24 May 2017

අපේ දන්සැල

                                                     
           
                         වෙසක් මාසෙ කියන්නෙත් පුල් මාවලස් කාලයක්.විසේසයෙන් අප ගම්මැද්දෑවෙ සාමාන්‍යයෙන් වෙසක් වලට වඩා උත්කර්ශ්වත් සහ අලංකාර පොසොන් එක. ඒත් ඉතින් ඒ කොහොම වෙතත් අනාදිමත් කාලෙක ඉදන් අපිත් වෙසක් සද නැග ගෙන එන අල්ලපනල්ලෙ ලක ලෑස්ති වෙන්නෙ අනාදිමත් කාලෙක ඉදන් අඛන්ඩව අපි සැට් එක සිදුකරන සුමධුර ධර්ම දේසනාව සහ මහා දන්සැලෙහි වැඩ කටයුතු ඉෂ්ඨ සිද්ධ කරන්න. මේ පාර අපි තීරණය කරේ ආරණ්‍යවාසී හාමුදුරුවො කෙනෙක් ගෙනැල්ලා වෙනස් විදියේ ධම්ම දේශණාවක් කරන්න. කාගෙත් වැඩි මනාපෙන් හැමදාමත් වගේ ගල්දූව ආරණ්‍යයේ ලග්ගල කල්‍යානවංශ නැමැති හිමි නමකට ආරාධනා කෙරුනා.
                                                                      දැන් එතකොට දන්සැලට දෙන්නෙ මොනවද අපේ අන්තර් වෙසක් බෞද්ද මහා සංවිධානය සකච්චා කරා. ඉන්පසුව සියල්ලෝගේම ඒකමතික ජන්දයෙන් සහ දෙතුන් දෙනෙකුගේ දැඩි විරෝධය හමුවේ. අතිසය පජාතන්ත්‍රවාදී විදියට නුඩ්ල්ස්,පාප්පු සහ සීනි සම්බල් දෙන්න තීරණය කෙරුනා. මුල් සාකජ්ජා වටේදිම නුඩ්ලස් වලට අපේ හිතවත් සාමාජික ගම්සභාවේ මන්ත්‍රී තැම්පත් අවන්ත සහෝදරයාගේ සම්පූර්ණ අනුග්‍රහය ලැබුණා.
                                                                    ඒ වගේම සම්බල් වලටත් සමාජික පහුලකින් සම්පූර්ණ බරපැන ලැබුණා,  පහුලකින් ලැබුනැයි කිව්වට ඕක නිකන් පහුල් සංවිධානයක් වගේ එකක් මොකද ඔය පහුලේ ඉන්න සහෝදර සහෝදරියො හතරපස් දෙනයි, වද පුංචි අම්මගේ ඉස්සර ගෙදර එකයි පස්සෙ ගෙදර එකයි දෙපැත්තෙ ගෙවල් වල එවුනුයි සේරොම ඔය සම්බල් භාරගත්ත පහුලට අයත්. ඉන්පස්සෙ අන්තිමට පාප්පු වලටත් එක දෙන්නා කිලෝ හතර පහ සමාදර  සමඅනුග්‍රහය දුන්නා.

                                       දැන් ඉතින් කිසි කතාවක් නෑ වැඩේ හිතේ හැටියට කරන්නයි තියෙන්නෙ මයි කාර් මයි පැට්‍රල්. මොකද සමාජික සමාජිකාවොන්ගෙන් විතරයි බරපැන. ඒත් ඉතින් ඊට අමතරව එලවළු කඩේ සෝමෙ මාමා. පුල් ඩිස්කවුන්ට් එකක් දුන්නා. ආයෙ මිනිහටත් පාඩුයිද කොහෙද. ඒ ගානත් ගත්තෙ අපේ බල කිරීමට. ඒත් ඉතින් ආයෙ බොරු මොකැ. අපි මෑන්ස් ගාවට ගිහින් බලකරලා සල්ලි ගන්න කිව්වට ඔය ඩිස්කවුන්ට් එක ගියපාර වගේම මේ පාරත් සැටමෝල් වෙනවා කියලා දැන දැනමයි ගියේ. අඩුවට බඩු ටික ගන්න. ආයෙ ඉතින් පිනක් කරනකොට තනියම කරන්නත් බෑනෙ.........
                                                    පළතුරු කඩේ සුද්දා අයියයි තව හතර පස් දෙනෙකුයි වැඩේ ආරන්චි වෙලා ගෙදරටම තකහනියේ ඇවිත් සල්ලි එහෙම දුන්නත්. පස්සෙ පින් සෙන්ඩු වුනූ හින්දම ද්‍රව්‍යම අධාර විදියට එව්වා හරවලා භාර ගත්තා. අන්න එහෙමැයි අපේ ව්‍යාපාරික ප්‍රජාව. ඒ කස්ටියගේ බිස්නස් ප්ලේස් තියෙන්නෙ අපේ බුදුපීලිමේ සෙන්ටර් කරන් නිසා බිස්නස් ප්‍රජාවත් සෑහෙන සන්තෝසයි මෙහෙම දෙයක් අපේ බෞද්ධ ඒකකය ඉෂ්ඨ සිද්ධ කරනවට.
                    වැඩේ පටන් ගත්තට මොකද ඉතින් යකා බැදගත්තා වගේ තමයි. හැබැයි ඉතින් ෆුල් සීනියර් සෙට් එකක් ඉන්න නිසා කිසි අවුලක් නෑ. උයන්න කුකා හොයා ගැනීමෙ ඉදන් හට්ටි,මුට්ටි, ගෑස් ලිප් වෙනකම් නානා විධ දේවල්.....කොහොමින් කොහොම හරි කස්ටිය ෆුල් උද්යෝගයෙන් වැඩේ කෙරුවා. සැරසිලි තමයි ඉතින් හොදම හරිය බණ තියෙන තැනට නිකන් තියෙන්න එපැයි ෆ්ලෑශ් බෑක් මියුසිකල් එහෙක ලයිට් සිස්ටම් එක වගේ.
              ඒත් ඉතින්  අපිට ඔය හොල්ඩරේට බල්බ් එකක් දානවා, පෙන් ටෝච් බැටරියකින් මෝටරයක් කරකවනවා වගේ දැනුමක් නේ කරන්ට් වැඩ පැත්තෙන් තියෙන්නෙ. අපේ එවුන්ගෙන් හතරපස් දෙනාටයි ඔහොම දැනුමක් තියෙන්නෙ. ඉතින් උන් ඔය වැඩේ කරනකන් අපිට තියෙන්නෙ ඉනි මගක් අල්ලන් ඉන්නවයි. ස්කුරුප්පු නියනයක් හොයලා දෙනවයි,ස්විච් එක දානවයි වගේ වැඩ තමයි.
                                                    ඉතින් උන් ටික වැඩේ කරනකම් වටේම ඉන්න එවුන්ට මඩ ගහන්නයි, කුපාඩි කතා කියන්නයි, විහිළු තහළු මැද්දෙ ඉන්නයි තියෙන්නෙ. ආයෙ ඉතින් එළි වෙනකම්ම ඉන්නත් එපැයි. ඔන්න ඉතින් බඩගිනි ටයිමුත් රෑ එකට දෙකට සැට් වෙනකොට කපිල අයියා ගෙනාව පෙරේදා උන්දැලගෙ තිබ්බ දාන ගෙදර ඉතුරුවුණූ අයිස්ක්‍රීම්,ජෙලි, වටලප්පන්, ෆුරුට් සැලැට් වගේ කෑම ජාති ටිකක්.
කීපදෙනෙක් ඔය පේන බල්බ් වැල් බිම අතුරගෙන වැඩ කරන අතර අපි දානෙ ගෙදරින්
ගෙනා කෑම සදහා යුතුකම ඉටු කිරීමට මොහොතකට පෙර. ඔය සුදු පාට භාජනේ
සම්බන්ධව මන් මගේ යුතුකම තනියම කරා.
                      පෙරේදා අපි කාපු කෑමට පුදුමයි මෙහෙමවත් ඉතුරු වුණා. වැඩ කරන එවුන් දාඩිය දාන් වැඩේ කරනකොට අපි කෑම ටික ඉවර කරා. මොකද වැඩක් කරන මිනිහෙක්ට කරදර කරන්න හොද නෑ කිසිම වෙලාවක. අන්තිමේදි උන්ට තිබුනේ කොහෙන්ද මන්දා ආපු බිස්කට් ටිකකුයි, කෝපි එහෙකුයි විතරයි.
                     ඔන්න ඉතින් ඔහොම ගිහින් ඊට පස්සෙන්දට පස්සෙන්දා උදේ ඉදන්ම නුඩ්ලස් පිළියෙල කිරීමේ වැඩපිළිවෙල යෙදිලා තිබුණා. නිවාඩු දවසක් වෙච්චි එදා ටිකක් දවල් වෙනකම් නිදාගන්න හදනකොට. හතට හත හමාරට වගේ කෝල් කරේ ක්‍රිශාන්ත අයියා.

"කෝ බන් බලහන්කො උඹ නෑනෙ තාම ඔක්කොම ඉන්නවා...අර එනවුස්මන්ට් එක ගිහින් නුඩ්ලස් ටික ගේන්නත් ඕනෙ බන්"

"හරි හරි මන් දැන් මේ එන්න හදන්නෙ ගෙදරින් විනාඩි පහක් දෙන්න"

                  උදේ පාන්දරම එහෙමැයි කිව්වට මන් හිටියේ ඇදේ, සුපුරුදු විදියට ලෑස්ති වෙලා පැයකින් එක හමාරකින්න් ගෙවල් දෙක තුනක් එහායි තියෙන අපේ ස්පොට් එකට යනකොට. මන් හිතුවේ හොදටම පරක්කු වෙලා කට්ටිය මගෙ අම්මා මුත්තා මතක් කර කර එක එක වැඩ වලට ගිහිල්ලත් ඇති කියලා. ඒත් ඉතින් මොන ,දැන් මුන් මගේ ක්‍රියාපිළිවෙත දන්න හින්දමද කොහෙද. නමයට තියෙන වැඩේට එන්න කියන්නෙ හත හමාරට. ඌත් මට කතා කරන කොට දත් මැද මැද ඉදලා තියෙන්නෙ.
                                                            මන් ගිහින් විනාඩි දහයකට විතර පස්සෙ කුරුදු පොල්ලකට ලවුස්පීකරේ ගැටගහගෙන ගියා ගම වටේම. සමහර එවුන්ගේ ගෑල් ළමයින්ගෙ ගෙවල් ළග විනාඩි පහක් විතර එනවුස්මන්ට් එක දීලා. උන්ගේ ලේ ටික පිච්චුවා උදේ පාන්දරම. ආයෙ ඉතින් ඔය වගේ මරාලයක් ඕකුන්ට පහත් කරන්න පුළුවන් වෙසක් සීසන් එකේම තමයි.
                                              කෝම හරි යම යුද්දෙ  පටන්ගත්තේ ඊට පස්සෙ, මොකෝ නුඩ්ලස් වැඩේ ගොඩ දා ගැනීමෙ මහා පුණ්‍ය කර්මයට සැවෝම ෆුල් කුයික් එකෙ වැඩේට බැහැලා හිටියේ. ඒ නිසා මන් වගේ අයිස් පැකට් වලටත් නිකන් ඉන්න බැරි වුනා. කෝම උනත් කුකාත් එක්ක ආපු සපෝටර්ගේ තිබ්බ ගැම්ම හිල්ටන් එකේ චෙෆාගෙවත් නැතිව ඇති.
                                                     ඌව පරිප්පු හට්ටියේ දෙතුන් පාරක්ම ඔබන්න හිතුවත් වෙසක් සීසන් එක දවසේ සත්ව ඝාතනය කරන්න බැරිකම නිසාම බොහොම අමාරුවෙන් වුනත් පහන් සිතින් උගේ අම්මට මෛයිත්‍රී කරා. කෝම හරි මෙන්න මෙහෙමයි වැඩේ සිද්ධ වුනේ.



ඊට පස්සෙ වැඩේ අහවරක් කරලා නා කා බී පිරිසිදු වෙලා පටන්ගත්තා බණ දේශණාව. ඔය ඉතින් ඔව්වා කෝම උනත් අපේ ඇස් තිබ්බෙ ඔතන්ට ආපු ලස්සන ගෑණු ලමයි දිහාවට. බලන්න එපැයි සුදු පිරුවට ඇදන් ඇවිල්ලා ඉන්න ලස්සන. සුදු පිරුවට ඇදගෙන පහන් එළිය මූනට වැටෙනකොට කෙල්ලන්ගේ තියෙන්නෙ අමුතුම පෙම් පාටක්. ඒත් ඒවා කෝම උනත් මරලියා බැලුවේ සුදුපාට බෝල ඇන්ටි කෙනෙක් දිහා. නොදකින් ඕකා ඔහොම්මමයි.
                                                                                     කෝම උනත් අපි හිතුවටත් වඩා හැමෝගෙම ආශිර්වාදයෙන් වැඩේ හිතුවටත් වඩා හොදින් කෙරුණත් වැහි දෙයියොනම් ලාවට නිකන් කරදර කරා නොකරා වගේ පොදක් දීලා යන්න ගියා. එතනින් ගියාම ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකේ දෙමව්පියෝ සිහි කරලා විනාඩි පහක්,දහයක් විතර පින් දෙන්නත් අවස්ථාවක් අතර මැදින් හැමෝටම හම්බුණා. ඒ ඇරෙන්න වෙන බාධාවක් නැතිව වැඩේ මල්වෙඩි එහෙමත් පත්තු කොරලා අති උත්කර්ශවත් විදියට සිද්ධ කොලා.
                                                             සෙරප්පු කූට්ටමක්වත් නොදාන, රුපියලක්වත් අතින් නොඅල්ලන අතිශය අල්පේජ්ජ ආරණ්‍යවාසී හාමුදුරුවෝ  ඔව්වට කිසි කැමැත්තක් නැතත් උන්වහන්සේගෙ හිතත් නොබිදෙන විදියට සියල්ල හොදින් සංවිධානය කරා. හැමටත් වඩා ප්‍රසංශා හම්බුනේ උන්වහන්සේගේ බණට. පාලි ගාථා හී සරළ තේරුම ශ්‍රාවකයින්ට රුචි පරිදි ගෙනැල්ලා එව්වාගේ දහම්ගැටළු විසදීම හැමෝම ප්‍රසංශා කරපු දෙයක් වුණා.
                                                         ඉතින් සුනාමියෙන් පස්සෙ ඒ ඉදිකරපු මේ බුදුපිළිම වහන්සේ ගාව සෑම අවුරුද්දකම මෙවන් චිත්තක් ප්‍රීතියක් ගෙනදෙන්නක් නොකඩවා කරන්න ලැබීමත් ලොකු ජයග්‍රහණයක්. ඉතින් මෙවන් සා විශාල වූ වැඩ කොටසකට සහය දැක්වූ සැමට වගේම. අතිශය විශාල සහභාගීත්වයක් ලබාදුන්න ගම් වාසීන්ට හා නා නා විද පෙදෙස් වලින්  සැපැමිණි සියළු දෙනාටමත් ස්තූතියි.


35 comments:

  1. අප්පා දැක්කම කන්නමයි හිතෙන්නේ මෙහෙව් දන්සලකින්. කොහෙද රස්තියෝ මේ දන්සල දෙන්නෙ ? ලබන පාරත් දෙනවැයි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සොදුරු ලබන පාරත් දෙනවා.මීටත් වඩා හොදට මේ වැඩේ ඉවර වුණු ගමන්ම ෆ්‍රයිඩ් රයිස් දන්සැලක් ලබන පාර දෙමු කියලා කතා වුණා. ඒකට ඕන හාල් කොට්ට වලට සම්පූර්ණ අනුග්‍රහයක් එවෙලේ ලැබුණා

      Delete
    2. සොදුරු මගේ ගම් පළාත එප්.බී එකෙන් දන්නවනේ ඉතින්. එහෙ තමයි...

      Delete
  2. ඔය තියෙන්නෙ ලෙසටම වැඩේ කෙරිල.
    ලබන අවුරුද්දෙත් ඔයිට හොඳින් වැඩේ කෙරෙන්න ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... වැඩේ අහවර වුණු ගමන්ම ෆ්‍රයිඩ් රයිස් දන්සැලක් ලබන පාර දෙමු කියලා අපේ අන්තර් බෞද්ධ සම්මේලනය යෝජ්නා ස්ථීර කරග්ත්තා. ආධාර දෙන උදවියත් ඒ වෙලාවෙම ඉදිරිපත් වුණා.

      Delete
  3. අම්මප කොතන බුදු පිළිමේද බං ඔය? ඊළඟ වතාවේ කොහොම හරි එන්නොනි කාල යන්න.. මං නොදැනුවත්වම වගේ මාත් මේ පාර වෙසක් පිංකම් සෑහෙන්න කරා.. අපේ උන්දා පන්සලේ චෛත්‍ය පාට කරන්න බාර අරං.. ඒ මදිවට සල්පිලක් විවුර්ත කරන්නත් උනා.. තා කූඩු බූඩු දන්සල් තොරන් අනං මනං වලට කීය කීය හරි දුන්න.. ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. අපේ ගම මොකද්ද කියලා දන්නවනේ ඉතින්.????ගාල්ල පැත්තට යනකොට ටවුමට කලින් හම්බෙන මුල්ම බුදු පිළිමය (බීච් සයිඩ් එකේ). පොඩි නෙවෙයි ලොකු මෙව්වා එකක් තියෙනවා. මාටින් වික්‍රමසිංහ උන්නැහෙ ඔය "අපේ ගම" පොතේ අන්තිම පරිච්ජේදෙ. මට මතක විදියට "පින්කම්පළ අපිට කෙළි පලකි" නම පරිච්ජේදේ. ඕකෙ තිබ්බා මතකයි "විශ්වවිද්‍යාල වල ඉගෙන ගත් ගමේ නොගැවසුණු බක පණ්ඩිතයින් ගමට නැවතත් ඇවිත් පන්සලෙන් ඔය සල්පිල් වගේ ඒවා ඉවත් කර නිසා තම්යි කියලා ගමයි පන්සලයි ඈත්වුනේ.

      Delete
  4. වෙසක් 1ට මදි නොකියන්න පිං කරලා නොවැ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ. දුවලා, පැනලා, මහන්සිවෙලා මේ වගේ මිනිස්සුන්ට දන්සැල් දීලා කන්න බොන්න දෙන වෙන රටක් නැතිව ඇති බන් . කවුරු මොනවා කිව්වත් සෙනග දකිනකොට දන්සැලක් දෙන එහෙකුට කවදාවත් ලෝබ කමක් ඇති වෙන්නෙ නෑනෙ බන්. සතුටක් මිස. ඒකම මදිද බන්

      Delete
  5. සමහරු දන්සල් කියලා හේන බොරුවක් කරන්නේ 10 ටයි ඉදගන්න ඉඩ තියෙන්නේ ඒ උනාට පාරේ යන වාහන ඔක්කොම නවතනවා ...
    උයන්නන් වලේ ගොඩ හොදි හදනවා මෙලෝ රහක් නැහැ කටේ තියන්න බැහැ.
    අපේ අයත් එහමයි බඩගින්නට නෙමයි දකින දකින දන්සලේ නවතන්න්වා ..කන්නෙත් නැහැ බෙදාගෙන විසි කරනවා ...
    පොඩි මෙන්ඩ එක්කරගෙන ගියා දන්සැලකට පෝලිමේ ඉදලා එයාට කන්න පුලුවන් ගානට බෙදාගෙන තනියම අතින් කන්න දුන්නා ...ඌ පොලවේ පය ගහලා ජිවත් වෙන එකෙක් කරන්න මට ඕනේ

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න ඕනෙ නෑනෙ මාත් ඉන්නෙ ඔය දකින දකින දන්සැල් වල නතර කරන ගොඩේ තමයි. හිතලා කරන්නෙ නෑ බන් ඉතින් එහෙම වෙනවා. බෙදාගෙන විසි කරන එකනම් මහ අජූත වැඩක්. එව්වානම් මන් කරන්නෙ නෑ.
      සමහර අයගේ ලොකු පුරාජේරුවක් තියෙනවා අපිනම් ඔය දන්සැල් වලට පොඩි කාලෙ ඉදන් ගිහින් නෑ කියලා. හැබැයි ගෙදරට ගෙනාවොත් පැනලා කන්නෙ. බොරු කියන්න ඕනෙ නෑනෙ බන් අපේ මව්තුමිය වුනත් ඉන්නෙ ඒ ගොඩේ.
      මට ඔය අම්මගෙ කතාවවත් පෙන්නන්න බෑ. ඒ අතින් අයියේ පොඩි මෙන්ඩා ඉගෙන ගනීවි.පොළවේ පය ගහලා දූවිලිත් එක්ක ජීවත් වෙන්න.

      Delete
  6. ගැනු ළමෝ කට්ටිය පිං දිදී බුරිය උල් වෙන්න පරිප්පුත් එක්ක නුඩ්ලස් අඹරන්න ඇතිනේද?

    ReplyDelete
    Replies
    1. අපි දුන්නෙ බොක්ස් නෙ බන් (පාර්සල්) ඔතන කනවා වගේ නෙවෙයි ගෙදර ගිහින් කන්න ඇති අයෙත් කකුල් දෙක උඩ දාගෙන. අර බොරු මැනස් එහෙම තියෙන්නෙ කට්ටියට පේන්න කනකොටනෙ :-) කස්ටිය කියපු විදියටනම් රහට තිබිලා තියෙනවා

      Delete
  7. ලවුඩ්ස්පීකර් තමයි දිරවන්නෙ නැත්තෙ

    ReplyDelete
    Replies
    1. ගමේ මිනිස්සු දැනුවත් කරන්න වෙන ක්‍රමේකුත් නෑනෙ. වෙසක්,පොසොන් විතරනේ ඉතින්. නැත්තන් මන් උනත් වැඩි සද්දෙට කැමත්තක් නෑ

      Delete
  8. කොහෙද බං ඔය දන්සල තිබ්බෙ... අපිත් දුන්නා කෝපි දන්සැලක්...

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ මචන් (කොහෙද කියලා දන්නවනේ)... එල එල බන් එව්වා යුතුකම්. කෝමත් අපේ එවුන් දන්සැල් කන කෑමට කෝපි එහෙකුත් දුන්නම වැඩේ බැලන්ස් :-)

      Delete
  9. ෂා පස්ට වැඩකි..������
    වැහිබිඳු....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැහි බිදුවො

      Delete
  10. හොඳ බණක් අස්සේ ගෑණු උදවිය දිහා බල බලා හිටියම පින් පිරෙනව කියල ගථාවක් තියෙනවළු. රවී තමයි කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි...අපි ඕවා ආවට ගියට කරන්නෙ නෑ. රවී මහතා හොද බණ තලන්නෙක්.ස්තූතියි ඉයන්...

      Delete
    2. එහෙම කියන්න එපා අටම් ඔහු හොද බණ තලන්නෙක්

      Delete
  11. සපෝටර්ව හොද්දෙ ඔබල චිකන් රසැති පරිප්පු හොදි දෙන්ඩ තිබ්බ.

    ReplyDelete
    Replies
    1. හරක් මස් රැසැති පරිප්පු හොදි තමයි ඒකා දැම්මොත් ගන්න පුළුවන්. හොද එකා පොඩ්ඩක් මොලේ නැති වුණාට. මෑන්ස් උයපු විදියට ඉව්වනම් නුඩූල්ස් එකේ හතරෙන් එකක් විතර තියෙන්නෙ බිම

      Delete
  12. ගියපාර ඉස්කෝලෙයක් ගාව දන්සලකින් කෑවා නූල්ඩස් පාරක් අම්පා එහෙම කෑමක්. අපිට දුන්නෙ අඩිය හූරලා. හෙනම රහයි බං. උඹලා අදිනමොටෝ දැම්මෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියහන් දුන්නෙ අඩිය හූරලද... නැත්තන් අඩිය හූරලත් කෑවද.....ඔව්වා මහ අශිලාචාර වැඩ බන්.පුළුවන් කමකට දෙනව නෙවෙයි ඔය මිනිස්සු. කෝම උනත් වෙල්කම් කිව්වා මගේ බොග් එකට.

      Delete
  13. දන්සැල්...
    ඒකත් දැන් විකාරයක් කියලා හිතෙනවා බොල එක වෙලාවකට...

    ReplyDelete
    Replies
    1. හුටා අපේ දන්සැල් වරුණ අහලද බන් බොට එහෙම හිතුනේ....

      Delete
  14. දන්සැල් බතයි පන්සල් බතයි මාර රහයි බං. මම කලින් රැකියාව කරපු තැන පන්සල්වලට බොහොම සම්බන්ධයි. ස්වාමින්වහන්සේලා මහත්තයා එන්නකෝ පන්සල පැත්තේ කිව්වොත් මම අනිවා යනවා. ඇයි බං ගෙදර තියෙන අග්‍ර ඵලයනේ පන්සලට දානේ දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය දෙකේ මාර රහක් බන් තියෙන්නෙ. කාලයක් පන්සල් වත්තෙ සෙල්ලම් කරනකොට හවසට ඔය කෑම වරදින්නෙ නෑ. සෙල්ලම් කරපු මහන්සියටත් එක්ක. ආයෙ දිව්‍ය භෝජන වගේ තියෙන්නෙ...

      Delete
  15. ඔන්න මාත් දන්සල වැන්දා එහෙනම්

    ReplyDelete
  16. ලබන පාරවත් ඔය දන්සලට එන්න බලන්නම්කෝ ...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න නොවරදාවම එන්න. හැබැයි ඉතින් අපේ ගම් පැත්තට එන්න ස්වල්ප දුරක් ගෙවන්න එපැයි විසිරිලට

      Delete