගන්නයි මේ සුදානම් වෙන්නේ.කොහොමත් මේ මගේ පළවෙනි බොලොග් සටහන