07 November 2016

සුන්දර පාසලේ කුඩේ යටින් ගිය මතක



පුංචිම සන්දියේ වැස්සට රොත්ත පිටින්ම එක්කවු වෙලා මඩ නාන්න,වැටෙන්න, ඇලේ බැහැලා මාළුන්ට දැල් දාන්න තිබුණේ පුදුම ආසවක්.සමහර විට මිනිස්සු ලොකු වෙනකොට ඒවා ටික ටික නැති වෙනවද කොහෙද. රස්තියාදුකාරයා දැන්නම් වැස්සෙ තෙමෙන්න ආස නෑ.ඒත් වැස්සට ආසයි පුදුම හිතෙන තරම්. අද උදෑසනම ධාරානිපාත වැස්සෙ කිටි කිටියේ ගුලි වෙලා පාසල් යන බාලිකාවෝ ටිකකුයි,කොල්ලො ටිකකුයි රස්තියාදුකාරයට මතක් කරේ සුන්දර පාසලේ සොදුරු මතකයන්.
                                                           මේ සිද්ධිය වෙන්නෙ රස්තියාදුකාරයා දහය වසරේදි වගේ ඔය කාලෙදි තමයි අර සමවයස් වල ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න ගන්නේ.තැන් තැන් වල එක එක මුළු වල අත් අල්ලන් කතා බහ කරන්න ගන්නෙ. ඒ වගේම ඔළුවෙ ජෙල් ගාලා, උල් සපත්තුව පොලිෂ් කරල, කලු පාට මේස් වලින් අයින් වෙලා ලෝකල් මාකට් එකෙන් ගහන Adidas,Reebok වගේ නම් වල අච්චුව ගහපු සුදු පාට මේස් වලට මාරු වෙන්නෙ,  ඉස්කෝලෙන් දෙන නිල් පාට රෙදි වලට සමුදීලා. සේන අයියගේ ටේලර් ෂොප් ඒකෙන් කලු පාටට හුරු තද නිල් පාට කොට කලිසම් අදින්න ගත්තෙත් ඔය කාලේ,කලිසම තියෙන්නෙ ඉනෙන් පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න. ඒ වගේම දන හිසත් සම්පූර්ණයෙන්ම වැහෙන්න. කමී‍සය බැගී දාල දාන් එන එක අපේ කාලේ අවුට් ඔෆ් පැශන් අපේ කාලේ ජංගි කොටේට තමයි ෂර්ට් එක යට කරගන්නෙ.එතකොට කමීසෙ උඩ එනවා බොරු.
                   අපිට සාපේක්ෂව ගැහැණූ ළමයින්ට ඒ නිදහස අඩුයි. කොල්ලොන්ට වඩා කෙල්ලො කොහොමත් හිටියේ කන්ට්‍රෝල් එකක. හැබැයි අර ඉන ගාව තියෙන පටිය හැලෙන්න ඇදපු ගැහැණු ළමයිනුත් නොහිටියම නොවෙයි. කොහොම වුනත් ගැහැණු ළමයිනුත් ගවුමේ රැලි පිළිවෙලට තියලා, පිරිසිදුව එන්න පටන් ගන්නෙ ඔය කාලේ.
                                     ඔය කාලේදි අපේ පන්ති වල හිටියා පුදුම තරම් ලස්සන කෙල්ලෙක්, අදටත් එහෙමයි, එයාගේ මුහුණ විතරක් නෙවෙයි අග පසග වුනත් පුදුම තරම් ලස්සනයි.සුදුම සුදුයි, තරමක් උසයි, අපිට පේන කිසිම තැනකවත් අල්පෙනෙත්තක් තරම්වත් කැළලක් නෑ.හම්මේ...... ඒ ලස්සන මතක් කරද්දි හිත නිකන් පිරිලා යනවා. අපේ වයසෙ හිටපු ලස්සනම ගෑනු ළමයි දෙතුන් දෙනාගෙන් කෙනෙක් ඒ. දන්න කාලේ ඉදන්ම හරිම ආඩම්බරයි. උපතින්ම සශ්‍රීක මිළ මුදල් යහමින් තිබුණු පහුලක ඉපදුණු තැනත්තියක්. කොල්ලෙක් එක්කවත් කිසිම කතාවක් නෑ, මොකක් හරි ඇහුවොත් උත්තර දෙනවා එච්චරයි.

                                                    කොටින්ම කිව්වොත් උන්දැ හින්දා අපේ ඉස්කෝලෙ වලි ගියේ හත,අට වසර වගේ කාලෙ ඉදන්. ලොකු පන්ති වල එවුන් ඒකට බහිනවා තරම් ඇලජික් එකක් තවත් අපිට තිබුන් නෑ. ඒත් ඉතින් මේ සුන්දරියට ඕවා ගැන ගානක් වත් නෑ. පලමු ශ්‍රේණියෙ ඉදන් දහය වසර වෙනකම් රස්තියාදුකාරයගෙ ඉස්කෝලෙ හිටියට කිසිම දවසක එක පන්තියේ දෙන්නා වැටිලා නෑ. ඒ හින්දම වචනයක්වත් කතා කරලා නෑ.පන්ති‍යේ හිටියත් කතා කරන එකකුත් නෑ. මොකද තමන්ගෙ පාඩුවෙ, තමුන්ගෙ වැඩ එච්චරමයි........................
                                             අපි හැමෝටම දහය වසරේ වෙලත් මේ ගෑණූ ළමයත් එක්ක වචනයක් කතා කරන්න තිබුණනම් ඒක ඉහට උඩින්.කිසිම නපුරු කමක් වත්, නපුරු පෙනුමක්වත් නැති වුනත් ඒ සුන්දරිය සොදුරු බවින් අනූන හින්දමද කොහෙද අපි හැමෝටම කතා කරන්න බයයි. ඒත් ඒ කාලේ රස්තියාදුකාරයා ඉන්නෙත් ෂර්ට් එක යට කරලා ජෙල් තලියක් ඔළුවෙ උලාගත්තම ෂාරුක් ඛාන් වගේ කියල හිතලනේ.ඔව් ඉතින් වදුරො පොල් කනවා වගේ තමයි, ඒත් අපි ඉන්නෙත් එහෙමයි. ළගක ඉන්නවනම් මූනවත් බලන් නෑ. හෙන ලෙවල් එකේ. ඒත් උන්දැ අහක බලනකොටම මේ දෑස් උන්දැගේ සිරුරෙම තමයි. ඇයි අප්පා බලලා ඉවර කරන්න පුළුවන් ලස්සනක් ද ඇත්තට....... මිහිපිට බට සුරන්ගනාවි‍යක් වගෙයි.
                                                           ඉතින් ඕන එක දවසක් පාසල නිමා වෙන වෙලාව එනකොට හොදටම සහලොවලා වැස්ස, පිට්ටනිය අයිනෙ තියෙන රූස්ස ගස් හුලගට ඇබෙරෙනවා, දොබ ගෙඩි තරම් වැහි බින්දු සර සර ගාලා පීල්ලෙ වැටිලා බිමට වැටෙනවා. පාසල නිමා උනත් කිසිම දවසක කුඩයක් නොගෙනෙන අපි බලාගෙන ඉන්නවා අපේ හෝල් එක අයිනට වෙලා. ඔක්කොම බලන් ඉන්නෙ ගෙදර යන්න, උඩ තට්ටුවෙ ඉන්න එවුනුත් පල්ලෙහාට එන එක බොරු වැඩක් නිසා උඩ තට්ටුවෙ කෙටි බිත්තියට බර වෙලා වැස්ස ටිකක් අඩු කරනකම් බලන් ඉන්නවා.මුළු හෝල් එකේම ඉන්නෙ අපේ වයසෙ ළමයි විතරයි.
                                                        රස්තියාදුකාරයයි යාළුවයි හිටියෙ පල්ලෙහා.ආ... යාළුවා ගැන කියන්න අමතක වුණා නේ.මිනිහා ගැනනම් වෙනම බොලොග් එකක් ලියන්න ඕනෙ,ඒත් කෙටියෙන් කියනවනම් මිනිහා අංක ඒකෙ මල්සරා ඒ කාලේත් පොඩි පහේ උමතුවක් තිබ්බා ගෑණු ළමයි අතර මිනිහා ගැන.ඔය කාලෙම කෙල්ලො දෙතුන් දෙනෙකුත් මිනිහගෙන් කැමත්ත අහලා තිබ්බා.ඔය වයසෙදි කෙල්ලෙක් ඇවිල්ලා කොල්ලෙක්ගෙන් කැමත්ත අහනවා කියන්නෙ. විශ්වාස කරන්න තියා හිතාගන්නවත් බැරි දෙයක්. ඒත් එහෙම වුණා. මිනිහගේ පර්ස් එකෙන් උස්සපු ෆෝටෝ කෑලි පවා සමහර ගෑණූ ලමයි හන්ගගෙන තියන් හිටියා.
                                               එදත් මගෙ හොදම යාලූවෙක් වෙන මේකයි මායි අදටත් එහෙම්මමයි. වැස්ස පොඩ්ඩක් අඩු කරනකොට එකා දෙකා යනවා.ඒත් ආයෙත් වැස්ස වැඩි වෙනාවා ඔන ඔය අතරෙ කුඩ තියෙන අය දැන් පිටත් වෙනවා. ඔය අතරෙදි ඔන්න මන් අර කියපු ද්‍රිව්‍යයාංගනාවත් කුඩයක් අරන් එළියට බැහැලා යන්න හදනවා එයාගේ යාලුවත් එක්ක. දැන් එලියට බැහැලා කුඩෙත් ඉහළ ගෙන  හෝල් එකට සමාන්තරව ඇවිදගෙන යනවා. ඇත්තමයි බන් ඒ ඇවිදින විදියෙත් පුදුම ලස්සනක් තමයි තිබ්බෙ.
                                                      දැන් ඔන්න අපි දෙන්න හිටියෙ හෝල් එකේ කොනේම පන්තියෙ. මේ සුන්දරිය අපි ඉස්සරහින් යනකොට බොරු ලයින් එකට අපි  හිතා මතාම ගානක් නෑ වගේ අහක බලන් ඉන්නවා. එකපාරට අපි දෙන්නා ඉස්සරහා නතර වුණු මේ සුන්දරිය කියපි රස්තියාදුකාරයගෙ නම කියලා *** ඔයා මගේ කුඩේට එන්න තරිදු  තිළිණිගෙ කුඩේ යටට යන්න,නැත්තම් අද යන්න බැරි වෙයි" කියලා අහක බලන් ඉන්නකොට හීනෙන් ඇහිච්ච කතාවක් වගේ ඇහුණු මේ වචන ටිකෙන් මන් පපුවෙ අමාරු කාරයෙක්නම් ඒ වෙලාවෙම හුස්ම හිරවෙලා මැරෙනවා. ඒත් බොරුවට කලබලයක් නැතිව වගේ මම කුඩේ යටට රින්ග ගත්ත.
         හෝල් එකෙන් පිට වෙලා මන් උන්දැගේ කුඩේ යටින් යන අපූරුව උඩ හිටපු එවුනුයි යට හිටපු එවුනුයි හොදට බලාගෙන.හරහට එන සුලගෙනුයි,වැස්සෙනුයි ආරක්ෂා වෙන්න කුඩේ පැත්තට හරවනවා. ඒ ධාරානිපාත වැස්සට හොදටම තෙමුනත් මාත් එයත් කුඩේ යටින් යන්නෙ තුරුල් වෙලා වගේ. පැත්තෙන් හුලග එනකොට පැත්තට හරවනවා අයෙත් ඉස්සරහින් හුළග එනකොට ඉස්සරහට හරවනවා. ඒ අස්සෙ ළැදැරියට හුලගින් ගවුමත් පරිස්සම් කරගන්න වෙලා. වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා මමත් ගොඩක් උස නිසා කුඩේ මගේ අතේ, වැස්සට බේරෙන්න එයා මන් තුරුළේ. එයාගේ සුන්දර හංසලතාවොත් මගේ පපුව අස්සෙ සරණක් හොයනවා. පාසලේ ඉදන් බස් නැවතුම තියෙන්නෙ මීටර් තුන්සීයක් පමණ දුරින් වුනත් රස්තියාදුකාරයා යන්නෙ ගොඩක් හෙමින්. ඒකට මගේ යාළුවා ඉස්සරහින් ඩොට් වෙන්නම ගිහින්.
                                                  අතුරු පාරට ආවම හුලග ගොඩක් අඩුයි.ඒත් වැස්සනම් එහෙම්මමයි. තාමත් අපි දෙන්නා කිටි කිටියේ එක ළග තුරුළු වෙලා, එත් ඔන්න දැන් එයාම පටන් ගත්තා එක එක ඒවා කතා කරන්න.මාත් ඉතින් එක එක ඒවා එයාගෙන් අහනවා.එයාගේ පපුවෙ උණුසුම මට හොදටම දැනෙනවා.සමහර විට එහෙම උනුසුමක් නැතිව ඇති උණුසුම් වෙලා තියෙන්නෙ මගේ හිත වෙන්න ඇති.ඉතින් දාහක් දේවල් මන් ඒදා එයත් එක්ක කතා කර කර පාරෙ දිගේ එනවා.සමහර වෙලාවට එයා කුඩමිට අල්ලන්නෙ මගෙ අත උඩින් එයාටනම් ගානක් වත් නැතිව ඇති.ඒකට මට. සුමුදු රතු පාට ඒ දෙ අත්ලේ රස්නේ තාම දැනෙනවා වගේ.ඔව් ඔව් බන් කවද කාපු ටකරන් ද ඕවා ඒ කාලේ.
                                                  අන්තිමේට බස් නැවතුමට වෙනකම්ම ආපු ඒ දවස ඒදා වගේම අදටත් එහෙම්ම දැනෙනවා. මුලින්ම මාව බයිට් කරන්න ගත්තේ අර මගේ යලුවා.පස්සෙන්දා අපෙ පන්තියෙ එවුන්ගෙනුත් නා නා විද කතා.කොටින්ම අපේ පන්තියෙ කෙල්ලෙක් කියපි
 "මන් ඔයාගෙත් ඉස්සරහා වගේ හිටියෙ ඒත් බලන්නකො ඔයාලටමනේ කතා කරේ,මොනව හරි දෙන්නගේ ඇති නේද" කියලා.බලහල්ලකො ඉතින් ඉරිසියාව නේ.....
                පස්සෙන්ද ඉන්ටිවල් එකේදි අර සුන්දරිය මගෙන් අහනවා හිනා වෙවි.
"අදත් කුඩයක් නෑ නේද,එහෙනම් අදත් මාත් එක්කම නා ගෙනම යමු" කියලා...කොල්ලො ඉස්සරහා ඒ කෙල්ල මට ඔය වගේ කතාවක් කියනවා කියන්නේ ෆුල්ම ප්ලේස් එක තමයි ඉතින්.ඒත් විශ්වාස කරපන් ඊට පස්සෙ ඒ මාසෙම ඉස්කෝලෙ අරින ටයිම් එකට වැස්සෙ නෑ.............ඉතින් එහෙව් අපිට  අවාසනාව ගැන ලෙක්චර් දෙන්න ඇවිල්ලා හොම්බ කට තලාගන්න හෙම එපා..........
                                    කොහොමින් කොහොම හරි ඒ සිද්ධිය වෙලා සෑහෙන කාලෙකට පස්සෙ උසස් පෙළ කරන කාලේදි ඒ ගෑණු ළමය කරේ රස්තියාදුකාරයා කරපු විෂය ධාරව නෙවෙයි. ඔය වගේම වැහි බීරුම තියෙන ඇදිරි වැටිලා තියෙන දහවලක මොහොකට හරි ඒ පන්තියට ගියපු වෙලාවක ඒ ගෑණු ළමය හිටියේ මොහොකට හරි ඒලියට යන්න කුඩයකුත් අතේ තියාගෙන. ඒ වෙලාවෙදි එදත් ඒ ගෑණු ළමයා මගෙන් අහනවා කුඩේ පෙන්නලා
"මතකද එදා වැස්සේ ගියපු හැටි කියලා"
                           ඒ කියන්නෙ මට තරම්ම සොදුරු නොවෙන විදියට හරි කොහොම හරි ඒ ගෑණු ළමයගේ මතක ලැයිස්තුවෙත් රස්තියාදුකාරයත් එක්ක ගියපු ඒ ගමන තියෙනවා කියලනේ.කොහොමහරි තාමත් මම    කුඩා ළමයෙක් වගෙ වැස්සට ප්‍රේම කරනවා.ඉතින් කව්රුන් හෝ මෙහෙම කතාවක් කියලා තියෙනවා කියලා අහලා තියෙනවා.
"හුග දෙනෙක් වැස්ස විදවනවා
ඒත් ටික දෙනෙක් වැස්ස විදිනවා" මන් හිතන්නෙ මන් දෙවෙනි කොටසේ.

29 comments:

  1. අම්මෝ.... කියල වැඩක් නෑ..... සුපිරි මතකයන්.... ඇත්තටම ආසයි මට ආපහු ඉස්කෝලෙ යන්න.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගාලු...ඔව් බන් මේවා මතක් වෙද්දි දරාගන්න කියන්න තේරෙන්නෙ නැති කාන්සියක් දැනෙනවා

      Delete
  2. අන්තිමේට වැස්සම හරහට හිටියා නේද බං. මං කිව්වේ වැස්සෙ නැති එක ගැන.
    උඹ වගේම වැස්ස විඳින එකෙක් තමයි මාත්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සිරාවටම බන් මේ වහිනවා.යන්න කිට්ටු වෙනකොට අඩුකරනවා.බලහල්ලකො එකෙත් හැටි......
      ඔව් බන් වැස්ස තියෙන්නෙ විදින්න. ස්තූතියි සහෘදයා....

      Delete
  3. ඉතින් වාක්කියක් දාල බැලුවේ නැද්ද

    ReplyDelete
    Replies
    1. නෑ දැම්මෙ නෑ.ඒ කාලේ ලව් කරන්න බයක් නෑ.ඒත් ඔහොම පෙනුමක් තියෙනෙ ගෑණු ළමයෙක්ගෙන් අහන්න බයයි. මොකද අපි හිතේ එයාල ගැන තියෙන්නෙ පරම,පිවිතුරු,අකලංක,රහසින්වත් පව් නොකරන මිස්ලගේ ආදරය දිනාගත්ත පාසලේ මිණී පහන් වගේ ගෞරවය රැකගෙන,පාඩම් වැඩකටයුතු වලට පමණක් හිත යොමා ගත්තු පිරිසක් කියලනේ.

      Delete
  4. ඔච්චර 'කියලත්' තේරෙන්නෙ නැති බුවෙක් කියල ඒකි හිතන්න ඇති. ඇයි බං ඔය සිද්ධියෙ තාම කුඩෙයි වැස්සයි විතරක් වගේ පේන්නේ. ඒකි අහල තියෙන්නෙ උඹ කැමතිද කියල. ඒකි කැමතියි කියා පෙන්නල.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ඉයන් අර වැස්සෙ අර විදියට මගේ ඇගේ දැවටෙන් නැතිව පාර දෙපැත්තෙම තිබුණ කඩයක් යටට යන්න තිබ්බා.නැත්තම් කොහොමත් තෙමෙන එකනෙ කියලා මගේ යාළුවා ගියා වගේ ඉක්මණට යන්න තිබ්බා. මගේ හිතේත් සෙනිකවම එයා ගැන මොකද්ද එකක් ඇති වුණත්. අර අටම්ට දුන්නු උත්තරේ හින්දා අහන්න බයයි. ඒ ලෙවල් කාලේ වෙනකොටනම් එයාට කොල්ලෙක් හිටියා.

      Delete
    2. කෝකටත් මේ වැඩේ කරපන්. ගෙදරදි හරි ඔෆිස් එකේ හරි කවුරුවත් ලඟපාත නැති වෙලාවක් බලලා ඇණගනින් ලොකු ටොක්කක්. එතකොට මීට පස්සේ මේවගේ අවස්ථාවල වල ඇණ ගන්න එකක් නැහැ.

      Delete
    3. හී...හී...ඔලුව බිත්තියෙම ගහගන්නම් ඉයන්

      Delete
    4. අයියෝ ඔය සාන්ත දාන්ත තීන්ත කුඩු චරිත රඟ පාන්න ගිහින් මටත් ඔහොම පාඩු ගොඩක් වෙලා තියෙනවා. මගේ යාලුවෝ මට කුණු හරුපෙන් ඉස්සර බනින්නේ යකෝ තොට ඔච්චර තේරෙන්නේ නැද්ද කියල.. හෙහ් හෙහ්

      මේ ලඟදිත් එකෙක් අහනවා අඩෝ සිරාවටම උඹ ඉස්සර අරකිත් එක්ක මොකුත් කලේ නැද්ද බන් කියල හෙහ් හෙහ්..
      (අවුරුදු 20කට විතර පස්සේ)

      කෙල්ලන්ට මාර ඉවක් තියෙනවා තමුන්ට හානියක් නොවෙන කොල්ලෝ තෝරාගෙන ඔය විදියට සෙට් වෙන්න... දැන් ඉතින් අපි පරක්කු වැඩියි..

      හෙහ් හෙහ්

      Delete
    5. පරක්කු වැඩිමත් නෑ බිරින්දැගෙන් ජීවිත තර්ජන හෙම නැත්නම්.....ඔය ඉයන් කියනවා වගේ ඇණ ගත්තනම් හොදයි එහෙනම් හොදායින් ටොක්කක්..... ස්තූතියි Pathum Herath

      Delete
    6. ඉයන් හා හා . //ගෙදරදි හරි ඔෆිස් එකේ හරි කවුරුවත් ලඟපාත නැති වෙලාවක් බලලා ඇණගනින් ලොකු ටොක්කක්. x 2

      Delete
    7. හරි ඇණ ගත්තා දෙපාරක්ම :-D

      Delete
  5. කථාව නියමයි.
    ඉයන් හරි. මට මතක් වෙන්නේ සුනිල් එදිරිසිංහ මහතාගේ සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ ගීතය

    ReplyDelete
    Replies
    1. අඩේ මල් මල්ලියෝ උඹ මාව ඕවා ගැන හිතන්න පොළබවලා මාව ලෙඩෙක් කරන්නද හදන්නේ......

      Delete
    2. දැන් ඉතින් හිතින්වත් මවා ගනින් අය්යේ - පූරුවේ කල පින් අපට කොයින්දා

      Delete
    3. ඉදහන්කෝ පූරුවේ කල පින් පල දුන් හැටිත් කියන්න ඉස්සරහට...

      Delete
    4. "සිරි යහනේ ලනු ඉහිරි" සුනිල් එදිරිසිංහ මහතාගේ නම් නෙමේ.. එඩ්වඩ් ජයකොඩි මහතාගේ කුරහන්...

      Delete
  6. රොමාරස් කොහොමද time machine එකක් තිබ්බා නම්..හරි හොඳ ළමයිනේ ඒ කාලේ, දැන්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Time machine එකක් තිබුණනම් සමහර තැන් වලදි එතනින් එන්නෙම නැතිව ඉදියි. කෑ ගහලා කියන්න තරම් ස්පන්දනාත්මක සිදුවීම් කොච්චරද. ඒත් අන්තිමට බැලුවම අතීතය ගෙවුනේ හොදම විදියට. හරි ගිය තැන් විතරක් අතීතයේ තිබුණන්. හරිම හිස් තැනක් වෙයි.කොටින්ම ඔය ගෑණු ළමයා මගේ මුල්ම එක වගේම අන්තිම කෙනත් වූවා නම් "රස්තියාදුකාරයාගේ" මුලට "රෝමාන්තික" යන්න එකතු නොවෙයි. කොහොමත් මට මේ කතාවෙදි තාමත් පෙනෙන්නේ වැස්සත්, කුඩේ යටින් ගිය සුන්දරියත්, වූ කොමළත් පමණී (බනින්න එපා බොලොව් කරුමේට මේ බ්ලොග උන්දැ බැලුවොත් හතර විලි ලැජ්ජාවේ පණ යනවා.ඔව් බ්ලොව් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නවා)

      Delete
    2. මෙන්න මේ වැකියත් එක්ක මම ඔබට එකඟයි ගොඩක් අපි වෙනස් උනාට..//අතීතය ගෙවුනේ හොදම විදියට// බනින්නේ මොකටද....:)

      Delete
    3. නෑ මුන් ටික කියනවනේ ලව් එකක් ඒකිගේ හිතේ තිබුණාය කියලා.මන් මෙව්වා බුකියේ share කරනවා ඉතින් මගේ කරුමෙට ඔය කාන්තා චරිතයට මාට්ටු වුනොත් හතර විලි ලැජ්ජාවෙ පන යනවා හීන දකින්නි.( උන්දැ මගේ friends list එකෙත් ඉන්නවා) ඒකයි ලව් එකක් නොතිබෙන්න ඇති කියලා මන් දුන්නු reply එකට බනින්න එපා කිව්වෙ.

      Delete
  7. හීන දකින්නි මාත් ඔයා වගේම හුදෙකලාවට දැඩිව ඇළුම් කරන කෙනෙක්. මම ගොඩක් වෙනස් කිව්වෙ "සතුට" යන දේ අපි දෙන්නා නිර්වචනය කරන්නේ හුගක් වෙනස් විදියකට.ඒකයි.

    ReplyDelete
  8. වැස්ස අපේ ජීවිත වලට කොහොමත් සම්බන්දනෙ? මගේ හිතත් ඒ ලස්සන පාසල් කාළයට අරන් ගියා මොහොතකට = ලස්සනයි+ ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒකනේ....බොහෝම ස්තූතියි priyanthi Hansamaali

      Delete