Pages

28 June 2017

ගන්ධබ්බ

                    කහට සීනි දිය කරගත් කෝප්පය සමග ඉස්තෝප්පුවේ කුණු පැහැති වේවැල් පුටුවේ සිට ඉස්සරහ පාරත් යන එන මාළු කාරයත්, පලා කාරයත්, පත්තර කාරයත් දැකීම සුලභය. ඉන් එහා ඇති පිට්ටනියත් ඉන් මදක් ඔබ්බට ඇති වේල්ලෙ කන්දත් පින්නත් එක්ක දේදුන්නක් මවා ඇත.හිමිදිරිය නොවුණත් වැහි බීරුමත් එක්ක ඇත්තේ අදුරු පරිසරයකි.  අතු පතර විහිදී ගිය වැටෙහි වූ රූස්ස සූරිය ගස් දෙක තුනෙහි වූ අතු පතර එහි වූ දේදුන්න බැලීමට බාධාවක්ය. නිවාඩු දින වලට මා නිනව්වක් හෝ අදහසක් නොමැතිව ඈතින් මෑතින් පෙනෙන පාරත් යන එන එවුනුත් දිහා තේ කෝප්පයක් එක්ක බලා ඉදීම දැන් පුරුද්දක් ලෙසම සිදුවන්නක්ය.                                                                                                                                               
"මේ අහන්නකො"
"මොකද්ද....?"
"ආදරෙයිද මට?"
"පිස්සුද ඔයාට"
"ඔරවගෙන ඔරවගෙන ඉදලා අද ටිකක් කතා කරන්න ගත්තා. ඒත්"
"මොකද්ද ඒත් කියන්නෙ? බබෙක් වෙන්න එනවනෙ"
"මන් ඔයත් එක්ක හුරතල් නොවී කාත් එක්ක හුරතල් වෙන්නද"
"ඔන ඒ පාර අඩන්න ගත්තා.... මිනිස්සු ඉන්නවා තමුසෙට පේන්නෙ නැද්ද"
"මට තමුසෙ තමුසෙ කියන්න එපා. ඉන්න බැරිනම් යනවා මමනෙ අඩන්නෙ"
                                               පුංචි අම්ම්ලෑ ගෙදරින් ගෙනා ඉදි ආප්ප පීරිසිය තාමත් මේසෙ උඩය.  නිවාඩු දවසටත් උන්දැ සිතනු ඇත්තේ ඉර පායන තදියම මා කන බවය එහෙත් දැන් ඇදෙන් නැගිටීමට සිතෙන්නෙත් දහය එකොළහ ගෙවීමෙන් පසුය. ඉදි ආප්ප පිරීසියත් සීතලය තේ වතුර කෝප්පයේ අඩක් තාමත් එලෙසමය.  කෑමට පියක් නැත.

21 June 2017

ප්‍රේමය නම් කිමැයි කියා හදුනාගත් කිසිවෙකුත් නැති (18+)


පොඩි පොඩි කොලු ගැටව් ගේ බිජු අතගාන කලෙක
නැත්ත වෙතේ රහසින් ගල් කපනා රටෙක
පොඩි පොඩි වුන් රවටමින් චොකලට් සීනි බෝලයට
උන් ගනිති ලල් එක ලොල්ලෙකු වී සංස්කෘතියේ
රෙද්ද පල්ලෙන් වැටෙන

දිවා රෑ ගොදුරක් සොයමින්  ඒ මේ අත වෙහෙසෙන
කටාර් ලා ඇත මේ දම් දිව සතර දෙස
බියර් එකක් වත් ගැටයෙකුට දී කටට ගෙන උරනා දවස
මුට්ටියත් බිදිය හැක  ට්‍රයි කරොතින් අතමිට මොලවා වැද හොත්ව

එකල් රටේ සියලූ දුසිරිතෙන් පිරෙන
සමරිසි ප්‍රේමය අකපැයි එය වෙතිදෝ ලෝ දම් කරුම
සද තරු පායා ඇති රැයක  මල් මල් පෙම්වත් කතා මැද
නොසිටුනු ආසා පෙම්වතුන් නම් තව ලොවෙහි වෙද

වල ගැසුණු ගොරහැඩි කම්මුල් පහස දුන් චුම්භනය
 සොදුරුය දැනුනත් ඇගෙහි හිරු ගඩු පිපුම
පාළු ගෙදර නොබිදිමින් උන් උන් පිරිපුන් වලද
උන් උන් විදිති ආදරය එය වෙතේ ප්‍රේමය නම් නැත්ත

ඉදින් සද තරු පායා ඇති රැයක නුඹ හට ළං වෙන්න
ළං වී තුරුලටම තව තව දේ මුමුණන්න
ආදරය තව දුරද කිවමැන නෙත් බැදි කත ලග  පෙම්බර වැට් තරුව

-රෝමාන්තික රස්තියාදුකාරයා-

16 June 2017

බොලොග් කියවන්නියක් එක්ක කතා බහක්

                                                   
                                                         සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතේ හුගක් හුස්ම ගන්න සිත් ගත් චරිත හබ්බෙන්නෙ අහම්බෙන්. ඒ හන්දියේ කඩේ ගාව, පේමන්ට් එහෙක,පෙට්ටි කඩේක, ක්ලාස් එකේ අනිත් පුටුවේ, බස් එහෙක, දූවිලි පිරුණු පාරක, බාර් එහෙක, පබ් එහෙක, ඊට හාත්පසින්ම වෙනස් උත්සවයක, පෙට්ටි කඩයක,ෆුඩ් කෝඩ් එහෙක...තැනක් නොතැනක් නැතිව සිත්ගත් මිනිස්සු හා අපූරු කියවීමක් තියෙන මිනිස්සු මුණ ගැහෙනවා. කොටින්ම කිව්වොත් අම්මයි තාත්තයි නෑදෑයො ටිකයි,ගමේ එවුනුයි ඇර අනිත් හැමෝම හම්බෙන්නෙ අහම්බයක් විදියට.
                             ඒත් සයිබර් පියස තුලත් එවන් සොදුරු එවුන් හා අපූරු දොඩමළුවකට තෝතැන්නක් කියලා රස්තියාදුකාරයාට ඉකුත් දවසක තේරුණා.  රස්තියාදුකාරයා වටේ සිටින්නෙ බොහොමයක් ගතානුගතික මුත් හොද මිනිසුන්. ඒත් රස්තියාදුකාරයා කුඩා කාලයේ ඉතා දැඩිව පිළිගත් ගතානුගතික අදහස් වලට ප්‍රබල විරුද්ද අදහස් සාමාන්‍ය පෙල අවධිය වෙනකොට තමන් විසින්ම ප්‍රශ්ණ කරන්නක් බවට පත්වුනා.
                       උදාහරණයක් විදියට සචින් තෙන්ඩුල්කාර් ශතකයක් ලබාගත්තයින් පසු ඉර දෙස බලා අචාර කරන ආකාරය, ජයසූරිය පන්දුවට පහරදිමට පෙර නිතර කරන අභින...... වගේ දේවල්... ඒත් මෙවන් කෙම් ක්‍රම තුළින් කුඩා මටත් සෑහෙන දේවල් සාර්ථක වුනා. අපේ ක්‍රිකට් භාර ආචාරතුමත් ඒම දෑ අනුමත කිරීම තවත් රුකුලක් වූණා.
                   ඒ කෙසේදයත් ඉතා හොදින් ක්‍රීඩා කරමින් සිටි යහළුවෙක් කඩුල්ල සිටුවා ගැනීමට පිත්ත පන්දු යවන්නන්ගේ පිලේ අයෙකුට ලබා දුන්නා. ඉන්පසු බෝල තුනක් යාමට පෙර ඔහු දැවී ගියා. ඉන්පසු ක්‍රීඩාගාරයට පැමිණි ඔහුට ගුරුතුමා දැඩිව අවවාද කරා. මන්දත් ඔහුගේ පිත්තෙන් වාසනාව අනෙකාට සම්ප්‍රේශණය වී තිබීම දැවී යාමට හේතු වී තිබුණා.