09 July 2018

කලාව යනු කුමක්ද???


                                              කලාව යනු කුමක්ද? එය හැසිරවිය යුත්තේ කෙසේද යන්න පිළිබද නොයෙකුත් කතා නොයෙකුත් ලෙස තැන තැන කතා වනවා අප දැක තිබේ. බොහෝ විට අප එය කරන්නේ අප තනා ගන්නා රේඛා සහ සීමා වල සිටගෙනය. ඒත් ඇත්තටම කලාව යනු කුමක්ද? යන්න එවිට අපට සොයා බැලීමට වටිනවාය.
                   එදාටත්,අදටත්, හෙටටත් සර්වකාලීන කලාකරුවෙකු වූ ගප්පියා යනු මම පෞද්ගලිකව මහත් වූ ගෞරවයක් ඇති කාලාකරුවෙකි, චින්තකයෙකි. ඔහුගේ සමාජ කියවීම පෞද්ගලිකව මගේ කියවීමටද නොමැතිනම් තින්කින්ග් පැටර්න් එක වෙනස් කරවීමටද බලපෑවාය. කාලාව යනු කුමක්ද? යන්නට ගප්පියා අපූරු උත්තරයක් දෙයි. සැබැවින්ම අපි ගප්පියාට ආදරේ කරන්නේ මේ නිසාය. මාගේ බ්ලොගයට ගොඩ වදින ඔබටද එය වටීවී යැයි සිතුණ නිසා එය ඔබටද නැරබීමට මේසේ තබමි.
                                                              කාලාව යනු ඔබෙත් මගෙත් කියවීමේ ඇති ශිෂ්ඨත්වයේ සහ අශිෂ්ඨත්වයේ සීමාව නොව එය ප්‍රකාශ කරන්නාගේ මනෝභාවය තුළ ඇති ශිෂ්ඨත්වයේ සීමාවයි.එවන් ප්‍රකාශණයක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව ඔහුට ඇති අයිතියයි...නිදහසයි....

-සුපුන් සමීර ද සිල්වා-


12 comments:

  1. නරඹල ඉවරවෙල ආයෙ එන්නං, කියන්න ඕන දේවල් කියන්න

    ReplyDelete
  2. මේ .. බැරිද අර නවත්තපු කතාවේ ඉතුරු කොටස දාන්න

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...ඒක ඛේදයක්....

      Delete
  3. Art is freedom, and "someones freedom ends where the other man's nose begins". 😊 I like the vedio. It is a nice one.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කෙ. මන් හිතන්නෙත් ඔබ හිතන විදියටමයි මන් පෞද්ගලිකව මිනිහෙක්ට,ජාතියකට,ආගමකට අපහසාත්මකව තියෙන දේවල් අගය කරන් නෑ (ඒත් ඒකට ව්‍යතිරේඛ තියෙනවා.උදාහරණයකට මන් සිරිපාදය ගැන අපහාසත්මක දේවල් ලියන්නෙ නැති වුණාට. සිරිපාදයේ පිරිත් නූල් විකුණමින් කරන මගඩි ගැන ලියලා තියෙනවා) ඒත් ඔබ දකින අනෙක් කෙනාගේ නාසයත් මන් දකින තැනත් අතර වෙනසක් තිබෙනවා. මිනිහෙක්ට,ජාතියකට,ආගමකට යන තුන පිළිබදව අපහාසත්මක දෙයක් ගැන ගැටළුවක් නැත්තම් මන් හිතන්නෙ යම් කෙනෙකුගේ නිදහස ඉන් අහිමි වෙන්නෙ නෑ. මන් දන්නවා නැවත වතාවක් ඔබ ඉන් අර්ථ ගන්වන්නේ වෙන දෙයක් බව. මට වඩා ඇසූ පිරූ ඇති කෙනෙක් ලෙස ඔබ ගේ අදහසට මන් ගරු කරනවා.

      Delete
  4. හ්ම්... ඇත්තටම කලාව කියන්නෙ මොකද්ද ?

    ජයවේවා!!!

    ReplyDelete
  5. “Too many adults wish to 'protect' teenagers when they should be stimulating them to read of life as it is lived.”
    ― Margaret A. Edwards

    “Artists, by their free expressions, encourage others to be free. This is the quality that makes works of art enduring.”
    ― Marty Rubin

    ReplyDelete
    Replies
    1. හරියටම මින් පෙර ලිපියේ ඇදුණු කතාවෙ දෙපැත්ත වගේ. ඒ වගේම මෙය වඩාත් ඛෙදජනක වෙන්නෙ වැඩිහිටියන්ගෙ කියවීම තමයි හරිම කියවීම යන මතයේ ඔහුන් දිගින් දිගටම සිටිමින් ලෝකය කැරකෙන අතට කැරකෙන්න නොදී සංස්කෘතික කියවීමකින් ජැක් ගැසීමෙන් ඔහුන්ගේ දශකයේ සමාජ කියවීමම නුතන දශකයේ ඉන්න පොඩි එකාටත් ලබාදීම

      Delete
  6. මිනිසාගේ ජීවිතය හැඩගස්වනු ලබන විද්‍යාවය කලාවයි...

    ReplyDelete
  7. කලාව යනු නිදහසයි කියමුකො, ඒ නිදහස මත වෙන නිර්මාණ වල හොඳ නරකත් වෙනස් නෙව. එතකොට එව්වා රසවිඳින පරාස තේරුම් ගන්න නෙව අර කවුරු කවුරුත් හදා ගන්න එකිනෙකාට වෙනස් මිනුම් දඬු අර ගන්නෙ. ඒ වගේම තමයි කාලයත් එක්ක ඔය කොයි මිනුම් දණ්ඩත් වෙනස් කරනව.

    අහල තියනවද කියමනක් "කලෙකදි වහලු කලෙකදි රහ වෙනවාලු" කියල, දැනට අවුරුදු 25 - 30 කට උඩදි තිබ්බ අන්තිම සවුත්තු නිර්මාණත් දැන් පට්ට රහයි !

    අද කාලයේ කලාව ගැන හිතල කිව්වෙ, දැන් ඉන්න කලාකරුවෝ කියා ගන්නා සම + හරක් ගත්තම නිහාල් නෙල්සන් හිටං සුනිල් ශාන්ත වගේ පෙන්නෙ මට විතරද ???

    ReplyDelete