05 April 2017

විකසිත වුනු නෙළුම යාය සම්මාන උළෙලේ මගේ රස්තියාදුව


                                                             දැමිය යුතුම නෙළුම් යාය බොලොග් සම්මාන උළෙල ගැන පෝස්ට් එකක් දාන්න පරක්කු වුණේ මග හරින්න බැරි වැඩ ගොඩක් පහුගිය දවස් ටිකේම යෙදිලා තිබ්බ නිසා. මේ සම්මාන උළෙල මට අතිශය විශේෂ වන්නෙ සම්මානයක් හම්බුණු නිසාමත්ම නෙවෙයි හැංගි හොරා පෝස්ට් දාන බොලොග් කරුවන් විශාල පිරිසක් දැක ගන්න වගේම කතා බහ කරන්නත් හම්බුනේ එදා නිසා.  හුග දෙනෙක් මේ ගැන පෝස්ට් දැම්මත් මමත් දාන්නෙ මගේ මුල්ම බොලොග් කරුවන් හා වූ හමුවීම මෙය නිසා සහ මෙම හමුවීම මට ගොඩක් විශේෂිත වූ නිසා.
                                               දියවන්නාවේ පිහිටි "වෝටර්ස් ඒජ්" හෝටලය යන්තමට තුනට පහක් විතර තියෙද්දි ගොඩවුනා හම්මෙ බලන්න එපැයි සිරියාව පුදුමාකාර උත්කර්ෂවත් විදියට සරසලා. ඇතුල් වෙනකොටම වේටර් ළමයා දුන්නා බොර පාට වෙච්චි බීම එකත් අතේ තියාගෙන පිටි පස්සෙම පේලියට වෙලා බැලුවා ඇන්ටනාව කරකවලා ඒත් ඉතින් එහෙම බැලුවා කියලා දන්නවයි එකෙක් වත්. අහළ පහළ හිටපු දෙතුන් දෙනෙකුනුත් ඇහුවත් උනුත් බොලොග් ලියන උන් නෙවෙයි.
                            ආන්න එතකොට දැක්කා ගල් තොප්පියක් දාලා ෆේස් බුක් එකේ ඉන්න හුරුපුරුදු කෙනෙක් ඒ කව්රුත් නෙවෙයි මෙය සංවිධානයේදි ලොකු වැඩ කොටසක් කරපු කල්‍යාණ මිත්‍ර. ඔන්න ගිහින් කතා කරයි කියමුකෝ මන් මුලින්ම ඇහුවේ අපේ කවි ලියන දුමී ආවද කියලා. ඒත් දුමී ඒ වෙලාවෙ නොහිටපු නිසා මන් ගිහිල්ලා ආයෙත් ඈදි ගත්තා.
                                              ඊට පස්සෙ අපේ දුමී කල්‍යාණ මිත්‍රගේ ඔත්තුවක් ඔස්සේ මන් හොයාගෙන ආවා. අර බොලොගෙ දාලා තියෙන පොටෝ කෑල්ල නිසා අදුරගන්න ලොකු අමාරුවක් නෑ. ඇවිත් ආ ගිය තොරතුරු එහෙම කතා කරලා මාත් ගියා දුමී හිටපු තැනටම. ඔන්න ඒ යනකොට තමයි දැක්කේ රුසිරු පෙනුමැති "විසිරි" ඒත් ඉතින් විසිරිනම් කිව්වෙ රෑ බෝ වුනාම හතලිස් ඇදිරිය හැදෙන නිසා ඩ්‍රයිව් කරන්න අමාරුවෙන්න කලින් වෙලාසන ගෙදර යනවා කියලා. ආන්න බලන්න දැන් ගෑණු ළමයින්ට විසි හත විසි අට වෙනකොට හතලිස් ඇදිරිය. 
                              එක ළග වාඩි වෙලා සම්මාන උළෙල ඉවර වෙනකම් හිටපු දුමීටයි මටයි පුළුවන් වුණා සම්මාන දෙකක් අපේ කරගන්න. ඒ අතරින් "කාලීන සංවාද" අංශයෙන් ප්‍රථමස්ථානයට හිමි සම්මානය මගේ කරගන්න පුළුවන් වුණා.  එය බොහොමත්ම අනගි අවස්ථාවක්.
නෙළුම් යාය 2016 සම්මාන උත්සවයේ "කාලීන හා සංවාද" අංශයේ ප්‍රථමස්ථානය
                                               ඔන්න සම්මාන උළෙලෙ අන්තිම හරියෙදි  තමයි මමයි දුමීයි  අර නොයෙකුත් කෑම තිබුණු විච්වූරන කෑම මේසෙ ගාවට ගියේ. නා නා විධ කෑම වලින් පිරිලා. ආයේ අර මැනස් මොකෝ කෑවා කෑමක් පස්සෙන්දටත් ඇති වෙන්න. අද උදෙත් පාන් භාගයක් හොදි නැතිවම කෑවා ඒ කෑම මේසේ මතක කරගෙන.
                                         ඔන්න එතනදි තමයි අපේ මිතිලයි, ටෙක් සයුරයි,කොලොම්පුරෙයි හම්බුනේ. කාලා බීලා අහවරක් වෙලා ඇතුළට යනකොට උළෙල ඉවරයි  අන්න දැන් තමයි කට්ටිය හම්බෙන වෙලාව.  එරන්දි  අක්කා නම් මට ටොක්කක් ඇනලම පිළිගත්තා. අර කළු සුදු පින්තූරෙ ඉන්න කෙනාම තමයි පෙනුමෙන් වගේම කතා බහෙනුත් හරිම සුන්දර තැනැත්තියක්. ඒ වගේම එයැයිගේ හස්බන්ඩ් අයියා, පුංචි දෝණි හරිම සුන්දර හමුවීමක්. 
                                                 ඊට පස්සෙ දැක්කෙ දිස්නෙ දෙන ඇස් තියෙන හුරුබුහුටි තැනැත්තියක් ඒ වෙන කවුරුත් නොවෙයි වෛද්‍යවරියකගේ හදවතේ ඉපදෙන දේවල් එක කොනක ඉදන් "අනිත් කොනේ" අමුණන  සුන්දරැති හුරුබුහුටි තැනැත්තිය.
                                         අන්න එතනදී එකී මෙකී නොකී ගොඩක් වුන් හම්බුනා පඩංගුවේ සජ්ජා, සුරංග, කැලේ පිපුණු මල, තරුරසී,සිතූගේ සිතුවිලි.........වගේ හුගක් අය.
                                                           විශේෂ්‍යයෙන්  කියන්න ඕනෙ මේ වගේ අවස්ථාවක් බොලොගර් කෙනෙක්ට ලැබෙන්නෙ කලාතුරකින්. ඉතින් මේ එක එක බොලොග් කරුවන් සමග කතාබහ කරන්න අදහස් හුවාමාරු කරන්න අවස්ථාවක් උදාකරලා දෙන එකම ලොකු පිනක්.
                                මන් ඉතින් එරන්දි අක්කගේ දූත් එක්ක සෑහෙන්ඩ ලොකු කතාවක් දාගෙන තමයි හිටි‍යේ. දෝණිට අතින් එක එක හැඩතල මවන්නත් එව්වා උගන්නපු අය ගැන කියන්නත්, පන්තියේ යාළුවොන්ගේ විස්තර ගැන කියන්නත් ගියාම ඉතින් ඉවරයක් නෑ.
                                            අතින් කනින් බෑග් දෙක තුනක් උස්සගෙන ආපු කොලොම්පුරේ අසංග සහෘදයා කිව්වෙ අෆ්ටර් පාටියක් ගැන. ඉතින් උන්දැත් එක්ක බෑග් මළු ටිකත් උස්සගෙන ගියේ අපි කවුරුත් දාන්න ප්‍රාජේගේ කාර් එකට. ඩෙනිමක් ෂර්ට් එකක් දාපු ආකර්ණීය චරිතයක්.  එතන තව ඉවාන් පව්ලුශායි, ජීවන් අයියයි දෙන්නම හිටියා. මොනෑස් ද මොනෑෂ් ද මන්ද රෙස්ටුරන්ට්  එකට ගියාම තමයි දැක්කෙ එතන ඉන්න කැලත විශේෂයෙන් ඉයන් අයියත්,දමිත් අයියත්,සුදීක අයියා වගේ ගොඩක් අය එතන හිටියා. වැඩේ කියන්නෙ මේ සම්මාන උළේලේ නිර්මාපකයා වෙච්චි අජිත් අයියත් හම්බුනේ එතනදි.
                                             ඔන්න ආව එළ ද බ්‍රා මෙන්ඩා.... හප්පේ සිනා සාගරයක් අර බණ කතාව,කෝපල් උන්නැහෙගෙ කතාව ආ... ඒ විතරද අර මොනිකගෙ වැට් 69 කතාව. කරුමේ කියන්නෙ ඒ වෙලාවෙ බොන්න තිබුනෙත් වැට් 69 යි, වොඩ්කා එකකුයි.... දෙපාරක් මොකට හිතන්නද මෙන්ඩා අයියගේ  වැට් 69 කතාව හින්දා ළග නැව්වා,වැට් 69 වෙනදා රස නෙවෙයි ආවෙ නිකන් අමුතු රසක්.
                                                       ජීවන් අයියගේ ගිටාර් එකේ තත් පිරි මැදෙද්දි එකා දෙන්නා ගී රස වා තළයට මුසු කරා. විශේෂ්‍යයෙන් කියන්න ඕනෙ දෙයක් තියෙනවා මන් බොලොග් ලිව්වට කමෙන්ට් වැටුනට කව්ද දන්නෙ ඕවා මිනිස්සු කියවනවා කියලා.මන් දන්න කියන එවුනුත් මන් බොලොග් ලියනවා කියලා දන්නෙ නෑනෙ. ඔය මාට්ටු වෙච්චි දෙතුන් දෙනෙක් දන්නවා හැරුණුකොට. එතන හිටපු කීප දෙනෙක්ම මගේ බොලොග් ලිපි ගැන මාත් එක්ක කතා කරා. එතකොට දැනෙන ගැම්මනම් ආයේ වචන වලින්  ලියන්න බෑ.
                                         තව කෙනෙක් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ මට  මතක විදියට ඔහුගේ නම වජිර. ඔහු නීතිවේදියෙක් ඔහු මගේ බොලොග් ලිපියක් ගැන අතිශය ප්‍රශංශාත්මක  පැයකට දෙකකට වැඩි කාලයක් කතා කරා දකුණු පැත්තේ පුටුවේ හිටපු ප්‍රාජේත් සමහර වෙලාවට කතාවට එකතු වුණා.
                              පාර්ටියෙ අන්තිම හරියෙදි හොදම පදමට වැදිලා හිටපු වෙලාවෙත් වජිර අයියා සමුදීලා ගියේ සිගරට් පැකට්ටුවේ තිබ්බ අන්තිම සිගරට් හතෙන් දෙකක් විතරක් ඔහු තියාගෙන අනිත් පහම මට දීලා.
                                            කෝම හරි අන්තිමේදී වැට් 69 ඉවර වෙලාද කොහෙද ඒ පාටම වෙන බ්‍රෑන්ඩ් එකකුත් තියලා තිබ්බා. භාගයක් විතර ගියාම තමයි දැක්කෙ වෙන එකක් කියලා. ෂිහ්..... අපරාදේ ඒක දැක්කෙ.... මෙන්ඩයිගේ වැට් හැට නමේ රහ නම දැක්කයින් පස්සේ එකේ තිබ්බෙ නෑ.
                                  ඔන්න ඉතින් වැඩේ අවසාන කරන්න කියලා අජිත් අයියත් කීප පාරක්ම කිව්ව හින්දා කට්ටිය සිප වැළදගෙන එන්න පිටත් වුණා. සුදීක අයියගෙ රථයට නිකන් මුහුදු වෙරළේ හුළගට ලෙලදෙන සරුංගල් වගේ වැනි වැනි ගොඩ වුණා. මමයි,කොලොම්පුරෙයි,දමිත් අයියයි,ජීවන් අයියයි කොවුවල පැත්තෙන් දාලා දෙහිවලට ආව. නිකන්ම නෙවෙයි සින්දු දෙක තුනකුත් ගහගෙන. මන් ඉතින් බෑග් එකට එහෙම ගහලා සියුම් සංගීතයක් දුන්නා.
                    දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව ගාවින් බැහ ගෙන එතනින්ම ගත්ත ත්‍රීවලර් එකකින් කොලොම්පුරේ ගියේ අද අපේ ගෙදර නැවතිලා හෙටම පලයන් කියලා සෑහෙන්ඩ පෙරැත්ත කරලා. ඔන ඉතින් මාතර කොළඹ බස් එකක් ආවයි කියමුකෝ පැය දෙක තුනක ගමනක්. ඊටත් වඩා කට කපලා සෙනග පිටිපස්සෙන් මන් නගින්න හදද්දි අනිත් අය මාවත් එක්කොරගෙන ඉස්සරහින්ම නැග්ගා.
                                     මන් හිතන්නෙ දෙහිවලදිම ජීවන් අයියටනම් සීට් එකක් හම්බුනා. ඒත් ඉතින් විනාඩි පහක් යන්න ඉස්සෙල්ලා දමිත් අයියා ඒකෙ බරදාලා නිදි.ජීවන් අයියා හිටගෙනන ආයෙ. මන් ඉතින් හිටගෙන ඉන්න පූළුවන් එක එක ක්‍රම හොයනවා ඔක්කොම ෆේල් හිටගෙන් ඉන්නත් බෑ....සෙනග කපලා හිටපු බස් එකෙන් හුළගක් ලේසියෙන් එන්නෙත් නෑ ෆුල් කචල්
                                   ඔන ඔහොම ටිකක් දුර ගියා කියමුකෝ විනාඩි විස්සක් යනකොට දැනෙනවා අන්තස්‍රෝතය පැත්ත කැළබිලා වගේ ගල නාලෙන් උඩට එන්න හදනවා,කේශ නාලිකා මිරිකගෙන හිටියත් හරි යන්නෙ නෑ. ආයේ මන් සෙනග පීරගෙන පිටිපස්සට යන්න හදනකොට ජීවන් අයියා වළක්වන්න හැදුවා. බලන්න ඇති මේකට මොනා වෙලාද කියලා. පිටිපස්සෙ ෆුට් බෝඩ් එකට සෙනග පීරගෙනම ගෙන ගියා.
                                          හම්මේ.... එතනින් පස්සෙ තමයි හොදම කොටස මන් ඔක්කාරෙට ඇවිල්ලා ෆුට් බෝඩ් එකේ කබරයා ඒළියට දානකොට කොන්දස්තර තෙමේ කලබලේට මන් හිතන්නෙ හුළගට ඇගේ වදියි කියලා වෙන්න ඇති පහළම පඩියෙ ඉදන් ඊළග පඩියට නැග්ගා, ඌ වැදිච්චි මගේ වම් කරේ ආයේ පාන් කියාගන්නවත් බැරි වෙලේ මන් ගැස්සිලා ගිය පාර හැරිලා හිටපු ඇන්ගල් එක වෙනස් වෙච්චි. ඊට පස්සෙ ක්ෂණිකවම වුනේ අර හුළගට ඇවිල්ලා මෑන්ස්ගෙ සර්ට් එකෙත් වැදිච්චි.නොදකින් ඉතින් ආයෙ වුණයින් පස්සෙ රිවයින් කරන්නයැයි.
                                        මන් ඊටත් උඩ පඩිය නැගලා වාඩි වුණා ෆුට් බෝඩ් එකේම. ෆුඩ් බෝඩ් එකේම  හිටපු උන් හොද සප් එකක් දුන්නා. අන්න දැන් පටන් ගන්නවා කොන්දොස්තර මහත්තයගේ කියවිල්ල. එහෙමැයි කිව්වට ඌත් හොද තරුණ කොල්ලෙක්. හැබැයි ෆුට් බෝඩ් එකේ එකෙක්වත් මට වචනයකින් හරි අමාරුද බන් ඇහුවා විතරයි මොකුත් නෑ. මාත් ඉති නිකන් මොකාද වගේ ෆැවිලියන් එකේ සපෝට් එකත් මට නිසා .නැගිට්ටා කොන්දට වචනයක් කියන්න.
 "ඇයි.....   මො...කෝ...   ප...ස්........න....ය...ක්..ද..."
                       එතකොටම කොහෙන්ද මන්දා නැවැත්තුවා කොන්දොස්තර තෙමෙත් සර්ට් එකත් ගලවන් ඉස්සරහට ගියා. ෆුට් බෝඩ් එකෙ හිටපු දෙතුන් දෙනෙක් මාව වාඩි කෙරෙව්වා හුළගට වීසි වුනොත් කියලා වෙන්න ඇති. ඊට පස්සෙ ෆුඩ් බෝර්ඩ් එකේ එවුන්ගේම රැකවරණය මැද්දේ මන් ෆුඩ් බෝඩ් එකේම වාඩි වෙලා නිදාගත්තා.
                      මන් හිතන්නෙ කලූතරදි වෙන්න ඕන ජීවන් අයියයි...දමිත් අයියයි පිටි පස්සට ඇවිල්ලා මාව ඇහැරුවා. ආන්න එතකොට කළුතරින් ගොඩක් සෙනග බහින හින්දද කොහෙද පිටි පස්සෙ සීට් දෙක තුනක් තිබුනයින් මන් එකක වාඩි වුනා. දමිත් අයියා  මට එහා පැත්තේ එකාට එහා පැත්තේ වාඩි වුනා........ආයේ මොකෝ වීදුරුවත් ළගම සීට් එකක් හම්බුණු හින්දා ආ‍යේ නින්ද ගියා ක්ෂණිකවම.
                                                   වැඩේ කියන්නෙ දමිත් අයියටත් නින්ද ගිහින් බස් එක තේ බොන්න නැවැත්තුවම තමයි මිනිහටත් ඇහැරිලා තියෙන්නෙ ඊට පස්සෙ මාවත් ඇහැරුවත් එතකොට හිටියේ ඌර වත්තේ...අපේ ගෙවල් පහු වෙලා කිලෝ මීටර  හතරක් පහක්ම ඇවිත්.
                             මොනා කරන්නද වැනී වැනීම බහිනකොට මන් දැක්කා කොන්දයියා වීදුරුවක් අස්සෙන් ඔරවන් ඉන්නවා. මාත් ඇරියේ නෑ මෑන්ස්ගෙ පැත්ත ඔරවලා බලලා යන්න හදනකොට මන් බැලුවා මූ කොහොමද කියලා සර්ට් එකක්  ඇදන් ඉන්නෙ.මොකද ඩේලි යන එන එවුන් වැඩිපුර ඇදුම් අරන් එන්නෙ නෑනෙ.කොහොම හරි ඔන්න යන්න හදනකොට දමිත් අයියා සුරුස් ගාලා එන්නම් කියලා ගියා ශරීර කෘත්‍යක් කරන් එන්න.
                  ඒත් ඉතින් කිව්වට විශ්වාසකරහන් අර බස් එකේ පිටිපස්සෙ හිටපු දෙතුන් දෙනෙක්
"මල්ලි මේ පැත්තේ හිටියොත් ඔයාට නගින්න වෙන් නෑ" කියලා පාරෙන් එහා පැත්තට බස් එකක් ගන්න මාත් එක්කම පාර පැනලා ගිහින් හිටියා.ඔන්න ඔය අල්ලපනල්ලෙ දමිත් අයියත් ආපු ගමන් මගෙ වෙලාවටම දෙනියාය කොළඹ බස් එකක් ආවා. හම්මෙ මගේ වෙලාවටම නවත්තපු හින්දා නැගගත්තා.
                                                   ඔක්කොමත් හරි දැන් තමයි අමාරුම හරිය හරියට සිංහයො, කොටියෝ, ව්‍යාග්‍රයෝ ඉන්න කූඩුවක් මැදින් බේරිලා යනවා වගේ වැඩක් තමයි. අපේ ගෙදර අයගෙන් බේරිලා කාමරේට යන එක. මොකද තාම ගෙදරින් හිතන්නෙ බොන්න තියා බොන තැනක ඉන්නවත් එකෙක් කියලා නෙවෙයිනෙ. හැබැයි හව්වෙච්ච දවසට දෙයි දීමනාවක් හොදි නැතිවම.
                                       හැබැයි මගේ දයාබර වැඩිමල් සොයුරා ඉන්නෙ මේ වෙලාවට තමයි. වැඩේ සාර්ථකයි මිනිහා පෝන් එක අන්සර් කරා. මන් සේප් එකෙ කාමරේට ගිහින් ඔන්න එහෙනම් නිදාගත්තා  මොකුත් නොවුන ගානට.හද්දා සෝ බර ෆුල් කොමිටල් චාරිකාවක්  අවසන් වුනේ අන්න එහෙම.

සැ.යු.- පසුදින ජීවන් අයියාට දුරකථන ඇමතුමක් දීමෙන් පසු දැන ගත්තේ මම සුවබර නින්දේ පසුවුණ අවස්ථාවේ අර කොන්දස්තර තෙමේට සර්ට් එකක් ලැබුනේ ජීවන් අයියාගේ සාදර සම අනුග්‍රයෙන් බවයි. ඔහුට තුති..........
                                                           මේ එන සතියේම සදවතීගේ වික්ටර් ගී අභියෝගයට පසුව එනම් නෙක්ස්ට් සතියේ "කණ්ණාඩි දාපු ලස්සන ගෑනු ළමයාගේ" කතාවේ ඉතිරිය දමන බවට පසග පිහිටුවා පොරොන්දුවෙමි.ඒ සම්බන්ධව මරණ තර්ජන වලින් මාගේ ෆේස්බුක් පිටුව ඇමතූ ඔබ සැමට තුති.

තුති පිදීම - බොලොග් ගැන ගෑවිච්ච එකෙක්වත් මොකුත් නොදැන සිටි සමයක මා ඇරඹූ බොලොග් අඩවියට 2016 වසර සදහා වූ නෙළුම් යාය බොලොග් සම්මාන උළෙලේ "කාලීන අංශයේ සංවාද" තුළින් මාගේ බොලොග් ලිපියක් පළමු තැන හිමි කර ගැනීම සැබෑම සතුටක්ය. එවන් වූ උත්කර්ෂවත් උළෙලක් සංවිධානය කළ සංවිධායක මඩුල්ලේ සියලු දෙනාට මාගේ ප්‍රණාමය. අවශ්ෂ්‍ය උපදෙස් නොමසුරුව ලබා දෙන අටම්පහුරට සහ "අනිත් කොනෙහි" බෝධිනි අක්කාට විශේෂයෙන් තුති පිදෙන අතර. මා මෙම බොලොග් පියස හරහා ඉපයූ බැදීම් මට සෑහෙන්න වටිනේය.මාගේ බොලොග් කියවූ රසවිදි ඔබට මා දස දහස් වරක් තුති පුදමි.

-රෝමාන්තික රස්තියාදුකාරයා-

51 comments:

  1. සුබපැතුම් ලොක්කා , උඹේ රස්තියාදු පාටක් නම් තිබ්බේ නෑ හැබැයි , ඊට වඩා රස්තියාදු පාටයිනේ අපේ ප්‍රාජේ , හැක

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා කබරයා දානවනෙ අපේ ඉවාන් ලව්පූස්.

      සම්මාන ලැබූ රස්ටා සහ කොන්දොස්තර දෙදෙනාටම සුබ පැතුම්.

      Delete
    2. ස්තූතියි ඉවාන් පවුලූශා.මේ එහෙනම් මන් මොන පාටද

      Delete
    3. ස්තූතියි ප්‍රාජේ...හමුවීම සතුටක්...

      Delete
  2. මම ශර්ට් කථාව දැනගෙන හිටියෙ නැහැ. නියම අත්දැකීමක්. හමුවෙන්න ලැබීම ඉමහත් සතුටක්

    ReplyDelete
    Replies
    1. ඔබ ඉතාමත් සුහදශීලී චරිතයක් හමුවීම සහ කතාබස් කිරීම සතුටක්

      Delete
  3. උඹට සුභ පැතුම්.....
    යකෝ උඹ අමුවෙන්ම දාලනෙ.....

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් රහ අමුවෙන් දාන තරමට
      ඔබවනම් මට මිස් වුණා.ඒත් දුමීටනම් සෙට් වෙලා තිබුණා

      Delete
  4. සෑහෙන දවසක් නිදා ගෙන ඉඳලා වගේ!

    "කාලීන අංශයේ සංවාද" පළමුවන ස්ථානයේ සම්මානයට මගේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසිකොලොජිස්ට්...
      පහුගිය දවස් වල වැඩ ගොඩක් තිබුණා මිස් කරන්න බැරි

      Delete
  5. උඹත් සොඳුරු මිතුරෙකි වැඩි කතා නැතී
    හිතත් අපේ ජය වෙනුවෙන් සතුටු වෙතී
    එදත් හෙටත් මේ මිතුදම් බිඳෙනු නැතී
    තවත් ලියනු ලිපි රෝමෝ රසය ඇතී......

    උඹව හමුවීමත් සතුටක් බං. උඹ කිව්වා වගේ 'කවි' අංශයෙන් පළමු තැන මට ලැබෙද්දී 'කාලීන සංවාද' අංශයෙන් පළමු තැන උඹට ලැබුණාම සතුට දෙගුණයක් තුන්ගුණයක් වෙලා දැණුනා. ලද ජයග්‍රහණයටත් මගේ සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹද සොදුරු කවියෙකි හිතවත් රසැතී
      මමද එවන් කවි රසයට හරි ආස වෙතී
      එසද ඉදන් බැදි මිතුදම් සැමදාම ඇතී
      තවද සොදුරු කවි ලියහන් මී වන් රසැති

      මටත් පුදුම සතුටක් තියෙන්නෙ බන්.. උඹේ සතුට හා සමාන සතුටක්ම තියෙනවා බන් මටත්

      Delete
  6. උඹේ රස්තියාදු පාටක් තිබ්බෙම නෑ බං... :) එළකිරි. ආෆ්ටර් පාටි ෆන් එක මෙදා සැරේ මිස් උනේ පහුවෙනිදා උදේම ගාල්ලේ නොවැලක්විය හැකි වැඩක් දාගෙන හිටි නිසා.. දමියා නම් ඊයෙත් හම්බුනා ගාල්ලේදී.. අම්බලන්ගොඩ පැත්තේ එන වෙලාවක කෝල්ලෙකක් වත් දෙන්න නොම්මරේ මැසේජ් එකක් දාල තියහන්.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. රස්තියාදු පාට මොන පාටෙයි අයියේ :) කමක් නෑ කවදහරි දවසක ආයෙත් සෙට් වෙමු. මන් නම්බර් එක දාන්නම්.ස්තුතියි බොහොමත්.

      Delete
  7. හනෙ අම්මේ ඔයින් ගියා මදෑ ඕකනෙ කියන්නෙ මඳ පමණට බීපන් රස්තියෝ කියල

    ReplyDelete
    Replies
    1. මෙන්ඩයිගෙ රසකතා මැද, කොලොම්පුරේ වගේ වගේ සහෘදයෙක් පැත්තකින් සෙට් වුණාම කොහොම හොරට බොන්නද සොදුරු

      Delete
  8. "ඇයි..... මො...කෝ... ප...ස්........න....ය...ක්..ද..."

    ඇගටත් වමනෙ කරලා ....අම්ම අරු ඇරියේ නැනේ හොම්බට දෙකක්

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි... :-) මන් එහෙම නොකරනම් එතුමානෝ මන් බහිනකම් කන්කෙදිරි ග ගා එතන ඉදියි

      Delete
    2. අයියව හම්බෙලා කතා බහ කරගන්න බැරි වෙච්චි එකනම් සෑහෙන අප්සෙට්

      Delete
  9. හුජ්ජ කොල්ලෝ මිරිජ්ජ බිව්වා හම ඔහොම වමනේ යනවා තව උන් බයිලත් කියනවා

    ReplyDelete
  10. සමස්ත බ්ලොග් ලියන්නන් ලද අවස්ථාව ගැන හරිම සතුටුයි. රෝමා ඔබට ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරුශි

      Delete
  11. හමුවීම සතුටක් ! මට බ්ලොග් බොහෝමයක් මග හැරී තිබුනානේ මල්ලි ! විශේෂන ලොට් එකට තෑන්ක්ස් !

    ReplyDelete
    Replies
    1. මටත් හමුවීම සහ කතා බස් කිරීම විශාල සතුටක්....
      පෙනුමෙන් සේම ඇවතුම් පැවතුම් වලින්ද එසේම වන්නේය

      Delete
  12. උඹේ මේ ලියවෙච්චි විස්තරේ අනුව උඹත් අපේ ගම් පළාතේ කියලයි මට හිතෙන්නේ.. කොන්ද දන්නවා ඇතිනේ උඹ ටිකට් ගත්තේ කොහෙටද කියල.. ඒ හින්ද උගේ ඔලුවේ හිටන් කබරයා දැම්මත් ඌ මුකුත් කියන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි.අපේ ගමේ නමට ලැබෙන බෝනස් තමයි ඔය.... මගේ ගමට අල්ලපු ගම් පළාත තමයි අම්බලන්ගොඩ. මගේ ගම සේම අම්බල්න්ගොඩහිත් ඒක සමානවම මගේ ජීවිතේ ගත වුණා සහ ගත වෙනවා. ඒ නිසා ඔබේ කතා ගොඩක් ලගින් දැනෙනවා

      Delete
  13. අයියෝ මගේ ෂර්ට් එක

    ReplyDelete
    Replies
    1. අහම්බෙන්වත් නැගපු වෙලාවක කොන්දොස්තර තෙමේ හිටියොත් ඉල්ලගන්නම්

      Delete
  14. සුභ පැතුම් රස්ති සම්මානයට

    ReplyDelete
  15. සෝමපාන ජෝගියට සෙට් නොවුණ හංදා කීදෙනෙක් මිස් වෙලාද කියලයි කල්පනා කළේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩ වැදුනට... මොකද්ද මේ "සෝමපාන ජෝගිය" කියන්නෙ?

      Delete
  16. අය්යෝ රස්තියාදුකාරයෝ වැඩේ නාලනේ අන්තිම ටිකේ..හික් හික්
    අන්තිමට මොනව උනාම මොකද නේද අප්පා..මුල එලනේ..😉😉..හික් හික්

    ReplyDelete
    Replies
    1. මුලත් එල අගත් එල වැහි බින්දු. අන්තිමට කියන්නෙ ඉතින් ගෙදර ඇවිල්ලා තමයි නෑවේ

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. අපි යළිත් සෙට්වෙමු. බොහෝ කරදර ගොඩාක් මැද හිටිය හින්දා පොස්ට් එක දැක්කේ පහුවෙලා.

    ReplyDelete
    Replies
    1. මන් පස්සෙ බන් දැනගත්තේ..කමක් නෑ ඉක්මණටම පුංචි පුතාටයි....උඹටයි....සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

      Delete
  20. රොමාගේ මද පමණින් වැඩිවීම් ඉතිං අරුමයක් නෙමෙයි.. කොන්දොස්තර මල්ලිගෙන් ගේම ඉල්ලපු එකනම් හරි නෑ රෝමා...

    ReplyDelete
    Replies
    1. මද පමණින් නම් කිසිදින වැඩී වී නැත....
      ඌ මගේ අස්සෙ රින්ගුවෙ නැත්තම් කිසි ප්‍රශ්ණයක් වන්නෙත් නැත...

      Delete
  21. එල එල,, කීදෙනෙක්ගෙ කර පිටින්ද උබ ගෙදර ගියෙ.. කියපු ව්දිහට කරටි කැඩෙන්නම ගහල

    ReplyDelete
    Replies
    1. සියල්ලෝම හොදින් සලු වී සිටියෝය.
      එනිසා කරින් ගියානම් අනිත් වුන්ගේ කරටිද කැඩෙනු ඇත

      Delete
  22. උබත් එල ද බ්‍රා චරිතයක් මචෝ...මම උබට පට්ට කැමති

    ReplyDelete
    Replies
    1. ඔයානම් අයියේ පට්ට සිනා සාගරයක්

      Delete
  23. සුභපැතුම් රෝමා..පවු යකෝ අසරන කොන්දා

    ReplyDelete
    Replies
    1. ඇයි බොලොව් මම..ඒකා මගෙ අස්සෙ රින්ගපු එක පෙන්නේ නෑනෙ කාටවත්...

      Delete
  24. හම්මේ මම මගෙ ගැන ලිව්ව ටික ආයෙ ආයෙම කියෙව්ව....තැන්කූ ඈ.....ශහ් අප්පා විසි හතක් විසි අටක් වගේද වයස පෙනුනෙ...මම හිතන් ඉන්නෙ මට දහ අටක් දහ නවයක් වගේ කියල නෙ තාම...මම කිව්වෙ ඇස් දෙකටයි හතළිහ කියල....

    ස්තුතියි පොඩ්ඩො...ඒ වෙලාවෙ ඇවිල්ල කතා කලාට...එතන උන්නෙ අපූරුම සුන්දර මිනිස්සු කොටසක්.....

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙමද????මම මුලින් හිතුවා...ඒත් පුතාට 17,18 වෙච්චිකොට කොහොමද කියලායි කල්පනා කරේ අම්මිට 18ක් වෙන්නෙ..ෂිහ් මන් හිතුවා හරි එහෙනම්.....

      Delete
  25. යකෝ බලාගෙන ගියාම සම්මාන උළෙල ගැන හොඳම විස්තරේ තියෙන්නෙ මේකෙන. හැක්..

    මෙනව උනත් ලැබුණ සම්මානෙට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි කියන්නෙ....
      බොහොම ස්තූතියි අයියේ.....

      Delete