28 November 2016

මගේ පිලොසොෆිය


මතකද අර මන් "සුභ උපන්දිනයක් සහෘදයා" කියලා බ්ලොග් එකක් ලිව්වෙ මිත්‍රයෙකුට. ඕන දැන් මිනිහා බ්ලොග් එකක් පටන් අරන් "මගේ පිලොසොෆිය" කියලා.
                                       කොල්ලු පිටියේ රෙස්පා එකේ අපි දෙතුන් දෙනා බෝතල් හිස් කරමින් කතා කරපු ඒ යටගියාව. විදේශයක ජීවත් උනත් සයිබර් අවකාශයේ බ්ලොග් පිටු අතර දිග හරින්නයි මේ ඔහු සුදානම් වෙන්නෙ. වචනයෙන් පරිසමාප්තයෙන්ම ස්මාට් මනුස්සයෙකු වෙච්චි ඔහුගෙන් ජීවිතය ගැන වුණත් මන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි. යාළුවෙකුට එහා ගිය වචනයෙන් පරිසමාප්තයෙන්ම ඔහුගේ වචනයෙන්ම කියනවනම් "දෙකකුස උපන් සහෝදරයෙක්" තමයි ඔහු.
                                                      සුභ පැතුම් සහෘදයා.....දිගටම ලියහන්.... වයිෆරේට බොලොග් එක ගැන නොකියහන්..... පුළුවන් පුළුවන් කට්ටිය ගිහිල්ලා එන්න මේ උගේ පිලොසොෆිය.මේ යට තියෙන ලින්කුව ඔබලා යන්න.....

-රෝමාන්තික රස්තියාදුකාරයා-

22 November 2016

රනිල් හාමු ඇතුළු අනෙකුත් ගොන් තඩියොන්ගේ පිං පඩිය වැඩි කරමු


අති උතුම් රෝයල් පරපුරේ මාහේශාක්‍යය වු ද, ශෝභමාණීය වුද , ඩෙටෝල් දමා සුපිරිසිදු කල කක්කුස්සි පෝච්චියක් දිව ගා ලෙවිය හැකි තරම් විශ්වාසණීය පිරිසිදු චරිතයකට උරුමකම් ඇත්තා වූද අපගේ අග්‍රමාත්‍ය තුමාණන් තම බිරිදගේ පඩි පත ඉදිරියේ පත් වන අසීරුතාව පිළිබද කල හෙළිදරව් කිරීම හුදෙක් එතුමාණන් හට පමණක් නොව ගව ගාලෙහි සිටින අනෙකුත් ගොන් තඩියන්ගේද චිරස්ථීය උදෙසා වූ පරාර්ථකාමී මෙන්ම දැවන්ත හෙළිදරව් කිරීමකි....ඒ පිළිබදව පහන් සංවේගය පළ කරන අතර..... 
                                                                     එම හෙළිදරව්ව අනුව පහත සදහන් වැටුප් පරිමාණය ලබමින් ඔහුන් අන්ත දුක්ත කටුක ජීවිතයක් ගතකරන බව මේ වන විට සියළු දෙනාට නොරහසකි. 

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික දීමනා හා වරප්‍රසාද(රුපියල් වලින්)

මූලික වැටුප - 54 285
ඉන්දන දීමනාව- රු.15 000 - 65 000
කාර්ය මණ්ඩල වැටුප්- 80 000 - 100 000
දුරකතන දීමනා - 50 000
ප්‍රවාහන දීමනා -  10 000
සංග්‍රහ දීමනා - 1 000
පැමිණිමේ දීමනාව - 500 (එක් පාර්ලිමේන්තු රැස්වීම් වාරයකට සහභාගී වීම සදහා)
කුලී නිවාසයක් සදහා - 50 000

15 November 2016

මගේ හයිකු ව


මේරු රෑනක්
රන් ගෑ පහනක
වටේ නටති

කවියද? ඔව් තේරුමක් නෑ. තේරුමක් නැති ජීවිතේකින් තේරුමක් ඇති දෙයක් කියවෙන්න බෑනෙ. ඔව් මන් දැක්කා මේරු රෑනක් රන් ගෑ පහනක වටේ දුවනවා මත් වෙලා වෙන්න ඇති එළියට. කව්ද කිව්වෙ උඹලට උන් පිච්චෙනවා කියලා. උන් පිච්චෙන් නෑ වටේ දුවලා මහන්සි වෙලා හති දමාවි එච්චරයි. පිච්චුණු තටු අළු වෙලත් ඉවරයි.ඉතින් මොනවද උන්ගෙ පිච්චෙන්න තියෙන්නෙ.
                                                       කියවන්න උත්සහ කරපන් උන්ගෙ ජීවිතෙත්, කියවන්න බැරි නම් අඩුම ගානේ ඒ වෙලාව වෙන් කරගනින් උබේ ජීවිතේ කියවන්න, අනුන්ගේ නිරුවත හොයන්න ඉස්සෙල්ලා දැනගනින් උඹේ නිරුවත ඊටත් වඩා අපුලයි කියලා
                                                 උන්ගේ කතාව වැඩක් නෑ කෙල්ලෙ උඹ පරිස්සමින් ඉදහන්. මන් දන්නවා උබේ පරිස්සම් කරන්න දෙයක් නෑ කියලා.ඒත් පරිස්සමින් ඉදපන්. ඔය ආදරේ,මුදු , මාල, සීත රීයෙ සුවපහසුව උබ ගැන හිතලම නෙවෙයි, මොකක්? ඔව් උන්ට සල්ලි වලට උබටත් වඩා හොද එවුන් ගතෑකි තමයි ඒත් තේරුම් ගනින් මිනිස්සු කැමතියි සල්ලි මිශ්‍ර නැති ආදරේ සල්ලි වලට ගන්න.නෑ ඇත්තටම ආදරේ නෙවෙයි උබේ ඇග. කවියද? ආ ඒකෙ තේරුමක් තියෙනවා. තේරෙන් නැද්ද.? තේරුම් යන විදියට කියන්නද?

07 November 2016

සුන්දර පාසලේ කුඩේ යටින් ගිය මතක



පුංචිම සන්දියේ වැස්සට රොත්ත පිටින්ම එක්කවු වෙලා මඩ නාන්න,වැටෙන්න, ඇලේ බැහැලා මාළුන්ට දැල් දාන්න තිබුණේ පුදුම ආසවක්.සමහර විට මිනිස්සු ලොකු වෙනකොට ඒවා ටික ටික නැති වෙනවද කොහෙද. රස්තියාදුකාරයා දැන්නම් වැස්සෙ තෙමෙන්න ආස නෑ.ඒත් වැස්සට ආසයි පුදුම හිතෙන තරම්. අද උදෑසනම ධාරානිපාත වැස්සෙ කිටි කිටියේ ගුලි වෙලා පාසල් යන බාලිකාවෝ ටිකකුයි,කොල්ලො ටිකකුයි රස්තියාදුකාරයට මතක් කරේ සුන්දර පාසලේ සොදුරු මතකයන්.
                                                           මේ සිද්ධිය වෙන්නෙ රස්තියාදුකාරයා දහය වසරේදි වගේ ඔය කාලෙදි තමයි අර සමවයස් වල ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න ගන්නේ.තැන් තැන් වල එක එක මුළු වල අත් අල්ලන් කතා බහ කරන්න ගන්නෙ. ඒ වගේම ඔළුවෙ ජෙල් ගාලා, උල් සපත්තුව පොලිෂ් කරල, කලු පාට මේස් වලින් අයින් වෙලා ලෝකල් මාකට් එකෙන් ගහන Adidas,Reebok වගේ නම් වල අච්චුව ගහපු සුදු පාට මේස් වලට මාරු වෙන්නෙ,  ඉස්කෝලෙන් දෙන නිල් පාට රෙදි වලට සමුදීලා. සේන අයියගේ ටේලර් ෂොප් ඒකෙන් කලු පාටට හුරු තද නිල් පාට කොට කලිසම් අදින්න ගත්තෙත් ඔය කාලේ,කලිසම තියෙන්නෙ ඉනෙන් පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න. ඒ වගේම දන හිසත් සම්පූර්ණයෙන්ම වැහෙන්න. කමී‍සය බැගී දාල දාන් එන එක අපේ කාලේ අවුට් ඔෆ් පැශන් අපේ කාලේ ජංගි කොටේට තමයි ෂර්ට් එක යට කරගන්නෙ.එතකොට කමීසෙ උඩ එනවා බොරු.
                   අපිට සාපේක්ෂව ගැහැණූ ළමයින්ට ඒ නිදහස අඩුයි. කොල්ලොන්ට වඩා කෙල්ලො කොහොමත් හිටියේ කන්ට්‍රෝල් එකක. හැබැයි අර ඉන ගාව තියෙන පටිය හැලෙන්න ඇදපු ගැහැණු ළමයිනුත් නොහිටියම නොවෙයි. කොහොම වුනත් ගැහැණු ළමයිනුත් ගවුමේ රැලි පිළිවෙලට තියලා, පිරිසිදුව එන්න පටන් ගන්නෙ ඔය කාලේ.
                                     ඔය කාලේදි අපේ පන්ති වල හිටියා පුදුම තරම් ලස්සන කෙල්ලෙක්, අදටත් එහෙමයි, එයාගේ මුහුණ විතරක් නෙවෙයි අග පසග වුනත් පුදුම තරම් ලස්සනයි.සුදුම සුදුයි, තරමක් උසයි, අපිට පේන කිසිම තැනකවත් අල්පෙනෙත්තක් තරම්වත් කැළලක් නෑ.හම්මේ...... ඒ ලස්සන මතක් කරද්දි හිත නිකන් පිරිලා යනවා. අපේ වයසෙ හිටපු ලස්සනම ගෑනු ළමයි දෙතුන් දෙනාගෙන් කෙනෙක් ඒ. දන්න කාලේ ඉදන්ම හරිම ආඩම්බරයි. උපතින්ම සශ්‍රීක මිළ මුදල් යහමින් තිබුණු පහුලක ඉපදුණු තැනත්තියක්. කොල්ලෙක් එක්කවත් කිසිම කතාවක් නෑ, මොකක් හරි ඇහුවොත් උත්තර දෙනවා එච්චරයි.