19 July 2017

හුස්ම ගන්න හාද්දක් - අවසන් කොටස

                                                                     
   
හුස්ම ගන්න හාද්දක් - පළමු කොටසට මෙතනින් යන්න 
                                                           
                                          එදා වැස්සක් ඉවරවුණු ගමන්ම පාරේ අයිනේ මඩ වලවල් පිරුණු තෙත පරිසරයක් තිබ්බ දවසක්. මේ එයාගෙන් මට ආපු හතර වෙනි කෝල් එක නැත්තම් හතරවෙනි හයර් එක කිව්වත් වරදක් නෑ.  එදත් එයා ඇවිත් කිසි කතාබහක් නැතිවම ත්‍රීවිල් එකට නැග්ගා. ඔව් ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්. අර මුල් දවසෙ ඇර තාමත් එයා හිනාවෙනවා මන් දැකලා නෑ.
                         හොදටම වැහැලා තෙත් වෙලා තිබ්බෙ ගහ කොළ හැම එකක්ම.තව ආයෙත් වහින්නද කොහෙද. වැහි බීරුම වගේ.  හදිස්සියක් කියපු නිසා මමත් ටිකක් වේගෙනුයි ගියේ ඒත් ටිකක් දුර යද්දි ඉස්සරහින් ආපු මෝටර් බයික් එකක් ඒ පැත්තෙන් ආපු බස් එක ඉස්සර කරගෙන හිතපු නැති විදියට වේගෙන් ත්‍රීවිල් එක ඉස්සහරට කඩාගෙන ආවා.මොනවා කරන්නද තප්පරෙනුත් දහයෙන් පන්ගුවක්දි මට හිතන්න වුනා. මන් කරේ එක තැන වමට හරවපු එක. ත්‍රීවිල් එක බිමට පෙරළුනා. මෝටර් බයිකාරයා ත්‍රීවිල් එකේ අයිනෙ වැදීලා විසි වෙලා ගියා
                                                                   මම   නැගිටිනකොට බිම වැටිච්ච පාර ඕලුවෙන් ලේ එනවා. ඒත් එයාටනම් ලොකු තුවාලයක් නෑ අත මොහොක හරි වැදිලා ලේ එනවා. මන් හිතන්නෙ ඒකටද කොහෙද එයාට සිහිය නැතිවෙලයි තිබුනෙ.
               මන් ඕලුවෙන් ලේ ගලද්දි ගිහින් එයාව තුරුල් කරන් නැගිට්ටුවා. මගේ අතින්ම වතුර ගහද්දි  තමයි එයාට ටිකක් සිහිය ආවෙ. මන් එයාව වත්තන් කරන් ත්‍රීවිල් එකත් එතනම දාලා වෙන ත්‍රීවිල් එහෙක නැගලා හොස්පිට්ල් එකට ආවා.
                       මගේ නලල තුවාල වෙලා තිබ්බ නිසා. මට දවස් දෙකක් යනකම් ටිකට් කැපුවෙ නෑ. මොකද ඕලුවට වැදුන නිසා එහෙම තියාගන්නවලු. එයාටනම් එදාම ටිකට් කපලා. ඇත්තටම නවතින්න තරම්වත් තුවාලයක් නෑ එයාට. ඒත් යන්න ඉස්සෙල්ලා මගේ සුවදුක් බලලා තව  සික්ස් පැක් හස්බන්ඩ් එයාට ගෙනාපු පළතුරු වට්ටියකුත් සික්ස්පැක් හස්බන්ඩ්ම මගේ කබඩ් එක උඩ තියලා එයාලා දෙන්නා යන්න ගියා. පිටින් පේන තුවාල වලට වඩා එදා මට රිදුම් දුන්නෙ පිටට නොපෙනන තුවාල.

                                                දවස් දෙකක් ඔය විදියට හෙමීට ගියා.පුදුමයි... කම්පැනියෙන් සති එක හමාරක නිවාඩුවක් දුන්නා....විටින් විට ඔය අතර එයාගෙ අම්මා සුප්,කැද වගේ ඒවා අරන් ඇවිත් මට දුන්නා. දවසක් දෙකක් එයා ගෙදර ඉන්න වෙලාවට ඒවා ගෙනාවෙ එයා. ඒත් දොර ගාව ඉදන් දීලා යන්න ගියා. එයාගෙ අම්මනම් ඇතුලට ඇවිත් සමහර වෙලාවට ටිකක් කතා කරනවා.
                                                                       හැමදේකටම මුල වුනේ ඇක්සිඩන්ට් එක නැත්තම් තාමත් මන් එයත් එක්ක හයර් යනවා. යන තැනයි බහින තැනයි කියනවා. එච්චරයි.ජීවිතේ කියන්නෙ සම්පූර්ණ ඇක්සිඩන්ට් එකක්. නැවතත් මගේ සිත මට එහෙම කියනවා.
                                                                    එක දවසක් හැන්දෑවක එයා එන්නෙ දුම දාන සුප් එහෙකුත් අරන්. ඒත් වෙනදා වගේම මොකුත්ම නොකියා එයා යන්න හදනවා. ඇත්තටම ඒ මුහුනට හිනාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද කොහෙද. ඒත් යන්න ගිහින් එයා ටිකක් නැවතුනා.

"ඔයා ලග පොත් තියෙනවා කිව්වා අම්මා"
"ඔව් ඔනෙද"
"මාත් ගොඩක් පොත් කියවනවා, මොකක් හරි දෙන්නකො බලන්න.  ගෙදර ඉන්නකොට වෙලාවකට කම්මැලියි"
"මොන වගේ පොත් ද ඕනෙ"
"මොන වගේ පොත්ද තියෙන්නෙ"
"ඔයාම බලනවද...?"
                                    ඒ එයා මගේ කාමරේට ආපු පළවෙනි දවස. එයා ගොඩක් ලස්සනයි සික්ස්පැක් මනුස්සයා ගොඩක් වාසනාවන්තයි.

                                                      ******************************
                                                     ඒත් නොහිතපු විදියට ඇක්සිඩන්ට් එක එයාගේ සුවද ළගටම වෙලා විදින්න පාලමක් හදලා දුන්නා. මන් වෙලාවකට පුදුමත් වෙනවා අර දුරින් ඉදගෙන ලස්සන බලපු. බුම්මා ගත්ත කෙල්ල මගෙ ඉස්සරහා ඉන්නකොට.
                                 සමහර දවස් වලට දැන් එයා මාත් එක්ක කතා කරනවා. ආ හරි කියන්නම ඕනෙ දෙයක් කියන්න බැරි වුණා. මොකද මට මේ වගේ දෙයක් කියන්න මතක් වෙන්නෙ. කවුරු හරි මට මෙහෙම කියනකොට.
                                        මන් කියන්නෙත් වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි. මොකද මට සමාජශිලි වෙන්න තේරෙන්නෙ නෑ. එතකොට මන් කියන්නෙත් හිනාවෙන කෙනෙක් නෙවෙයි මොකද මට ඒකට ලොකු හුරුවක් නෑ. මන් කියන්නෙ දුවලා පැනලා වැඩ කරන කෙනෙකුත් නෙවෙයි. මොකද මන් පරිණත විදියට තාම පරිනාමය නොවෙච්ච පොඩි එකෙක් වගේ එකෙක්. එතකොට මන් පොඩි ළමයෙක් වගේ කිව්වෙ එයා. ඒකයි දැන් මට මේක මතක් වුනේ.........
                                             කොළබ නගරේ මේ වගේ පැත්තක ගෑණු කෙනෙක් ගෙදරට එනවා කියන්නෙ කිසිම විශේෂ දෙයක් නෙවෙයි. අහල පහල ගෙවල් වල මිනිස්සු නෑ. හතර වටේට හයි කරපු සී.සී ටීවියි, ගෙදර වැඩ කරන ගෑණියි විතරයි හුගක් වෙලාවට. මිනිස්සු හිටියත් ඒලියකට බහින්නෙත් නෑ. බැස්සත් කා ගැනවත් හොයන්නෙ නෑ. ඒ නිසා ගමකදි වගේ එයා මගේ කාමරේ පැය ගානක් කතා බහ කර කර හිටියත් කාටවත් වැඩක් නෑ. කව්රුත් හොයන්නෙත් නෑ
                                                                ලියෝ ටෝල්ස්ටෝයි ගෙ ඇනා කැරනිනා, පියොදොර්ගෙ "කරමසොව් සහෝදරයො",පුෂ්කින්ගේ පොත්, ඇන්ටන් චෙකොෆ්හෙ කෙටි කතා වෙනකම් ඇයට තිබ්බෙ රුසියානු කතා පිස්සුවක්.
                                                                  ඒකත් හොදට ගියා. අපිට සමහර වෙලාවට කතා කරන්න ඕනෙ තරම් දේවල් තිබ්බා. ඇත්තම කිව්වොත් බුම්මගෙන හිටියට එයා දැන් සමහර වෙලාවට හිනාවෙනවා.............
                                  දැන් හයර් එකක් යනකොට වුනත් පාර දිගට තියෙන මොකක් හරි බිල්ඩිමක් ගැන වුනත් එයා කියවනවා, අදුරන කෙනෙක් හම්බුනත් මුලූ නෑදෑ කම එන විදියම කියනවා.  සික්ස් පැක් හස්බන්ඩ්ගේ නෑදෑකමක් ගැන කියනකොට විතරක් මන් නිශ්ෂබ්දව ඉන්නවා. ඇත්තටම කොලඹ නගරයෙ නෑදෑයෙක් කියන්නෙ හරිම විරල දෙයක්.
                                 ඇත්තටම බුම්මා ගත්ත එයා දැන් හොදට කතා කරනවා. සුපර් මාකර්ට් ගියොත් එයා මටත් එක්ක හුගක් වෙලාවට අයිස් ක්‍රීම් ගේනවා.
                                               මේ හැමදෙයක්ම වෙනකොට මම ගොඩක් පහසුවෙන් හිටියත්. ආයෙත් බොඩිමට ගියාම වෙන්නෙ මොකක් හරි දෙයක් දෙයක් හිතේ හිරවෙලා වගේ අවිනිශ්චිත හැගීමක් එන එක. මන් දැන් කරන්නෙ කාත් කවුරුත් නැති වුනත් උඩ ඉදන් එයා ඉන්න මිදුල දිහා බලන් ඉන්න එක. ඒක.....මිදුල වගේම මහ හිස් හැගීමක්.
                                              මගේ නිශ්චිත බලාපොරොත්තුවක් තිබුන් නෑ. ඒත් කියන්න තේරෙන්නෙ නැති බැදීමක් ඒ වෙනකොට එයා ගැන හිතේ තිබුණා. ඇත්තටම එයා දැක්ක මුල් දවසෙ ඉදන් තිබ්බෙ ඕක. දැන් ඒකෙ වේදනාව දැනෙන විදිය වෙනස්ද කොහෙද.
                                                                 ඔහොම මහ ගුප්ත හැගීම් වලින් ඕලුව පිරවුණු වෙලාවක තමයි එයා දොරට තට්ටු කරේ. එයා ගෙනැල්ලා කියවලා ඉවරවුණු අළුත් පොතක් දෙන්න. ඒත් සහතිකෙන්ම කියතෑකි. එයා දැන් ඉස්සර තරම් පොත් කියවන්නෙ නැද්ද කොහෙද............
                                     එක ජනෙලෙකින් ඒළිය එන හින්දා මගේ කාමරේ කොහොමත් ටිකක් කලුවරයි.  ඒ කලූවර එයාට දැන් පුරුදුයි.

" මෙතනින් තමයි මන් ගැන ඔත්තු බලන්නෙ නෙ"   එයා ගියේ ජනේලෙ ගාවට. මන් එයා ඊයෙ ඇදන් ගියපු සාරිය ගොඩක් ලස්සනයි කියලා මැසේජ් එකක් එයාට දාල තිබ්බා. එකයි ඔය
"හ්ම්ම්ම් ඇයි එපාද"
"බලන්න...බලන්න...තාම ඉතින් හැඩ බලන්න කව්රුත් නෑනෙ එතකන් ඉතින් මගේවත් බලන්න"
"හ්ම්ම්....."
"හ්ම්ම්...හ්ම්ම්.... ගගාම ඉන්න....කෙල්ලෙක් ඇවිත් උස්සන් යයි කියලද හිතන් ඉන්නෙ"
"ඔව්"
"කෙල්ලක් එක්ක ගියොත් පොතක් ගන්නවත් එන්න බැරිවෙයි අපිට මෙහෙම, ඒ නිසා ඔය සක්කරවට්ටම් වලට හව්වෙන්නෙ නැතිව ඔහොම්ම ඉන්න එක හොදයි"

                                                                මන් දන්නවා එයා මට කැමති කියලා. ඒක වචනෙන් කියන්නම ඕනෙ නෑනෙ. මන් කරේ ජනේලෙන් එපිට බලන් ඉන්න එහා ලගට ගිහින් පිට්පස්සෙන්  එයාව තුරුල් කරගත්ත එක.සමහරවිට දැන් හිතෙනවා ඇති මට කොහොමද මෙච්චර හයියක් කියලා. ඒත් ඒක ඉබේ වුණු දෙයක් නෙවෙයි දවස් ගානක් තිස්සෙ හිතපු දෙයක් අද වුණා.එච්චරයි.....
                                     එයා කරේ ගැස්සිලා මගේ පැත්ත හැරුණු එක. මන් පහත් වෙලා එයාගෙ දෙතොල අනාරාධිතව සිප ගත්තා. ඒත් ඒක මන් හිතලා කරපු දෙයක් නෙවෙයි මට ඕනෙ වුනේ එයාට ආදරෙයි කියලා කියන්න විතරයි.එයාට හිනාගියා හරියට බලාපොරොත්තුවෙන් හිටපු සිප ගැනීමක් වගේ. කිසිම කලබලය නැතිව එයා මාව ඈත් කරා . මන් හිතන්නෙ තප්පර පහක් හයක් විතර මන් ඒ දෙතොල් පහසින් අතරමන් වෙලා දෙතොල් සුව විදිමින් ඉන්න ඇති.
                                                        මාව විශ්වාස කරන්න මට ඕනෙ වුනේ එයත් එක්ක කායික බැදීමක් නෙවෙයි. ඒ අමුතු ගැස්සිලි තියෙන අහංකාර පෙනුමක් තියෙන කෙල්ලට මන් පන යන්න ආදරේ කරා. මට ඒක කියන්න විතරමයි ඕනෙ වුනේ. මට එයා ගැන එහෙම හැගීමක් හිතේ කොනකවත් තිබුන එකක් නෙවෙයි.  එහෙම දෙයකට වඩා මට ඕනෙ වුනේ .ඒ ලස්සන කෙල්ලගෙ ආදරේ විතරයි. ඒක හරියට මන් ආසම අයිස්ක්‍රීම් එකක් කනකොට මන් කැමතිම චොකලට් අයිස්ක්‍රීම් තට්ටුවක් හව්වෙනවා වගේ එකක් විතරයි. ඒකටත් ගොඩක් කැමතියි. මන් නෑ කියන්නෙ නෑ. ඒත් ඕනෙම දේකුත් නෙවෙයි.
                                                                      කොටින්ම කිව්වොත් මට එහෙම බැදීමක් නැතිව වුනත් ඒ කෙල්ලට පන යන්න ආදරේ කරලා ජීවිත කාලෙම ඉන්න පුළුවන්.  ඒත් වැඩි කලබලයක් නොකරම ඇය මාව හෙමින් පැත්තකට කරලා යන්න ගියා. මන් හිතන්නෙ එදා රෑ වෙනකම්ම අපි මැසේජ් කරන්න ඇති. මන් සමාව ඉල්ලුවා. එයා ඒක හිතන්න එපා කිව්වා. මන් ඇහුවා මට ආදරෙයිද කියලා. එයා කිව්වා දෙන්නෙක්ට ආදරේ කරන්න බෑ කියලා.
                           ඔව් මට එයා ආදරේ කිව්වෙත් නෑ තමයි. ඒත් ආදරේ නෑ කිව්වෙත් නෑනෙ. ඒදා රෑ ගෙවුනේ පුදුම ආමාරුවෙන්. ඊයම් බරුවක් හිතේ හිරවෙලා දවස් ගානක් හිතේ ඒක තිබුණා වගේ දැණුනා.
                                                      ඔව් ඊට පස්සෙ වුනේ නේද. එයා කිසිම වෙනසක් නැතිව මගේ කාමරේට ආව. හැබැයි තනියම නෙවෙයි බබත් එක්ක. වෙනදට වඩා එයා මට ළං වෙන්න උත්සහා කරා.ඒත් සීමාව පනිනකොට. ඒ කියන්නෙ මන් මට ආදරෙයිද කියලා අහද්දි එයා බොරුවක් කියලා ගෙදර ගියා.
                                  මගේ පරණ පෙම්වතියොත් ඇයගේ පිස්සු කතාත් වලින් පැය ගණන් ගත වුනා. මගේ පරණ පෙම්වතියොන්ගෙ කතා අහන්න එයා ගොඩක් කැමති වුණා. ඒත් විශ්වාස කරන්න ඉන් මතු කිසිම දවසක ආදරයක් වත්, වෙන භෞතික කායික බැදීමක්වත් තිබුන් නෑ. එහෙම වෙනකොට ඒක අපූරුවට බැහැර කරන්න එයාට අපූරු දක්ෂ කමක් තිබුණා. එයා ඒකට නමක් කිව්වා යාළුකමට එහා ගියපු ලොකු බැදීමක් කියලා. බබත් එයත් එක්ක හැමදාමත් ආව.
                                                   ඒත් එයාගේ ආදරේ ඒ බැදීමෙ ඕනවට වඩා තවරලා තිබ්බා. කෑවද බිව්වද, බෙහෙත් ගත්තද කියලා මැසේජ් කර කර අහන්න තරම් බැදීමක් අපි අතර තිබුණා.
             
   **********************************
                                                                   මන් දැන් ඉන්නෙ ආයෙත් බෝඩිමෙ කවුළුවෙන් එයාලෑ  මිදුලා දිහා බලාගෙන ඕල්ඩ් ඇරැක් වීදුරුවකුත් හිස් කරන ගමන්.
                                     අද අර සික්ස් පැක් හස්බන්ඩ් එක්ක එයා බොහොම සතුටෙන්  වෙඩින් එහෙකට යන්න කාර් එකට නගිනවා. මන් මොකද එහෙව් ලස්සන ජීවිතයක් නැති කරන්න යටි හිතෙන්වත් හිතන්නෙ. ඒක කොච්චර පව් කාර හැගීමක්ද.කොහොම උනත් මට එකක් විශ්වාසයි අද එයාට හම්බෙන වෙඩින් කේක් කෑල්ල හෙට වෙනකොට මට ගෙනැල්ල දෙයි. මනමාලිගෙ ලස්සන, සර්ප්‍රයිස් ඩාන්ස් එක ඒ ඔක්කොම මාත් එක්ක රස කර කර කියයි. මන් තවත් වීදුරුවක් හිස් කරා
                                               සමහර විට සියළු සැප  වලින් එයාව පර්පූර්ණ කරන්න සික්ස්පැක් හස්බන්ඩ්ට පුළුවන් වුනත්. එයාගේ ජීවිතේ සමහර තැන් මග හැරෙන්න ඇති. ත්‍රීවිල්කාරයෙක් වෙච්ච මාත් එක්ක යන එන කොට දන්සැලකින්, අයිස්ක්‍රීම් එහෙකින් ඒ මග හැරුණු තැන් එයාට හම්බෙන්න ඇති. ඔව් එයාගේ ලස්සන තරුණ ජීවිතේ සමහර තැන් වලට පාට දෙන්න මට පුළුවන් වෙන්න ඇති. කමක් නෑ දරාගන්න අමාරුයි තමා ඒක ආදරයක් වෙන්න ඕනෙම නෑ. භෞතික බැදීමක් වෙන්නත් ඕනෙම නෑ. දන්නෙම නැතිව ඒ විදුරුව හිස් වුනේ අමුවෙන්ම.
                                 මන් දැන් ඉන්නෙ දල්ව ගත්ත සිගරට්ටුවක් බොන ගමන් මට පේන්නෙ ඒ හිස් ගෙදර හරියට මගේ ආදරේ වගේ. එයා නැති හිස් ගෙදර.එයා හැමදාමත් ඒ ගෙදර ඉදීවි මගේ නොවී. මන් පුළුවන් කාලයක් මෙතන ඉදීවි එයා දිහා බලාගෙන. එයාට අයිති ගෙදරක් තියෙද්දි ඉස්සරහටත්  මගේ බෝඩිමට ඒවි. අසම්මත ආදරයක් සම්මත විදියට කරාවි. ඇත්තටම මට එයාගෙ දෙතොලේ සියුම් ස්පර්ශය ලබන්න නෙවෙයි හාද්දක් ඕනෙ වුනේ. අමාරුවෙන් හුස්ම ගන්න ජීවිතේට මැජික් එකකින් හුස්ම ගන්නයි හාද්දක් ඕනෙ වුනේ.දල්ව ගත්ත සිගරට්ටුව අතේ තියෙද්දිම තව වීදුරුවක් බිව්වා.
                                                                  මට කියන්න ඕනෙ මන් ආයෙත් ඉන්නෙ පැටලුනු නූල් බෝලයක. ඒත් මන් කරන්නෙ ආයෙත් ආයෙත් නූල් බෝලෙ ලිහන එක නෙවෙයි. මේ කතාවෙ අගක්, මුලක් මැදක්, තේරුමක් හිතාගන්න ගන්න බැරුව තව තවත් පැටලෙවන එක. හිස් වෙච්ච බෝතලේ දැක්කම එයාට ගොඩක් කේන්ති යාවි මට හොදටම බැනලා ගෙදර ගිහින්.ආයෙත් මට සමාවෙන්න කියලා මැසේජ් එකක් දාවි. මට ඕනෙ එයාට දැන් ටිකක් රිද්දන්න. ඔව් සමහර වෙලාවට හිනාවෙන්න බැරුව හිටිය ඒ බුම්මා ගත්ත කෙල්ල දැන් අඩනවා.
                                               ඉතින් මන් කියන්නෙ මේකයි මන් ඉන්න නූල් බෝලෙ මට එයාගෙ හිත තියෙන තැනයි හිතාගන්න බැරි. ඇත්තටම මගේ හිත තියෙන තැනත් හිතාගන්න බෑ. එත් මගේ හිත තියෙන තැන මට ඕනෙ තැනකට ගේතෑකි මට එයාගෙ හිත තියෙන තැන හොයගත්තොත්. මන් ඉන්නෙ ආයෙත් ඇක්සිඩන්ට් එහෙක.  ජීවිතේ කියන්නෙම ඇත්තටම බලාපොරත්තුවක් තියාගන්න බැරි ඇක්සිඩන්ට් එකක්.
                                    අඩියෙ ඉතුරුවුණු අන්තිම ටික. මන් හිස් කරේ ආයෙත් අමුවෙන්ම.ඒ ටික උගුරෙන් පහලට යනකොට පිච්චෙනවට  වඩා වේදනාවෙන් හිතේ නොතේරුණු තැනක් පිච්චෙනවා. මන් දැන් ආයෙත් ඉන්නෙ ඒ පැටලුනු නූල් බෝලෙ එයාගෙ හිත තියනවයි කියලා හිතන තැනකින් එයාගෙ හිත ලිහන්න බලන ගමන්.

-රෝමාන්තික රස්තියාදුකාරයා-


                                                            -නිමි-

                                                             
                                     

49 comments:

  1. කියෙව්වා ඔන්න.. වෙනස් විදියට ලියපු හොඳ ලස්සන කතාවක්.. ජයවේවා ....!!!

    ReplyDelete
  2. Replies
    1. මොනවද මනුස්සයෝ මේ දාන ඉමොජි. එනිවේ තෑන්ක්ස් මචෝ...

      Delete
    2. ඒ කොහොමද හලෝ ඉමෝජි දාන්නෙ... හෙළකුරු එක අප්ඩේට් කරොත් එයිද...

      Delete
    3. මිතිල මේ සයිට් එකෙත් ඕනෙම ඉමෝජි එකක් තියනවා. හැබැයි කොපි පේස්ට් තමයි.
      https://www.piliapp.com/emoji/in-blog/

      Delete
  3. ඇසක් ඉඟි බිඟි පාන රහසම නිරන්තර වැටහෙණු ඇතී
    වරක් දෙවරක් දහස්වර වුව මතකයෙන් යන්නේ නැතී
    හිතක් ඇති තැන සොයන්නට යළි අපහසුය දුකකුත් ඇතී
    මතක් වන දින දිරිය ගනු මැන හෙටක අඳුරක් නම් නැතී......

    කතාව කියෙව්වම මට දැණුනෙ ඔහොමයි රෝමෝ. උඹේ කතාවනම් මරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතක් ඇති තැන නොදනිමි සොයමි පීරා හිස් අහසෙ
      හෙට කළුවර බව දනිමි මිය යමි ඉදින් සිත රහසේ
      පහුවෙලා මුණගැසුණත් අන්සතු ලෙස නුඹ දුකසේ
      හැමදාමත් කැමතියි ළග ඉන්නවනම් මගෙ පන සදසේ

      බොහොම ස්තූතියි මචෝ. ආයෙ උබේ කවි ගැන මොකට කියනවද.උඹ රියල් වැඩ්ඩෙක්...අගෙයි මචෝ කවිය....

      Delete
  4. උඹ කොහොමද බන් මෙහෙම ලියන්නෙ.වචන නෑ කොල්ලො නියමයි.

    ReplyDelete
    Replies
    1. එල බන් බොහොම ස්තූතියි මචන් කමෙන්ට් එකට

      Delete
  5. හරිම ලස්සනයි එක හුස්මට කියවලා දැම්මා ;-)

    ReplyDelete
  6. Replies
    1. ම්ම්ම්ම් තමන් ආදරේ කරන කෙනෙකුගෙන් ඒ වගේ අනපේක්ශිත විදියට ලැබෙන හාදුවක රස් මිහිර තිගැස්ම දන්නේ එහෙම හාදුවක් දුන්න කෙනයි ඒක ලබපු කෙනයි විතරමයි....

      මට මේ කතාව කියෙව්වම සින්දු දෙකකුත් මතක් උනා අර දයාන් කියන වැටෙන් එහා මල් පදුරේ... සහ එයයි නෙලූ අදිකාරියි කියන වසත් කාලය මනරම්...

      Delete
    2. ඒක ඇත්ත රස, මිහිර, තිගැස්ම කියන දේ හරියම දැනෙන්නෙ ඒවගේ අනාරාධිතව හම්බෙන ප්‍රේමණිය හාදුවකින් තමයි. ඒක කායික අවශ්ෂ්‍යතාවයකින් ගොඩක් දුර ගිය එකක් ආත්මීය හැගීමක් දනවන එකක්(මන් දන්නෙත් නෑ...දුන්න එකෙක් තමයි කිව්වෙ)
      ඒ ගීත දෙකත් මෙවන් සිතුව්ලි අවදි කරන ගී දෙකක් විශේයෙන් දෙවැනි ගීයට මන් ගොඩක් කැමතියි. බොහොම ස්තූතියි සොදුරු....

      Delete
    3. හා හා එතකොට ඔයා ඉතින් මෙව්ව කොරලම නෑ... හනේ ඉතින් අපි එහෙම විස්වාස කොරන්නම්කෝ

      Delete
    4. විශ්වාස නොකර ඉන්න පූළුවන්ද සොදුරු. අපි වගේ ලාමක කොල්ලොන්ට ඔව්වට තව දුරයි......ඒත් පේනතෙක් මානෙක ඩ්‍රැකියුලෙක් වෙන්නත් බැරි හැඩයි......

      Delete
  7. Replies
    1. එල බ්‍රෝ තෑන්ක්ස් ඈ.....

      Delete
  8. කාලෙකින් කියවපු ලස්සන කතාවක්.නියමයි රෝමා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බක්කරේ

      Delete
  9. අම්මපා බං මෙහෙම දුරින් ඉඳන් ලව් කරන එක මාර ගති බං

    ReplyDelete
    Replies
    1. හිමි නොවෙන දේකට දුරින් ඉදන් පෙම් කරන එක වේදනාවක් වුනත්...ඒ වේදනාව තුළත් රහක් තියෙනවා බන්( හැබැයි ඉතින් රහ වගේ නෙවෙයි පුතෝ හව්වුනොතින්.අපරාධ නඩුවක් තමයි ඊළගට ෆයිල් වෙන්නෙ)

      Delete
  10. kathawa gena aye mokata kiyanawada istharam rasthiyo. man kiyawapu hodama wagema mathaka hitina keti kathawak. me man asama tanak.

    " මෙතනින් තමයි මන් ගැන ඔත්තු බලන්නෙ නෙ" එයා ගියේ ජනේලෙ ගාවට. මන් එයා ඊයෙ ඇදන් ගියපු සාරිය ගොඩක් ලස්සනයි කියලා මැසේජ් එකක් එයාට දාල තිබ්බා. එකයි ඔය
    "හ්ම්ම්ම් ඇයි එපාද"
    "බලන්න...බලන්න...තාම ඉතින් හැඩ බලන්න කව්රුත් නෑනෙ එතකන් ඉතින් මගේවත් බලන්න"
    "හ්ම්ම්....."
    "හ්ම්ම්...හ්ම්ම්.... ගගාම ඉන්න....කෙල්ලෙක් ඇවිත් උස්සන් යයි කියලද හිතන් ඉන්නෙ"
    "ඔව්"
    "කෙල්ලක් එක්ක ගියොත් පොතක් ගන්නවත් එන්න බැරිවෙයි අපිට මෙහෙම, ඒ නිසා ඔය සක්කරවට්ටම් වලට හව්වෙන්නෙ නැතිව ඔහොම්ම ඉන්න එක හොදයි"

    ReplyDelete
    Replies
    1. ඔවැනි ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි ඇනෝ. කෙනෙක්ගෙ මතකෙ මේ කතාව තියෙනවනම් එකමත් ඇති බන්.ආයෙ ඉතින් වෙන මොනවද.

      මමත් ගොඩක් ආස කෑල්ලක් බන් ඔය.ආයෙත් ස්තූතියි හොදේ

      Delete
    2. ඊලග ඇනෝටත් ස්තූතියි.....

      Delete
  11. කෙනෙක්ගෙ හදවතට දැනුන ආදරය ..රෝමා හරි අපුරුවට ගලපා ඇත.... නියමයි..

    ReplyDelete
  12. කෙනෙක්ගෙ හදවතට දැනුන ආදරය ..රෝමා හරි අපුරුවට ගලපා ඇත.... නියමයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අනුෂි

      Delete
  13. අපුරු ආරක් ගත්ත කතාවක් නිමි කියලා දලා තිබුණා ඒක අපරාධයක් රස්ති

    ReplyDelete
    Replies
    1. මට හිතුණා යාත්‍රා කතාවට පැහැදිළි අවසානයක් නොදී ඉන්න එක හොදයි කියලා. මොකද සමහර කතා ඔය හිත් වගේ අගක්,මුලක්, මැදක් හිතා ගන්න බැරි පැටලුනු නූල් බෝලයක් වගේ. ඔහුන් දෙන්නා ජීවිත්ව ඉන්නකම් සමහර විට මේ කතාවේ දිගුව මෙහෙම්ම තියෙයි. සමහර තැන් වලදි නොහිතපු විදියට ළං වෙයි,තරහ වෙයි ඒත් අමතක කරන්න බැරි වෙයි... අන්තිමේති තැන් දෙකක ඉද ආයෙමත් දෙදෙනාම එකිනෙකා ආදරය කරයි.

      Delete
  14. Replies
    1. බොහොම ස්තූතියි මිතිල.....

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. හ්ම්ම්ම්හ්...
    ජීවිතයට පට්ට විදිහට සම්බන්ධ දෙයක් කියවන කොට දැනෙනවා වැඩියිද මන්දා...

    මම මේකට මොකක්ද දෙන්ට ඕනේ අදහස???
    නෑ මොකවත්ම අදහසක් නොදී ඉන්න තරමට හොඳයි...
    බායි...

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඒ..ඔන ඔහෙ කියලා දාපන් අදහස.අතින් පයින් යන එකක්ද

      Delete
  17. කොටස් දෙකම අද කියෙව්වා. ලඟකදි කියවපු හොඳට දැනිච්ච කථාවක්. නියම හැකියාවක් රස්ති. රෝමාන්තික කියන නමේ කෑල්ලට සාධාරණයක් කරල තියෙනවා මේකෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබවැනි ප්‍රවීනයින්ගෙ මෙවැනි දිරිමත් කිරීම් ගොඩක් වටිනවා

      Delete
  18. කතාව ඇතුලේ ජිවත් වෙන්න පුළුවන් වගේ රොමා...කාලෙකින් ඇවිල්ල කියෝපු පළවෙනිම කතාව...නියමම නියමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තීතියි. ඒක නෙව කාලෙකින් දැක්කෙ...

      Delete
  19. මේ මං වැහිබිංඳුවා..මතකද මන්ද..��අම්මේ පට්ට කතාව අයියෙ ඈහ්..එක හුස්මට කියෙව්ව..ඔයා දියුනු වෙලා එකෙන්ම..හී හී..මරේ මරු..පොඩ්ඩක්වට් බෝරිං නැහැ..එල වැඩක්

    ReplyDelete
    Replies
    1. එහෙමත් අමතක වෙනවද අලේ වැහි බින්දුව. කොහෙද ගොහින් හිටියේ. විභාගෙත් ඊලග මාසෙනෙ නේද...

      Delete