Showing posts with label සංචාර. Show all posts
Showing posts with label සංචාර. Show all posts

16 March 2018

අඩා හැලෙන ඇල්ල බැලුමට ගිය ගමන - Andahalena Ella Waterfall, Pituwala, Elpitiya


                                                          එල කොල්ලෙක් කෙල්ලෙක් උනාම හැමදාම උදේට කන එකයි, දවල්ට කන එකයි, රෑට කන එකයි ඔෆිස් යන එකයි, ඉස්කෝලෙ යන එකයි,ජිල් ගහන එකයි ඇරුණම ඊට වඩා වෙනසක් තියෙන්න ඕනෙ. විලියොම් සේක්ස්පියොර් උතුමත් දවසක්දා එහෙම එකක් කියලා තියෙනවා. 
                                  ඉතින් මේ අල්ල පනල්ලෙ එතුමානෝ එහෙම කියපු නිසාමත් නෙවෙයි අර මද්දලා,තඩියලා එහෙම බයික්ක වලින් රවුම් ගහලා නොයෙකුත් විච්චූරණ පොටෝ බ්ලොග් වල එල්ලන නිසා මන් හිතුවා පහුගිය දවසක සතියෙ දවස් වල මැදට  අතිසය දුර්ලභ විදියට සෙට් උනු පෝය නිවාඩුවක ගිය ගමනක් හෙම දාන්න.
               කොහොමත් ඉතින් මගේ සංචාර කියන ලේබල් එක යටතේ යන එන සංචාර දිගටම අප්ඩේට් වෙයි. මීට ඉස්සෙල්ලත් එකක් දාල තියෙනවා. යන්න ඉන්න එකෙක්ට ප්‍රයෝජනයක් වෙන්න පුල්ම විස්තරයක් හැම පෝස්ට් එහෙකින්ම දානවා දන්න කියන හැම තොරතුරක්ම දාලා.

23 December 2016

යාල පිස්සුව - Yala national park


                                                            ඉකුත් සති‍යේ දවස් හතරක පුල් මාවලස් නිවාඩුවක් එළඹියෙන් එම දවස් හතර ඉතාමත් සොමිබර ලෙස ගත කිරීමට ඉස්කෝලෙ එකට හිටපු උන් ටික ගජරාමෙට බුකියේ අටවාගත් ගෲපයේ සියළු සංවිධාන කටයුතු ඉටුකර තිබුණී. පොදු මතය වූයේ කතරගම යාම හැම එකාම සුට්ටං බට්ටිත්තාගේ කාලේ සිට තිත්ත වෙනකම්ම කර ඇති බැවින් මෙදා පාර බුත්තල ප්‍රදේශයේ ඇති සිද්ධස්ථාන වැද පුදා ගැනීමට යාමටය. යන එන තැන කාටවත් වැදගත් නොවුයේ අපේ එවුන්ගේ මුලික පරම පිවිතුරු අරමුණ වු‍යේ බෝතල් කැඩීම නිසාය. එසේනම් මේසේ වන වගය.

"යනකොට බොන්න ඕන බෝතල් ගන්න හැටි"
"දවල්ට කාලා නාන ගමන් බොන්න හොද පොට් එකක්"
"රෑට බාබකිව් එකක් එක්ක රෑ එළිවෙනකම් හොද බජ්ව්වක් දාන්න හොද කේස් දාන්නෙ නැති රෙස්ට් හවුස් එකක්"
"පස්සෙන්දා නවත්තගෙන උයාගෙන කාලා බොන ගමන් පොඩි ආතල් එකක් ගන්න පුළුවන් වැවක්"
                                                             තත්වය එසේ වුවද අපි යාමට නියමිත ගමන පිළිබද මගේ ගමේ යාලූවෙකු හා නිකමට පැවසූ මොහොතෙදී ඔහු කීවේ යාල පැත්තෙ යනවනම් තෙල් ගාසාගෙන යාමට සෆාරි රථයක් සුදානම් කර දිය හැකි බවය. රස්තියාදුකාරයාද යාල කිසිදා නොගිය තැනක් බැවින් ද අනෙකුන්ගෙන් විමසා මුල් දින බුත්තල සහ දෙවන දින යාලට ගමන ස්ථිර කරගන්නා ලදී.                                                    
                                                පසු දා උදෙන්ම ගමන ඇරඹී‍ය. බොන ඒවා සර්වියට් පේපරේ සිට තිතටම ප්ලෑන් කොට තිබුණද. උදේට කෑමට ප්ලාස්ටික් පිගන් සෙවීමට මුළු ඇඹීලිපිටි නගරයම පීරන්න විය. එව්වා පාසලේ බන්ටි ටොපිය කා ගල් අරක්කු වලට ඇල් වතුර සැන්ඩි කර බීපු අපේ එවුන්ගේ සංවිධාන හැකියාව ගැන තවත් සොදුරු මතකයන්ය.