මන් සිංහල රැප් හී ඉතිහාසය හා වර්ථමානය දක්වා ලිපි පෙළක් ලිවීමට සිතා සිටියෙමි. සැබැවින්ම සින්හල රැප් නොමැතිනම් සිංහල හිපොප් හී මුල් කාලීනවම සිට රසිකයෙක් වශයෙන් මගේ හිතේ ඒ සම්බන්ධයෙන් ලිවීමට ඇති දහසකුත් දේ ඇත. මන් කෙදිනක හෝ ඒවා ලියා තබමි. එහෙත් Fill-T නැමැති රැප් ගායකයා දමන ලද මල්ලී නැමැති මියුසික් වීඩියෝව මේ වන විට රටම කලබා ඇති බැවින් ඒ ගැන යමක් ලිවීම සිතුවෙමි. හුදෙක් මේ මාගෙ අදහසය. එම අදහසේ ඔබ නොමැති වීමේ සම්භාවිතාව 80% කටත් වඩා වැඩිය.
එහෙත් අතිශය කර්කශ ගමනකට පසු සිංහල රැප් පැමිණ තිබෙන්නෙ ස්වර්ණමය යුගයකට. අදට වඩා හෙට ඊටත් වඩා දිදුලනු ඇත. එහෙත් කකුලෙන් අදින වල කපන ආත්මාර්ථකාමී කාලාකරුවන් සහ තමා කැමැති සංගිතය පමණක් සිරි ලංකාවේ රජ කළ යුතු යැයි සිතන ආත්මාර්ථකාමී රසිකයින් ගැන සිතා ෆිල් ටී ගේ මල්ලී ගැන මෙසේ සටහනක් තබමි.
ශ්‍රී ලංකාවේ රැප් යන්න මන් දන්නා ආකාරයට මුලින්ම ගෙනාවේ භාතිය,සංතුෂ්ලා සහ මිලේනියම් බෝයිස් ලා යන දෙපිරිසය. එයිනුත් මිලේනියම් බෝයිස්ලා ඒ කාලෙම හැලී යනවාය. මා ඇසූ මුල්ම සින්හල රැප් ගීය ඇසූවේ භාතිය සංතුෂ්ලගෙන්ය. එයිනුත් දැනට මතකයේ ඇති මුල්ම සිංහල රැප් ගීය "සිරිසග බොධි මාළිගාවෙදි" යන පැරැණි නූර්ති ගීතයේ නව නිර්මාණයයි.