24 October 2019

ප්‍රේම සැදෑවෝ.......


බස් එකෙ කොනක
ඔබ හා තනිව
පෙමින් වෙලී
සිපගන්නා  අනවසර දෙකොපුල් හාදුවක 
තිබුණත් හිරිවට්ටන  ප්‍රේමයක් 
අනවසර දිනෙක නිරුවත් පපුවේ 
වැතිරුනදා දෑස් පියාගෙන 
දැණුනා මට සැනසුමක්
ඔබෙ  පපුව මැද්දේ ඇති සිත
කලබන සිහින  කොතරම්ද කියා 
මරණයත් සුරම්‍යය වේ නම්
නුඹේ පපුව උඩ
රමණයත් හෑල්ලුයිනම් 
එහි උණුසුම
දැනෙන විට
තවත් කුමට ඉවසා සිටිම්ද
රකිමින්  බඹසර කුමර
ඒ උමතු සිහිනවලම
උමතුවෙකු  වී
සැරිසරා අතරමන් වී මියයනවාම  හැර

-රෝමා-

26 July 2019

රන්ජන් රාමනායක, භික්ෂු පරිච්ජේදය සහ ස්පොට් ලයිට් ( Spotlight Film -2015)

                                     
         රන්ජන් රාමනායක වර්ථමානයේ භික්ෂුවගේ සමලි‍ංගික විෂමචාර පිළිබද සිදුකළ ප්‍රකාශය මහත් ආන්දෝලනයක් බවට මේ වන විට පත්ව ඇත. ඒත් ඔබත් මමත් දන්නා පොදු සත්‍යනම් සමලිංගිකත්වයට ශ්‍රී ල‍‍ංකාවේ පන්සල තරම් ජනප්‍රිය වෙන තැනක් නැති බවයි. එහෙත් එවන් ප්‍රකාශයකින් බෞද්ධයෙකුගේ සිතෙහි යම් වේදනාවක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් කොතරම් කටුක වුවත් ඔබත් මමත් දන්නා පොදු සත්‍යනම් එයයි. එය බෞද්ධ දර්ශණයේ ප්‍රශ්ණයක් නොව ඒ ආගම් තුළ සිවුරට මුවා වී සිටින නිගන්ඨයන්ගේ ප්‍රශ්ණයක් බව ප්‍රථමයෙන් අප තෝරා ගත යුතුය.

*හැමදේටම පලිගන්නෙ පන්සලෙන්ද?

නැත, ශ්‍රී ල‍‍ංකාවේ සමලි‍ංගිකයින් අපට වඩාත් හමුවන්නේ පන්සලටත් වඩා ප්‍රාදේශීය මට්ටමේ පක්ෂ දේශපාලන කදවුරු සහ රූපලාවන්‍ය විෂය සම්බන්ධ අයවලුන්ගෙනි. සමලිංගිකත්ව යනු ඔහුනගේ අයිතියකි. එහෙත් බාල වයස්කාර අපයෝජන වලට මුල් තැන ගන්නේ පන්සලයි.

*එහෙනම් ඇයි පන්සලම?

දුප්පත් අම්මගෙන් හා පියාගෙන් වෙන්වෙන පිරිමි කුඩා දරුවා තනිවෙන්නේ පන්සලේය. කුඩා සාමණේරයන් වහන්සේලාට ඇති එකම හව්හරණ දුප්පත් කම විසින් ඈත් කොට ඇත. දවසට කිහිප වරක්ම පොඩි උන්නාන්සේලාගේ දැඩි අකමැත්තෙන් තම ලිංගික විකෘතිය ස‍‍ංසිදුවා ගන්නා ලොකු හාමුදුරුවොන්ට එපිටින් වචනයක්වත් කීමට පොඩි හාමුදුරුවොන්ට නොහැක. සිවුරට මුවා වී කරන ලිංගික අපචාර වල ඛෙදය නම් නඩුත් හාමුදුරුවන්ගෙය බඩුත් හාමුදුරුවන්ගෙය.  

24 July 2019

EXප්‍රස් ජීවිත


හරිම තැනකින්
පටන් අරගෙන
අන්තිම නැවතුම
තිතට දැනගෙන
හතර අතටම දුම් විසුරුවාලන
දුවයි හැල්මේ E‍Xප්‍රස් කෝච්චිය
යන ගමන් මග
වෙහෙස දැනුනු තැන
විටෙක හුදෙකලා
දුම්රිය නැවතුමක් දුටු සද
එතැන පොඩ්ඩක් නතර කරලා
තමන්ගේ බර
නැවතුමට නිදහස් කරලා
තමන්ගෙ හිස් තැන් වලට
මිනිස්සු පුරවා
දුවයැයි හැල්මේ
ආයෙත් ආයෙත්  හූ තියමින්
EXpress කෝච්චිය

-සුපුන් සමීර-

05 May 2019

නිරාගමික කවි





තනි පාට වල් සමනල්ලු රොති පිටින් යති සිරිපාදේ
ඒ යන වුන් අතර මැද්දේ බොහොමයකුත් මැරිලා යයි අකාලයේ
ගියත් සමහර  වුන් බැතියෙන් සිරිපා මුදුනටම
මොක් සුවනම් නෑ ලැබුණේ
ඒත් උන් හැමදාමත් සිරිපාදේටමයි පෙමින් බැදුනේ

නෙක පාට සොදුරැති සමනල්ලු නොගියත් සිරිපාදේ
උන් හති වැටෙන ගමන නවතා නෙක රස මල් ගොමු වලටමයි ඇදුනේ
පාරවල් වල මැරී වැටිලා හති වැටෙන ජීවිත අතරේ
සමහරක්ම සමනල්ලු විතරයි ජීවත්වෙද්දිම මොක්සුව ලැබුවේ

-මීට-
-බෞද්ධත් නැති නිරාගමිකත් නැති හයිබ්‍රිඩ් කවියෙක්-

සැ.යු.- සිරිපාදය වෙනුවට මක්කම යොදා කවිය කියවීම වඩා උචිත වේ

07 January 2019

ලිබරල් අත්තක්


ඈත පිටිසර බඹරකන්දේ මුදුනත සිසිලසින් පිරීගිය දිය විලක්-
ඒ දිය විලේ බොහෝ සුසිනිදු දිය බිදක් ප්‍රේමයෙන් වුණි
හිටපු හැටියේ හමා ආ නිරිත දිග සුළගට ඒ දිය බිද හසුවුණි-
හසු වෙලා නොසිතු විලසින් කන්දෙන් බිමටම දිය බිද ඇදවැටී

ඔබ මොබ ගියත් දන්නා හදුනන කවුරුත් ඒ ළග නැති සදේ -
කුමක් කරන්නද  දිය බිදත් සිටියේ බෝ නිසොල්මනේ
ඒත් ඇසිල්ලක හරිම ලස්සන රෝස මල් ගසක කොළයක්-
ඉවුරු කොනක සැගව සිට ඇවිදින් දිය බිද හා පෙම්වත් වුණී

ප්‍රේමයෙන් මුසපත් වෙලා දිය බිද රෝස කොළයේ තුරුලට වෙලා-
ගියා නදියේ පල්ලම් බසිමින් රෝමාන්තික ගීතයන් ගයා
ජීවිතේනම් කොතරම් සොදුරුද රෝස කොළේට හාදු මල් තියා තියා-
කැමැති කැමැති තැන රුවල් ගාමින් ගියා ප්‍රීතියෙන් රෝස කොළයට වෙලා