26 February 2018

නපුන්සකයා - බොලොග් කියවන්නෙක්ගෙන් කවියක්


                                        මේ කවිය පිටිපස්සෙ පොඩි කතාවක් තියෙනවා. මගේ "රෝමාන්තික රස්තියාදුකාරයා" කියන ෆේස් බුක් පිටුවට එක දවසක් මේ වගේ ෆෝටෝ එකක් එවනවා "ගිම්හාන් ලහිරු" කියලා තරුණයෙක්.ඉතින් මේ අල්ල පනල්ලෙ මේ කවිය කිහිප පාරක් විමසිල්ලෙන් කියවනකොට තමයි තේරුණේ මේ කවිය මතුපිටින් වගේම යටිනුත් ඉතාමත්ම රසවත් කවියක් කියලා.
                                 වැදගත්ම දේ තමයි ඔහු කියනවා මගේ බොලොග් කියවලලු මේ කවිය ලියන්න හිතුනේ. ඉතින් බොරුවට හරි ඒකා එහෙම කියනකොට හෙණ ගහන්න වගේ සතුටක් දැනෙන්නෙ නැද්ද කියහන්කො. මොනා උනත් උපරිම රස කවියක් උඹලත් බලපල්ලා ඒ කවිය තුළ ඔහු කියන්න හදපු දේ.......................... ඔහු ලියපු තවත් කවියකුත් තියෙනවා. මන් හිතන්නෙ ඔහු පෙම්වතියට ලියපු කවිය වෙන්න ඇති......මේ ඒක........

09 February 2018

ඒකට කියන්නෙ හිනාවක්ද ???? - ii කොටස

                                                               
                                                     අපිට අහඹු ලෙස හම්බෙන සමහරක් ලස්සන දේවල් අපේ හිතේ තැන්පත් වෙනවා ඊට පස්සෙ නිකන්ම ඒක අපිට අමතක වෙනවා. දවසින්,දෙකෙන්,සතියකින්,මාසෙකින් විතරක් නෙවෙයි එක් ක්ෂණයකින් වුණත් කොතරම් ලස්සන රුවක් වුවත් අපි නිරායාසයෙන් අමතක කරනවා   සමහරව්ට ඇයත් එහෙමම වෙන්න තිබ්බා...
                                     ඒත් අපේ තුන් මිතුරු හවුල ඇය ගැන විටින් විට විසුළු කතා කීමත්. ඇයගෙ රුව නිරන්තරයෙන් නොවැතත් විටින් විට දැකීමත් නිසා මගේ හිත තුල මතක් කිරීමෙන් යම් ප්‍රමුදිත බවක් සිතේ ස්පර්ශ වන ලෙසකට ඇයව තැන්පත්ව සිටියා.  
                                                                              ඇත්තටම මනෝ විද්‍යාත්මකව මට ඒ සිතුවිල්ල පහදන්න බෑ. ඒත් ඉහත කිව්ව හේතු දෙකට අමතරව. ඇය විටින් විට හෝ ඇය දකින විටකදී ඇයගේ රුවේ සොදුරු තැන් සිත්තමක් වගේ සිතේ සටහන් වී තිබුණු නිසාමත් මෙසේ ප්‍රමුදිත බවක් ඇය පිළිබද ස්මර්ණයෙන් ලැබුවා වෙන්න ඇති.