18 July 2018

හදවත තියෙන්නෙ රිදවගන්න


හදවත 
තියෙන්නෙ රිදවගන්න
උඩට 
හරහට 
පහළට
උඩට පැන පැන 
ඇදුම් දෙන හදවත ආයෙ ආයෙත් තලාගෙන
විදවා විදවා ආයෙත් හිනාවෙන්න
ඇදුම් දෙන හදවත 
තාමත් තියෙන්නෙ හරි තැනමයි
වෙනසකට තියෙන්නෙ 
මගේ හදවතට ඕනෙ ඉක්මණටම ආයෙත්
 වෙන හදවතක් ළග හිනාවෙන්න 

-සුපුන් සමීර-

19 comments:

  1. ඔය හිතට වැඩි දුකම විනිවිද ගියේදෝ රුධිරය පෙරා
    තිය තියා දුක් සුසුම් හෙලුවද ඇසේ නැගි කඳුලින් ඉරා
    ගිය දුකක් නොව පැමිණි සතුටම විඳින උඹ නම් නිරතුරා
    කිය න්නෙමි තව හිතක් ලග ඉනු සතුට පැමිණෙයි නුඹකරා.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ අගේ ඇති කවියක්.මන් නිසැදැසෙන් කිව් දේ ඔබ සිව් පදෙන් කියලා.බොහොම ස්තූතියි....

      Delete
  2. ඇත්තමයි
    හිත් තියෙන්නෙම
    රිදෙන්න
    රිදෙන රිදෙන
    වාරයක් පාසා
    හිතක් තියෙන
    බව දැනෙන්න...

    ReplyDelete
    Replies
    1. තදයි කියලා හිතුවට හිත් මෘදුයි.පිරිමිකමට හිතක් නෑ කියලා පිටින් පෙන්නුවත් ඒ හිත් ඇතුලේ සමහරවිට ගැහැණූ ළමයෙකුට වඩා පෙළුණු තැන් තියෙනවා...ඒත් පිරිමිකම කියන්නෙ ඒ පෙළුණූ තැන් පිටට නොපෙන්නා හිනාවෙන එක.

      Delete
  3. Replies
    1. ස්තූතියි ප්‍රාජේ......

      Delete
  4. රස්තියාදුවෙ නොයා එක හදවතක් ගාව සදහටම නතර වෙයං, නැත්තං පෙෂර් වැඩි වෙයි

    ReplyDelete
    Replies
    1. යකෝ කවිය ලියන්නෙ මන් උනාට කවියෙ ඉන්නෙ මන් නෙවෙයි

      Delete
  5. මගේ හදවතත් එහෙම්ම තමයි. හැබැයි බයයි. කොටිම්ම කිව්වොත් ආසයි බයයි (නෝනා දැනගනී කියලා)

    ReplyDelete
    Replies
    1. නෝනව මේකට මෙන්ෂන් කරන්න ක්‍රමයක් නැතැයි.....

      Delete
  6. ඕනෑම හදවතකට සිය දහස් වරයාක් දැනුණත් නවතින්නට පුලුවන් එක හදවතක් ලග ...එක නිසා එක හදවතක් ලග නවතින්න...

    ReplyDelete
  7. TINNITIAN GOLD GORDON JOE BEE' - T-Nation
    TINNITIAN GOLD titanium dog teeth implants GORDON JOE BEE'. This unique titanium teeth stone carving tool is made by TANTHEW HILL, E.A. ceramic or titanium flat iron TANTHEW HILL. This carved tool is made by TANTHEW HILL, babyliss pro titanium straightener E.A. TANTHEW HILL. 피망 바카라

    ReplyDelete