09 October 2017

කබ්බොත් රගන ගොබ්බ යහපාලනය ("දි එයාර්පෝට් වැසීමෙන් පසු" ටෙලි කතා නාටකය)


                                                  දෙල් ගහ යට ලියද්දේ කෝපි කඩේට මරලියා එක්ක ගියේ කෝපී එකක් කා බුලත් විටක් බීමටය ඊට ඉස්සරින් සිරිමත් මදන මෝදකයක් උඩු හක්කේ රුවා ගෙන සිටීමට අපි අදහස් කළෙමු. සිරිමත් මදන මෝදකය තෑපෑලෙන් පුල් සැන්ටි මැන්ටල් වන අල්ල පනල්ලේ මර්තේලිස් මාමා පත්තරයේ පුල් පිටුවේ වූ හොර පාස්පෝට් ගසා  ව්‍යාග්‍රා පෙති රට පැන්නවීමේ රුසියානු කුමන්ත්‍රණයට සම්බන්ධ පංචායුධ වීරේට නොදැන කළ අකුසලයට ඇපල් හම්බුවීම නිසා මහත් චිත්තප් සන්වේගයකින් බොක යන තරමටම හද්ද සෝ බරව විලි බරව කඩේහි වූ සෝමක්කා හා තම චිත්තප් වේගය මුදා හැරියාය.

"බලන්ඩ සෝමක්කෙ මුන් මේ පාරත් අරූව එලියට දාලනේ"

"ඔව්වා ඔහොම තමයි බන්"

                                                         සෝමක්කා වැඩි සීනී ප්ලේන්ටියක් දෙවුන්දර තුඩුවම පේන්න නෑවි  අල්ලා බීඩියක්ද මර්තේලිස් මාමාට පිරිනැමුවාය.
"එහෙමැයි කියලා. දැන් අවුරුදු කීයක් ගිහින්ද බන්..එක තෝරෙක් මෝරෙක් තියා හාල්මැස්සෙක්වත් ඇල්ලුවද"

"ඇයි දුමින්ද අයියව අල්ලලා දැම්මේ"  ඒ මරලියය

"ඔව් යහපාලනෙන් කියලා මිනිස්සුන්ට දැනෙන්න දඩුවමකට දුන්නෙ ඔච්චරයි"

"ඔව් ඉතින් ඒ මදිද මුළු ලයිප් ටයිම් එකේම දුමින්ද අයියා ඕකෙ තමයි"

"ඔව් ඉතින් ඔය හිරුණිකාගේ තාත්තට ඔය උණ්ඩේ වැදුනු නිසා හොදයි. උබේ තාත්තට එහෙම ඔය දුමින්ද අයියා උන්ඩේ තිබ්බනම් දැන් තියෙන සිස්ටම් එකත් එක්ක උබ ඇතුලේ ඉන්න තිබ්බා"

මරලියා විලි බියෙන් ඔත්පලව ගියාය. දෙන දෙයක් කා වෙන දෙයක් බලන් නොසිටියාට ඕකට හොද වැඩේය.

ඉන්පසුව සෝමේ අක්කා හනි හනිකට ගොස් කෝපි කඩේ වූ ටෙලිවීසොනය දමන ලද්දේ රුප්පවාහිනීයේ විකාසය වන "දි එයාර්පෝට් වැසීමෙන් පසු" නැමැති සුප්‍රසිද්ධ ටෙලි කතා නාටකය පටන් ගන්නා වෙලාව එය වූ නිසාය. එය කුතුහලය සහ ත්‍රාස්‍ය, භීතිය සහ පශ්චාත් නූතන ලිබරල් වාදයෙන් සහ ෆැසිස්ට්වාදයෙන් හද්ද ත්‍රිල්බර වූ ටෙලි කතා නාටකයකි.



පටන් ගත් සැනිකවම පරීක්ශක ෆොක්ස් මෝල්ඩර් කෝටි සැටකට අධික මහා සිල් රෙදි යැයි ලේබල් කල මුත් පැකට්ටුව ඇතුලේ තිබූ කහ රෙදි පිලිබදව මහත් උද්ධාමයෙන් සිටියාය.

එහෙත් ප්‍රිවියස් ෆ්‍රොර්ම් "දි එයාර්පෝට් වැසීමෙන් පසු" කියා අදට නියමිත නාටකය පටන් ගැනීමට කලීයෙන් ටෙලි නාටකයේ පෙර කොටස් කීපයක විශේෂ කොටස් කීපයක් ගියේ ප්‍රේක්ශකයාට කතාවේ මුල සිට වූ ආකාරය ගැන යම් අදහසක් දීමටය.

                             ප්‍රථමයෙන් පොලිස් පරීක්ශක ෆොක්ස් මෝල්ඩර්ට "සිල් රෙදි හා කහ රෙදි" පිළිබවදව යම්  වංචාවක ඉව දැනේ. ඒක මේ කතාවේ කුතුහලයක් ඇති කරන මුල්ම කොටසයි. ලියද්ද ලග කෝපි කඩේ ඔක්කොම නිශ්ෂබ්දය.

                         සිරිමත් මදන මෝදකයෙන් ෆුල් ත්‍රිල් බරව සිටි මමත් මරලියාත් නිස්සබ්දතාවය බිදමින් බකස් ගා භිනා වුණාය. කෝපි කඩේ රැස්ව සිටි කස්ටියම බැලූ පසු අමාරුවෙන් කට තද කරගත්තාය.

                        ඉන්පසු කොටසෙන් ප්‍රකට නළු රන්ජන් රාමනාදන් තුමන් ෆයිල් මිටියක් උස්සාගෙන පරීක්ශක ෆොක්ස් මෝල්ඩර් මුණ ගැසෙන දර්ශනයකි. පත්තර මුල් පිටුවේම එය සදහන් වේ. රන්ජන් රාමනාදන් තුමන් ගැම්මට ෆයිල් මිටිය ගෙන සන්ග්ලාස් දෙක ගැම්මට ගලවා වට දෙක හමාරක් ඇගිල්ලේ තියා කරකවා සාක්කුවට දගත්තාය. දැන් කෝපී කඩේ ගැලරියෙන් විසිල්ය.  මදන මෝදකයේ ආනුභාවෙන් මමත් මරලියත් එයටත් සිනාසිසි සිටියාය. හැමෝම සිනා වෙන හින්දා මරලියාගෙත් මගෙත් හිනාව කෝපි කඩේ වුන්ට නිනව්වක් නොවුනාය.

                     පරීක්ෂක ෆොක්ස් මෝල්ඩර් තම සැකය මත හිදුවා රන්ජන් රාමනාදන්ගේ සාක්ශි ෆයිල් එකෙන් පරීක්ෂණ අරභයි. එයා ඉතාමත් අවිනිශ්චිත සහ ත්‍රාස්‍ය භීතිය කැටිකොටගත් අවස්ථාවකි. පරීක්ෂක ෆොක්ස් මෝල්ඩර්ගේ සුරුබුහුටි සහයිකාව වන ඩේනා ස්කලීගේ කොට ගවුමටවත් කෝපි කඩේ සිටි එවුන්ගේ අවධානය වෙනස් නොවුණි. ඒ තරමටම පරීක්ෂණ කටයුතු ඉදිරියට කෙසේ වෙයි දැයි කියා ෆුල් සැකයක් හැමටම විය.

                                    ඒත් පරීක්ෂක ස්කලී අක්කා කොට ගවුම ගහන් ඉන්න දර්ශණ වලදී මරලියා ටෙලිවිසොනයේ යටට ගොස් කතාව බලන්ට වීම අනිත් එවුන්ට කරදරයක් වූයෙන් මරලියාගේ ගෙදර උන්ට සියාතු මාමා පින් පැමිණවීම නිසා නැවතත් වෙරළු ගහ යට බක්කුවේ සිට කතාව නරඹන්නට විය

පරීක්ෂක ෆොක්ස් මෝල්ඩර් නැවතත් තම සුරු බුහුටි පරීක්ශිකාව වන ඩේනා ස්කලී සමග ප්‍රෙක්ශකයින් අන්දමන්ද වන විදියේ සොයා ගැනීමක් කරාය එනම් එරටේ හිටපු අහවල් රජතුමන් ඇතුලූ ප්‍රබලයින් පිරිසක් මෙම සුදු රෙදි යැයි ලේබල් ගැසූ කහ රෙදි ජාවාරමේ මහ මොලකරුවන් බවයි. දැන් කෝපි කඩේ ගැලරියෙන් ව්සිල්ය. සතුට වැඩිකමට කෝපි කඩේ එකම ගෝසාවක්ය සියතු මාමා මිදුලට පැන බල්ටියක් ගැසුවාය.

                             එව්වා මෙව්වා දැක තව තවත් ත්‍රිල් බරැති අපිට හද්ද ෆන්ය. මමත් මරලියත් සිරිමත් මදන මෝදකයේ පිහිටෙන් බොක යන තරමට සිනාසුණාය. කෝපි කඩේ වුන් සිතුවේ අපිත් සතුටට සිනාසෙනාවා කියාය. මර්තේලිස් මාමා අපිත් එක්ක උණුම උණු කෝපියෙන් ෆ්‍රෙන්ඩ්ශිප් ශොට් එකක් දැමුවාය.

       ඉන්පසු පරීක්ෂක ෆොක්ස් මෝල්ඩර් සහ ස්කලී අක්කා තම පරීක්ෂණ වාර්තා ඇතුලත් ෆයිල් එක තම සහය අධ්‍යක්ෂක  වොල්ටර් මහත්තයාට ලබාදුන් පසු සියලෝම සිතුවේ මේ පාර අහවල් රජුට බඩු සැටපිකට් වන බවය. ඒ පිලිබද කසු කුසු ගාන අල්ල පනල්ලේ අපි සිරිමත් මදන මෝදකයේ ආනුභාවයෙන් නැවතත් සිනාසුණාය. ඒ වර සෝමෙ අක්කාද ඔරවා බැලුවෙන් අපි කට තද කරගත්තාය.

                              එහෙත් අධ්‍යක්ෂක  වොල්ටර් යනු ඌ මොන ජාතියෙ එකෙක්දවත් කියා හිතා ගන්න බැරි අමුතුම ජාතියේ ගොබිලෙකි. එහෙත් පරීක්ෂක යුවලට සුභ පතා වැඩි දුරටත් ඒ සම්බන්ධව ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අධ්‍යක්ෂක  වොල්ටර් මහතා තීරණය කළාය. නැවතත් ගැලරියෙන් විසිල්ය. මමත් මරලියත් සිරිමත් මදන මෝදකයේ ආනුභාවයෙන් ඊටත් බිම පෙරලෙමින් සිනාසුණාය.
                                                                            ඉන්පසු ලබාදුන් කෙටි ඉන්ටිවල් එකෙන් පසු. සැකයේ වාසිය වෙනතක යයි.... අධ්‍යක්ෂක  වොල්ටර් ගල්බිල්ලෙක් මෙන් සිටියි. ප්‍රේක්ශක ජනකායත් ෆුල් අන්දොස් වී ගෙන එයි
                                                    අවාසනාවකි මෙහි ලොකුම හොරා හිටපු අහවල් රජු නොව මිස්ටර් දුම්බොන මිනිසා බව කසු කුසුවක් පැන නගියි. පරීක්ෂණ කටයුතු වෙනතකට යොමුවෙයිද යන සැකයක් මතුවෙයි.......
                           මෙසේ කෝපි කඩේ එවුන් පුල් හාඩප් වී සෑහෙන්ඩ වෙලාවක් ඉන්න හැර. මීට හිටපු අහවල් රජු සම්බන්ධ නැති බවත් ඊට සැකපිටම අහවල් රජුගේ සූචචම සේවකයන් දෙදෙනෙක් වන ලොලිත් වීරතුංගත්, පනූෂ පොල්පිටත් හදිසියේම අත්අඩංගුවට ගෙන මුන් දෙන්නා කම්බ හොරු බවට හද්ද පීචං කොට උසාවියේ උන් නඩ්ඩා මේසේට මිටි පාරවල් දෙක තුනක් ගසා තීන්දු කෙරුවේ මුන් කම්බා හොරුන්ටත් එහා ගිය පීචං වංචනිකයින් දෙන්නෙක් බවය.
                       කෝපි කඩේට අවුරුදු වගේය මර්තේලිස් මාමා සෝමේ අක්කා බදාගෙන නැටුවාය. දයක්කා හා අනුලාක්කා රබානක් ගෙනවිත් ගැසුවාය. සියාතු මාමා සරම බෙල්ලෙ ඔතාගෙන බල්ටි පිට බල්ටි ගහගෙන ගහගෙන ගියාය. කෝපි කඩේ ෆුල් ත්‍රිල්ය.සැප කනේය.......සෝමේ අක්කාගේ දුව කුසුමා නංගි කිරිබත් පිස කිරිබත් කෑල්ලක් මට කැව්වාය. ඒ දැක මරලියාට ඉක්කා වැටුණු සේය. දැන් කෝපි කඩේ මගුල් සක්වලක්ය...ලොවෙත් නැතිය ලොවි ගහෙත් නැතිය......ආයෙ ඇවිල්ලා ටුමොරොව් ලෑන්ඩ් වැනිය....
                                       ඒත් ඉතින් සිරිමත් මදන මෝදකයත් සහසුද්දෙන්ම වක්කඩේ හන්ගපු හකුරු කෑල්ල මේන් නියම පදමට උඩු තල්ලෙන් දියවී ගියහෙයින්. අපි ෆුල් ත්‍රිල් එකේ මේ ආතල් බලා වෙරළු ගහ යට බන්කුව බදාගෙන සිනාසුණාය. ඝෝෂාවත්...කස්ටියගේ තන්තෝසයත් නිසා අපේ හිනාව කාටවත් ගානක් නොවුණාය. ඒත් කීපදෙනෙක් හෙම හිටියේ මේ කතාවේ එන්ඩ් එක ගැන නෝක්කාඩුවෙනි. සමහරුන් නොකියාමද තව එකෙක් දෙන්නෙක්. කිරිබත් වල ලුණු නෑ කියා සෝමෙ අක්කා එක්ක නෝක්කාදුවකුත් දාගෙන ගියාය.

                                       දිර්ඝ විරාමයකින් පසු අදට නියමිත කොටස පටන් ගැනීමට සැරසුණී. කස්ටියක් පසග පිහිටුවා වාඩි උනාය,තවත් පිරිසක් එරමිණියා ගොතාගෙන වාඩි වුණාය. කඩේ ඇතුලේ හැමෝටම ඉඩ නැති නිසා සමහරු බල්කයේ එල්ලුනාය.තවත් සමහරු ජනෙල් පොලුවලුය.කොල්ලො කුරුට්ටෝ වහල උඩය. කස්ටිය ෆුල් කුතුහලයෙන් බලන්නෙ මීලගට කුමකින් කුමක් වෙයිද කියාය. මාත් මරලියත් වගේ වගක් නැතිව ෆුල් ත්‍රිල් එකේ බන්කුව උඩම හුන්නාය.

"මෙහෙමනෙ ඒයි.... අරයා හෙන මොළකාරයා නළුවෙක් නෙවෙයිනෙ ඒ මනුස්සයා මොළයක්නෙ. ටිකින් ටික ඇවිල්ලා.හිටපු ලොක්කටත් දෙයි ඇතුලේ ඉන්නම" ඒ සෝමක්කාය

"ඔව් ඒයි....අවුරුදු තිහක් ඉවසපු මනුස්සයට අපිට වගේ හදිස්සියක් නෑනෙ" ඒ අනුලක්කාය

                            ටීන් ටෝන් ටීන් ටෝන් ඩිඩින් ඩිඩින්....ඩිඩින් ඩිඩින්...... ටීන් ටෝන් ටීන් ටෝන් ඩිඩින් ඩිඩින්....ඩිඩින් ඩිඩින්......"දි එයාර්පෝර් වැසීමෙන් පසු" ටෙලි කතා සීරියස් එකේ තීම් ටියුන් එක ඇසෙද්දි සියල්ලෝම ෆුල් නිශ්ෂබ්දය. මුළු කෝපි කඩේම මීයට පින්බාක් වැනිය. හුස්ම ගන්න සබ්දයක්වත් නෑසෙන්නෙය.

                                                        ඔව්වා මෙව්වා කොහොම වුනද සිරිමත් මදන මෝදකයේ පිහිටෙන් ෆුල් ත්‍රිල් එකේ සිටි මමත් මරලියත් ඊටද සිනාසුණී. එකෙනෙහිම අප දෙස බැලූ මර්තේලිස් මාමා

"රටකට ජාතියකට ආදරයක් නැති අම්මා අප්පා අදුරන්නෙ නැති සක්කිළි හැත්ත" යැයි මටත් මරලියාටත් බැන්නාය

"මුන්ට තේරෙන්නෙ නෑ අයියේ මේ වගේ දේක වැදගත් කම"

"රට ලස්සනට හදන්න හදනකොට ඒකටත් හිනාවෙන සක්කිළිනෙ මුන්..තුක් නොදකින්"

"කාළකණ්ණි....රට ඉස්සරහට යනකොට ඒකටත් හිනාවෙන"

                                                     මාත් මරලියාත් ෆුල් අන්දොස්ය. ටෙලිෆිසොනයේ යන ටෙලි කතා සීරියස් එකක් සහ රටේ වර්ථමාන දේසපාලන ව්‍යූහය අතර ඇති අනුලෝමවුත් ප්‍රතිලෝමවූත්. මයිල් ඉස්මයිල් වන්නාවූ තත්වය නොතේරී කෝපි කඩේ වුන් එවුන්ගේ දුර්භාග්‍ය සම්පන්න සිතීම පිළිබදව නැවතත් සිනාසුණාය.සැබැවින්ම වාඩිව වුන් ලෑල්ලෙ එල්ලී සිනාසුනාය.

"මුන්ට කියලා හදන්න පුළුවන් කාලකණ්ණි නෙවෙයි" යැයි පැවසූ සියාතු මාමා අප දෙසට "තුක් නොදකින් කියා කෙල පාරක් ගසා"  නැවතත් කතාව දෙසට දෑස යොමු කරාය.

                                                      ටිකෙන් ටික එදිනට නියමිත කතාව ගලා ගියාය. කෝපි කඩේ වුන්ගේ මුහුනූ ඇලවී මැලවී පරවී යනවා මෙන් පෙණුණි......... සෝක බරිතව බාල්කයේ එල්ලී සිටි එකෙක් දඩොස් ගා බිම වැටුණාය... මර්තේලිස් මාමාගේ දෙනෙත බොරවෙලාය. සෝමෙ අක්කාගේ ඇහේ කදුලුය.සියාතු මාමා කකුලෙන් බිම හූරනවාය. එකෙක් දෙන්නෙක් හෙමි හෙමින් ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මෙන් හූල්ලමින් යන්න ගියාය. අහස අදුරුය...කුරුල්ලන්ගේ මූසල හඩය....කිරිබත ඉවූ ලිප නිවිලාය....සමහරුනට බොක බරය....වලාකුළු කලූය...වැහි බීරුම ළගය... කුමක් හෝ විපතක් සිදු වූවා විය යුතුය.

                    මාත් මරලියාත්  කෝපි කඩේට ළං වී සිදු වූ දෙය කුමක් දැයි බැලුවාය.  සැගවුනූ මිස්ටර් දුම් බොන මිනිසා විසින් අම්බ කුජීත ලොලිත් වීරතුංගත්, පනූෂ පොල්පිටත් යන පීචන් හොරු දෙදෙනාම නිදහස් කරන ලෙස අධ්‍යක්ෂක  වොල්ටර්ට බලපෑම් කල හෙයින් උසාවියේ උන් ගෙරි නඩ්ඩා විසින් නීතිපතිගේ ආසිර්වාදය මාධ්‍යයේ සුවිසේස කරුණ කියන මලදානෙ මත උන් දෙන්නා නිදහස්කොට ඇත.

"ඔය සුවිශේෂ කරුණ බලපාන්නෙ උන් වගේ සක්කිලී හැත්තගේ ලෙඩ වලට පමණි.....කසිප්පු විකුණන ලලක්කාට සුවීශේෂ කරූණ බලපෑවේ නඩ්ඩාට රෙද්ද ඉස්සු පසුය. කොලු කාරයෙක් නඩ්ඩෙක් වී සිටියොත් අපි ගොඩය කලිසම පාත් කොට අච්චුව අඩු කර ගත හැක....නැත්තම් සදා සොත්තිය......." පරීක්ශක මෝල්ඩර් වියරුවෙන් සහයක ස්කලී අක්කාට කියා සූරිය ඇටයක් හපන ගමන් බොක දැමීමට බාල්දියත් අරන් කක්කුස්සියට ගියාය.

                      "දි එයාර් පෝර්ට් වැසීමෙන් පසු" කතා මාලාව දීර්ඝ කාලයක් තිස්සෙ නරඹන මටත් මරලියටත් මේක හිනාවීමටවත් ඇඩීමටවත් දෙයක් නොවැතත්. කෝපි කඩේ රැස්ව වුන් එවුන් ගේ ඛේදාන්විත ස්වරූපය සිතා ගැනීමටවත් නොහැක.
                             තවත් සිරිමත් මදන මෝදකයක් උඩු හක්කේ රුවා ගත් අපි මේ ත්‍රිල් බර සෑන්දෑ යාමේ වැඩි සීනි ප්ලේන්ටියක් සමග පැණි ලැවරියක් කමින් අපේ ත්‍රිල් බර බව උත්කෘෂ්ඨයට නගමින් කෝපි කඩේ සිටි එවුන්ගේ මූනවල් වල සෝකාලාපය දැක බොක යන තරම් සිනාවෙමින් පස් කමින් බිම පෙරෙලෙමින් සිටියෙමි.
                                           සත්තකින්ම "දි එයාර්පෝර්ට් වැසීමෙන් පසු" ටෙලි කතා සීරියස් එක යනු ක්‍රියාදාම ගනයේ එකක් නොව විනෝදාත්මක වර්ගයේ එකක් බව මුන්ට නොතේරෙන්නෙ මන්දැයි මම නොදනිමි. පොඩි අවුලකට ඇත්තේ එහි ඇති ගොන් ජෝක්ස් වලට අමුවෙන් සිනා සීමට නොහැකි කමය.
                                                             ඒත් ඉතින් සිරිමත් මදන මෝදකයක් මෙව්වා කරගත්තොත් ටෙලි කතා සීරියස් එකම ෆුල් සොමියේ බලතෑකිය. මේ කියන්නෙ සත්තකින්ම ඇත්තය. බොරුනම් ට්‍රයි කොට බැලුවට කම් නැත.මොකද සැබෑ ලල් එක ඇත්තේ කතාවේ නොව. ඒ කතාව බලා දාර්ශණික ටෝක්ස් දෙන ගැලරියේ ඉන්න හිගන හැත්තගේය.

-රෝමා-
RomanthikaRasthiyadukaraya/facebook

30 comments:

  1. දැන් නැද්ද හැබෑට ඔය මදන මෝදක කියන ජාතිය???
    කාලයකින් දැක්කේ නෑ...

    ReplyDelete
    Replies
    1. නැත්තේ මොකෝ බන් ගුලි වශයෙන් තියෙන එකට වඩා දැන් ජනප්‍රිය වෙඩින් කේක් කෑල්ල වගේ ඔතලා එන එක. අර සමාන්‍ය ගුලු 6ක විතර එවා එතන තියෙනවා...

      Delete
  2. හොක්.. හොක්.. ඔය ටෙලිය බලන්නනං මෝදකයක් නැතුව බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් මොකද පියවි සිහියෙන් මුන්ගේ කෙරුවාව බලන් ඉන්න අමාරුයි

      Delete
  3. අපුරු ටෙලිය. බලාගෙන ඉන්නකොට ඇහැට ඇගිල්ලෙන් ඇනගෙන අඩන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ.මුන් හිතන් ඉන්නෙ චන්දෙ දෙන්නෙ හරක් කියලා

      Delete
  4. කරකවල අත ඇරිය වගේ බං අයියෙ...අමුතු රහක් හැබයි මේ අලුත් විදිය..මොන රහෙන් හරි ඔයාට වෙන නාට්ටියක් තිබ්බෙම නැද්ද බලන්න..ඉංදියාවෙ හොටු පෙරන් අඬන එකක් හොඳයි මේකට වඩා..වමනෙ යන්න එනවා මතක් වෙද්දි..ලෝකෙ ඉන්න මෝඩම නලුවො රඟපාන නාට්ටිය මේක..

    ReplyDelete
    Replies
    1. මෝඩ බලන් ඉන්න අපි වැගි බින්දුවො...උන් කපටියි. කපටියි කියන්නෙ ඒකෙත් හොදම එක.උන් කපටි නැත්තම් අපේ රටේ මිනිස්සු මෙච්චර කරලත් දෙපැත්තට බෙදිලා ගහගනියිද? ඒ වගේම ලංකාව අද තියෙන තැනට ඒ හැම මුග්ධයෙක්මත් වග කියන්න ඕනෙ

      Delete
  5. නියම උපහාසයක් රෝමා... ඒකට නම් ඔයාට තෑග්ගක් දෙන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරුෂි....තෑගි හම්බුනා වගේ තමයි ඉතින්....

      Delete
  6. මටනම් ඔය දේසපාලන කත අරහං ඒත් ඉතින් මේක කියෙව්වා... අර මගේ පොඩි සන්දියේ ලාවට ක්‍රශ් එකකුත් ඉන්නවනෙ මෝල්ඩර් ආ....න් ඒ නිසා

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන දේශපාලනෙත් එක්ක. අරහන් නොවුනොත් තමයි පුදුම. ඒ තරම් අමු කුජීතයිනෙ ඉතින් නෙහ්....

      අඩේ මගෙත් ලාවට ක්‍රශ් එකක් තිබ්බ ස්කලී කෙල්ලත් එක්ක. ඒත් ඉතින් නළුවෙක් විදියට ගත්තම මෝල්ඩර් තමයි පට්ටම. අර උන්ගේ ලව් සීරියස් එක ගියපු කාලෙනම් කොහොමද. මරුම.....

      Delete
  7. අනේ මන්ද ඔයා හිතට එන දෙවල්..නරකම නැහැ රෝමා...එත් ලංකාවේ දෙශපාලනයේ ගැන ලියන්න එපා...එක තිත්තයි...

    ReplyDelete
  8. මදන මොදක 2ක් මදි ජොන්ට් එක්කුත් ගහපන්'.

    ReplyDelete
    Replies
    1. නැතුව.... නැතුව.... පියවි සිහියෙන් මුන්ගේ නාඩගම් බලන් ඉන්න එක නම් කරන්නම බැරි වැඩක්

      Delete