28 July 2023

ඉරත් ගිහින් සද පායන හැටි බලන්න - Irath gihin sada payana hati balanna


ඉරත් ගිහින් සඳ පායන හැටි බලන්න

යාය පුරා මල් පීදෙන හැටි බලන්න

ඔයත් එක්ක රෑ අහසේ තරු ගණින්න

ඉඩ හරින්න මේ හුළගේ හුස්ම ගන්න


පාට පාට ලෝකේ සුදු පාට සොයා

අන්ධකාරයේ අපි ඇවිද ගියා

කළු ඔක්කොම එක තැනකට එකතු වෙලා

අපි ඇවිද ගියා පාට හොයා

16 June 2023

කොයිල් ඇටේ වැසියෙක් වීමත් එක වෙලාවකට සෑහෙන අවුල්


ජෝක්නම් අවුල්

කුණුහර්පනම් මාර ලල්

පිරිසකකට මගුල්

දක්වමින් නගුල්

එහෙ මෙහෙ අරන් යති

ජන්දෙට පෙර ට්‍රයල්

යටත්වැසියට නැතත් වියවුල්

උන්ගෙ හැම ට්‍රයි එකම ෆඋල්

මේ හැම අස්සේ

කොයිල් ඇටේ වැසියෙක් වීමත්

එක වෙලාවකට සෑහෙන අවුල්

- රොමාරස්-

13 May 2023

ධම්මික පෙරේරා සළකුණ



මට ධම්මික පෙරේරා ගැන කියන්න කලින් පොඩි කතාවක් තියෙනවා කියන්න. සමහර විට මන් කියන සමහර කාරණ ගැන ප්‍රැක්ටිකල් අවබෝධයක් නැති අයට ඒක උදව්වක් වේවි මේ කතාවෙ ඉදිරියට යන්න. 
                                      මන් මීට අවුරුදු කිහිපයකට කලින් විවෘත විශ්වවිද්‍යාලයේ එක්තරා අධ්‍යයණ කටයුත්තකට නියැළුනා. එකෙ තිබ්බ එක විෂයක් තමයි "Quantitative Techniques"  කියන්නේ ඒක ගණිතයට බර විෂයක් නිසාත් අනිත් විෂයන් තියරි සබ්ජෙක්ට් නිසාත් මන් වැඩි බරක් දුන්නෙ තියරි සබ්ජෙක්ට් වලට මොකද ගොඩක් පාඩම් කරන විෂයන්ට සාපේක්ශව ගණිතය වඩා පහසු නිසා.
                  ඒත් විභාගෙ ලංවෙලා මේක කරන්න හැදුවම තමයි අන්තිමට පිස්සු හැදුනේ. පාස් පේපර්ස් වල තියෙන ඒවා යූටියුබ් එකේ හෝ ගූගල් එකේ හොයන්න ගියත් පිස්සු හැදෙනවා.අන්තිමේදී මම ඒ විෂය ෆේල් වුණා. ටිකක් සබ්ජෙක්ට් එක අමාරු නිසා සැලකිවයුතු පිරිසක් ෆේල් වෙලා තිබ්බා වගේම පාස් වෙච්ච එවුනුත් හිටියත් ගොඩක් හිටියේ යන්තම් ගොඩගිය එවුන්

12 March 2023

2024 ජන්ද සිතියම


2024 ජනාධිපතිවරණය මොන වගේ වෙයිද කියලා මන් කල්පනා කරනවා.එතකොට දැන් තියෙන තත්වෙත් එක්ක ප්‍රධාන පක්ෂ වලින් එන්න ඉන්න අය මෙහෙම පෙළගස්වන්න පුළුවන්

01. පොහොට්ටුවෙන් - රනිල්,නාමල්

02. සජබෙන් - සජිත්

03. ජාතික ජනබලවේගෙන් - අනුර

ඔයිට අමතරව  විසික්ක වෙලා එන කැඩිච්ච පක්ෂ වලට උදාහරණයකට විමල් වීරවංශලගේ හෙලිකොප්ටරේ,පාඨලිගෙ 44 වගේ පක්ශ වලට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන් තත්වයක් තාම හැදිලා නෑ ඒ නිසා කොහොමත් මීළග ජනාධිපතිවරණයට තාමත් පිට්ටනියට ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් තත්වයකට හරි තියෙන්නෙ ඔය උඩ තුනට විතරයි.

මුලින්ම සජබෙ ගැන කතා කරොත් සජිත් තමයි අනිවාර්යෙන් මීළග ජනාධිපතිවරණයට තරග කරන්නේ. ඒත් මේ වගේ වෙලාවකවත් අච්චර අජපල් ආණ්ඩුවක් තියෙද්දි නායකත්වයක් අරන් දිනන්න පුළුවන් වපසරියක් හදන්න තාම අසමත් වෙච්ච සජිත් කියන්නෙ කූඹි පුකක තරම් වත් දිනන්න දෙයක් නොකර ඉබේ ඔඩොක්කුවට වැටුනොත් විතරක් ගොඩයන එකෙක්. ඉතින් සම්ප්‍රදායික අපේ පැරණි ජන්ද ප්‍රතිඵල වල ස්ටැටික් අනුවනම් 2024 ජන්දය දිනන්න ඕනේ සජිත් උනාට. සජිත් කියන්නේ මේ රේස් එක පිටිපස්සට දුවන තමන්ගේ තාත්තගෙ කාලෙටත් වඩා පරණ ක්‍රමත් එක්ක දේශපාලනෙ කරන කෙනෙක් නිසා . මේ රේස් එකෙන් ලොකු වාසියක් සජිත් හින්දම අනිත් දෙගොල්ලොන්ටම ලැබෙනවා.

07 October 2022

දිනක්ෂි ප්‍රියසාද් පවුල සහ ශ්‍රී ලංකාව


දින්ක්ෂි ප්‍රියසාද් පවුල කියන්නේ ඇත්තටම ලස්සන පවුලක්. පවුල් ජීවිතෙත් සෑහෙන ලස්සනකට ගත කරන ජීවිතේ විදින පවුලක්. මේ ලියවිල්ල උන්ට අපහාසයක් විදියට ගන්නෙපා. මේක ෆේස්බුකියේ දැක්ක පෝස්ටුවක් එක්ක හිතිච්ච මගේ සිතුවිල්ලක් විතරයි.

                               දිනක්ෂි ප්‍රියාසාද් පවුල කියන්නේ මුල්‍යමය හැකියාවක් තියෙන ජීවිතය ඉතා සතුටින් ගත කරන පවුලක් නේ. සරුංගල් කරන කාලේට ගෝල්ෆේස් යනවා , අරගලයට ගිහින් අරගලයට සහභගි වෙනවා චායි ටී එකක් ගහන ගමන් ෆොටෝ අරන් බුකියෙ දානවා, Save විල්පත්තු කියලා ප්‍රොෆයිල් කවරයක් දාගන්නවා, අන්තිමට කහ පාට ජර්සි ඇදගෙන ඔස්ට්‍රේලියාවට කෘතගුණ සලකන්න යනව.

                                                    ලංකාව කියන්නේම දිනක්ෂි ප්‍රියසාද් පවුලක් වගේ එකක්. ඒකේ බහුතරයකට තියෙන්නෙ රැල්ලට පුප දීමක් මිස වෙන එකක් නෙවෙයි. නිකමට හිතපන්කෝ කොත්තුවක තිබ්බ නිල්පාට කෑල්ලක් පෙන්නපු වීඩියෝ එකකින් කොච්චර කැළඹීමක් රටේ වුනාද? මුස්ලිම් මිනිස්සු කී දෙනෙක්ගේ ගෙවල් දොරවල් විනාශ වුනාද? කී දෙනෙක් මැරුණද. ලංකාවට අරගලය කියන්නෙත් රැල්ලට පුක දීමක් මිසක් වෙන එකක් නෙවෙයි. ‍රෝන්ග් ජෙනරේෂන් කියලා වැලලෙන්න හැදුවට අරගලකාරයෝ අල්ලපු අරලිය ගහ මන්දිරේ බලන්න ආපු පෝලිමම තමයි නෙළුම් කුළුණ බලන්න ගියෙත් 2015 මයිනව බලන්න ගියෙත්. ඔය තුනටම ගිය එවුන් ඇති තරම් ඇති ඔය පෝලිම් වල.

16 October 2021

සුභ ගමන් ආදරණීය ආටියා..........


               

අද අහඹු ලෙස දැකපු ෆේස්බුක් පෝස්ට් එකකින් තමයි දැක්කෙ ආදරණිය බ්ලොග්කරුවෙකු වෙන 'මගේ ලෝකය - My world" නැමැති බ්ලොගෙයේ අකුරු කෙරූ ආදරණිය තරුණ බ්ලොග් කරුවෙකු වෙන ආටියා නොහොත් කළණ රජින්ද ආටිගල  ආකාලයේ ජීවිතයෙන් සමුගෙන ඇති බව.

මම අන්තිම වරට දාපු පෝස්ට් එක සම්බන්ධ උනේ ආදරණිය සුනිල් පෙරේරාගේ අකල් වියෝව සම්බන්ධයෙන්. එත් උඹ එම පෝස්ට් එකට දැමු කමෙන්ටුව දිගේම මම අද උබේ බ්ලොගයට විසි තිස් පාරක් විතර ගියා. උඹ ගැන උඹෙ බ්ලොගය ගැන බ්ලොග් රසිකයෙක්, ලියන්නෙක් විදියට මන් උබේ මරණය ගැන ඇති වූ තිගැස්මෙන්ම මොකුත් තවත් නොලියා ඉදිරියට ලියන බලාපොරොත්තුවෙන් යන්නම් සුභ ගමන් ආදරණීය ආටියා..............

06 September 2021

සුභ ගමන් ලෙජන්ඩ්.................


අද උදෙන්ම ඇහෙරෙන්නෙ සුනිල් පෙරේරත් යන්න ගිහින් කියන මහ අවාසනාවන්ත ප්‍රවෘත්තියත් එක්ක. අපේ පරම්පරාව කුඩා කාලයේ ඉදන් කියවපු, රස විදපු මිනිස්සු දැන් දැන්  කොරෝනත් එක්ක යන්න අරගෙන.  වයසින් වියපත් නොවුනත් ඔහුන් යනකොට මට දැනෙන්න ගන්නවා අපිත් කෙමෙන් කෙමෙන් වැඩිහිටියන් වෙමින් යනවා කියලා.

මංගලත් ගියා

සුනිලුත් ගියා

ලංකාව ඇතුලෙ මිනිස් සිතුවිලි ලස්සන කරපු ලස්සන්නම ලස්සන මිනිස්සු එකින් එකා යනවා. සුනිල් පෙරේරගේ අසමසම දැවන්තම සංගීතමය පරිජ්ජේදය එසේ අවසන් උනත් ඔහුගේ සුන්දර සංගීත රටා වගේම ඔහුගේ ලස්සන සිතුවිලි  සසර සරන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙළ රන් දෙරණෙ යළි යළිත් විරාජමාන වේවි.


සුභ ගමන් ලෙජන්ඩ්.................