ඉරත් ගිහින් සඳ පායන හැටි බලන්න
යාය පුරා මල් පීදෙන හැටි බලන්න
ඔයත් එක්ක රෑ අහසේ තරු ගණින්න
ඉඩ හරින්න මේ හුළගේ හුස්ම ගන්න
පාට පාට ලෝකේ සුදු පාට සොයා
අන්ධකාරයේ අපි ඇවිද ගියා
කළු ඔක්කොම එක තැනකට එකතු වෙලා
අපි ඇවිද ගියා පාට හොයා
ඉරත් ගිහින් සඳ පායන හැටි බලන්න......
විලවුන් සුවදට පරිසරය මත්ව ගිහින්
කලාමැදිරි එළි කෝ ඝනදුර පහව ගිහින්
නිලමැස්සන් වෙනුවට සමනළයින් තුරුල් කරන්
මල් සුවඳ ළගින් හීනය සැගව නොයන්
ඉරත් ගිහින් සඳ පායන හැටි බලන්න......
මේ තියෙන්නෙ කොඩි ගහ යට කියන ටෙලි නාට්‍යයේ ඇහෙන සිංදුවක් පල්ලෙහයින් තියෙන්නෙ ඒ සිංදුව. මම සිංහල ටෙලි නරඹන්නෙක් නොවුනත් අහම්බෙන් හම්බෙන මේ වගේ ටෙලි අපිව ඇබ්බැහිකරනවා.
මේ සිංදුව උනත් හොයලා බැලුවම අවුරුදු 09ක් විතර පරණ එකක් ජීවිතේට අහලා නැති මාරම සිංදුවක් ඇහෙන්නෙත් මේ ටෙලියත් එක්ක. කියන්න සතුටුයි මන් කූබියොන්ගෙන් පස්සෙ ආයෙත් ටෙලියක් බලනවා.
හැබැයි ඉතින් දෙයක් කියන්න ඕනේ මාරයි කියලා ලොකු බජට් දාන් ආවට ගොඩක් ටෙලි මන් හිතන විදියට පට්ට ෆේල්. මන් කියන මේකට ගොඩක් අය එකග වෙන එකක් නෑ ඒත් මේක කියන්නේ අපහාසයකට නෙවෙයි රෝෂාන් රවින්ද්‍ර වගේ ඩිරෙක්ටර්ලා තව ගොඩක් තමන්ගේ වපසරිය පළල් කරගන්න ඕන. උදාහරණයකට සහෝදරයා, තණමල්විල කොල්ලෙක් වගේ ඒවා ගන්න පුළුවන්
ඒවා ලංකාවත් එක්ක බැලුවම ලොකු බජට් එක්ක යන නිසා මාර උනාට ඒ ටෙලියෙන් කියන කතාවත් පට්ට රහ උනාට. කතාව එළියට දාන විදිය පට්ට ෆේල්. සහෝදරයා ඇතුලෙන් කියන්නෙ පට්ට රැඩිකල් කතාවක් උනත් එපි එකක් දෙකක් යනකොට පට්ට අලසයි. මිනිහෙක්ව තියාගන්න අධ්යක්ශකට හැකියාවක් නෑ. ඉන්පස්සේ මිනිස්සුන්ට කියනවා හොද නිර්මාණ බලන්නෙ නෑ. යකෝ තොපි හදන ඒවා කොලිටි එක ඇත්ත. ඒත් ඉතින් මිනිහෙක් තමන්ගෙ දවසෙන් පැය භාගයක් නාස්ති කරන් ඕක බලන්නෙ මොකටද ඌට බලන් ඉන්න බැරිනම් උදාහරණයකට තණමල්විල කොල්ලෙක් එකේ සැරින් සැරේට අඩනගීරියෙක් වගේ අඩන යශෝදගේ කෑල්ලක් දාල කතාවෙ යන රිදම් එකම කනවා. ඒ අලස මූසල කම එන්ටර් කරලා උන් කියනවා වීව්ස් නෑ අරක නෑ මේක නෑ කියලා.
ඒ අතින් ජගත් මනුවර්ණ ඉස්සරහා එපි වලින් ෆේල් නොවෙයි කියලා හිතනවා. කොඩි ගහ යට කියන්නේ මේ වෙනකොට මාව පිස්සු වට්ටපු ටෙලියක් ඒකෙ ඉන්න හැම නළුවෙක්ම නිළියක්ම උපරිම දෙනවා සහ අධ්යක්ෂ ඒක ගන්නවා. ටෙලිය බලපු නැති එකෙක් ඉන්නවනම් මේ පල්ලෙහා තියෙන එපියේ කොල්ලා ඩ්‍රින්ක් එකක් දාලා ඩාන්සින්ග් ෆ්ලෝර් එකට එන්ටර් වෙන හැටි බලන්න. ගෙදර ප්‍රශ්ණත් එක්ක මස්සිනාව මරන්න හදලා කොළඹට පනින මේ අසේල කියන කොල්ලා රගපාන්නේ ඒ චරිතේ ඇතුලේ කිමිදිලා.
බොලිවුඩ් කොලිවුඩ් වලට වඩා මලයාලම් ෆිල්ම් ඉන්ඩර්ස්ට්රිය හිට් වෙන්නෙ මේ නිසා. හින්දි වගේම ටැමිල් ෆිල්ම් වටේ ඉන්න රසිකයොන්ට වඩා වෙනස් පිරිසක් මලයාලම් ෆිල්ම් වටේ ගොඩනැගෙන්නෙ ඒ ෆිල්ම් වල තියෙන ඇත්ත නිසා.ඇත්ත මිනිස්සු,ඇත්ත ගෙවල්, ඇත්ත ගැහැණු,ඇත්ත වලි,ඇත්ත ලව්,ඇත්ත සෙක්ස් වගේ දේවල් නිසා උදාහරණයකට ඒවයෙ ඉන්න වගේ ලස්සන ගෑණූ තමයි ඇත්තට ලෝකෙ ඉන්නෙ නිසා. නැතුව බීජිං දාලා වගේ සුදු වෙච්ච ඒවා නෙවෙයි අපිට පාරකදි බස් එකකදි හම්බෙන්නෙ.මේ ටෙලියෙම ඉන්න නිළියොන්ගේ ස්වරූපය වෙන ටෙලි වල පට්ට වෙනස්. එතකොට බලන මිනිහෙක්ට දැනෙනවා කෘතිම බවක්. රගපානවා කියන්නේ රගනොපාන එකට නෙවෙයි ඒ සිද්ධිය අස්සේ ඒ චරිත අස්සෙ තියෙන ආර්ට් එක අදුරගෙන ඒ ආර්ට් එකේ ජීවත්වෙමින් රගපාන එකට. ජය.................
-රොමාරස්-
+++++++++
ReplyDelete+++++++++
Deletesuperb review!
ReplyDeleteඑල
Deleteමෙතරම් විස්තර දන්නා එකේ ඔබ සාර්ථක ටෙලි නාට්ටයක් සාදා පෙන්නුවා නම් හරිනේ.
ReplyDeleteයු ටියුබ් එකට හරි දාන්න පුළුවන්නේ.
අත දෙන්න කව්රුත් නෑ බ්‍රදර්......
Deleteවසර ගනන් ගෙවී ගියා
ReplyDeleteමෙහි එන්නට බැරුව ගියා
ටෙලි බලන්න බැරුව ගියා
මෙහෙම ලියල යන්න ගියා...
ජයවේවා...!
බ්‍රදර් කන්ටැක්ට් නම්බර් එකක් දාපන්
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඑල බ්‍රදර මන් කෝල් එකක් දෙන්නම්
Deleteටිකක් බැලුවා. එච්චරම අල්ලලා ගිය එකක් නෙවි. අපහු ට්‍රයි එකක් දෙන්න ඕනේ
ReplyDeleteඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා ‘කවුද යකෝ වේසි?’ කියල.
ReplyDeleteවේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.
මාතලන් වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. රෂිනි දුවට වේසි කිව්වා. සාරසලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්න කම භාර ගන්නේ වටිනාකමක් විදියට. පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.
එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.
රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.
වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.
වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.
වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.
වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.
ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.
වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.
කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.
-රසික සුරියරච්චි-
ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොළඹ ඉදං වැලිමඩ බලා ගිය හෙළිකොප්ටර් යානය සහ පරිවාර හෙළිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල ඉස්කෝලෙට ගොඩබාපු එක. අයහපත් කාලගුණය නිසා තමයි එතනට යානා ගොඩබෑවේ.
ReplyDeleteඔකේ ජනාධිපතිතුමා ගිය අති විශේෂ ට්වින් ටර්බෝ ප්‍රභූ ආරක්ෂක මිසයිල සහිත බේල් 212 හෙළිකොප්ටර් යානය පදවාගෙන ගියේ අජිත් ධර්මකීර්ති මහත්තයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන ඕනෑම ගුවන් ගමනක යානාව රැගෙන යන්න දෙන්නේ අජිත් ධර්ම මහත්තයට විතරයි.
මොකද ජනාධිපති රනිල් මහත්තයාගේ අතිශය විශ්වාශසහගත නිලධාරීයෙක් තමයි අජිත් කියන්නේ. ජානාධිපතිතුමා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න ලැස්ති.
ඉතින් ඊයෙත් ඔය ගමන යද්දී අජිත්ට තේරුනා තව දුරටත් කඳුකරය දෙසට යානා රැගෙන යන්න බැහැ කියලා. අජිත් විතරක් ආවා නං අජිත් වැලිමඩ යනවා හෙළිකොප්ටර් එකේම.
මතකනේ අජිත් එක පාරක් රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවක් අරගෙන ඇවිත් කොග්ගල එයාර්පෝර්ට් එකේ ගොඩපාපු හැටි.
ඕනිම කාලගුණයක ඕනිම ගුවන්යානයක් රැගෙන යන එක ගොඩබාන එක අජිත් ධර්මා මහතාට කජු කනවා වගේ. ඒ උනාට මෙතන එහෙම බැහැනේ. සේනාධිනායක, විධායක ජනාධිපති. ඒ නිසා අජිත් යානාව බැස්සුවා ඉස්කෝලේ පිට්ටනියට.
ඒ වෙලාවේ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන් සීමිත ප්‍රමාණයක් සිටියේ යානා වල. හැබැයි අජිත් ධර්ම මහත්තයාත් හිටිය නිසා ජානාධිපතිතුමාට ආරක්ෂාව ගැන කිසිම බයක් සැකක් තිබ්බේ නැහැ. අජිත් ධර්ම මහත්තයත් යානාව ගොඩ බස්සපු ගමන් තටු නතර වෙන්නත් කලින් එලියට පැන්නා විශේෂ ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය අමෝරාගෙන.
මොකද කලින් දවසක ක්‍රීඩා ඇමති ඉස්කෝලෙකට ගිහින් ජේවීපී ත්රස්තවාදීන්ගේ විරෝධයට ලක් උන එකත් අජිත් මහත්තයාගේ ඔලුවට ආව. ඔය ක්‍රීඩා ඇමතිගේ සිද්දිය වෙලේ ජේවීපී ත්‍රස්තවාදී ගුරුවරයෙක් කිව්වා මහක ඇති ජනාධිපති රනිල්ට පුළුවන් නං ඉස්කෝලෙකට එන්න, ගහලා එලවනවා කියලා. අජිත්ට ඕක සිහියට ආව.
අජිත් ධර්ම මහත්තයාගේ හිතේ ගතේ හයිය තියෙනව ජේවීපී ටෙරාලා සීයක් ආවත් බාවන්න. මීට කලිනුත් එහෙම කරලා තියෙනවනේ.
ඊට පස්සේ අනික් ජනාධිපති ආරක්ෂකයන් එක්ක අවට ආරක්ෂාව තහවුරු කරලා ජනාධිපතිතුමාව විදුහල්පතිතුමාගේ කාමරයට එක්කන් ගිහින් ස්ථාවර කරා.
ඒ අතර තුරේ ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට ආරක්ෂක අංශ ගෙන්වා ගෙන පිටත ආරක්ෂක වළලු තර කරා. ඊළගට මයිත්‍රී මැඩම්ටත් කතා කරලා දැනුම් දුන්නා සිදුවූ දෙය සහ මැතිතුමා ආරක්ෂිතව ඉන්නා බව.
දැන් ඊලග වැඩේ ජනාධිපතිතුමාව වහාම මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන යන එක. එත් එකට අවශ්‍ය විශේෂ වෙඩි නොවදින ප්‍රභූ ආරක්ෂක විශේෂ අවි සහිත වාහන එතන නැහැ. හදිසි ගොඩබෑමක් නිසා වාහන මෙතන නැහැ. ඒවා ඒ වෙනකොට ගුවන් මගින් වැලිමඩට යවල තිබ්බේ. ආයේ ඒවා ගෙන්න ගන්න වෙලා යනවා. අනික ගුවන් මගින් ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද වැලිමඩ හරියේ හිටපු ගුවන් නියමුවන්ට ඒ කාලගුණයේ යානා පදවන්න හැකියාවක් නැහැ. එක්කෝ අජිත් එහෙනං ආයේ හෙලිකොප්ටර් යානය අරගෙන වැලිමඩ ගිහින්. මේ යානාව එහෙ දාලා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ප්‍රභූ වාහනය දාගෙන රැගෙන එන්න ඕනි. ඒත් එකට වෙලා යනවා. අනික ජනාධිපතිතුමාව දාලා වැලිමඩ යන්න අජිත් කැමති උනෙත් නැහැ.
ඒ පාර අජිත් වහාම ඔහුගේ අති ප්‍රභල චන්ද්‍රිකා දුරකථනයෙන් හොයලා බැලුව ඒ අවට තිබෙන රජයේ ප්‍රභූ වාහන මොනවද කියලා. එතකොට ටොයෝටා ලෑන්ඩ්කෘෂර් V8 එකක් තිබ්බා අමාත්‍යංශ වාහනයක්. ඒක ඒ පාර අජිත් වාහම ජනාධිපති ආරක්ෂක අංශය යවලා ගෙන්න ගත්තා. ස්කොඩ් එකට යන්න ඩබල් කැබ් 4 යි, තව පැජරෝ එකකුයි ගෙන්න ගත්තා.
ඔය ටිකට විනාඩි 30 ක් වගේ ගියා. ඒ අතර තුරේ අජිත් ධර්ම මහතා බොහොම හෙවිල්ලෙන් හිටියා ජේවීපී ත්‍රස්තවාදී ගුරුවරු ජනාධිපතිතුමාට හානියක් කරන්න එයිද කියලා. ජනාධිපතිතුමාට කළු කෝපි එහෙමත් ලෑස්ති කරලා දුන්නා. පාසලේ ළමයි, ගුරුවරු, විදුහල්පතිතුමා ඇවිත් ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.
වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.
ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.