24 October 2019

ප්‍රේම සැදෑවෝ.......


බස් එකෙ කොනක
ඔබ හා තනිව
පෙමින් වෙලී
සිපගන්නා  අනවසර දෙකොපුල් හාදුවක 
තිබුණත් හිරිවට්ටන  ප්‍රේමයක් 
අනවසර දිනෙක නිරුවත් පපුවේ 
වැතිරුනදා දෑස් පියාගෙන 
දැණුනා මට සැනසුමක්
ඔබෙ  පපුව මැද්දේ ඇති සිත
කලබන සිහින  කොතරම්ද කියා 
මරණයත් සුරම්‍යය වේ නම්
නුඹේ පපුව උඩ
රමණයත් හෑල්ලුයිනම් 
එහි උණුසුම
දැනෙන විට
තවත් කුමට ඉවසා සිටිම්ද
රකිමින්  බඹසර කුමර
ඒ උමතු සිහිනවලම
උමතුවෙකු  වී
සැරිසරා අතරමන් වී මියයනවාම  හැර

-රෝමා-

14 comments:

  1. ආ..... ඒක තමා දැන් පේන්න නැත්තේ

    ReplyDelete
  2. හරි ගිහින් වගේ. 🍷

    ReplyDelete
  3. ෂා ... පට්ට රෝමා

    ReplyDelete
  4. "මරණයත් සුරම්‍යය වේ නම්
    නුඹේ පපුව උඩ
    රමණයත් හෑල්ලුයිනම්" උබේම වචන බන් මේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බ්‍රදර් ...........

      Delete