අසුරු සැනකින් ජීවිතය හලන
චුබ්බනයකට ඇහැකිද පියාඹන්න
හෙට වේදිකාවේ සුන්බුන්ව විසිරෙන
අද මා දකිමි ඒ සුන්දර බියගුළු සිහින
සීසර්ට අයිති නුබ ඇතිරිල්ලක
දකිමින සරා සිහින මා සමග
ඇවිදින් සීරුවෙන් හෙමි හෙමින් බෲටස් නුඹ ළගට
බෲටස් උඹ පිහියෙන් ඇන්නේ සීසර්ට නොව මගේ පපු කුහරයට
ලේ නොව එන්නේ කදුලකි සතුටකි
අද බොද වෙන පෙම් සිහින හෙට
වෙනෙකක් ලග සතොසිනි කදුලකි
නුඹ යයි වෙනෙකෙකු එයි මා ලොවට
මා ලොව කිරුළු පලන් එකම කුමරා මමය
තවකෙකු විත් සියුම් පිරිමදියි ඒ මොහොත
දුක නැත පිහි ඇනුමට රිදුම් නැත හදවත
රිදුම් දෙන හදවතින් ලියන මම
-රෝමාන්තික රස්තියාදුකාරයා-
Showing posts with label එදිනෙදා ජීවිතයේ සමහර තැන්. Show all posts
Showing posts with label එදිනෙදා ජීවිතයේ සමහර තැන්. Show all posts
27 September 2017
10 August 2017
රස්තියාදුකාරයගෙ බොලොග් එකට අවුරුද්දයි ( ඉතින් පෝලිමේ වරෙල්ලා කේක් කන්න)
හරියට අද දවසට මන් බොලොග් ලියන්න අරන් අවුරුද්දයි. ගිය අවුරුද්දෙ හරියටම අගෝස්තු මාසෙ මේ වගේ දවසකට ඒ කියන්නෙ අගෝස්තු දහයට දවස් දෙක තුනකට කලින් මන් බොලොග් එකක් ගැන මොකුත්ම දන්නෙ නෑ. අඩුම ගානෙ මට ගෑවිච්ච එකෙක් වත් දන්නෙ නෑ.
ඉතින් කොහොමින් කොහොම හරි දන්නෙම නැතිව අවුරුද්දකුත් ගිහින්. අවුරුද්දක කාලයක් පුරා බොලොග් ලොව තුළ සිටීමට හැකි වීමත් ලොකු සතුටක්. කොහෙන්ද පටන් ගන්න ඕනෙ කියලා තේරෙන්නෙ නෑ. ඒත් මගේ මේ බොලොග් එක අටවා ගැනීමේදි ඉදලා මේ වෙනකම් මට උදව් කරපු කීපදෙනෙක්ට ස්තූති කරන්නත් එක්ක අවුරුද්දක් සා විශාලා වූ යැයි හිතුවට එච්චර විසාල නැති මේ ගමන පිළිබද සිංහයෙක් වගේ ගැම්මට සිංහාවලෝකනයක යෙදෙන්නයි මේ සුදානම.
ඉතින් මේ අවුරුද්දක් වගේ කාලයකදි ලැබුනූ දේවල් බොහොමයි. විශේෂයෙන්ම කෙටි කතා,කාලීන හා දේශපාලනික,රස්තියාදුගහන කවි,අතීත මතක,එදිනෙදා ජීවිතයේ සමහර තැන්,ප්‍රහසන,ලේබල් නැති කතා වගේ එකිනෙකට වෙනස් විෂයන් 7 කින් බොලොග් ලිපි 39 ක් ලියන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් ඒක එච්චර ලොකු ගානක් නොවුනත් මාසෙකට ලිපි දෙක තුනක් එදා ඉදන් අද වෙනකම් නොකඩවා දාන්න පුළුවන්වුණු එක ලොකු සතුටක්. ලිපි 39කට ලැබිලා තියෙන හිට්ස් ඉහටත් උඩින් වීමත් තව සතුටක්.
ඒ වගේම. "නෙළුම යාය" සම්මාන උළෙලේ සම්මානයක් ලැබීමත් මේ බොලොග් ලියවිල්ලෙ අග්‍ර ඵලයක්. "බොලොග් වසන්තය" සම්මාන උළෙලේ ජනප්‍රියම ලිපි තෝරපු ඉසව්වෙන් 13 වෙනි තැනට වෙනකම් එන්න පූළුවන් වුණු එකත් වටින මතකයක්. ඉතින් මන් දැන් ලැහැස්ති වෙන්නෙ. එතෙක් මෙතෙක් මගේ බොලොග් කෙරුවාවට සහය වුණු කීප දෙනෙක්ට ස්තූති කරන්න.
16 June 2017
බොලොග් කියවන්නියක් එක්ක කතා බහක්
සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතේ හුගක් හුස්ම ගන්න සිත් ගත් චරිත හබ්බෙන්නෙ අහම්බෙන්. ඒ හන්දියේ කඩේ ගාව, පේමන්ට් එහෙක,පෙට්ටි කඩේක, ක්ලාස් එකේ අනිත් පුටුවේ, බස් එහෙක, දූවිලි පිරුණු පාරක, බාර් එහෙක, පබ් එහෙක, ඊට හාත්පසින්ම වෙනස් උත්සවයක, පෙට්ටි කඩයක,ෆුඩ් කෝඩ් එහෙක...තැනක් නොතැනක් නැතිව සිත්ගත් මිනිස්සු හා අපූරු කියවීමක් තියෙන මිනිස්සු මුණ ගැහෙනවා. කොටින්ම කිව්වොත් අම්මයි තාත්තයි නෑදෑයො ටිකයි,ගමේ එවුනුයි ඇර අනිත් හැමෝම හම්බෙන්නෙ අහම්බයක් විදියට.
ඒත් සයිබර් පියස තුලත් එවන් සොදුරු එවුන් හා අපූරු දොඩමළුවකට තෝතැන්නක් කියලා රස්තියාදුකාරයාට ඉකුත් දවසක තේරුණා. රස්තියාදුකාරයා වටේ සිටින්නෙ බොහොමයක් ගතානුගතික මුත් හොද මිනිසුන්. ඒත් රස්තියාදුකාරයා කුඩා කාලයේ ඉතා දැඩිව පිළිගත් ගතානුගතික අදහස් වලට ප්‍රබල විරුද්ද අදහස් සාමාන්‍ය පෙල අවධිය වෙනකොට තමන් විසින්ම ප්‍රශ්ණ කරන්නක් බවට පත්වුනා.
උදාහරණයක් විදියට සචින් තෙන්ඩුල්කාර් ශතකයක් ලබාගත්තයින් පසු ඉර දෙස බලා අචාර කරන ආකාරය, ජයසූරිය පන්දුවට පහරදිමට පෙර නිතර කරන අභින...... වගේ දේවල්... ඒත් මෙවන් කෙම් ක්‍රම තුළින් කුඩා මටත් සෑහෙන දේවල් සාර්ථක වුනා. අපේ ක්‍රිකට් භාර ආචාරතුමත් ඒම දෑ අනුමත කිරීම තවත් රුකුලක් වූණා.
ඒ කෙසේදයත් ඉතා හොදින් ක්‍රීඩා කරමින් සිටි යහළුවෙක් කඩුල්ල සිටුවා ගැනීමට පිත්ත පන්දු යවන්නන්ගේ පිලේ අයෙකුට ලබා දුන්නා. ඉන්පසු බෝල තුනක් යාමට පෙර ඔහු දැවී ගියා. ඉන්පසු ක්‍රීඩාගාරයට පැමිණි ඔහුට ගුරුතුමා දැඩිව අවවාද කරා. මන්දත් ඔහුගේ පිත්තෙන් වාසනාව අනෙකාට සම්ප්‍රේශණය වී තිබීම දැවී යාමට හේතු වී තිබුණා.
24 May 2017
අපේ දන්සැල
දැන් එතකොට දන්සැලට දෙන්නෙ මොනවද අපේ අන්තර් වෙසක් බෞද්ද මහා සංවිධානය සකච්චා කරා. ඉන්පසුව සියල්ලෝගේම ඒකමතික ජන්දයෙන් සහ දෙතුන් දෙනෙකුගේ දැඩි විරෝධය හමුවේ. අතිසය පජාතන්ත්‍රවාදී විදියට නුඩ්ල්ස්,පාප්පු සහ සීනි සම්බල් දෙන්න තීරණය කෙරුනා. මුල් සාකජ්ජා වටේදිම නුඩ්ලස් වලට අපේ හිතවත් සාමාජික ගම්සභාවේ මන්ත්‍රී තැම්පත් අවන්ත සහෝදරයාගේ සම්පූර්ණ අනුග්‍රහය ලැබුණා.
ඒ වගේම සම්බල් වලටත් සමාජික පහුලකින් සම්පූර්ණ බරපැන ලැබුණා, පහුලකින් ලැබුනැයි කිව්වට ඕක නිකන් පහුල් සංවිධානයක් වගේ එකක් මොකද ඔය පහුලේ ඉන්න සහෝදර සහෝදරියො හතරපස් දෙනයි, වද පුංචි අම්මගේ ඉස්සර ගෙදර එකයි පස්සෙ ගෙදර එකයි දෙපැත්තෙ ගෙවල් වල එවුනුයි සේරොම ඔය සම්බල් භාරගත්ත පහුලට අයත්. ඉන්පස්සෙ අන්තිමට පාප්පු වලටත් එක දෙන්නා කිලෝ හතර පහ සමාදර සමඅනුග්රහය දුන්නා.
05 April 2017
විකසිත වුනු නෙළුම යාය සම්මාන උළෙලේ මගේ රස්තියාදුව
දැමිය යුතුම නෙළුම් යාය බොලොග් සම්මාන උළෙල ගැන පෝස්ට් එකක් දාන්න පරක්කු වුණේ මග හරින්න බැරි වැඩ ගොඩක් පහුගිය දවස් ටිකේම යෙදිලා තිබ්බ නිසා. මේ සම්මාන උළෙල මට අතිශය විශේෂ වන්නෙ සම්මානයක් හම්බුණු නිසාමත්ම නෙවෙයි හැංගි හොරා පෝස්ට් දාන බොලොග් කරුවන් විශාල පිරිසක් දැක ගන්න වගේම කතා බහ කරන්නත් හම්බුනේ එදා නිසා. හුග දෙනෙක් මේ ගැන පෝස්ට් දැම්මත් මමත් දාන්නෙ මගේ මුල්ම බොලොග් කරුවන් හා වූ හමුවීම මෙය නිසා සහ මෙම හමුවීම මට ගොඩක් විශේෂිත වූ නිසා.
දියවන්නාවේ පිහිටි "වෝටර්ස් ඒජ්" හෝටලය යන්තමට තුනට පහක් විතර තියෙද්දි ගොඩවුනා හම්මෙ බලන්න එපැයි සිරියාව පුදුමාකාර උත්කර්ෂවත් විදියට සරසලා. ඇතුල් වෙනකොටම වේටර් ළමයා දුන්නා බොර පාට වෙච්චි බීම එකත් අතේ තියාගෙන පිටි පස්සෙම පේලියට වෙලා බැලුවා ඇන්ටනාව කරකවලා ඒත් ඉතින් එහෙම බැලුවා කියලා දන්නවයි එකෙක් වත්. අහළ පහළ හිටපු දෙතුන් දෙනෙකුනුත් ඇහුවත් උනුත් බොලොග් ලියන උන් නෙවෙයි.
ආන්න එතකොට දැක්කා ගල් තොප්පියක් දාලා ෆේස් බුක් එකේ ඉන්න හුරුපුරුදු කෙනෙක් ඒ කව්රුත් නෙවෙයි මෙය සංවිධානයේදි ලොකු වැඩ කොටසක් කරපු කල්‍යාණ මිත්‍ර. ඔන්න ගිහින් කතා කරයි කියමුකෝ මන් මුලින්ම ඇහුවේ අපේ කවි ලියන දුමී ආවද කියලා. ඒත් දුමී ඒ වෙලාවෙ නොහිටපු නිසා මන් ගිහිල්ලා ආයෙත් ඈදි ගත්තා.
27 March 2017
භීතියෙන් ලියමි
මේ පෝස්ට් ලියන්නෙ ටිකක් හදිස්සියේ ඒත් විසි පහ විකසිත වුණු නෙළුම් යායේ හමුවුනු සුන්දර බොලොග් කරුවන්ගෙ ඉදලා අෆ්ටර් පාටියෙදි දෙල් වෙන්න සළු වෙලා ගෙදර ගියපු ගමන වෙනකම් කියන්න හුගක් දේවල් තියෙනවා හැබැයි මන් මේ ලබන ඉරිදා හවස වෙනකම් ඉන්නෙ පොඩි භීතිකාවක. ඒ නිසා එකි නොකී හැම දෙයක්ම කියන්න වෙන්නෙ ලබන සතියේ දාන පෝස්ට් එකකින්.
ඒ වගේම ලබන සතියෙදි සදවතිගේ වික්ටර් ගී දහයේ අභියෝගය, ඒ වගේම නොලියන්න හිටපු ඒත් ක්මෙන්ට් කරලා මැසේජ් කරලා දාන්නයි කියපු "කණ්ණාඩි දාපු ලස්සන ගෑනූ ළමයගේ" පෝස්ට් එකේ දෙවැනි කොටසත් ඊළග සතියෙදි දානව කියලා පොරොන්දු වෙනවා.
මගේ බොලොග් එක ගොඩ දාගැනීමෙ ඉදලා මේ වෙනකම් ලොකු සප් එකක් දුන්නු, දෙන අටම් අයියා හමු නොවීමනම් පට්ට දුකක්.ඒ වගේම මාතලනුත් හිටියනම් වටිනවා. කෝම උනත් ඔක්කොම ගැන ඊළග සතියෙ ලියන්නම්. මොකද මන් ඉන්නෙ භීතිකාවක.කෝම උනත් ඊළග සතිය වෙනකම් මට පිළිවෙලකට බොලොගක් බලන්නවත් වෙලාවක් හම්බෙන එකක් නෑ. එදා හම්බුනූ කතා බස් කරපු, නොකරපු හැමෝටම ස්තූතියි.
සැ.යු.
විකසිත වූ සුන්දර නෙළුම් යායේ පුල් විස්තරේ ලබන සතියේ
29 December 2016
බඹර පදම,බලු පදම සහ කබර පදම
චරක අයියා තම බිරින් දැ සමග දෙසැම්බර් පාසල් නිවාඩුවට බිරුන්දැගෙ ගමේ යන අතර චරක අයියා ද දවස් දෙක තුනක් නැවැතී නැවතත් ගෙදර පැමිණෙන්නේ රැකියාව සදහා යාමටය. එහෙත් සත්‍ය ලෙසම ඒ දවස් ටික අපිට රජ මගුල්ය. මන්දයත් උන්දැගෙ බිරින්දැ ගෙදර නොමැති දෙසැම්බර් මාසය නම් අපේ වාර්ෂික මහා මෙව්වා එකය. අපේ හතර ගම් තුලානක නත්තලක් නැතත්. අපිද යමරෙට සැමරෙන්නෙ මේ කාලයේය. චරක අයියාගේ ගෙදරම සැමැරීමට විශේෂ හේතු කීපයක් ඇත.
1. එය පිහිටන්නේ ගමේ ගෙවල් දොරවල් අඩු ප්රදේශයකය
2. නිවස පිහිටන්නෙ ගස් කොලන් වලින් පිරුණු වත්තක හුදෙකලාවය
3. ඉහත කරුණු දෙක නිසා නන්දන අයියාගේ dj සංගීතය කන පැලෙන්න ලබා ගත හැක.
4.පසුදා එය පිරිසිදු කළ පසු බිරින්දැගේ ඉවට හව්වෙනවා බොරුය
අවුරුද්දක් තිස්සෙ හීනියට දෙක තුනක් සළු වී ගෙදර එන විට පූස් පැටියෙකු සේ ඒමට බොහෝ උන් පුරුදු වන්නෙ ගෘහස්ත සාමය ආරක්ෂා කරගැනීමටය. එහෙත් මෙදා නම් එව්වාට සීමා නැත. ඈත එපිට මිතුරෙකුගේ ගෙදර බනකටට පිරිතකට කියා ගමේම ඇති චරක අයියලෑ ගෙදරට රින්ගන්නේ නිල බොක්කෙ ඇති එව්වත් වමනෙට එනකන් බී අවුරුද්දක ඇරියස් කවර් කිරීමටය.
භාර්යාවන් මත් වූ වතුරට අමූ කෑ යකින්නන් ලෙස හැසිරෙන්නෙ ඇයි දැයි ඔබ සිතනවා ඇත. උදාහරණයකට චරක අයියාම ගතහොත් ඔහු දියවැඩියාවේ උපරිම පරිසාදිත මට්ටමේ සිටින තර පුද්ගලයෙකි. ඒ කෙතරම් ද යත් රහමෙර පාවිච්චියෙන් පසු දිනම අංග ජාතකය පවා පට්ට යන තරමට වැඩේ අවුල් වී ගොසිනි. තත්වය එසේ වුවත් එව්වා අපිට වැඩක් නැත ඉන්නා ටික කාලේ කති බොති ප්‍රීති වෙති. වැඩිම උනොත් මැරෙති.
හැමදාම වගේ එදත් අපේ ප්‍රීති කාලයේ ආරම්භය විය.පුදුමාකාර නිදහසක් සහ ප්‍රීතියක් මුසු වූ හැගීම් වලට ගල් වීදුරුවක් මික්ස් වූ කල දැනෙන ආතල් එක ලිවිය නොහැක බීලාම ගත යුතුය. හැමදාමත් වගේ අපේ සාමාජික නන්දන අයියාගේ dj සංගීතයට අපි බඹර පදෙමෙදි ගීත ගායනා කරයි.එනම් ට්‍රැක් එක වෙනම යන අතර අපේ හදවතේ මුල්ලෙම තියෙන විරහව,අසම්මතය,සම්මතය,බැදීම,ආදරය ගීතයට නැගෙන්නෙ බොක්කෙන්මය.
23 December 2016
යාල පිස්සුව - Yala national park
ඉකුත් සතියේ දවස් හතරක පුල් මාවලස් නිවාඩුවක් එළඹියෙන් එම දවස් හතර ඉතාමත් සොමිබර ලෙස ගත කිරීමට ඉස්කෝලෙ එකට හිටපු උන් ටික ගජරාමෙට බුකියේ අටවාගත් ගෲපයේ සියළු සංවිධාන කටයුතු ඉටුකර තිබුණී. පොදු මතය වූයේ කතරගම යාම හැම එකාම සුට්ටං බට්ටිත්තාගේ කාලේ සිට තිත්ත වෙනකම්ම කර ඇති බැවින් මෙදා පාර බුත්තල ප්‍රදේශයේ ඇති සිද්ධස්ථාන වැද පුදා ගැනීමට යාමටය. යන එන තැන කාටවත් වැදගත් නොවුයේ අපේ එවුන්ගේ මුලික පරම පිවිතුරු අරමුණ වුයේ බෝතල් කැඩීම නිසාය. එසේනම් මේසේ වන වගය.
"යනකොට බොන්න ඕන බෝතල් ගන්න හැටි"
"දවල්ට කාලා නාන ගමන් බොන්න හොද පොට් එකක්"
"රෑට බාබකිව් එකක් එක්ක රෑ එළිවෙනකම් හොද බජ්ව්වක් දාන්න හොද කේස් දාන්නෙ නැති රෙස්ට් හවුස් එකක්"
"පස්සෙන්දා නවත්තගෙන උයාගෙන කාලා බොන ගමන් පොඩි ආතල් එකක් ගන්න පුළුවන් වැවක්"
තත්වය එසේ වුවද අපි යාමට නියමිත ගමන පිළිබද මගේ ගමේ යාලූවෙකු හා නිකමට පැවසූ මොහොතෙදී ඔහු කීවේ යාල පැත්තෙ යනවනම් තෙල් ගාසාගෙන යාමට සෆාරි රථයක් සුදානම් කර දිය හැකි බවය. රස්තියාදුකාරයාද යාල කිසිදා නොගිය තැනක් බැවින් ද අනෙකුන්ගෙන් විමසා මුල් දින බුත්තල සහ දෙවන දින යාලට ගමන ස්ථිර කරගන්නා ලදී.
පසු දා උදෙන්ම ගමන ඇරඹීය. බොන ඒවා සර්වියට් පේපරේ සිට තිතටම ප්ලෑන් කොට තිබුණද. උදේට කෑමට ප්ලාස්ටික් පිගන් සෙවීමට මුළු ඇඹීලිපිටි නගරයම පීරන්න විය. එව්වා පාසලේ බන්ටි ටොපිය කා ගල් අරක්කු වලට ඇල් වතුර සැන්ඩි කර බීපු අපේ එවුන්ගේ සංවිධාන හැකියාව ගැන තවත් සොදුරු මතකයන්ය.
02 December 2016
සොමිබර උදෑසනක රේල්ලුවේ කාලකණ්නි ගැන ලියමි
"අඩේ හෙට ස්ට්‍රයික් එකක්ලු නේ බන්"
"ඔව් බන් කෝච්චි,බස්,ස්කූල් බස්, ත්‍රීවීල්.... ඔක්කොම ලග නවලා ස්ට්‍රයික්ලු"
ඒ අතරතුර මැදින් පැනපු ඇන්ටන් මාමා
"නැතුව නැතුව මෙහෙම කරල මදියි මුන් මේ ගහන බදු වලට,හුස්ම ගන්නවටත් බදු ගහනවා මේ කාළකණ්ණි තව ටික දවසකින්"
ඔය ඔහොම කිව්වට මහින්ද මාමා මොන බද්දක් ගැහුවත් ඇන්ටන් මාමා සොවින් නොතැවී පස්සා දොරින්ම ගොස් ගෙවනවා ෂුවර්ය,පසුගියදා උන්දැගේ හාමිනේ ගේ මල බද්දයට ද උන්දැ දොස් පැවැරුවේ සූර සරදියෙල් මෙන් පෝසතුන්ගෙන් බදු ගසා දුප්පතුන්ට දෙන ඒ අහිංසක රවී මාමාටය.
"අනේ පලයන් යන්න බන් මාමේ යන්න........පට්ට නේ බන් එතකොට අපිට වැඩට එන්න එකක් නෑ කොටින්ම කිව්වොත් අපිට ෆුල් නිවාඩුවක්"
"ඇයි උඹලට නයි පයි කරගන්න වයි ෆයි දුන්නනේ" නැවතත් ඒ උන්දෑය,
උන්දැට තියෙන්නෙ බෙහෙත් දී හොද කළ නොහැකි වමේ අමාරුවක් බව කව්රුන් හෝ කීවා මතකය. වමේ ඇති මොකේද කියලනම් දන්නෙ නැත.උන්දැගේ සුව නොවන අසනීපය පිළිබද ශෝක බරිතව නැවතත් අපි කතාවේ යෙදුණාය
28 November 2016
මගේ පිලොසොෆිය
මතකද අර මන් "සුභ උපන්දිනයක් සහෘදයා" කියලා බ්ලොග් එකක් ලිව්වෙ මිත්රයෙකුට. ඕන දැන් මිනිහා බ්ලොග් එකක් පටන් අරන් "මගේ පිලොසොෆිය" කියලා.
කොල්ලු පිටියේ රෙස්පා එකේ අපි දෙතුන් දෙනා බෝතල් හිස් කරමින් කතා කරපු ඒ යටගියාව. විදේශයක ජීවත් උනත් සයිබර් අවකාශයේ බ්ලොග් පිටු අතර දිග හරින්නයි මේ ඔහු සුදානම් වෙන්නෙ. වචනයෙන් පරිසමාප්තයෙන්ම ස්මාට් මනුස්සයෙකු වෙච්චි ඔහුගෙන් ජීවිතය ගැන වුණත් මන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි. යාළුවෙකුට එහා ගිය වචනයෙන් පරිසමාප්තයෙන්ම ඔහුගේ වචනයෙන්ම කියනවනම් "දෙකකුස උපන් සහෝදරයෙක්" තමයි ඔහු.
සුභ පැතුම් සහෘදයා.....දිගටම ලියහන්.... වයිෆරේට බොලොග් එක ගැන නොකියහන්..... පුළුවන් පුළුවන් කට්ටිය ගිහිල්ලා එන්න මේ උගේ පිලොසොෆිය.මේ යට තියෙන ලින්කුව ඔබලා යන්න.....
-රෝමාන්තික රස්තියාදුකාරයා-
15 November 2016
මගේ හයිකු ව
රන් ගෑ පහනක
වටේ නටති
කවියද? ඔව් තේරුමක් නෑ. තේරුමක් නැති ජීවිතේකින් තේරුමක් ඇති දෙයක් කියවෙන්න බෑනෙ. ඔව් මන් දැක්කා මේරු රෑනක් රන් ගෑ පහනක වටේ දුවනවා මත් වෙලා වෙන්න ඇති එළියට. කව්ද කිව්වෙ උඹලට උන් පිච්චෙනවා කියලා. උන් පිච්චෙන් නෑ වටේ දුවලා මහන්සි වෙලා හති දමාවි එච්චරයි. පිච්චුණු තටු අළු වෙලත් ඉවරයි.ඉතින් මොනවද උන්ගෙ පිච්චෙන්න තියෙන්නෙ.
කියවන්න උත්සහ කරපන් උන්ගෙ ජීවිතෙත්, කියවන්න බැරි නම් අඩුම ගානේ ඒ වෙලාව වෙන් කරගනින් උබේ ජීවිතේ කියවන්න, අනුන්ගේ නිරුවත හොයන්න ඉස්සෙල්ලා දැනගනින් උඹේ නිරුවත ඊටත් වඩා අපුලයි කියලා
උන්ගේ කතාව වැඩක් නෑ කෙල්ලෙ උඹ පරිස්සමින් ඉදහන්. මන් දන්නවා උබේ පරිස්සම් කරන්න දෙයක් නෑ කියලා.ඒත් පරිස්සමින් ඉදපන්. ඔය ආදරේ,මුදු , මාල, සීත රීයෙ සුවපහසුව උබ ගැන හිතලම නෙවෙයි, මොකක්? ඔව් උන්ට සල්ලි වලට උබටත් වඩා හොද එවුන් ගතෑකි තමයි ඒත් තේරුම් ගනින් මිනිස්සු කැමතියි සල්ලි මිශ්‍ර නැති ආදරේ සල්ලි වලට ගන්න.නෑ ඇත්තටම ආදරේ නෙවෙයි උබේ ඇග. කවියද? ආ ඒකෙ තේරුමක් තියෙනවා. තේරෙන් නැද්ද.? තේරුම් යන විදියට කියන්නද?
26 October 2016
බාලිකා ළමා නිවාසේ කාලගෝට්ටිය
පහුගිය දවසක මමයි තව යාලුවෝ දෙන්නෙකුයි හැන්දෑයාමේ වෙරළට ගියේ ඒ සිසිල් මද නල විදිමින් පොඩි කතාවක් දාන්න.කොහොමත් සෙනසුරාදට, ඉරිදට හැමදාමත් වගේ හවස් වෙනකොට ඒ පැත්තට ඇදෙන්නෙ නොදැනුවත්වම වගේ.හරියට නිකන් මලට ඇදෙන
ඒ අතර අපි කතා කරේ ඔහුන්ට හැම සැප සම්පතම තිබුනත් "ඔහුන්ගේ ජීවිතයේ ඔහුන් වෙනමම කොටසක් ලෙස ඔහුන් තනි වෙලාය" යන සිතුවිල්ල තුළ ඔවුන් ජීවත් වෙනවා කියලා. මොකද ඔහුන් හැමදෙනාම ආවෙ මන් ගියපු පාසලටමයි. මගෙ පන්තියෙත් කිහිප දෙනෙක්ම හිට්යත් ඔහුන් සමාජශීලී වෙන්නෙ අතිශයින්ම දුර්වල විදියට උදාහරණයක් විදියට පොඩි කාලේ ඉස්කෝලෙදි හැම කොල්ලම කෙල්ලම ගෙදරින් හොරෙන් ගෙනැල්ලා හරි ඉල්ලා ගෙන ඇවිල්ලා හරි රුපියල් පහට දහයට වෙරළු, සියඹලා, අයිස් චොක් වගේ ඒවා කනවා
ඒත් ළමා නිවාසේ ඉන්න ළමයින්ට කවදාවත් එහෙම කරන්න සල්ලි පාලිකාවන් ඒ ළමයිගෙම අතට නොදුන්නේ ඒ ළමයිගෙම යහපත ගැන හිතලා උනත් ඔහුන්ට ජීවිතයේ ඒ තැන් තදින් දැනෙන්න ඇති.අනිත් හැම ළමයම එක වගේ බවත් ඒත් තමන් වෙනස් පිරිසකට අයත් බවත් හැගෙන්න ඇති. ඒ නිසා අපි දෙයක් දුන්නත් ගන්නෙ නෑ.ටික කාලයක් යද්දි මට හොදටම තේරුණා ඔහුන්ට අනුකම්පාව දක්වනවට ඒ ගෑණු ලමයි පොඩ්ඩක්වත් කැමැති නැති විත්තිය.
ශෝකයෙන් සලිතවෙලා සංවේදි බවෙන් අන්ධ වෙලා ඉන්න මොහොතේ මාත් මගේ මහපරිමාණ සිතිවිලි වදන් කරලා දිග හරිනවා.
Subscribe to:
Posts (Atom)











