අසුරු සැනකින් ජීවිතය හලන
චුබ්බනයකට ඇහැකිද පියාඹන්න
හෙට වේදිකාවේ සුන්බුන්ව විසිරෙන
අද මා දකිමි ඒ සුන්දර බියගුළු සිහින
සීසර්ට අයිති නුබ ඇතිරිල්ලක
දකිමින සරා සිහින මා සමග
ඇවිදින් සීරුවෙන් හෙමි හෙමින් බෲටස් නුඹ ළගට
බෲටස් උඹ පිහියෙන් ඇන්නේ සීසර්ට නොව මගේ පපු කුහරයට
ලේ නොව එන්නේ කදුලකි සතුටකි
අද බොද වෙන පෙම් සිහින හෙට
වෙනෙකක් ලග සතොසිනි කදුලකි
නුඹ යයි වෙනෙකෙකු එයි මා ලොවට
මා ලොව කිරුළු පලන් එකම කුමරා මමය
තවකෙකු විත් සියුම් පිරිමදියි ඒ මොහොත
දුක නැත පිහි ඇනුමට රිදුම් නැත හදවත
රිදුම් දෙන හදවතින් ලියන මම
-රෝමාන්තික රස්තියාදුකාරයා-
oh
ReplyDeleteඇයි ලිඛිතා
Deleteධමනියක ඉපිල
ReplyDeleteනැවුම්
ශිරාවක ලතව
පසු බැස සෙමෙන්
ලබ් ඩබ් ව
පණ ගැහෙයි
ජීවිතය
සෘතු අතර
සෙමින්.....
සාහිත්‍යය රස පිරුණු අපුර්ව නිර්මාණයක් රෝමා
කවියේ කොනක් අල්ලගත්ත අපුරූ කවියක්. අපි පිරිසිදු ලෙස ධමනියකින් පිට කරන ලේම අපිරිසිදු විදියට හදවතට එනවා.වරද අපිරිසිදු ලේ වල නෙවෙයි අපේ හදවතේමයි අපේ හදවත දැනගන්න ඕන අපිරිසිදු ලේත් කවදහරි හදවතට පොම්ප වෙනවා කියන බලාපොරොත්තුවෙන් ඉන්න. හරිම අපුරූයි.
Deleteමේ කතාව නොදන්න නිසා කවිය තේරුම් ගන්න බැහැ ... නමුත් ලස්සනයි කියලා දැනෙනවා කවිය වගේම තේරුමත්... ජය !!!
ReplyDeleteකවිය වගේම කතාවත් මට තේරුම් ගන්න බෑ
Deleteමොකක්...????
DeleteThis comment has been removed by the author.
Deleteසමහර කවි වල වගේම සිදුවීම් වලත් තේරුමක් නැහැ....
Delete
ReplyDeleteආව
කියෙව්ව
හරියට තේරුනේ නම් නෑ
කොමෙන්ඩ් එක්කුත් දැන්ම
අපි ගියා
This comment has been removed by the author.
Deleteආව එකමත් ලොකු දෙයක්නෙ :-) හැම කවියක් තුලම තියෙන යටි තේරුමට වඩා යම් සිතුවිලිමය ස්පන්ධනයක්.....
Deleteකවිය ලස්සනයි රෝමා...
ReplyDeleteබොහොමත්ම ස්තූතියි නිර්මාණී...බොඟොම ආදරයෙන් පිළිගන්නවා රස්තියාදුකාරයගෙ බොලොග් එකට
Deleteමද්දට වගේ මටත් ඔය කවි තෙරෙන් නෑ උඩ ඉඳන් පහලට කියෙව්ව... එහෙනම් අපි ගියා
ReplyDeleteකවියෙ මන් කියන තේරුමම උබල ගන්න ඕනෙ නෑ බන්...මොකද උඹලා කවිය විදින විදිය වෙනස් වෙන්න පුළුවන්
Deleteහදවත රිදුම් දෙන තරමට හොද නිර්මාණ බිහිවෙනවා
ReplyDeleteහදවත කියන එකට මොකක් හරි වැදුනම. අඩපණ වෙන්නෙ කොදු නාරටිය.....
Deleteමම ඔය කතාවට හරිම කැමතියි, පුදුම දුකක් එන්නෙ මිනිහ පිටිපස්සෙන් සීසර්ට ඇණපු එකට... සීසර් එයාව දැකල බෘටස් උබත් කියලත් කියල නෙහ් මැරුනෙ...
ReplyDeleteසැඟවුණු කතාව ඔයා ලස්සනට ගලපල ලියල තියෙනව රොමා
බොහොම ස්තූතියි මචෝ ඒත් බෲටස් සීසර්ට ඇන්නට රිදුනේ මට මොකද සීසර්ගෙ වටිනම දේට වැඩියෙන්ම ආදරේ කරේ මන් නිසා
Deleteනියමයි මේ නිර්මාණය
ReplyDeleteබොහොම ස්තූතියි යාත්‍රා......
Deleteකවිය ලස්සනයි රෝමා...මට හැගුන සැඟවුණු කතාව ඔයා ලස්සනට ගලපල..කතාව ලියන්න..
ReplyDeleteමොකක්ම හරි හැගුනනම් වටිනවා.......
Deleteස්තූතියි ප්‍රාජේ......
ReplyDeleteඑල බ්‍රෝ අපි ගියා
ReplyDelete