මතකද අර මන් "සුභ උපන්දිනයක් සහෘදයා" කියලා බ්ලොග් එකක් ලිව්වෙ මිත්‍රයෙකුට. ඕන දැන් මිනිහා බ්ලොග් එකක් පටන් අරන් "මගේ පිලොසොෆිය" කියලා.
කොල්ලු පිටියේ රෙස්පා එකේ අපි දෙතුන් දෙනා බෝතල් හිස් කරමින් කතා කරපු ඒ යටගියාව. විදේශයක ජීවත් උනත් සයිබර් අවකාශයේ බ්ලොග් පිටු අතර දිග හරින්නයි මේ ඔහු සුදානම් වෙන්නෙ. වචනයෙන් පරිසමාප්තයෙන්ම ස්මාට් මනුස්සයෙකු වෙච්චි ඔහුගෙන් ජීවිතය ගැන වුණත් මන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි. යාළුවෙකුට එහා ගිය වචනයෙන් පරිසමාප්තයෙන්ම ඔහුගේ වචනයෙන්ම කියනවනම් "දෙකකුස උපන් සහෝදරයෙක්" තමයි ඔහු.
සුභ පැතුම් සහෘදයා.....දිගටම ලියහන්.... වයිෆරේට බොලොග් එක ගැන නොකියහන්..... පුළුවන් පුළුවන් කට්ටිය ගිහිල්ලා එන්න මේ උගේ පිලොසොෆිය.මේ යට තියෙන ලින්කුව ඔබලා යන්න.....
-රෝමාන්තික රස්තියාදුකාරයා-