13 November 2017

"කූඹියෝ" යකෝ ඒක පට්ට - Koombiyo Teledrama



                                               ෆේස්බුක් එකේ කනින් කොනින් කූඹියො කියලා ඇහෙන්න පටන් ගත්තට මන් එච්චර උනන්දුවක් උනේ නෑ. පසුගිය සතියේ මාත් ඔන ඔහේ koombiyo කියලා ගූගල් එකේ ගහල බලන්න ගියා ඔන ඕක. ඔන ඔහේ ගියාට බන් පටන් ගන්න මියුසික් එකත් නිකන් අමුතුම වර්ගයේ එකක්. පොඩ්ඩක් බැලුවා මොකද වෙන්නෙ කියලා. හප්පට සිරි මුල්ම සීන් එකේ ඉදන් කොච්චර කූඹියොන්ට ඇබ්බැහි වුනාද කිව්වොත් පහුගිය සදුදා අගහරුවාද දවස් දෙකේම පහුගිය කොටස් විසි දෙකම එක හුස්මට බලලා ඉවරයක් කරා.
                                       ඇත්තටම දුක කූඹියෝ බලන්න මෙච්චර පරක්කුවෙච්ච එක නෙවෙයි තව පරක්කු වෙන්න බැරි උනේ ඇයිද කියලා. ඇයි දෙයියනේ. එහෙනම් සීරියස් එකම සම්පූර්ණයෙන්ම ඩව්න්ලෝඩ් කරලා ආතල් එකේ බලලා ඉවර කරනවනෙ. දැන් ඉතින් තැප තැප ඉදපන්කෝ ඊලග සෙනසුරාදා ඉරිදා වෙනකම්.
                                   මෙහෙමයි බන් මාත් ඔය එෆ්.බී එකේ රෙකමදාරු හරහා ගියාට හිතුවේ නෑ. මේක මෙච්චර පට්ට එකක් කියලා. ආයෙත් අහලා මැක්සා. ගිහින් බලපල්ලා. හැබැයි අමතක කරන්න එපා.මුල් කොටසෙ ඉදන්ම පිළිවෙලට පලයන්. මොකද කතාවෙ නියම රහ තියෙන්නෙ එතකොට.මොකද කොටසින් කොටසට මාර සම්බන්ධයක් තියෙන්නෙ. මුල ඉදන් බලන්න බැරිනම් නොබලම හිටපන් මොකද තේරුමක් නැහැ අගක් මුලක් තේරුම් ගන්න බැරිව.
                                       ඒ වගේම මන් බලපු පට්ට ආසම ෆිල්ම් එකක් තමයි ස්ටීවන් ස්පිල්බර්ග් කියන
කවුරුත් දන්න පට්ට ඩිරෙක්ටර් අධ්‍යක්ෂණය කරපු ලියනාඩෝ ඩි කැප්‍රියෝ (ටයිටෙනික් එකේ කොල්ලා බන්) රගපාන "Catch Me If You Can"  කියන් ෆිල්ම් එක.මොකද මන් සාමාන්‍යයෙන් වැඩියෙන්ම ආස ඔය වගේ පට්ට ගේම් දෙන හරි.....ඔය වගේ ගේම් හොයන x-files වගේ ඒවට හරි තමයි.... කොහොමින් කොහොම හරි ඒ අග්‍රගන්‍ය චිත්‍රපටයෙන් තමයි මට ලියනාඩෝ ඩි කැප්‍රියො කියන නළුවා ගැන උමතුවක් ඇති උනේ. මොකද ඇත්තටම ලීයනාඩෝ ඩි කැප්‍රියො කියන්නෙ පට්ටම භාණ්ඩයක්......මන් දන්න සුපිරිම වර්ගයේ නළුවන් හතරපස් දෙනාගෙන් එකෙක්........

                                          මේකෙ ජෙහාන් කියන්නෙත් ඒ වර්ගයේම අමු හොරෙක් මුන් දෙන්නගෙත් වෙනස්කමුත් බොහොමයි.හැබැයි මුන් දෙන්නම එකම වර්ගයෙ.
                         කොහොම උනත් ජෙහාන් කියන්නෙ අමුතුම චරිතයක්. ඌට තැනකට එන්න ලොකු ඕන කමක් නෑ. මොකද ඌට ඕනෙ උගේම ක්‍රමේට ගේමක් ගහගෙන,පුලුවන්නම් රෑට අඩියක් ගහගෙන, නිකන් ඉන්න වෙලාවට බෝල් අතක් ගහගෙන ඉන්න. ඌ ආදරේ කරන්නෙ මන් හිතන්නෙ ඒ ජීවිතෙට වෙන්න ඇති. ඒක පට්ට ස්භාවික නොවෙන්න පුළුවන්. ඒත් අපි හැම එකාගෙම හිත්වල අවුමුළු වල ඉන්න පට්ට ෆැන්ටසි චරිත උගෙ ඇතුලෙ ඉන්නවා. ඒ නිසා අපි හිතෙන් නිතරම ඌ වෙනවා......එතකොට කූබියෝ පට්ට වෙනවා.....
                                    ඒවගේම තමයි මේ කතාවෙ ආකර්ෂණියම චරිතෙ ප්‍රියන්ත මහඋල්පතගේ. ඌනම් පට්ටම.. උගෙ රගපෑමට සම්මාන පිට සම්මාන දුන්නත් මදියි. කතාවට නියම පදමට ලුණු ඇඹූල් දාන්නෙ ඌ. උගෙ රගපෑම ආයෙ පට්ටම. ගමෙන් නගරයට ඇවිල්ලා ඩ්‍රයිවින් ජොබ් එකක් නැතිව චාටර් ගගහා ඉන්දැද්දි තමයි ඌට ජෙහාන් සෙට් වෙන්නෙ.....උන්දෙන්නා කියන්නෙ එක අතකට අහඹුවක් නෙවෙයි. කොළඹ බෝඩිම් කාමරවල සෙට් වෙන ගමේ ඉදන් ආපු අපි වගේ එවුන්ගෙ රියැලිටි එක.
                                                    ප්‍රියන්ත මහඋල්පතගේ නැත්නම් ඇත්ත නමින් කලණ ගුණසේකර දෙන ආතල් මන් රිවයින් කර කර කී පාරක් නම් බැලුවද, උබලත් කූබියොන්ට රහ වැටුනා කියන්නෙ පුතේ. ප්‍රියන්ත මහඋල්පත ගේ හොදම රසිකයෙක් වෙනවා කියන එක තමයි. ආයෙ ඒක දෙකක් නෑ. ඒ කියන්නෙ කූඹියො රසිකයෙක් වීම අනුලෝම වශයෙන් සමාන වෙනවා ප්‍රියන්ත මහඋල්පත යගේ රසිකයෙක් වෙනවා කියන එකට
                                                                     කතාව බලන්න ඉස්සරින් මට හිතුනේ යුරේනිව මේකට ගත්තෙ ඇයි කියලා. කතාවට එන්ටර් වෙද්දිත් මුල් ටිකේ හිතුණා මේකට ප්‍රියන්තලා වගේ අමු නැතිනම් අලුත් චරිතයක් ගත්තනම් හොදයි කියලා. හැබැයි සීන් කීපයක් යනකොට තමයි දැනෙන්නෙ යුරේනිගේ රගපෑම් කොච්චර මේකට ගැලපෙනවද කියලා. ආයේ ඈ අපිත් ෆුල් අන්දොස් වෙනවා හිරුණි නැත්නම් යුරේනි දෙන ෆීලින්ග්ස් වලට.
                         ආයෙ පට්ටම කියන්නෙ සුප්පම ඈ. මේක යුරේනිගෙත් මුල්ම කාලෙ නිර්මාණයක් උනානම් යුරේනිත් නිකන් ප්‍රියන්තයා වගේම ලොකු බ්ලාස්ට් එකක් කරන් ෆීල්ඩ් එකම හොල්ලගෙනම තමයි එන්නෙ. අන ඒකයි කියන්නෙ කලණගෙ වචන වලින්ම මෙගා වල හිටියම කැරැක්ට් එක ඩැමේජ් වෙනවා කියලා කොච්චර දක්ෂ කෙනෙක් වුනත් සාමාන්‍ය කෙනෙක් වගේ හුරුවෙනවා.
                       කූඹියො ගැන හොයන්න ගත්තෙ ඉතින් මේ සුමානෙනෙ. එතකොට තමයි හොයාගත්තේ මේකෙ නියම වැඩකාරයෝ දෙන්නා එකෙක් අධ්‍යක්ෂ්‍යණය කරපු ලක්මාල් ධර්මරත්න අනෙකා මේක ලියපු දමිත චන්ද්‍රසිරි. ඇත්තටම මේක ලියලා තියෙන්නෙත් මුන් දෙන්නම.
                                මුන් දෙන්නත් ඕවර්රෝල් වැඩ කාරායෝ. කැමරාව,පසුබිම,සංගීතය, ගලායාම....... වගේ හැම මගුලක්ම පට්ටට ගලපලා තියෙනවා. මේ පට්ට වැඩෙන් 60% කට වඩා ගෞරවය යන්නෙ මුන් දෙන්නට. සමහර දෙබස් පට්ට දේශපාලිනිකයි. පොළොවෙ පය ගහලා ඉන්න අමු සොබාවික චරිතයකට ඇර වෙන එකෙක්ට එහෙම අදහස් එන්නෙ නෑ. මොකද එව්වා ඇත්තටම දුවිලි වදින සමාජෙ ඇවිදින මිනිහෙකුගෙ සමාජීය පර්යේශණ වල ප්‍රතිපල.
                                    ඇත්තටම මේ වගේ ටෙලි නාට්‍ය ටී.වී එකෙන් සම්පූර්ණෙන්ම ඈත්වුණු අපි වගේ එවුන්ට ආයෙත් පිස්සුවක් හැදෙව්වා. මොකද මට නම් ටීවි එකේ යන රෙද්දවල් එපා වෙලා තියෙන්නෙ. A.L. ඉවරයි,පියවි වගේ කිහිපයක් නොගියමත් නෙවෙයි....ඒත් ඒවා වගේම කූබියො දුන්නෙත් අමුතුම පිරවුමක්. අන ඒක ගොඩක් වටිනවා......
                       කූඹියොන්ට කොච්චර රටම වහ වැටුනද කියනවනම් IMBD රේටින් කියන ලෝකෙ රේටින්ග්ස් වල ජනප්‍රියම වෙබ් එකෙන් TV Series වල Crime  කියන කැටගරියෙන් පළමු තැන හිමි වෙලා තියෙනවා. මේකෙ දෙක තුන වුනු සහ අනෙක් ටී.වී සීරියස් පොඩ්ඩක් බැලුවම තේරෙයි ඒවත් මොන මට්ටමේ කොච්චර ෆෑන් බේස් එකක් තියන් ඉන්න ඒවද කියලා. කූබීයො රටම නෙවෙයි ලෝකෙම කෑවෙ එහෙමයි. 
                                      100, flash, game of thrones වගේ ටී.වි සීරියස් ඇබ්බැහි වෙලා බලපු එවුන්ට ආයෙත් ගෙදර ටීවි එකෙත් බලන්න දෙයක් තියෙනවා කියලා මතක් කරා.හැබැයි මේකෙ රහ වෙනස්. ඒ වෙනස ලංකාවට ගැලපෙනවා. ඒ වෙනස බටහිර ආකෘතියත් එක්ක මික්ස් කිරීම තමයි පට්ටම දේ වෙන්නෙ.
                                                               ස්තූතියි කූඹියෝ උඹලට ගොඩක්.මට උඹලගෙන් ඉල්ලන්න තියෙන්නෙ එකම එක දෙයයි. උඹල දීල තියෙන මේ ආතල් එක උඹල තියෙනවයි කියන කොටස් පනස් අටේම එකම විදියට දීපන්. ආයෙත් අපේ අතල් කුඩු කරන්නෙ නැතිව......

සැ.යු.- ITN එකේ විනාඩි 12ක විතර ඇඩ් මැද්දෙ කතාව බලනවට වඩා ඊට පසුව යූ ටියුබයෙන් ඩව්න්ලෝඩ් කර බැලීමෙන් රස නොමරා බැලිය හැක.

Youtube එකෙන් කූඹියො මුල ඉදන් බලන්න මෙතනින් යන්න

IMBD රේටින්ග්ස් බලන්න මෙතනින් යන්න (පුළුවන්නම් වෝට් එකක් දාගෙනම වරෙන්)

-රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

55 comments:

  1. මාත් මේක ගැන අටම දාල තිබ්බ බ්ලොග් පෝස්ට් එකෙන් තමයි දැනගත්තෙ. එතකොට කොටස් හයක් හතක් වගේ තමයි ගිහිල්ල තිබ්බෙ.
    ආයෙ ඉතිං පට්ට කියන්නෙ කියල වැඩක් නෑ. මහඋල්පතය කියන්නෙ ජෙහාන්ටම හරියන ඩෑල් එකක්.

    මමත් නොවරදවාම නෙට් එකේ ඉරිදටයි සඳුදටයි කොටස් දෙක බලනව.

    ReplyDelete
    Replies
    1. මාත් දැන් ගියා ඒකට. අඩේ අටමත් Catch Me If You Can ෆිල්ම් එක ගැන කියලනෙ. මට සැකයි කූඹීයො ඩිරෙක්ටර් උන්නැහැත් මේක බැලුවද කියලා. එහෙමයි කියලා මේ දෙකෙ මෙලො සමානකමක් නෑ. අඩුමාගානෙ මුන් දෙන්නා ගේම් දෙන්නෙත් වෙනස් විදියට (ඔයිට වඩා කූඹියොන්ට සමාන ගේමර්ලා ටැමිල් ෆිල්ම් වල ඉන්නවා) Catch Me If You Can කියන ෆිල්ම් එක මිනිස්සුව පිස්සු වට්ටපු ෆිලුමක් හින්දා ඔලූවෙ තියෙනවා......

      මාත් ඔය ක්‍රමේම තමයි සදුදට කොටස් දෙකම ඩව්න්ලෝඩ් කරලා බලනවා,මොකෝ නැත්තම් ඇඩ් බැලිල්ලෙන් කතාව එපා වෙනවා.

      Delete
  2. මාත් යූටියුබ් එකෙන් තමයි බැලුවෙ. ඊයෙ තමයි 22 කොටස බැලුවෙ.ඇත්තටම ඇඩ් අස්සෙ බලනවට වඩා
    දාහකින් ලේසියි ඒක.කාලෙකින් ආව හොඳ කතාවක්.

    ReplyDelete
    Replies
    1. මමත් ගිය සුමානෙ සදුදා,අගහරුවාද කොටස් 22කම බැලුවා. ආයෙ පට්ටම බන්. ඇඩ් බැලිල්ලෙන් කතාව එපා වෙනවා. x-files වගේ ඒවා යනකොට ඇඩ් දාන්නෙ හරි අඩුවෙන්. මුනුත් ඒ ක්‍රමේට දැම්මනම් හොදයි බන් මීට වඩා....

      Delete
  3. Replies
    1. ගමෙන් නගරෙට එන අපි වගේ එවුන්ගේ හිත්වල හැන්ගුනු ෆැන්ටසි මුන් දෙන්නා ළගම තියෙනවා. අපිට උන්ගෙන් අපි කියවනකොට තමයි කූඹියො පට්ටම වෙන්නෙ.මොකද ඒ ඉන්නෙ අපි......මොකක් හරි ගේමක් එක්ක ගොඩයන්න දගලන අපි... ඒ විතරක් නෙවෙයි මන් කැමතිම උන්ගේ සැහැල්ලු ජීවිතේට. ආතල් එකේ අඩියක් ගහන්....බෝල් අතක් ගහන් ඉන්න උන්ගේ ජීවිතේ පට්ට....

      Delete
  4. කෝ ටෙරාන් ගැන මුකුත්ම කියල නෑනේ... එයත් පට්ටනේ...කූඹියෝ කියන්නෙ මමත් ආසාවෙන්ම බලන එකක්..

    ReplyDelete
    Replies
    1. ටෙරාන් විතරක් නෙවෙයි සදූ විශේෂයෙන්ම මේකෙ ඉන්න පොඩි පොඩි චරිත කරන අලූත් කොල්ලො කෙල්ලො සෙට් එකම මරු.අර ස්ටෑන්ඩ් එකේ ඉන්න ටයිමර් පවා විනාඩි දෙක තුනක කෑල්ල කොච්චර හොදට කරනවද...ටෙරාන්....ඔස්ටින් අයියා..... උන් ඔක්කොම මරු

      විශේෂයෙන් අර "චිත්ත ප්‍රවේග" සගරාව විකුණන්න සෙට් කරගත්ත වත්තෙ කොල්ලො, කෙල්ලො සෙට් එක උන්ට තමයි මන් කැමැතිම. උන් දෙන්නෙ සුපිරිම ආතල්. උන්ගෙ රගපෑම්. ඒ අලූත් මූනු ටිකටම හොද ගමනක් තියෙන්න ඕනෙ බන්. මොකද උන් රගපානවා ආයෙ ලෙසටම. උන් මාර විදියට ටෙලියෙ රිදම් එක අදුරගෙන රිදම් එකේ ලල් ඩබල්,ට්‍රිපල් වෙන්නම රගපානවා. මන් ඒ කොටස් දෙක තුන බැලුවා දහ දොලොස් පාරක්....

      Delete
  5. කූඹියො නම් තාම බැලුවෙ නෑ,,catch me if you can ආසාවෙන් බැලුවනම් white collar ටීවී සීරීස් එක බලන්න.

    ReplyDelete
    Replies
    1. එල එල බක්කරේ ඔය වගේ ඔත්තු වටිනවා......කූඹියොත් බලපන් catch me if you can එක වගේ නෙවෙයි. ඒකෙ තියෙන්නෙ වෙනස් රිදම් එකක්. ඒත් ඒක මරු....

      Delete
    2. The Black List tv series එකත් පට්ට මයින්ඩ් ගේමක්.

      හැබැයි Raymond Reddinton වගේ ගේම් කාරයෝ සිංහලට හරියන්නේ නෑ. අපේ හිත වලට වදින්නේ උයාගෙන කාල රෙදි ටික හෝදගෙන ජීවත් වෙන ගේම්කාරයො තමයි.

      කූඹියෝ කතාවේ සමහර ඉංග්‍රීසි කතාවල හෙවනැලි මට නම් පේනවා. නමුත් ඒවා නියෙමටම සිංහලට අවශෝෂණය කරලා ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා වගේ මට පෙන්නේ.

      මේ කතාව ලාංකික සිතුම් පැතුම් එක්ක හොදට synchronize කරලා තිබීමක් පේනවා.

      Delete
    3. මට එච්චර ලොකු මයින්ඩ් එකක් නැති නිසාද කොහෙද මන් පට්ට ආසයි ඔය වගේ මයින්ඩ් ගේම් දෙන ඒවට. තෑන්ක්ස් මචෝ ඔත්තුවට

      ඔව් බන් මේකෙ තියෙන්නෙ වෙනම රහක්. උබ කිව්වා වගේ synchronize කරලා තියෙනවා ආයෙත් සුපිරියටම.කිසි පලූද්දක් නැතිවෙන්නම. අන ඒ තැන හරියටම අල්ල ගත්ත කියන්නෙ. කූඹියො හරිම තැනින් පොට අල්ලගෙන තියෙනවා ආයෙත් ලෙසටම. කූඹියො බලන්න හොද නෑ Catch Me If You Can ෆිල්ම් එකේ මානසිකත්වෙන්. මොකද ඛුඹියො දෙන්නෙ වෙනම ආතල් එකක්......

      Delete
    4. ඇත්ත.

      ඒ වගේම ඔකේ ඉන්න සමහර නළුවෝ අධ්‍යක්ෂක-රචකයන් 2, සංගීතය කරපු මනුස්සය වගේ අයගේ කතා විලාසය ඇහුවම ඔය වගේ එකක් හැදෙන්න ඕනේ අමුද්‍රව්‍ය එතන තියෙන බව පේනවා. කූඹියෝ හරියට synchronize වුනේ නැත්තම් Ong-bak movie එක සිංහලෙන් ධර්ම පුත්‍ර චිත්‍රපටය වුණා වගේ දෙයක් නම් නම් චොර.

      කූඹියෝ ගැන සැහෙන කතා උනාට කතා නොවෙච්චි පැති කීපෙකුත් තියෙනවා. කූඹියෝ ගැන මොනවහරි ලියන්න ඕනේ කියල හිතාගෙන ඉන්න වෙලාවක තමයි ඔයාගේ ඉකොනොගේ අටම්ගේ එහෙම පොස්ට් දැක්කේ. සමහර විට දීර්ඝ පොස්ට් එකෙක් ලියවෙන්නත් පුළුවන්.

      කූඹියෝ කියන්නේ අපේ අවට ලෝකේ වෙනසක් කරන්න ඕනේ නම් ඒකට බැරි කමට හේතු නොකිය කරන දේ හරියට කරන්න ඕනේ කියන එකට හොද උදාහරණයක්.

      Delete
    5. ඔව් ඒක හරි බන් මේ වෙනස ඕනෙ වෙලා තිබ්බ එකක්. මන අර ඉස්සරින් කිව්ව. A.L ඉවරයි,පියවි වගේ ඒවා මේ තරම් ජනප්‍රිය උනෙ නෑ ඒත් ඒවත් හොද නිර්මාන. මේක නිකන් ලොකු නියගයක් තිබ්බ කාලෙක ආපු ගං වතුරක් වගේ එකක්. මේ ඇරපු පාර දිගේ අනිත් එවුනුත් ගියොත් හොදයි.

      ඔව් බන් මටත් තව ලියන්න ඕනෙ කරුණු ටිකක් තියෙනවා. තව කොටස් ටිකක් යන්නම දීලා එකත් ලියනවා. මේ උඹේ බොලොග් එක මොකද්ද???

      Delete
  6. ස්තූතියි ප්‍රාජේ....

    ReplyDelete
  7. manthama බලලා නෑ
    හැබැයි බැලුවෙ නෑ කියලා දුකකුත් නෑ

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක් කැමතිම දේකට තව කෙනෙක් පොඩ්ඩක්වත් කැමැති නැති එක සාමාන්‍ය දෙයක් බන්.

      Delete
  8. දෙයියනේ කියලා මං නම් යහතින් ඉන්නවා තාම. බැලුවේ නැති නිසා... පරන කොටස් ටිකක් මට හම්බුනා 17 වගේ වෙනකම්... වෙලාවක් නෑ බලන්න.. බලන්න ඕනා කොයි වෙලේ හරි...

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අතරමැදින් බලන්න එපා. මුල ඉදන්ම පිළිවෙලටම බලන්න. සමහරවිට අරුශිත් කූඹියො කයි....

      Delete
  10. මම ටෙලි නාට්‍ය බලලම නැහැ, ඉඳල හිටලා වැරදිලා බැලුවොත් මිසක්. එත් මතකයක් නැහැ. මේක හැබැයි මාරයි. කෙලින්ම ඔය ෆොක්ස් එකේ ස්කයි එකේ යන සුපිරි කතා වගේ. මම ෆඑෆ් බි එකේ පොස්ට් එකකුත් දැම්ම . ටිකක් "රේ ඩොනවන්" තාලේ එකක් කියල.

    ReplyDelete
    Replies
    1. මමත් සෑහෙන කාලෙකින් සිංහල ටෙලි නාට්‍යක් බැලුවෙ. කූබියො මාවත් කෑවා ලෙසටම. මේකෙ තියෙන්නෙ ලංකාවට ගැළපෙන නියම රිදම් එකක්...ඒකයි කූඹීයො මෙච්චර ජනප්‍රිය......

      Delete
  11. 'Catch me if you can' is one of my all time favourite.. Yet to see 'Koombiyo'.. good that you hinted.. I'll watch it once all the episodes being telecasted.. :D

    ReplyDelete
    Replies
    1. මේ බොලොග් එක දැන්මයින් පස්සෙ තමයි තේරුනේ 'Catch me if you can' ෆිල්ම් එකට මන් වගේම වහ වැටිච්ච ගොඩක් එවුන් ඉන්වයි කියලා. ඇත්තටම කූඹීයො සීරියස් එකම ඉවර වුණාම බලන එක තමයි හොදම. නැත්තම් ඉතින් සෙනසුරාදා, ඉරිදා වෙනකම් තැප තැප ඉන්න එපැයි අපි වගේ :D :D :D

      Delete
  12. කලන අලුත් නලුවෙක් නොවේ. ඔහුගෙ ඉතා දක්ශ රගපෑම් පෙර විකශය වු ගිනි අවි සහ ගිනි කෙලි, විභාග ෆඉල් වෙනි ටෙලෙඩ්‍රමාස් වලින් දෑක ගත හෑක.

    ReplyDelete
    Replies
    1. කූඹියොවල ඇක්ටින් හින්දම මන් "ගිනි අවි සහ ගිනි කෙලි" එකේ එපිසෝඩ් කීපයක් ඩව්න්ලෝඩ් කරලා බැලුවා. යකෝ මූ ඒකේ ඉන්නෙ වෙනම විදියකටනෙ. වෙනස්ම විදියකට තමයි ඒකෙ රගපාන්නෙ.
      මූ මන් හිතුවටත් වඩා පට්ට භාණ්ඩයක්නෙ බන්. මේ චරිත දෙකටම ඌ 100%ක සාධාරණයක් කරනවා. මිනිහගෙ කිසිම ආධුනික බවක් පේන්න නෑ බන්. මූ මාර විදියට රිදම් එකත් එක්ක පෑහෙනවා. දැන්ම අනාවැකි කියන්න බෑ ඒත් බන් මහෙන්ද්‍ර පෙරේරගෙන් පස්සෙ තව එකෙක් එතනට එනවා කියලා මුගේ ඇක්ටින් බැලුවම තේරෙනවා. කූඹියො ජනප්‍රිය වෙන්නම මූ ලොකුම හේතුවක්.........

      Delete
    2. ටීවි එකෙන් ඈත් වෙලා හිටපු නිසා ඔය වගේ ඒවා සෙට් එකම බලලා නෑ බන්

      Delete
  13. මාාත් බලන්න පටන් ගත්තා
    සිරාම කතාවක්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා සිරාම කතාවක්......

      Delete
  14. මට ඕක බලන්න ආසයි.. ඒත් වෙලාවක් තිබ්බෙ නෑ,, දැන් එකපාර ඩවුන්ලෝඩ් කරලම බලන්න හිත හදන් ඉවරවෙනකම්ම ඉන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බන් හොදම. එක එපිසෝඩ් එකක්වත් බලන්න එපා එහෙම උනොත් සමහරවිට උඹත් කූඹි කයි. ඒනිසා ඉවරවෙනකම්ම ඉදලා බලපන්.( යකෝ අපිත් ෆ්ලෂ්,හන්ඩ්‍රඩ් වගේ ටී.වි සීරියස් බලලා මරුම ක්‍රමේකට තමයි සීරියස් බලන්න පුරුදුවෙලා තියෙන්නෙ නේද බන්)

      Delete
  15. වෙන මොන කතාද.. සුපිරිම තමයි ඉතිං !

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා පට්ට බන්. උඹ දන්න ජිල්මාර්ට් එකක් නැද්ද ITN එක හැක් කරලා. ඉතිරි එපිසෝඩ් ටික ඉක්මණට ලීක් කරගන්න...,,,,

      Delete
  16. අර කිව්ව වගේ මං ඉන්නෙ මේක ඉවර වෙනකං. ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන එකපාර බලන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ටිප් එක....... :D :D :D

      Delete
  17. ඇත්තටම කූඹීයො ඔය කියන තරන් පට්ට...නම් මමත් බලනවා.රෝමා

    ReplyDelete
  18. ඇත්තටම කූඹීයො ඔය කියන තරන් පට්ට...නම් මමත් බලනවා.රෝමා

    ReplyDelete
  19. ඇත්තටම කූඹීයො ඔය කියන තරන් පට්ට...නම් මමත් බලනවා.රෝමා

    ReplyDelete
  20. ඇත්තටම කූඹීයො ඔය කියන තරන් පට්ට...නම් මමත් බලනවා.රෝමා

    ReplyDelete
    Replies
    1. බලන්ඩ බලන්ඩ ආයෙ සිරාම ඈ.........

      Delete
  21. කුඹියෝ වගේම මේකත් රහයි රස්

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉස්තූතියි ඉතිම්.........

      Delete
  22. Kalana ge acting maru VIBHAGA FAIL eketh....

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් කූබියො හින්දම ගිහින් බැලුවා. එකෙ රගපෑම කරට ගන්නෙ නැතිව මාර සැහැල්ලුවෙන් ඌ උගෙ වගකීම චරිතයට ඉටුකරනවා

      Delete
  23. මේක රූපවාහිනියෙන් රිජෙක්ට් කළා කියනවානේ හොරෙක්ව ප්‍රමෝට් කරනවා කියලා. ඔන්න ඔය වගේ හිතන මිනිස්සු තමයි ඒවායේ ඉන්නේ. ඇමරිකාවේ එහෙම හිතුවා නම් ‘කැච් මී ඉෆ් යූ කැන්‘ කරන්න දෙන එකක නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද.....කොහොම උනත් රූපවාහිනියත් හොර ගුහාවක්නෙ උන් අකමැති ඇති තව එකෙක් ප්‍රමෝට් වෙනවට

      Delete
  24. පට්ටම කතාව... තව නැද්ද බාපුවා

    ReplyDelete
  25. ජෙහාන් : මට බෑ බං ඒ කෙල්ලට බොරු කරන්න .

    ටිරාන් :

    මට අය්යා කියන එක තේරෙනවා

    ෂික් ....... හ්ම්ම් ...

    ඇයි අය්යේ ,

    ඒ කෙල්ල අපි ගැන හිතං ඉන්න විදියටම අපිට ඇත්තටම ඉන්න තිබ්බනම් මාරු නේද අය්යේ .

    අය්යා ඇත්තටම පොඩි කම්පැනි එකක අයිතිකාරයෙක් වෙලා , මමත් ඇත්තටම අය්යාගේ කසින් බ්‍රදර් කෙනෙක් වෙලා , බැංකුවේ වැදගත් රස්සාවක් කරලා ඒ කෙල්ල හිතාගෙන උන්නු විදියට උනා නම් මාරු නේද අය්යේ .

    ReplyDelete