28 June 2017

ගන්ධබ්බ

                    කහට සීනි දිය කරගත් කෝප්පය සමග ඉස්තෝප්පුවේ කුණු පැහැති වේවැල් පුටුවේ සිට ඉස්සරහ පාරත් යන එන මාළු කාරයත්, පලා කාරයත්, පත්තර කාරයත් දැකීම සුලභය. ඉන් එහා ඇති පිට්ටනියත් ඉන් මදක් ඔබ්බට ඇති වේල්ලෙ කන්දත් පින්නත් එක්ක දේදුන්නක් මවා ඇත.හිමිදිරිය නොවුණත් වැහි බීරුමත් එක්ක ඇත්තේ අදුරු පරිසරයකි.  අතු පතර විහිදී ගිය වැටෙහි වූ රූස්ස සූරිය ගස් දෙක තුනෙහි වූ අතු පතර එහි වූ දේදුන්න බැලීමට බාධාවක්ය. නිවාඩු දින වලට මා නිනව්වක් හෝ අදහසක් නොමැතිව ඈතින් මෑතින් පෙනෙන පාරත් යන එන එවුනුත් දිහා තේ කෝප්පයක් එක්ක බලා ඉදීම දැන් පුරුද්දක් ලෙසම සිදුවන්නක්ය.                                                                                                                                               
"මේ අහන්නකො"
"මොකද්ද....?"
"ආදරෙයිද මට?"
"පිස්සුද ඔයාට"
"ඔරවගෙන ඔරවගෙන ඉදලා අද ටිකක් කතා කරන්න ගත්තා. ඒත්"
"මොකද්ද ඒත් කියන්නෙ? බබෙක් වෙන්න එනවනෙ"
"මන් ඔයත් එක්ක හුරතල් නොවී කාත් එක්ක හුරතල් වෙන්නද"
"ඔන ඒ පාර අඩන්න ගත්තා.... මිනිස්සු ඉන්නවා තමුසෙට පේන්නෙ නැද්ද"
"මට තමුසෙ තමුසෙ කියන්න එපා. ඉන්න බැරිනම් යනවා මමනෙ අඩන්නෙ"
                                               පුංචි අම්ම්ලෑ ගෙදරින් ගෙනා ඉදි ආප්ප පීරිසිය තාමත් මේසෙ උඩය.  නිවාඩු දවසටත් උන්දැ සිතනු ඇත්තේ ඉර පායන තදියම මා කන බවය එහෙත් දැන් ඇදෙන් නැගිටීමට සිතෙන්නෙත් දහය එකොළහ ගෙවීමෙන් පසුය. ඉදි ආප්ප පිරීසියත් සීතලය තේ වතුර කෝප්පයේ අඩක් තාමත් එලෙසමය.  කෑමට පියක් නැත.

                                   මොකක් හරි තේරුමක් බේරුමක් කරගත්ත දවසක ඉදලා හැම හයි හත්තියකින්ම මමයි අක්කයි වෙනුවෙන් නැවුණු ගෑණි වැලහින්නක් වගේ ඇදිලා ගිහින්ය...නිරතුරුව කදුලු  පුරෝගත්ත කතා කෙරුමට වෙර දරන ඇස් දෙක, මන් ගෙදර එනකොට තේ එකක් වත් හදා දෙන්න බැරිව දුකෙන් ඔත්පල වුණු ඒ ඇස් දෙක.

"මල්ලි අම්මට කොහොමද"

"ඕන කමක් තියේනම් ඇවිල්ලා බලාගනින්"

" පොඩි එවුන් ඉස්කෝලෙ යවන්නයි.....මිනිහගේ අම්මගෙ ගූ හුරිජ්ජ අදින්නයි....ඒ අස්සෙ මිනිහගෙ තාත්තට වේලක් කඩෙන් කන්න බෑ දෙන කෑමත් රස්නෙට නොතිබ්බොත් තව ප්‍රශ්ණයක්.... මේ ඔක්කොම ගිනි අස්සෙ මට දවස ගානෙ ගමේ දුවන්න බෑනේ"

"උඹ පොඩි කාලේ උඹේ ගූ හුරිජ්ජ ඇද්දේ මිනිහගේ අම්මනේ. වැදලා කියන්නම් උබ එන්නත් එපා...කෝල් කර කර මට පව් දෙන්නත් එපා"

"උබේ විතරක් නෙවෙයි ඒ මගෙත් අම්මා"

"පොඩි කාලේ අපේ ගෙදර හැදී වැඩුණු ගුනේට  චිත්‍රා අක්කත් දහ දොළොස් ගමනකට වැඩිය ඇවිත් ගියා අම්මව බලන්න,,,උඹ ගමේ එවුන්ට පේන්න එකම එක දවසක් හවසක ඇවිත් පස්සෙන්දා උදේ ගියා"

"උඹ මට යුතුකම් මොනවද කියලා කියලා දෙන්න එන්න එපා"

                                                   වෙනදා සාරෙට වැවුනු උදුපියලිය උඩ අද එක යායට පිළිවෙලක් නැතිව රටා මැවූ තණකොලය. එහෙත් රූස්ස සූරිය අතු නිසා මහා මූසලකමක් දැනෙයි.  හවසට මෙතනින් ඈත වූ දැක්ම ලස්සනය. මදක් ඈතින් වූ පිට්ටනියේ හවසට පොඩි වුන් සෙල්ලම් කරයි. රූස්ස වේල්ලෙ කන්දත් ඊට උඩින් වැටුනු ගිනි පොළිගු නිවූ හිරු රැස් වලින් කන්දත් පිට්ටනියේ සිටින පොඩි වුන්ගේ දග වූ දිවිල්ලත් අතර චිත්‍රය ප්‍රිය ජනකය. තරමක් වූ ඉඩ අතරින් ඒ චමත්කාරය හැමදාම වින්දත් රූස්ස සූරිය ගස් තුන හතරේ අතු පතර ඒ සිරි විදීමට මහත් බාධාවක්ය.
"වැස්සෙ පොඩ්ඩක් තෙමෙමුද?"
"ලෙඩ වෙන්නද"  " හරි හරි ඔයා යන්න මන් බලන් ඉන්නම්"
"මොනවා බලන්නද"
"වැස්සෙ තෙමෙන පිස්සු කෙල්ලෙක් දිහා"
"ආස ඇති ගොඩක්" "අනෙ එන්නකො'''
"සපත්තුවට වතුර යනවා"
"හ්ම්....කමක් නෑ"
"හරි හරි යමු....හැබැයි කුඩයකුත් ඉහලගෙන..කොහොම ගියත් නාන්න වෙනවා මේ වැස්සට"
                                                          ඉස්තෝප්පුවත් එක්කලා අදුරු වී තිබෙන රූස්ස ගස් පේලියේ අතු,ඉති,රිකිලි ටික කැපුවානම් සැන්දෑවට තියෙන මූසලකම ගොස් පිටියේ දුවන කොලු රෑනේ කලකෝලහල දිවිලිද. ඉන් එහා උන් වේල්ලෙ කන්දට වැටුනු මෘදු හිරු රැස් වල සුරිය ගස් පේළිය සැග වූ ලස්සනද බැලිය හැක. බින්දුවා ලෑ ගෙදර ගිහින් ඌට කීයක් හරි දුන්නොතින් මේ රූස්ස අතු ටික වරුවෙන් කැපිය හැක. ඒකා දිමියෙකු වන් එකෙකි. ඕනෑම ලපටි අත්තක පය තබා යාමටත් ඕනෑම අත්තක සැහැල්ලුවට සිටීමටත් රුසියෙකි.

"උබ අම්මගෙ මිනියට මිනිහගේ සක්කිලි සල්ලි වීසි කරන්නද ආවේ"
"බල්ලා තෝ කාටද කතා කතා කරන්නෙ"
                                                    ඇයගේ කම්මුල් පාරෙන් රත් වී පුපුරන මගේ කොපුල....කෙස් රොදින් අල්ලා ඉවතට තල්ලු කොට පිගන් රාක්කෙ වැදුණූ, රතු වී ගිය ඇගේ මුහුණ.

“මොනවද තොපි කියවන්නෙ… අහල පහළ එවුන් හිතයි අම්මා මැරුණු ගමන්ම දේපල බෙදාගන්න බැරිව රණ්ඩු වෙනවා කියලා”

“පුංචි අම්මෙ…මේ බල්ලට”

“උබත් මහ ගෑනියෙක් නොවී කට පියාගෙන පලයන් ඇතුලට”

                          මාව වාරුගෙන කාමරයට ගෙනා පුංචි අම්මා බොහෝ දේ තෙපළා යන්නට ගියාය. මව ගැන උපන් දැඩි සංවේගයත් සහෝදරිය ගැන උපන් කෝපාවිශ්ඨ වේදනාවත් විනාඩි ගණනාවක හැඩුම් කදුලු වලින් දියවෙනු දැනුණී. කුස්සියේ සිටියේ කව්දැයි මතක නැත. ලැජ්ජාවක් මුසු විචකිච්චාවකින් හෝරාවක පමණ මම එහිම වූවේය.
                                                           බින්දුවා සමග හරි හරියට වැඩ කොට ඇති මහන්සියට තේ කෝප්පයක් අතින් ගෙන වේල්ලෙ කන්දේ ගුප්ත රසය බැලීමට වේ වැල් පුටුවේ වාඩිවුවත් හිත තුල යම් දෙයක් හිර වී හෝ නැති බැව් හෝ දැනෙන්නා වාගේය. බින්දුවා රූස්ස සුරිය ගස් තුන හතර එහෙම් පිටින්ම අපූරුවට කප්පාදු කළාය. වේල්ල කන්දට එක එල්ලේ වූ සූරිය ගහ බිමට සමතල වෙන්නම කප්පාදු කර ඇත. ගමේ පොඩි කොල්ලන්ගේ කෙළිලොල් දිවිල්ලත්. වේල්ලෙ කන්දට උදේට වැටෙන දේදුන්නත්, හවසට විසිරෙන හිරු රැසත් රිසි සේ විදිය හැක.
                                      ඒත්........ දැනෙන්නෙ හිස් හැගීමකි. ඒ තුල ප්‍රියක් නැතුවා සේය. සූරිය ගස් අතු අතුරින් අමාරුවෙන් බැලූ වේල්ලෙ කන්දත් කෙළිලොල් පොඩි එවුන්ගේ දගත් සුරිය අතු පතර මුඩු වූ පසු හොදින් පෙනෙන වේල්ලෙ කන්දටත් කෙළිලොල් පොඩි එවුන්ගේ දගටත් වඩා ලස්සනයි වාගේය.......
                                                                සැබැවින්ම අමාරුවෙන් බැලූ වේල්ලෙ කන්දත් පිට්ටනියේ වූ කොලු රැලේ කලකෝලාහලත් එක එල්ලේ පෙනෙන වෙල්ලෙ කන්දටත්, කොලු රැලේ කලකෝලාහලවලත් වඩා ලස්සනය....ගුප්තය..........

-රෝමාන්තික රස්තියාදුකාරයා-



සැ.යු. -  ඉයන්ගේ අඩවියෙන් පොඩි අභියෝගයක් දීලා තිබ්බා බොලොග් ලියන්නන්ට වැඩි විස්තර ඔතනින්  බලන්නකෝ පොල් මැල්ලුම් ඡානරයේ කථාවක් ලියන්න පුළුවන්ද?  ඉතින් එකින් එක වෙනස් ඉසව් තුනක දිවෙන කතා තුනක් එක් කතාවක් තුල ගොනු කිරීම යම් අභියෝගයක්. ඉතින් ඔබත් ඔබේ බොලොග් පිටුව මෙම අභියෝගයෙන් සරසන්න කියලා මම හැමෝටම පොදුවේ ආරාධනා කරනවා.
                                          දුමිත් එක්ක කෝල් කර කර මැසේජ් කර කර කතාව ලියලා එකම වෙලාවේ පෝස්ට් කරාට මොකද. තාම කතාව මොකද්ද කියලා හාන්කවිසියක් වත් දන්නෙ නෑ. ඉතින් මාත් යනවා ඒක බලන්න. දන්නෙ නැති එකෙක් ඉන්නවනම්   මේ පාර දිගේ වරෙල්ලා

ප.ස. -  තරිදුගේ ලෝකයේ තරිදුවත් වෙනස්ම මැල්ලුමක් හදලා තිබ්බා මෙන්න පාර

59 comments:

  1. මැල්ලුම නම් හොදයි රසත් තියේනවා එත් ගුණාගුණ කියන්න දැන්ම බෑ. ඉතිරියත් කියවලා බලමු.

    ReplyDelete
    Replies
    1. ඉතිරියක් මොකද්ද බන් කතාව ඉවරයිනේ.....මේ උඹත් දාහන්කො මේ වගේ ප්‍රබුද්ධ කතාවක්...

      Delete
    2. හුටා මම හිතුවේ තව කොටසක් ඇති කියලා.

      Delete
    3. යකො මේක මෙගා එකක් නෙවෙයි කෙටි කතාවක්. ඉක්මණටම උබේ එකත් දාපන්

      Delete
  2. කොහොම ජීවත් වුවත් දුවෙක්ට පුතෙක්ට මවකගේ සෙනෙහස අවශ්‍යමය. කියාගන්න බැරි අසම්පූර්ණ බවක් ඒ සෙනෙහස නැතුවාම දැණෙනවා. අම්මෙක්ගේ මරණයත් ඒ ඔස්සේ දිවෙන කතාවත් රහට ගළපලා තියෙනවා.

    \\ඇයගේ කම්මුල් පාරෙන් රත් වී පුපුරන මගේ කොපුල....කෙස් රොදින් අල්ලා ඉවතට තල්ලු කොට පිගන් රාක්කෙ වැදුණූ, රතු වී ගිය ඇගේ මුහුණ\\
    කතාවේ රසය වැඩිවෙන තැනක්. අපූරුයි.

    රෝමා, මැල්ලුම රහට හදලා, සතුටුයි.
    ( කතාව කියෙව්වාම මට හිතුණේ ඔහොමයි බන්. )

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹේ එකත් රහයි බොහොම ස්තූතියි දුමී අදහස් වලට වගේම දිරි ගැන්වීම් වලටත්

      Delete
  3. දුමියගෙ පොල් මැල්ලුම කාල තමයි මෙතෙන්ට ආවෙ. පොල් මැල්ලුම් දෙ‍කම අගෙයි. චෙෆ්ල දෙන්නෙක් එකතුවෙලා එකම හට්ටියෙ හදල වගෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන්න....
      ඒත් දුමීගෙ කතාවයි මගේ කතාවයි එකම හට්ටියේ වෙන්න බෑ
      දුමීගෙ කතා තුන සම්බන්ධ කරන්නෙ අවස්ථා සම්බන්ධයකින්
      ඒත් මගේ කතා තුනම වෙන්නෙ එක පුද්ගලයෙක් වටා. වර්ථමානයේ ඔහුගේ ජීවිතයේ ගුප්ත බවට හේතු වුණ සමහර විට හේතු වුණාදැයි නොදන්න ඔහුගේ අතීත ප්‍රේම කතාවක් හා මවගේ වියෝව හා බැදුණු කම්පනයත් අතර ස්මරණයක් තමයි එයින් කියවෙන්නෙ

      Delete
    2. ප්‍රසන්න. චෙෆ්ලා දෙන්නා එක ලිපේ හැලි දෙකක ඉව්ව එකයි වුණේ. රෝමාත් මමත් කතා කෙරුවේ ඉයන්ගේ කොන්දේසි ගැන විතරයි. පොස්ට් දෙක දානකන් අපි දෙන්නම දෙන්නගේ කතා දෙක ගැන දැනන් හිටියෙ නෑ. ඒත් කතා දෙකේ පොඩි සමානකම් ටිකකුත් මට පේනවා.

      ජයවේවා!!!

      Delete
    3. ඒක ඇත්ත බන් දුමියො.....

      Delete
  4. Replies
    1. හෑ ...බලලා තියනවද මේ පොත් ටික
      එන්න සුදෝ බන්ට් එක දිගේ
      අවාරෙට වැටෙන දෙල්
      සරමක් හැලෙයි
      පාරට නැමුණු අතු
      එවන්නද ගැරඩියා
      ඇද යට පොළගා ..

      ඒ වගේ තමයි මේ කතාවත්

      Delete
    2. මේවා කුමන්ත්‍රණ මහත්තයෝ......

      Delete
  5. මේකෙ සයිටම් තියෙන්නෙ කොතනද?

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේගෙ කෙමෙන්ට් එකේ :-D

      Delete
    2. අස්ගිරියත් ඕනේ

      Delete
    3. තව මොකුත් ඔන්නම් කියහල්ලා...ඊළග කතාවා දාන්නම්

      Delete
  6. මේ කතාවත් රස වින්දා.

    මට නම් තාම ලිය ගන්න බැරිවුණා. මොකද එක කතාවක් ලියන්න ගත්තාම ඒක දිගටම අවසානය දක්වාම ලියවෙනවා. එහෙම කතා තුනක් ලිව්වා. නමුත් නෝ සම්බෝල්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත....ඒත් කතා තුනක් විසුරුවලා ලිව්වම පොඩි ගතියකුත් තියෙනවා.ඔබේ කෙටි කතාවත් බලාපොරොත්තුවෙන් සිටිමි

      Delete
  7. කතාව කියවන් ආවේ මේකා මොන අන්ඩරදෙමළයක් ද මේ කියන්නේ කියලා හිත හිත.හුටා අන්තිමට තමා දන්නේ මේක මේ ප්‍රබුද්ධ පොල් මැල්ලුම් කතන්දරයක් කියලා.ඉයන්ගේ අබියෝගය අමතකම වෙලා ගිහින් නෙව තිබුනේ.දැන් ඉතින් කල් නෑනේ ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ලියමු සොදුරු. කල් තාමත් තියෙන්නෙ බන්. කෙමෙන්ට් කරල තියෙන්නෙත් විසි අට නෙ

      Delete
    2. මට උනෙත් ශානිට වෙච්චදේම තමා.... :) :)
      මං මේක කලින් කියෙව්වා කමෙන්ට් කරන්න නම් බැරි උනා... ඇත්තටම රහයි රස්ති

      Delete
    3. බොහොම ස්තූතියි අක්කෙ......

      Delete
  8. Replies
    1. පලයන්න කටුස්සෝ ...
      මේ කතාව කසියා බාගයක් ගහලා ගුලියක් කාලා ජොයින්ට් එකක් පත්තු කරගත්තා වගේ

      Delete
    2. ඔය ත්‍රිල් තුනම එක කතාවකින් දෙනවා කියන්නෙ සෙල්ලම්ද බන්

      Delete
  9. මලවලා තිබ්බා ලෙසටම...
    පට්ට...

    ReplyDelete
  10. මං ඒ උනාට කෙටිකතාවල මේ විදියට කැමති නෑ. නවකතාවල නම් මේ විදිය නියමයි. මොකද එක පරිච්ඡේදයක් කියවද්දි පරන කතාව මතක නෑ. ඔන්න පරන කතාව ආවම මාර ආසවෙන් කියවනවා. අනික එතකොට කතා දෙකක් තුනක් කියෙව්වා වගේ හැඟීමක් එන්නේ.. කෙටිකතාවල ඒක සාර්ථක මදි කියලයි මට දැනෙන්නේ.. රෝමගේ කතාවත් හොඳයි.. ඒත් මට පැටලිලි වගේ... මං දෙතුන් පාරක් කියවලයි පැටලිලි ලිහුවේ.. ඒක මගේ වැරද්දද කොහෙද. ලිඛිතගේ කතාවෙත් මට සහ සම්බන්ධය තේරුන් නෑ හැම එකේම... සුභ පැතුම් රෝමටත්..

    ReplyDelete
    Replies
    1. මේක මැල්ලුම් ආකෘතියකින් බලන්න එපා අරූ. කෙටි කතාවක් කියලා හිතලා කියවන්න. මේක මටනම් මාරම රසවත් දෙයක් වුණා. මේ කතාවෙ තියෙන්නෙ කතා තුනයි.
      1. කතානායකයාගෙ වර්ථමානය ගැන කියවීමක්
      2. කතානායකයාගෙ අතීත ප්‍රේම කතාවක්
      3. කතානායකයාගෙ මවගේ වියෝව සහ පහුලේ සමීපතයින්ගෙන් ඈත් වීමක්
      ඔහුගේ එනම් කතානායකයාගෙ වර්ථමාන ජීවිතයට හේතු වුණු තනිකමට,පශ්චාත්තාපයට,ගුප්ත බවට හේතු වූවායැයි සිතිය හැකි කරුණු පිළිබද ස්මරණයක් තමයි මෙතන වෙන්නෙ. එම කරුණූ හේතු වුවාද නොවුවාද යන්නත් පැහැදිළිව කිව නොහැකි(කතානායකයාට). එහෙත් පිටින් බල්න්නෙකුට තේරෙනවා ඔහුගේ ජීවිතයේ දැඩි ලෙස කම්පනය කරන සිද්ධීන් ලෙස ඒවා වූවා දැක්විය හැකි බව සහ ඉන් ඔහුගේ වරථමාන ජීවිතය රික්තක ආකල්පයකින් කල් ගත කිරීමට පෙළබූ බව.

      Delete
    2. මැල්ලුම් වගේ.. අනේ මන්දා කන්සරේට් වෙන්නෑ මගේ ඔලුවේ විකාරයක්ද කොහෙද ඉතින්... දෙපාරක් කියව්වම හරි.. මං ස්පීඩ් කියවන නිසා වෙන්න ඇති සමහර විට එහෙම දැනෙන්නේ..

      Delete
    3. ප්‍රබුද්ධ කතාවක් වුණාම එහෙම තමයි බන් එක පාරින් තේරෙන්නෙ නෑ....

      Delete
  11. මේකත් රහ මැල්ලුමක් මචං... ලුණු ඇඹුල් ඇතුව හොදට තියෙනවා...

    ReplyDelete
  12. මට වෑල් ...
    බෝල්ට් ඇනයි කඩලයි
    ගූයි තක්කාලි
    හාල් චීස් වගේ

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමයි වෙන්න ඕනෙත්. මොකද ප්‍රබුද්ධ කතාවක් කියෙව්වම පොඩි වෑල් ගතියක් නාවොත් ඒක ප්‍රබුද්ධ කමට මදි කමක්.

      Delete
    2. අත්දෙකම ඔසවා ඉස්තීර කොරමි!

      Delete
    3. අන්න එහෙමයි ලිඛිතා ප්‍රබුද්ධ කතාවක් වුණාම....

      Delete
  13. මේ පොල් මැල්ලුම කියෙව්වම වෙන වෙනම ටිකක් දිග කතා තුනක් තිබ්බනම් කියල හිතුනා .සුපිරි නිර්මාණයක් .

    ReplyDelete
    Replies
    1. ඒත් බන් මටනම් හිතෙන්නෙ දිග් ගැස්සුණු කතා තුනකට වඩා මේ එක කතාවේ තියුණූ බව වැඩියි කියලා. බොහොම ස්තූතියි බක්කරේ....

      Delete
  14. මාත් හරි ආසයි ඔය වගේ මැල්ලුම් කතා වලට . මම නම් මොනවා ලිව්වත් ගැලපීම ගැන හිතන්නේ නේ

    ReplyDelete
    Replies
    1. ගැලපීම ගැන හිතන්නෙ නෑ කියලා වෙන්න ඇති sn ලියන්න ඇත්තේ නේ? (එතන හරියට ටයිප් වෙලා නෑ)
      කොහොම උනත් මේ කෙටිකතාව මන් අතිශය තෘප්තිමත්ව ලියපු කෙටි කතාවක්.
      මුල මැද අග ගැලපීම මට හැකි උපරිමයෙන් කරමින්. පොල්ලෙන් ගහලා කියන කතාවකට එහා ගිය ප්‍රවේශයක් ලබා දුන් කෙටි කතාවක් ලෙසත් මා විසින් මාවම උරගා බැලූ කෙටි කතාවක් ලෙසත් හදුන්වන්න පුළුවන්. බොහොම ස්තූතියි SN

      Delete
  15. නියමයිල් මැල්ලුම හොඳට අනලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. මැල්ලුමේ නිර්ණායක තුළ නොමැති බව විනිසුරුතුමන් දන්වා තිබුණා. ඒ නිසා හොදට අනපු මැල්ලුමක් නොවුණත් මම ඉතාමත් තෘප්තියෙන් ලිව්වක් සහ මන් ලියපු ඒවගෙනුත් මමත් කැමතිම කෙටි කතාවක්. ස්තූතියි යාත්‍රා....

      Delete
  16. කතා තුනක අදහස් තියනවා... කලවම් මැල්ලුමක්... ගැලපීම හරිම අපුරුයි

    ReplyDelete
  17. කතා තුනක අදහස් තියනවා... කලවම් මැල්ලුමක්... ගැලපීම හරිම අපුරුයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අනුෂි

      Delete