Pages

01 August 2018

කපටි පාට හිනාවක් (කෙටිම කෙටි කෙටි කතාවක්)

                                   
                                      පෙරවදනක් ඕනෙමද කතාවකට. මේ කතාවට පෙරවදනක් නෑ. පසුවදනක් කියලා එකක් දෙන්න හදන්නෙත් නෑ. ඇය තරමක් සුදුයි, බෝලයි, උසයි, මහතයි ඇය මුලින්ම දැක්කෙ පොලිස් පාක් හෝල්ට් එකේදි. ඇයට තිබ්බෙ වෙනස්ම හිනාවක්. ඒකට හරියන්නෙ "අහිංසක" හිනාවක් කියන එක නෙවෙයි. ඒක කපටි හිනාවක්.
                         කපටි පාට හිනාවක් තිබ්බට එයා කපටි කෙල්ලෙක් නෙවෙයි. අහිංසක පාට ගෑණු ළමයෙක්. ඇත්තටම හිනාව විතරයි කපටි පාට. ඒක ටිකක් අපප්භ්‍රංෂයක් වගේ වුණාට. එයාගේ හිනාව එහෙමයි.
                       කපටි කියන වචනය ඇර සමහරවිට ඒකට හරියන්නෙ වෙන වචනයක් වෙන්න ඇති. ඒකට හරියන තනි වචනයක් සිංහල භාෂාවෙ නෑ. ඒක හරියට මෙහෙම කිව්වොත් "ආදරණීය බවක් පෙන්වන කපටි පාට අහිංසක හිනාවක්" වගේ වාක්‍යකින් එයාගේ හිනාවට සාධාරණයක් කරන්න පුළුවන්.
                     එයාගේ ලස්සන ප්‍රතිශත වලින් බෙදුවොත් එයාගේ හිනාවට සීයට හතලියක්වත් තනිකරම දෙන්න ඕනෙ. ඇත්තටම ඒක කපටි පාට ලස්සන හිනාවක්.

                           මුලින්ම එයා දිහා බැලුවෙ මන්. ඉන් පස්සෙ එයත් බලන්න ගත්තා. දින සති වෙනකොට ඒ බැලිල්ල නිරන්තරයෙන් අපි අතර වෙන එකක් උනා. ඒ වෙනකොට හැමදාමත් මම සෙනග මැද්දෙන් එයා පේන මානයට කොහොම හරි එනවා. මට එන්න බැරිනම් එයා එනවා.
                                 ඒ වෙනකොටත් වෙන්නෙ මොකද්ද කියලා මට හොදටම තේරිලා තිබුනේ "ආදරණීය බවකින් ඉගි කරන කපටිපාට අහිංසක හිනාව" අපි අතර ලොකු දුරක් නෑ කියලා හැමදාමත් තේරුම් කරලා දුන්නා....ඔව් ඒත් මට ප්‍රශ්ණයක් තිබුණා? ඒ නිසා මන් නිහඩව හිටියා.....
                                     ඉන්පස්සෙ එයාගේ යාලූවා එක පාරට මාත් එක්ක බොරු රණ්ඩුවක් අල්ලගත්තා. සීට් එකේ තව කෙනෙක්ට යන්න පුළුවන් කම තියෙද්දි මන් හිරවෙලා ඉන්නවා කියලා. මන් හිනාවෙලා පිටිපස්සෙම සීට් එකේ වම් පැත්තේ කොනේම ඉඩ ටිකක් දුන්නා එයා වාඩි වෙලා කතා කරා.
                                   එයා මගේ ෆේස්බුක් අයි ඩී එක ඇහුවා. මට තේරෙන්න ගත්තා ඉස්සරහට වෙන්නෙ මොකද්ද කියලා. ඔව් ඒත් මට ප්‍රශ්ණයක් තිබුණා? ඒ නිසා මන් එයා ගැන අහන්නෙ නැතිව නිහඩව හිටියා.....
                                                                සති මාස වෙනකොට මන් එයාට පැහැදිළිවම ආදරේ කරන්න අරන් තිබ්බෙ. ඇයගේ දිලිසෙන ඇස් දෙකේ ආයාචනාත්මක ආදරේ මගේ හදවත පුච්චමින් තිබුනේ. එයාගේ යෙහෙළිය නවින්යාත් මගේ හොද යෙහෙළියක් වෙලා තිබ්බෙ. නවින්යගෙ වචන වලින් එයා ගැන ආදරය ආයෙ ආයෙ මැරි මැරී උපදිමින් හිටියා, ඇත්තටම නවින්යට ඕනෙ වුනේ මමයි ඇයයි පෙම්වතුන් කරන්න.
                             ඇය හැමදාමත් මැසේජ් කරද්දි කිව්වා ඇයි එයාගෙන් කැමැත්ත අහන්නෙ නැත්තෙ කියලා. අඩුම තරමේ ෆේස්බුක් රික්වෙස්ට් එකක්වත් දාන්නෙ නැත්තෙ ඇයි කියලා. ඇත්තටම මට ප්‍රශ්ණයක් තිබුණා? ඒ නිසා මන් ඒ හුගක් වෙලාවට ස්මයිල් ෆේස් එකක් දාලා නිහඩව හිටියා...
                                               මාසෙ ගුණාකාර වලින් වැඩි වෙනකොට දවල් වරුවෙ මන් කොච්චරවත් එයා ගැන ආදරේ හිතේ හිර කරගෙන හිටියත්. ආයේ හවස එයා දකිනකොට ඒ හැමදෙයක් එක්කම හදවත ආයෙ ආයෙමත් පිච්චෙන්න ගත්තා. අපි අපි නිර්නාමික ක්‍රමයකට ආදරේ කරන්න පටන් අරන් තිබ්බෙ මන් හිතන්නෙ ඒ වෙනකොට. ඒත් ඒ නිර්නාමික ආදරේට නමක් දෙන්න බැරිතරම් ප්‍රශ්ණයක් මගේ හිතේ තිබ්බා.? මන් ආයෙමත් හිත අමාරුවෙන් හදාගත්තා......
                        ඇය මන් ළග සීට් එහෙක වාඩි නොවුනොත් හරි. මට අවධානයක් දෙන්න බැරි වුනොත් හරි මන් තරහෙන් පිපිරෙන්නත්. මම කවුරුන් හෝ ගෑණු ළමයෙක් එක්ක කතා කළොත් ඇය තරහෙන් පිපිරෙමින් මාව ගණන් නොගන්නත් පුරුදු වුණා.
                       ඒත් ආයෙත් පස්සෙන්දා වෙනකොට අපිට අපි නැතිව බෑ වගේම. මන් ඇය දිහා බලන්නත් ඇය මන් දිහා බලන්නත් එයාගේ ඒ ලස්සන කපටි හිනාවෙන් මාව පිස්සෙක් කරන්නත් ඇය පුරුදු වෙලා හිටියා, ඒත් ඒ හැමදේකටම පස්සෙත් මට ලොකු ප්‍රශ්ණයක් තිබුණා...? ඒ ප්‍රශ්ණෙ ඇගෙත් මගෙත් ආදරේ අතර අපිව අසරණ කරා.
                                                           ඒත් ක්‍රමක් ක්‍රමයෙන් ඇයගෙත් මගෙත් ඕනෑවට වඩා ඉගි බිගි හුවමාරු වෙද්දි එයාගේ කපටි හිනාවට මන් පිස්සෙක් වුණා. ඇයගෙත් උත්තේජය මන් තරම්ම වූ බව පෙණුණා. මා තුළින් ඇය කෙරෙහි ඇති වී තිබුණූ උමතුව උත්කර්ශවයට ගේන්න ඇයගෙත් මා පිලිබදව වූ උනන්දුව ලොකු හේතුවක් වුණා. කොහොමත් අපි දෙන්නම හිටියේ අපි දෙන්නට ළං වෙලා කතා කරන්න බැරි උමතුවෙන් මිරිකිලා. ඒ ඉවසීමේ සීමාවත් හොදටම පැනලා.
                         එක දවසක් රෑක එයා මට බැනලා මැසේන්ජර් පණිවිඩයක් එව්වා. කිසිම නොවැදගත් හේතුවකට එයා මට බැනලා තිබ්බා. කොහොමත් මන් රික්වෙස්ට් එකක් නොදැම්මට ඒ ප්‍රොෆයිල් එකේ ඇති තරම් එහා මෙහා ගිහින් තිබ්බේ.

"හැමදාමත් හිරවෙලා ඉන්නවා ඇයි ඇතුලට යන්නෙ නැත්තෙ. පිටිපස්සෙ සීට් එක අල්ලගන්න එතැනටම වෙලා ඉන්නවා" එයා මන් ඉස්සර නොවුණු තැන එයාම මැසේජ් එකක් මට ඒ විදියට දාලා. මැසේජ් එකේ අගට ඇන්ග්‍රී ෆේස් තුනකුත් දාලා තිබ්බා.

                               මන් හාර්ට් ඉමෝජියක් එයාට යැව්වා. ඊට පස්සෙ එයාට රික්වෙස්ට් එකක් දැම්මා. මොකද සෙනග හිටියත් නැතත් එයත් එයාගේ යාළුවත් මන් ළගින් එහාට කවදාවත් ගියේ නෑ. යාලූවා මාත් එක්ක තොරතෝංචියක් නැතිව කියවනකොට එයා හැමදාමත් එයාගේ කපටි හිනාවත් එක්ක මට ඉගි බිගි කරන ගමනුයි යන්නේ.

                                          ඇත්තටම හාර්ට් ඉමෝජිය කියන්නෙත් හිතේ හිරවෙලා කැකෑරෙමින් පිච්චුනු මගේ හදවතේ එයා ගැන තිබ්බ ආදරේ ගැන ඒක පාරට හිර කරලා තිබ්බ හැගීම් පිට පැන්න වෙලාවක්. ඒත් ආයෙත් දෙවැනි දවසෙදි චැට් එක දිගින් දිගටම යනකොට මන් එයත් එක්ක ආයෙත්  බොරු තරහක් අරන් මැසේජ් කරන්න එපා කිව්වා.
                     ඇත්තටම මන් එහෙම කිව්වෙ එයාට තිබ්බ ආදරේ දශමයකින්වත් අඩු වෙච්ච නිසා නෙවෙයි. ඒත් දෙයියනේ මට ඒහෙම කරන්න බැරි තරම් ප්‍රශ්ණක් තිබ්බා..? ඒ නිසා මට ඕන වුණා නිහඩවම ඒ පාරෙන් අයින් වෙලා ඉන්න.
                                           උල්කාපාතයක් අභ්‍යවකාශයේ ඉදන් කඩාගෙන ආවට ඒක පෘතුවියට වැටෙන්න ඉස්සෙල්ලා ගිනි අරගෙන විනාශ වෙනවා. එයිනුත් අතිශය අහඹු ලෙස සමහර කෑලි විතරක් ඇවිත් පොළව හිල් කරගෙන ගිහින් ගිලා බහිනවා. ඇයගෙ ආදරෙත් ඒ වගේ මගේ හදවතේ බොහොම ගැඹුරට ඇයගේ ආදරය මගේ හදවතේ සියුම්ම තැන පසාරු කරගෙන ගිහින් කිදා බැහලා.....

                         දවස් දෙක තුනක් එයාගේ මැසේජ් වලට මන් උත්තර නොදෙනකොට ඇය තවත් අවුල් වුණා. පෙරටත් වඩා උමතුවෙන් මන් දිහා පස්සෙන්දා හවස බස් එකේදි බලන් හිටියා. එක එල්ලෙ මන් දිහාම බලන් හිටියා. අර කපටි හිනාව නෑ ඒක ගොඩක් නපුරු බැල්මක් මන් විජේරාමෙන් බහිනකම්ම  ඒ නපුරු ඇස් බලන් හිටියා. නවින්යත් දිගටම මට බනින්න ගත්තයින් පස්සෙ මගේ ඔලුවෙත් එයා ගැන තිබ්බ ආදරේ පිපිරෙන්න තරම් විශාල වෙනකොට. මන් ආයෙත් එයාට මැසේජ් කරන්න ගත්තා.

                                                 ඒකි මහ නපුරු කෙල්ලක් මන් කොච්චර ශේප් කරන්න හැදුවත් මට බැන බැන මැසේජ් කරන්න ගත්තා. මන් ඉස්මයිල් ෆේස් යවනකොට එයා තවත් කේන්තියෙන් පිපිරි පිපිරි මැසේජ් එව්වා. මගේ හරි ලොකු කමලු.....පිස්සු කෙල්ල.......එයා දන්නවනම් මගේ හිත?
                                                     මන් ඇහුවා හෙට හවස හබ්බෙන්න පුළුවන්ද කියලා. ඇය "Hmm" කිව්වා ඊට පස්සෙ බනින එක නතර කරලා "Gn" කිව්වා. මන් දන්නවා හෙට දවස ලේසි වෙන්නෙ නෑ කියලා. ඔව් මගේ හිතේ කැකෑරෙන දේ කියලා ඉන් පස්සෙ මට එයාව නැතිවුණාට කමක් නෑ.                                                                                                                            මට එහෙම නොකියා ඉදලා එයාගේ හිතේ මන් ගැන වෛරයක්  පුරවන්න ඕනෙත් නෑ. එයා ගැන හිතේ ඇතිවෙලා තියෙන ආදරේ මගේ ප්‍රශ්ණයත් එක්ක එකට එකතු වෙලා බුර බුරා නැගෙන ගිනිදැල් එක්ක මගේ හදවතේ මැද ගිනි ගන්නවා වගේ මුලූ රෑම දැනුණා.

                                                               පස්සෙන්දා රෑ කොච්චර අමාරු වුණත් මන් ගියා ගංගාරාමේ බේරෙ වැව ලග බන්කුවක් උඩට එයත් ආව. බන්කුව ඉස්‍සරහා බේරෙ වැවේ හංස බෝට්ටු පදින පෙම්වතුන් බොහොම සැහැල්ලුවෙන් හංස බෝට්ටූ ජල තලය උඩ පා කරමින් නිසොල්මනේ පදිනව.
                                  මගේ හිතටත් ඒ සැහැල්ලුව ගන්න ඇත්තනම් මන් කොච්කර වාසනාවන්තයෙක්ද. තව ටික වෙලාවකින් හිතේ තෙරෙපෙන මේ හැම දෙයක්ම මන් එයාට කියලා. මේ බන්කුව උඩම ඒ වේදනාබර මතකය තියලා මන් සැහැල්ලුවෙන් මේ ආදරයෙන් එයාට සමුදීලා යනවා. සමහරවිට ඉන් පස්සෙ මට පුළුවන් වෙයි තනියම හරි හිතේ සැහැල්ලුවත් අරගෙන බේරෙ වැවේ හංස බෝට්ටු පදින්න.

                                                        මන් එයාගෙ අත අල්ලගත්තා එයා මොකුත්ම කියන්නෙ නැතුව හිට්යා.ඒත් මන් දැක්කා එයාගෙ ඇස් දිලිසෙනවා. තව ටිකකින් සදහටම සමුදෙන්න වෙන ලෝබකමට මන් තවත් හයියෙන් එයාගෙ අත අල්ලගෙන තවත් එයාට ළං වුණා. මන් කොහොමද මේක එයාට කියන්න පටන් ගන්නෙ.
                                                   වැව් බැම්ම අයිනේ පෙදකාපු වතුර අස්සෙන් වතුර බුබුලු නගිනවා. මන් ඇහුවා ඒ මාළුවෙක්ද කියලා...එයා කිව්වා නෑ ඒ ඇල්ගී වර්ගයක් කියලා...එයාගෙ මූනත් දිලිසෙන්න ගත්තා. මන් ආයෙත් නිහඩ වුණා. මන් දැන් මේක එයාට කොහොම හරි කියන්නම ඕනෙ. මන් ලොකු හුස්මක් ගත්තා. ඉන් පස්සෙ මන් එයාට කිව්වා "මට ගෑණු ළමයෙක් ඉන්නවා මට සමාවෙන්න" කියලා. එයාගේ දිලිසෙන මුහුණ රතු වුණා. එයාගේ දිලිසුණු ඇස් දෙක කදුලු වලින් දිලිසෙන්න ගත්තා. මන් ඒත් එයාගෙ අත හයියයෙන්ම අල්ලන් හිටියා මොකුත්ම නොකියා. 
                                                         බේරෙ වැවේ හරිම සැහැල්ලුවෙන් එහා මෙහා යන හංස බෝට්ටු උඩ ඉන්න පෙම්වතුන් දිහා අපි නිසොල්මනේ බලන් හිටියා. එයා මන් දිහාවත් මන් එහා දිහාවත් තප්පරයකදිවත් බැලුනෙ නෑ. අපි දෙන්නම හිටියෙ අපි දෙන්නටම මුහුණ දෙන්න බැරි තත්වයක. ඒත් මන් එක මොහොතකවත් එයාගෙ අත ඇතෑරියේ නෑ.එයාගේ අත ගොඩක් සීතලයි කියලා මට දැනුනා.
                                     ඒත් ඒක ඇසිල්ලකින් එයා එයාගේ ඔළුව මගේ කරේ තියාගත්තා. මට දැනෙන්න ගත්තා මගේ කමීසයේ ඒ හරිය තෙත් වෙනවා. ඔව් එයා තාම අඩනවා. මන් මොකද්ද කියන්න ඕනෙ මට තේරෙන්නෙ නෑ ලොකු ඝනකමක් තියෙන චුම්බකයකින් අල්පෙනෙත්තක් අල්ලන් ඉන්නවා වගේ එයා නැතිව බැරි තරමටම එයාගෙ හදවත මාව අල්ලගෙන.

"අපි අර වගේ හංස බෝට්ටුවක් අරන් පදින්න යමුද"
"හ්ම්ම්..." මන් එයාගෙ වමත තදින්ම අල්ලන් හංස බෝට්ටුවක් පදින්න යන්න නැගිට්ටා.........නවම්  මාවතේ වාහන ගොඩක් වේගෙයෙන් එහා මෙහා යනවා වගේ දැණූනත්.අපි දෙන්නම සමාන්තර ලෝක දෙකක එකම රිද්මයෙන් චලනය වෙනවා වගේ හදවතට දැනෙන්න ගත්තා.........

-සුපුන් සමීර-

18 comments:

  1. Replies
    1. ඔව් සුදු බෝල කෙල්ලෙක් ))))

      Delete
  2. පසු වදන:
    ඉතිං අපි ගියා හංස බෝට්ටු පදින්න... අපි කිසිම කතාවක් නැතිව, හිමීට හිමීට බේරෙ වැව මැදටම හංස බෝට්ටුවෙන් ගියා. එයා තාමත් අඬනව. ටික වෙලාවකින් එයා ලොකු හුස්මක් අරන්, හිත හදා ගත්තා වගේ මගෙ දිහා බැලුවා.... ඊලඟ මොහොතෙ,

    ... මේකි මාව තල්ලු කරා කියහංකො බේරෙ වැවට!!!

    ReplyDelete
    Replies
    1. //ටික වෙලාවකින් එයා ලොකු හුස්මක් අරන්, හිත හදා ගත්තා වගේ මගෙ දිහා බැලුවා.... ඊලඟ මොහොතෙ,

      ... මේකි මාව තල්ලු කරා කියහංකො බේරෙ වැවට!!!//

      හුටා! :)

      Delete

    2. සක්ඛාය දිට්ඨි සහසික පසු වදනක්...කතා නායකයට එයා තවත් ආදරේ කරයි. මොකද ඌ අවන්කයා.

      Delete
    3. මලක් වගේ මෙලෙක් කතා නායකයෙක් ඉන්න කතාවකට ඔව්වා සහසික පසුවදන් D.G.M බස්සා )))))

      Delete
  3. මේක පට්ට රස්ති .

    දිගටම ලියන්න .

    ReplyDelete
    Replies
    1. මේකනම් මෙතනින් ඉවරයි කෙටි කතාවක් නිසා.....ස්තූතියි ඈ...

      Delete
  4. Replies
    1. පෙරවදන් සහ පසු වදන් නොමැති අසීමාන්තිකව හේතු රහිතව ඇති වෙන බැදිමක්. පෙර සහ පසු තත්ව නොසලකා හරිනවනම් තවදුරටත් එය වින්දනීය වින්දනයක් මිසක ගින්දරක් වෙන්නෙ නෑ....

      Delete
  5. \\"හ්ම්ම්..." මන් එයාගෙ වමත තදින්ම අල්ලන් හංස බෝට්ටුවක් පදින්න යන්න නැගිට්ටා.........නවම් මාවතේ වාහන ගොඩක් වේගෙයෙන් එහා මෙහා යනවා වගේ දැණූනත්.අපි දෙන්නම සමාන්තර ලෝක දෙකක එකම රිද්මයෙන් චලනය වෙනවා වගේ හදවතට දැනෙන්න ගත්තා.........//

    බෝට්ටුවට නැගපු ගමන් එයා මගේ අත තදින් අල්ලා ගත්තා. ඊට පස්සේ මගේ ඇස් දෙක දිහා බලා ගෙන මෙහෙම කිව්වා...

    "මට ඔයාට දෙයක් කියා ගන්ට බැරුව හිටියේ...
    ඒත් ඒ දේ අද කොහොම හරි කියනවා කියලා හිතා ගෙනමයි ආවේ...
    මම ලබන මාසයේ බඳින්ට ඉන්න කෙනෙක්...
    මටත් සමාවෙන්ට..."

    මේ වගේ අවසානයක් තමයි හිතට ආවේ කතාවේ මුල හරියේ දී...

    ReplyDelete
    Replies
    1. සමහර ආදර කතා වෙන්වෙන්න හේතු හැමදෙයක්ම තියෙද්දි ඉතුරු වෙලා තියෙන තප්පර කිහිපයේදී හෝ එකිනෙකාට අසීමාන්තිකව හේතු රහිතව ප්‍රේමයෙන් බැදෙනවා. ඉතුරු වෙලා තියෙන තප්පර කිහිපය හෝ ජීවිතේ උපරිමයෙන්ම විදිනවා. පසුකාලයේ දවසක ඒ ඒ මතක විතරක් මිනිස්සුන්ගේ හිත් වලට ස්වප්නයක් වගේ දැනේවි....

      Delete
  6. හිතේ තිබිචච කරදරකාරී සිතුවිල්ලක් ලියාගෙන ලියාගෙන ලියාගෙන ගිහින් ඉවර කරලා හිත නිදහස කල්ල වගේ රස්ති. නියමයි.

    ReplyDelete
    Replies
    1. සමහර ආදර කතා තියෙනවා දෙදෙනාම වෙනත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දෙදෙනාම එකිනෙකට ආදරය පමණක් කරන එහි අවසානයක් ගැන දෙන්නම දන්නෙ නෑ. දැනගන්න ඕනෙත් නෑ. ඔහුන් ආදරය විතරක් කරනවා. ආදරය වින්දනීය ලෙස විදිනවා....

      Delete
  7. තමුන්ගේ හිතේ කපටි පාට නෙමෙයිද අර කෙල්ලගේ හිනාවෙන් දැක්කේ?

    ReplyDelete
    Replies
    1. නෑ ඒක අමුතු ලස්සන කපටි පාට හිනාවක්. අර නිකන් අහිංසක හිනාවක්,නපුරු පාට හිනාවක් වගේ මේක ලස්සන කපටි පාට හිනාවක්

      Delete
  8. මමත් හංස බෝට්ටුවක් පදින්න ඕන, ලඟදිම

    ReplyDelete
    Replies
    1. පැදපන් නැත්තම් හොද තැනක් බලලා පැනපන්

      Delete