09 October 2017

කබ්බොත් රගන ගොබ්බ යහපාලනය ("දි එයාර්පෝට් වැසීමෙන් පසු" ටෙලි කතා නාටකය)


                                                  දෙල් ගහ යට ලියද්දේ කෝපි කඩේට මරලියා එක්ක ගියේ කෝපී එකක් කා බුලත් විටක් බීමටය ඊට ඉස්සරින් සිරිමත් මදන මෝදකයක් උඩු හක්කේ රුවා ගෙන සිටීමට අපි අදහස් කළෙමු. සිරිමත් මදන මෝදකය තෑපෑලෙන් පුල් සැන්ටි මැන්ටල් වන අල්ල පනල්ලේ මර්තේලිස් මාමා පත්තරයේ පුල් පිටුවේ වූ හොර පාස්පෝට් ගසා  ව්‍යාග්‍රා පෙති රට පැන්නවීමේ රුසියානු කුමන්ත්‍රණයට සම්බන්ධ පංචායුධ වීරේට නොදැන කළ අකුසලයට ඇපල් හම්බුවීම නිසා මහත් චිත්තප් සන්වේගයකින් බොක යන තරමටම හද්ද සෝ බරව විලි බරව කඩේහි වූ සෝමක්කා හා තම චිත්තප් වේගය මුදා හැරියාය.

"බලන්ඩ සෝමක්කෙ මුන් මේ පාරත් අරූව එලියට දාලනේ"

"ඔව්වා ඔහොම තමයි බන්"

                                                         සෝමක්කා වැඩි සීනී ප්ලේන්ටියක් දෙවුන්දර තුඩුවම පේන්න නෑවි  අල්ලා බීඩියක්ද මර්තේලිස් මාමාට පිරිනැමුවාය.
"එහෙමැයි කියලා. දැන් අවුරුදු කීයක් ගිහින්ද බන්..එක තෝරෙක් මෝරෙක් තියා හාල්මැස්සෙක්වත් ඇල්ලුවද"

"ඇයි දුමින්ද අයියව අල්ලලා දැම්මේ"  ඒ මරලියය

"ඔව් යහපාලනෙන් කියලා මිනිස්සුන්ට දැනෙන්න දඩුවමකට දුන්නෙ ඔච්චරයි"

"ඔව් ඉතින් ඒ මදිද මුළු ලයිප් ටයිම් එකේම දුමින්ද අයියා ඕකෙ තමයි"

"ඔව් ඉතින් ඔය හිරුණිකාගේ තාත්තට ඔය උණ්ඩේ වැදුනු නිසා හොදයි. උබේ තාත්තට එහෙම ඔය දුමින්ද අයියා උන්ඩේ තිබ්බනම් දැන් තියෙන සිස්ටම් එකත් එක්ක උබ ඇතුලේ ඉන්න තිබ්බා"

මරලියා විලි බියෙන් ඔත්පලව ගියාය. දෙන දෙයක් කා වෙන දෙයක් බලන් නොසිටියාට ඕකට හොද වැඩේය.

ඉන්පසුව සෝමේ අක්කා හනි හනිකට ගොස් කෝපි කඩේ වූ ටෙලිවීසොනය දමන ලද්දේ රුප්පවාහිනීයේ විකාසය වන "දි එයාර්පෝට් වැසීමෙන් පසු" නැමැති සුප්‍රසිද්ධ ටෙලි කතා නාටකය පටන් ගන්නා වෙලාව එය වූ නිසාය. එය කුතුහලය සහ ත්‍රාස්‍ය, භීතිය සහ පශ්චාත් නූතන ලිබරල් වාදයෙන් සහ ෆැසිස්ට්වාදයෙන් හද්ද ත්‍රිල්බර වූ ටෙලි කතා නාටකයකි.