Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

01 August 2018

කපටි පාට හිනාවක් (කෙටිම කෙටි කෙටි කතාවක්)

                                   
                                      පෙරවදනක් ඕනෙමද කතාවකට. මේ කතාවට පෙරවදනක් නෑ. පසුවදනක් කියලා එකක් දෙන්න හදන්නෙත් නෑ. ඇය තරමක් සුදුයි, බෝලයි, උසයි, මහතයි ඇය මුලින්ම දැක්කෙ පොලිස් පාක් හෝල්ට් එකේදි. ඇයට තිබ්බෙ වෙනස්ම හිනාවක්. ඒකට හරියන්නෙ "අහිංසක" හිනාවක් කියන එක නෙවෙයි. ඒක කපටි හිනාවක්.
                         කපටි පාට හිනාවක් තිබ්බට එයා කපටි කෙල්ලෙක් නෙවෙයි. අහිංසක පාට ගෑණු ළමයෙක්. ඇත්තටම හිනාව විතරයි කපටි පාට. ඒක ටිකක් අපප්භ්‍රංෂයක් වගේ වුණාට. එයාගේ හිනාව එහෙමයි.
                       කපටි කියන වචනය ඇර සමහරවිට ඒකට හරියන්නෙ වෙන වචනයක් වෙන්න ඇති. ඒකට හරියන තනි වචනයක් සිංහල භාෂාවෙ නෑ. ඒක හරියට මෙහෙම කිව්වොත් "ආදරණීය බවක් පෙන්වන කපටි පාට අහිංසක හිනාවක්" වගේ වාක්‍යකින් එයාගේ හිනාවට සාධාරණයක් කරන්න පුළුවන්.
                     එයාගේ ලස්සන ප්‍රතිශත වලින් බෙදුවොත් එයාගේ හිනාවට සීයට හතලියක්වත් තනිකරම දෙන්න ඕනෙ. ඇත්තටම ඒක කපටි පාට ලස්සන හිනාවක්.

05 April 2018

ආදරයක් සහ ආදරයක් (කෙටිම කෙටි කෙටි කතාවක්)


                                                             දැන් තමයි මුහුද ගොඩක්ම ලස්සන වෙරළට ඒළිය දෙන්නෙ හදත් තරු කැට ටිකත් විතරයි. කකූළුවෙක් අල්ලන්න ටෝච් එකක් පත්තු කරන් යන එකෙක් මිස කවුරුත්ම නෑ. ඒ ගුප්ත අදුර...ලවණ මුහු වෙච්ච හිරිකඩ හුළග.... සට සට ගාලා වදින කොට මිලියා පිස්සෙක් වගේ ප්ලාස්ටික් කෝප්පයෙ භාගයක් පිරවෙන්න ආයෙත් අරක්කු හලා ගත්තා. ඌ බොනවා..... පිස්සෙක් වගේ බොනවා. කදුලු බේර බේර ආයෙත් අඩනවා....

"අඩන්නේ ගෑණූ...අඩන්නෙ නැතුව ඉදපන්"

                                               ඒත් ඌ අඩනවා... උගෙ දුක කියනවා. සුළගයි,බීමයි,දුමයි එක්ක වෙනමම ලෝකෙක වගේ ඉන්න මම ඌව සනසනවා. ඒ ලෝකෙදි හද එළිය පාර කියනවා.  පලසක් වගේ උඩ ඇතිරිච්ච තරු කැට ඇස් අග්ගිසෙන් බොද වෙලා පේනවා. මන් ඌව ආයෙත් සනසනවා. 

"ඔහොම තමයි බන් මොනවා කරන්නද ගෑණු යනවා"
"මන් මොනවා කරාටද බන් ඒකි යන්නෙ"
"ඒකි වේසියෙක් බන් තේරුම් ගනින්"

06 March 2018

කොන්ද පණ නැති එකෙක් - (කෙටිම කෙටි කෙටි කතාවක්)


                                                දැන් ඒ කෙල්ල මෙතෙන්ට එන්න අරන් මාස තුන හතරක් වෙනවා. නිතරම හිනාවෙලා එක එක දේවල් කියව කියවා එයා යනවා. ඒ කෙල්ල වැඩිපුරම කැමති අමිල අයියට මට ඒකට ලොකු තරහක් තියෙන්නෙ උන් දෙන්නත් එක්කම.  ඒ කෙල්ල ඇවිත් මාස දෙක තුනක් වුනාට මන් තාම එක පාරක්වත් ඒ කෙල්ලට මුහුණ දුන්නෙ නෑ.ලොකු ඉස්කෝලෙකට ගිය ඉංග්‍රීසි වතුර වගේ වුණු කෙල්ලක්. මන් ඇත්තටම උන් දෙන්නා ට්‍රේන් එකට නැග්ග වෙලේ ඉදන් හිටියේ දෙන්නත් එක්කම ලොකු මලකින්.
                                                 අමිලයා නගින්නෙ අලුත්ගමින්,මම නගින්නෙ දකුණු කලුතරින්, ඒතකොට  ඒ කෙල්ල නගින්නෙ උතුරු කලුතරින්.අදත් උන් ටික සුපුරුදු විදියටම තොදොල් වෙනවා මන් මුල්ලකට වෙලා ඉන්නවා. ඒ කෙල්ලත් අමිල අයියට කැමැතියි. මුලින්ම මගේ හිත ඉරිසියාවෙන් පුපුරනවා. දෙවැනියට උන් දෙන්නටම තේරෙන්නෙ නැති තැනකින් වෛර කරනවා. ඉන් පස්සෙ මුල්ලකකට වෙලා ටික වෙලාවකින් ඒ කෙල්ල දිහා බලාගෙන හිතන්න ගන්නවා. 
       

19 July 2017

හුස්ම ගන්න හාද්දක් - අවසන් කොටස

                                                                     
   
හුස්ම ගන්න හාද්දක් - පළමු කොටසට මෙතනින් යන්න 
                                                           
                                          එදා වැස්සක් ඉවරවුණු ගමන්ම පාරේ අයිනේ මඩ වලවල් පිරුණු තෙත පරිසරයක් තිබ්බ දවසක්. මේ එයාගෙන් මට ආපු හතර වෙනි කෝල් එක නැත්තම් හතරවෙනි හයර් එක කිව්වත් වරදක් නෑ.  එදත් එයා ඇවිත් කිසි කතාබහක් නැතිවම ත්‍රීවිල් එකට නැග්ගා. ඔව් ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්. අර මුල් දවසෙ ඇර තාමත් එයා හිනාවෙනවා මන් දැකලා නෑ.
                         හොදටම වැහැලා තෙත් වෙලා තිබ්බෙ ගහ කොළ හැම එකක්ම.තව ආයෙත් වහින්නද කොහෙද. වැහි බීරුම වගේ.  හදිස්සියක් කියපු නිසා මමත් ටිකක් වේගෙනුයි ගියේ ඒත් ටිකක් දුර යද්දි ඉස්සරහින් ආපු මෝටර් බයික් එකක් ඒ පැත්තෙන් ආපු බස් එක ඉස්සර කරගෙන හිතපු නැති විදියට වේගෙන් ත්‍රීවිල් එක ඉස්සහරට කඩාගෙන ආවා.මොනවා කරන්නද තප්පරෙනුත් දහයෙන් පන්ගුවක්දි මට හිතන්න වුනා. මන් කරේ එක තැන වමට හරවපු එක. ත්‍රීවිල් එක බිමට පෙරළුනා. මෝටර් බයිකාරයා ත්‍රීවිල් එකේ අයිනෙ වැදීලා විසි වෙලා ගියා
                                                                   මම   නැගිටිනකොට බිම වැටිච්ච පාර ඕලුවෙන් ලේ එනවා. ඒත් එයාටනම් ලොකු තුවාලයක් නෑ අත මොහොක හරි වැදිලා ලේ එනවා. මන් හිතන්නෙ ඒකටද කොහෙද එයාට සිහිය නැතිවෙලයි තිබුනෙ.
               මන් ඕලුවෙන් ලේ ගලද්දි ගිහින් එයාව තුරුල් කරන් නැගිට්ටුවා. මගේ අතින්ම වතුර ගහද්දි  තමයි එයාට ටිකක් සිහිය ආවෙ. මන් එයාව වත්තන් කරන් ත්‍රීවිල් එකත් එතනම දාලා වෙන ත්‍රීවිල් එහෙක නැගලා හොස්පිට්ල් එකට ආවා.
                       මගේ නලල තුවාල වෙලා තිබ්බ නිසා. මට දවස් දෙකක් යනකම් ටිකට් කැපුවෙ නෑ. මොකද ඕලුවට වැදුන නිසා එහෙම තියාගන්නවලු. එයාටනම් එදාම ටිකට් කපලා. ඇත්තටම නවතින්න තරම්වත් තුවාලයක් නෑ එයාට. ඒත් යන්න ඉස්සෙල්ලා මගේ සුවදුක් බලලා තව  සික්ස් පැක් හස්බන්ඩ් එයාට ගෙනාපු පළතුරු වට්ටියකුත් සික්ස්පැක් හස්බන්ඩ්ම මගේ කබඩ් එක උඩ තියලා එයාලා දෙන්නා යන්න ගියා. පිටින් පේන තුවාල වලට වඩා එදා මට රිදුම් දුන්නෙ පිටට නොපෙනන තුවාල.

12 July 2017

හුස්ම ගන්න හාද්දක් - පළමු කොටස



                                                   ඒක අහඹූ හමුවීමක් සහ වෙන්වීමක් අතර තිබුණු අපැහැදිළි තැනක්. මට ඕනෙ වුනේ ආදරයක් නෙවෙයි වෙන දේකුත් නෙවෙයි අපැහැදිලි දෙයක්. මාස ගානක් තිස්සෙ මන් ඉන්න බෝඩිමේ උඩ තට්ටුවට එයාව පේනවා නිතරම එළියට එන්නෙ නෑ. සතියේ දවස් පහේම යන එයා එන්නෙ හවස්වෙලා. සෙනසුරාදා ඉරිදා වුනත් එයා ගෙදරින් එළියට බහින්නෙ ගොඩක් අඩුවෙන්,සමහරවෙලාවට බහින්නෙම නෑ. අමතක වුණා දෙයක් කියන්න මන් දැන් ආයෙත් කතාවෙ මුලට යන්නම්.
                                                   මන් මේ බෝඩිමට ආවෙ මාස හතර පහකට කලින්. තවත් බෝඩිමක ඉදන් තවත් තැනකට මුහු වෙනකොට තියෙන්නෙ අමුතු හැගීමක්. මොකද අළුත් තැනකට මුහු වෙනකොට එහෙම හැගීමක් එනවා. මෙතනට ඇවිල්ලා දවස් දෙක තුනකදි වගේ තමයි එයාව දැක්කෙ එයා සුදුයි ඒත් සුදුම නෑ ඒක සුදට වඩා ලස්සන අදුරු පාටක්..ටිකක් විතර උසද මන්දා...එත් උසමත් නෑ..... එයාගේ තිබ්බා අමුතු පෙනුමක් හරියට මිනිස්සුන්ව වසගයට ගන්න පුළුවන් පෙනුමක්ම කියලා මන් කියන්නෙ නෑ.
                                          ඒත් මන් වසගයට ගන්න පුළුවන් වුණු පෙනුමක්. පොඩ්ඩක් ඉන්න මන් වසගයටම ගත්තා කියන්නත් බෑ. ඒත් මන් එයා ගැන ටිකක් උනන්දු වුණා. ට්කක් කිව්වට ඕනාවටත් වඩා වැඩි පුර උනන්දු වුණා කිව්වොත් ඒක වැරදියිම කියන්නත් බෑ.
                       දවසින් දවස එයා මල් පැල වලට සාත්තු කරන දිහා මන් හවස ඇවිත් උඩ තට්ටුවෙ ඉදන් බලන් හිටියා.  එක නිකන් පුරුද්දක් විදියට හැමදාමත් වුණා. තේ එකකුත් එක අතකින් අරගෙන පුටුවෙ වාඩි වෙලා එයා දිහා බලන් ඉන්න එක පුරුද්දක් වුනා. ෆෝන් එකත් ඔබ ඔබ සතියෙ දවස් වලටනම් මම විනාඩි පහලවක් විස්සක්ම කරන්නෙ එයා දිහා බලන් ඉන්න එක. එයාගේ තිබුනේ  ටිකක් විතර සිහින් සිරුරරක් අවශ්ෂ්‍ය හැඩ ඒ සිරුරේ ඕනවටත් වඩා තිබුණා.
                                    ඒත් මන් ආස එයාගේ උඩ කෙහෙ රැල්ලක් නිතරම මූනෙ පැත්තට වැටිලා තියෙන කොට එයා දිහා බලන්න. එතන තිබුනේ අමුතු අහිංසක ලස්සනක්.... ඇත්තම කිව්වොත් මාව ඉක්මණටම වසගයට ගත්තා.
                                                        මන් වැඩ කරේ ඉන්ෂුවරන්ස් කම්පැනියක පියන් කෙනෙක් විදියට. ඒත් ඉතින් මන් ඊට වඩා හම්බ කරන්නෙ ඒ යන එන ගමන්. මොකද මන් වැඩට යන්නෙ ත්‍රීවිල් එකේ. කියන්න ඕනෙ නෑනෙ කොළඹ  හයර් කෑලි වැදෙන විදිය උදේට යි හවසටයි.  පැය පැය ඔය දේකේදි ගහගත්තත් රුපියල් තුන් හාරසීයක් අනිවාර්යෙන්ම හම්බෙනවා.  මන් ත්‍රීවිල් එක ගැන කිව්වෙ කතාවේ ඊළග කොටසට යන්න . ආ හරි දැන් ඒක මෙහෙමයි........

28 June 2017

ගන්ධබ්බ

                    කහට සීනි දිය කරගත් කෝප්පය සමග ඉස්තෝප්පුවේ කුණු පැහැති වේවැල් පුටුවේ සිට ඉස්සරහ පාරත් යන එන මාළු කාරයත්, පලා කාරයත්, පත්තර කාරයත් දැකීම සුලභය. ඉන් එහා ඇති පිට්ටනියත් ඉන් මදක් ඔබ්බට ඇති වේල්ලෙ කන්දත් පින්නත් එක්ක දේදුන්නක් මවා ඇත.හිමිදිරිය නොවුණත් වැහි බීරුමත් එක්ක ඇත්තේ අදුරු පරිසරයකි.  අතු පතර විහිදී ගිය වැටෙහි වූ රූස්ස සූරිය ගස් දෙක තුනෙහි වූ අතු පතර එහි වූ දේදුන්න බැලීමට බාධාවක්ය. නිවාඩු දින වලට මා නිනව්වක් හෝ අදහසක් නොමැතිව ඈතින් මෑතින් පෙනෙන පාරත් යන එන එවුනුත් දිහා තේ කෝප්පයක් එක්ක බලා ඉදීම දැන් පුරුද්දක් ලෙසම සිදුවන්නක්ය.                                                                                                                                               
"මේ අහන්නකො"
"මොකද්ද....?"
"ආදරෙයිද මට?"
"පිස්සුද ඔයාට"
"ඔරවගෙන ඔරවගෙන ඉදලා අද ටිකක් කතා කරන්න ගත්තා. ඒත්"
"මොකද්ද ඒත් කියන්නෙ? බබෙක් වෙන්න එනවනෙ"
"මන් ඔයත් එක්ක හුරතල් නොවී කාත් එක්ක හුරතල් වෙන්නද"
"ඔන ඒ පාර අඩන්න ගත්තා.... මිනිස්සු ඉන්නවා තමුසෙට පේන්නෙ නැද්ද"
"මට තමුසෙ තමුසෙ කියන්න එපා. ඉන්න බැරිනම් යනවා මමනෙ අඩන්නෙ"
                                               පුංචි අම්ම්ලෑ ගෙදරින් ගෙනා ඉදි ආප්ප පීරිසිය තාමත් මේසෙ උඩය.  නිවාඩු දවසටත් උන්දැ සිතනු ඇත්තේ ඉර පායන තදියම මා කන බවය එහෙත් දැන් ඇදෙන් නැගිටීමට සිතෙන්නෙත් දහය එකොළහ ගෙවීමෙන් පසුය. ඉදි ආප්ප පිරීසියත් සීතලය තේ වතුර කෝප්පයේ අඩක් තාමත් එලෙසමය.  කෑමට පියක් නැත.

23 January 2017

මුදියන්සේ ඉස්කොලේ මහත්තයා(18+)


"දැන් තමුන් ලා මේ වැදගත් දෙමව්පියෝ ඉස්සරහා වැදලා සමාව ඉල්ලන්න ඕන ආයෙත් මේ වගේ අසික්කිත වැඩ කරන් නෑ කියලා."
"මේ ලොකු සර්ටත් වැදපන්"
"අනේ සර් ඉස්කෝලෙන් අස් කරන්න නම් එපා.මන් අපේ එකී ගැන බලාගන්නම්"

ඊයෙ දවාලේ කරුණාවතී මිස්ගෙ පන්තියෙන් ගෙන ආ අවනඩුව පිට්ටනියේ දෙමව්පිය දෙපළත් සමග නොපෙනී යනවා මුදියන්සෙ ඉස්කෝලෙ මහත්තයා බලාසිටියාය. පැවති කෙටි නිහඩතාවෙන් පසු කරුණාවතී ටීචර් නැවැතත් කතා කලේ විස්සෝපයකින් යුක්තවය

"මට ඉංග්‍රිසී පීරියඩ් එකේ පන්තියට ගියපු රූපසිංහ මිස් තමයි කිව්වෙ, කැතේ බෑලු තුරුලු වෙලා ඉදලා තියෙන්නෙ පන්තිය මුල්ලෙ හේත්තු කරගෙන"