ජීවිතය කියන්නෙ පුදුමාකාර අහම්බයක්...ඒ වගේම සිහින කියන්නෙ නින්දෙදි දකින දෙයක් නෙවෙයි අපි ජීවත් වෙද්දි ඇස් දෙකට දැනෙන පෙනෙන දෙයක්. සැහැල්ලුවෙන් වලාකුළු අතර පාවෙමින් ඉන්නකොට දීව්‍ය ලෝකයේ සුන්දරතම සුරංගනාවියක් දුන්නු හාදුවක් වගේ ප්‍රමුදිත බවින් සිත පිස්සු වට්ටන දෙයක්. ඒ ලෝකය ද්‍රීව්‍යමය ලෝකයක්...........
ඒත් ජීවිතය කියන්නෙ එක ගේම් එකක්. මේ අතේදි තුරුම්පු වැඩිපුර හිට්යට ඊළග අතේදි තුරුපු හම්බෙන්නෙ නෑ. මගෙ ලෝකෙට හාරත රැජින ආවෙ තනියම ඒත් එයා දැනගෙන හිටියා හාරත ආසියත් හිටියෙ පිට බව. ඒත් මන් නුඹට ප්‍රේම කරා උන්මාදයෙන්. ඒ නිසා මමත් නූබේ ඉදිරියට උමතුවෙන් ආවා. ඔව් මම තමයි හේරා නුබේ ලෝකෙ කිරුළ නොපලන් රජතුමා.