19 July 2017

හුස්ම ගන්න හාද්දක් - අවසන් කොටස

                                                                     
   
හුස්ම ගන්න හාද්දක් - පළමු කොටසට මෙතනින් යන්න 
                                                           
                                          එදා වැස්සක් ඉවරවුණු ගමන්ම පාරේ අයිනේ මඩ වලවල් පිරුණු තෙත පරිසරයක් තිබ්බ දවසක්. මේ එයාගෙන් මට ආපු හතර වෙනි කෝල් එක නැත්තම් හතරවෙනි හයර් එක කිව්වත් වරදක් නෑ.  එදත් එයා ඇවිත් කිසි කතාබහක් නැතිවම ත්‍රීවිල් එකට නැග්ගා. ඔව් ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්. අර මුල් දවසෙ ඇර තාමත් එයා හිනාවෙනවා මන් දැකලා නෑ.
                         හොදටම වැහැලා තෙත් වෙලා තිබ්බෙ ගහ කොළ හැම එකක්ම.තව ආයෙත් වහින්නද කොහෙද. වැහි බීරුම වගේ.  හදිස්සියක් කියපු නිසා මමත් ටිකක් වේගෙනුයි ගියේ ඒත් ටිකක් දුර යද්දි ඉස්සරහින් ආපු මෝටර් බයික් එකක් ඒ පැත්තෙන් ආපු බස් එක ඉස්සර කරගෙන හිතපු නැති විදියට වේගෙන් ත්‍රීවිල් එක ඉස්සහරට කඩාගෙන ආවා.මොනවා කරන්නද තප්පරෙනුත් දහයෙන් පන්ගුවක්දි මට හිතන්න වුනා. මන් කරේ එක තැන වමට හරවපු එක. ත්‍රීවිල් එක බිමට පෙරළුනා. මෝටර් බයිකාරයා ත්‍රීවිල් එකේ අයිනෙ වැදීලා විසි වෙලා ගියා
                                                                   මම   නැගිටිනකොට බිම වැටිච්ච පාර ඕලුවෙන් ලේ එනවා. ඒත් එයාටනම් ලොකු තුවාලයක් නෑ අත මොහොක හරි වැදිලා ලේ එනවා. මන් හිතන්නෙ ඒකටද කොහෙද එයාට සිහිය නැතිවෙලයි තිබුනෙ.
               මන් ඕලුවෙන් ලේ ගලද්දි ගිහින් එයාව තුරුල් කරන් නැගිට්ටුවා. මගේ අතින්ම වතුර ගහද්දි  තමයි එයාට ටිකක් සිහිය ආවෙ. මන් එයාව වත්තන් කරන් ත්‍රීවිල් එකත් එතනම දාලා වෙන ත්‍රීවිල් එහෙක නැගලා හොස්පිට්ල් එකට ආවා.
                       මගේ නලල තුවාල වෙලා තිබ්බ නිසා. මට දවස් දෙකක් යනකම් ටිකට් කැපුවෙ නෑ. මොකද ඕලුවට වැදුන නිසා එහෙම තියාගන්නවලු. එයාටනම් එදාම ටිකට් කපලා. ඇත්තටම නවතින්න තරම්වත් තුවාලයක් නෑ එයාට. ඒත් යන්න ඉස්සෙල්ලා මගේ සුවදුක් බලලා තව  සික්ස් පැක් හස්බන්ඩ් එයාට ගෙනාපු පළතුරු වට්ටියකුත් සික්ස්පැක් හස්බන්ඩ්ම මගේ කබඩ් එක උඩ තියලා එයාලා දෙන්නා යන්න ගියා. පිටින් පේන තුවාල වලට වඩා එදා මට රිදුම් දුන්නෙ පිටට නොපෙනන තුවාල.

12 July 2017

හුස්ම ගන්න හාද්දක් - පළමු කොටස



                                                   ඒක අහඹූ හමුවීමක් සහ වෙන්වීමක් අතර තිබුණු අපැහැදිළි තැනක්. මට ඕනෙ වුනේ ආදරයක් නෙවෙයි වෙන දේකුත් නෙවෙයි අපැහැදිලි දෙයක්. මාස ගානක් තිස්සෙ මන් ඉන්න බෝඩිමේ උඩ තට්ටුවට එයාව පේනවා නිතරම එළියට එන්නෙ නෑ. සතියේ දවස් පහේම යන එයා එන්නෙ හවස්වෙලා. සෙනසුරාදා ඉරිදා වුනත් එයා ගෙදරින් එළියට බහින්නෙ ගොඩක් අඩුවෙන්,සමහරවෙලාවට බහින්නෙම නෑ. අමතක වුණා දෙයක් කියන්න මන් දැන් ආයෙත් කතාවෙ මුලට යන්නම්.
                                                   මන් මේ බෝඩිමට ආවෙ මාස හතර පහකට කලින්. තවත් බෝඩිමක ඉදන් තවත් තැනකට මුහු වෙනකොට තියෙන්නෙ අමුතු හැගීමක්. මොකද අළුත් තැනකට මුහු වෙනකොට එහෙම හැගීමක් එනවා. මෙතනට ඇවිල්ලා දවස් දෙක තුනකදි වගේ තමයි එයාව දැක්කෙ එයා සුදුයි ඒත් සුදුම නෑ ඒක සුදට වඩා ලස්සන අදුරු පාටක්..ටිකක් විතර උසද මන්දා...එත් උසමත් නෑ..... එයාගේ තිබ්බා අමුතු පෙනුමක් හරියට මිනිස්සුන්ව වසගයට ගන්න පුළුවන් පෙනුමක්ම කියලා මන් කියන්නෙ නෑ.
                                          ඒත් මන් වසගයට ගන්න පුළුවන් වුණු පෙනුමක්. පොඩ්ඩක් ඉන්න මන් වසගයටම ගත්තා කියන්නත් බෑ. ඒත් මන් එයා ගැන ටිකක් උනන්දු වුණා. ට්කක් කිව්වට ඕනාවටත් වඩා වැඩි පුර උනන්දු වුණා කිව්වොත් ඒක වැරදියිම කියන්නත් බෑ.
                       දවසින් දවස එයා මල් පැල වලට සාත්තු කරන දිහා මන් හවස ඇවිත් උඩ තට්ටුවෙ ඉදන් බලන් හිටියා.  එක නිකන් පුරුද්දක් විදියට හැමදාමත් වුණා. තේ එකකුත් එක අතකින් අරගෙන පුටුවෙ වාඩි වෙලා එයා දිහා බලන් ඉන්න එක පුරුද්දක් වුනා. ෆෝන් එකත් ඔබ ඔබ සතියෙ දවස් වලටනම් මම විනාඩි පහලවක් විස්සක්ම කරන්නෙ එයා දිහා බලන් ඉන්න එක. එයාගේ තිබුනේ  ටිකක් විතර සිහින් සිරුරරක් අවශ්ෂ්‍ය හැඩ ඒ සිරුරේ ඕනවටත් වඩා තිබුණා.
                                    ඒත් මන් ආස එයාගේ උඩ කෙහෙ රැල්ලක් නිතරම මූනෙ පැත්තට වැටිලා තියෙන කොට එයා දිහා බලන්න. එතන තිබුනේ අමුතු අහිංසක ලස්සනක්.... ඇත්තම කිව්වොත් මාව ඉක්මණටම වසගයට ගත්තා.
                                                        මන් වැඩ කරේ ඉන්ෂුවරන්ස් කම්පැනියක පියන් කෙනෙක් විදියට. ඒත් ඉතින් මන් ඊට වඩා හම්බ කරන්නෙ ඒ යන එන ගමන්. මොකද මන් වැඩට යන්නෙ ත්‍රීවිල් එකේ. කියන්න ඕනෙ නෑනෙ කොළඹ  හයර් කෑලි වැදෙන විදිය උදේට යි හවසටයි.  පැය පැය ඔය දේකේදි ගහගත්තත් රුපියල් තුන් හාරසීයක් අනිවාර්යෙන්ම හම්බෙනවා.  මන් ත්‍රීවිල් එක ගැන කිව්වෙ කතාවේ ඊළග කොටසට යන්න . ආ හරි දැන් ඒක මෙහෙමයි........