කහට සීනි දිය කරගත් කෝප්පය සමග ඉස්තෝප්පුවේ කුණු පැහැති වේවැල් පුටුවේ සිට ඉස්සරහ පාරත් යන එන මාළු කාරයත්, පලා කාරයත්, පත්තර කාරයත් දැකීම සුලභය. ඉන් එහා ඇති පිට්ටනියත් ඉන් මදක් ඔබ්බට ඇති වේල්ලෙ කන්දත් පින්නත් එක්ක දේදුන්නක් මවා ඇත.හිමිදිරිය නොවුණත් වැහි බීරුමත් එක්ක ඇත්තේ අදුරු පරිසරයකි. අතු පතර විහිදී ගිය වැටෙහි වූ රූස්ස සූරිය ගස් දෙක තුනෙහි වූ අතු පතර එහි වූ දේදුන්න බැලීමට බාධාවක්ය. නිවාඩු දින වලට මා නිනව්වක් හෝ අදහසක් නොමැතිව ඈතින් මෑතින් පෙනෙන පාරත් යන එන එවුනුත් දිහා තේ කෝප්පයක් එක්ක බලා ඉදීම දැන් පුරුද්දක් ලෙසම සිදුවන්නක්ය.
"මේ අහන්නකො"
"මොකද්ද....?"
"ආදරෙයිද මට?"
"පිස්සුද ඔයාට"
"ඔරවගෙන ඔරවගෙන ඉදලා අද ටිකක් කතා කරන්න ගත්තා. ඒත්"
"මොකද්ද ඒත් කියන්නෙ? බබෙක් වෙන්න එනවනෙ"
"මන් ඔයත් එක්ක හුරතල් නොවී කාත් එක්ක හුරතල් වෙන්නද"
"ඔන ඒ පාර අඩන්න ගත්තා.... මිනිස්සු ඉන්නවා තමුසෙට පේන්නෙ නැද්ද"
"මට තමුසෙ තමුසෙ කියන්න එපා. ඉන්න බැරිනම් යනවා මමනෙ අඩන්නෙ"
පුංචි අම්ම්ලෑ ගෙදරින් ගෙනා ඉදි ආප්ප පීරිසිය තාමත් මේසෙ උඩය. නිවාඩු දවසටත් උන්දැ සිතනු ඇත්තේ ඉර පායන තදියම මා කන බවය එහෙත් දැන් ඇදෙන් නැගිටීමට සිතෙන්නෙත් දහය එකොළහ ගෙවීමෙන් පසුය. ඉදි ආප්ප පිරීසියත් සීතලය තේ වතුර කෝප්පයේ අඩක් තාමත් එලෙසමය. කෑමට පියක් නැත.