18 July 2018

හදවත තියෙන්නෙ රිදවගන්න


හදවත 
තියෙන්නෙ රිදවගන්න
උඩට 
හරහට 
පහළට
උඩට පැන පැන 
ඇදුම් දෙන හදවත ආයෙ ආයෙත් තලාගෙන
විදවා විදවා ආයෙත් හිනාවෙන්න
ඇදුම් දෙන හදවත 
තාමත් තියෙන්නෙ හරි තැනමයි
වෙනසකට තියෙන්නෙ 
මගේ හදවතට ඕනෙ ඉක්මණටම ආයෙත්
 වෙන හදවතක් ළග හිනාවෙන්න 

-සුපුන් සමීර-

09 July 2018

කලාව යනු කුමක්ද???


                                              කලාව යනු කුමක්ද? එය හැසිරවිය යුත්තේ කෙසේද යන්න පිළිබද නොයෙකුත් කතා නොයෙකුත් ලෙස තැන තැන කතා වනවා අප දැක තිබේ. බොහෝ විට අප එය කරන්නේ අප තනා ගන්නා රේඛා සහ සීමා වල සිටගෙනය. ඒත් ඇත්තටම කලාව යනු කුමක්ද? යන්න එවිට අපට සොයා බැලීමට වටිනවාය.
                   එදාටත්,අදටත්, හෙටටත් සර්වකාලීන කලාකරුවෙකු වූ ගප්පියා යනු මම පෞද්ගලිකව මහත් වූ ගෞරවයක් ඇති කාලාකරුවෙකි, චින්තකයෙකි. ඔහුගේ සමාජ කියවීම පෞද්ගලිකව මගේ කියවීමටද නොමැතිනම් තින්කින්ග් පැටර්න් එක වෙනස් කරවීමටද බලපෑවාය. කාලාව යනු කුමක්ද? යන්නට ගප්පියා අපූරු උත්තරයක් දෙයි. සැබැවින්ම අපි ගප්පියාට ආදරේ කරන්නේ මේ නිසාය. මාගේ බ්ලොගයට ගොඩ වදින ඔබටද එය වටීවී යැයි සිතුණ නිසා එය ඔබටද නැරබීමට මේසේ තබමි.