රනිල් වික්‍රමසිංහ යනු හෙණ මොළයක් බවද...ආයෙ ඇවිල්ලා ලොවෙත් නැති ලොවි ගහෙත් නැති පොරක් ලෙසද..පහුගිය කාලයේ බොහො දෙනා කිව්වාය. එහෙත් ජනාධිපතිවරණයට පෙර සිටම මා රනිල් නමැති කුහක නයකායා පිළිබදව සිටි මතය අදවන විට තව තවත් තහවුරු වන නිසා. මට ඇත්තෙ ඒ පිළිබදව කුහක සතුටකි........ දේශපාලන ඉතිහාසයේ අධමම නායකයා කවුරුන්දැයි ඇසුවොත් ඉන් උඩින්ම සිටින්නේ රනිල් වික්‍රමසිංහය. මා දිගු කාලයක් තිස්සෙ කියා සිටින්නෙ එකම එක දෙයකි. එනම් රනිල්ගේ මොළේ පරික්ශාවක් කළ යුතුම බවය...මන්දයත් ඔහුගේ හැසීරීම සාමාන්‍ය මානසික සෞඛ්‍යයක් ඇති මිනිසෙකුගේ හැසීරිමක් නොවන්නේය.
රනිල් වික්‍රමසිංහ සමග අවුරුදු 33ක් ළගින්ම සිටි පැරණිතම සේවකයා වූ සුදත් චන්ද්‍රසේකර ඊයෙ දිනයේදී තම අස්වීමේ ලිපිය රනිල් වික්‍රමසිංහට භාරදී ඇති අතර. ඔහු රනිල් වික්‍රමසිංහගේ දකුණු අත ලෙස හදුන්වන අතර පෞද්ගලික ලේකම්ගේ සිට පහුගිය මහ මැතිවරණයන්හී සුවිශාල මෙහෙවරක් කල "එක්සත් ජාතික පක්ශ සන්නිවේදණ බලකායේ" නියමුවාද විය. මේ ලිපියේ අරමුණ සුදත් චන්ද්‍රසේකර පොරක් කිරීම නොවන අතර. රනිල් වික්‍රමසිංහ නැමැති කුහක නායකයාගේ අපුල මග විමසීමය.
පහුගිය මැතිවරණය පිළිබද ලෙබ්බෙ විචාරකයො ලබ්බේ ටෝක්ස් දුන්නද. ඇත්තටම ගිය මැතිවරණයේ හැමුවේ මහින්ද හුළගක් නොව. කලකිරුණු යූ.එන්.පී පාක්ශිකායාගේ රනිල් වික්‍රමසිංහ නැමැති අධම නායකයා සමග පැවති වෛරයයි, කළකිරීමයි.