24 May 2018

සමනළ ගැටය


සිත ලිහුව
මගෙ නොවුන
මට පෙම් නොකළ
මුත් මම ලිහුව
කාගේ කවුරුදැයි 
නොදනිමි ඒ
සමනළ ගැටය

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

18 May 2018

නිරුවත් අටවක


නිරුවත් අටවක
සොදුරුය
මිහිරිය
හැමදා පායා දිලිසෙන 
පුන් සදටත් වැඩියෙන්

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

10 May 2018

ආදරයක් පාට කරන්න



මගේ සඳ ඔබමද....?
ඔබේ සද මමමද.....?
එසේ නම් ඇය හට
කියන නම කුමකද....?



-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

02 May 2018

ඒක ලා පාට සඳක්.........


සඳ තියෙන්නෙ
 විදගන්න
නොදන්නම විදියට 
හැමදාමත් ඉන්න
පාලුවක් දැනෙන රෑකදි විතරක්
 ඒ එලිය යට හීන මවන්න
ඔබ කියන්නෙ අහසක් 
වෙන්න ඇති
 දුරක හිද සිරි බලන
තරු කැට මැද
නුඹ දිදුලන සදකුයි 
හැමදාමත් සිත ගත්ත