10 August 2017

රස්තියාදුකාරයගෙ බොලොග් එකට අවුරුද්දයි ( ඉතින් පෝලිමේ වරෙල්ලා කේක් කන්න)

                 
    හරියට අද දවසට මන් බොලොග් ලියන්න අරන් අවුරුද්දයි. ගිය අවුරුද්දෙ හරියටම අගෝස්තු මාසෙ මේ වගේ දවසකට ඒ කියන්නෙ අගෝස්තු දහයට දවස් දෙක තුනකට කලින් මන් බොලොග් එකක් ගැන මොකුත්ම දන්නෙ නෑ. අඩුම ගානෙ මට ගෑවිච්ච එකෙක් වත් දන්නෙ නෑ.  
                     ඉතින් කොහොමින් කොහොම හරි දන්නෙම නැතිව අවුරුද්දකුත් ගිහින්. අවුරුද්දක කාලයක් පුරා බොලොග් ලොව තුළ සිටීමට හැකි වීමත් ලොකු සතුටක්. කොහෙන්ද පටන් ගන්න ඕනෙ කියලා තේරෙන්නෙ නෑ. ඒත් මගේ මේ බොලොග් එක අටවා ගැනීමේදි ඉදලා මේ වෙනකම් මට උදව් කරපු කීපදෙනෙක්ට ස්තූති කරන්නත් එක්ක අවුරුද්දක් සා විශාලා වූ යැයි හිතුවට එච්චර විසාල නැති මේ ගමන පිළිබද සිංහයෙක් වගේ ගැම්මට සිංහාවලෝකනයක යෙදෙන්නයි මේ සුදානම.
                                                ඉතින් මේ අවුරුද්දක් වගේ කාලයකදි ලැබුනූ දේවල් බොහොමයි. විශේෂයෙන්ම  කෙටි කතා,කාලීන හා දේශපාලනික,රස්තියාදුගහන කවි,අතීත මතක,එදිනෙදා ජීවිතයේ සමහර තැන්,ප්‍රහසන,ලේබල් නැති කතා වගේ එකිනෙකට වෙනස් විෂයන්  7 කින් බොලොග් ලිපි 39 ක් ලියන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් ඒක එච්චර ලොකු ගානක් නොවුනත් මාසෙකට ලිපි දෙක තුනක් එදා ඉදන් අද වෙනකම් නොකඩවා දාන්න පුළුවන්වුණු එක ලොකු සතුටක්. ලිපි 39කට ලැබිලා තියෙන හිට්ස් ඉහටත් උඩින් වීමත් තව සතුටක්.
                                        ඒ වගේම. "නෙළුම යාය"  සම්මාන උළෙලේ සම්මානයක් ලැබීමත් මේ බොලොග් ලියවිල්ලෙ අග්‍ර ඵලයක්. "බොලොග් වසන්තය" සම්මාන උළෙලේ ජනප්‍රියම ලිපි තෝරපු ඉසව්වෙන් 13 වෙනි තැනට වෙනකම් එන්න පූළුවන් වුණු එකත් වටින මතකයක්. ඉතින් මන් දැන් ලැහැස්ති වෙන්නෙ. එතෙක් මෙතෙක් මගේ බොලොග් කෙරුවාවට සහය වුණු කීප දෙනෙක්ට ස්තූති කරන්න.

                                                      මුලින්ම ස්තූති කරන්න ඕනෙ සෝෂල් මීඩියා වල ලෙජන්ඩ් එකට ඒ තමයි "ගප්පියා". ගප්පියාගෙ මුල් කාලීනව ඉදලා රසිකයෙක් විදියට සෝෂල් මීඩියා භාවිතය අමුතුම විදියකට වෙනස් කරේ ඌ. ඌට ඉස්සෙල්ලා කීපදෙනෙක් ඒකට ට්‍රයි කරත් සෝෂල් මීඩියා වල පොට හරියටම හව්වුනේ ගප්පියට. ඉන් පස්සෙ ෆේස්බුක් එක මගුල් සක්වලක් වෙලා හතු පිපෙන්න වගේ සුපිරි වැඩකාරයො බිහි වුනා. උනුත් ලෙසටම පොට අල්ලා ගත්තා. සමහරු හැලුනා. ඒත් ගප්පියා තාමත් එහෙම්මමයි.
                                         ඉතින් උගේ මුල් කාලයේ ඉදලම රසිකයෙක් වෙච්ච මන් ගප්පියගෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි. යූ ටියුබ්, ෆේස්බුක්, බොලොග්........ හැම එහෙකම ඌ කරණම් ගහද්දි අපි වගේ ඇට මැස්සො ඉගෙනගත්තා කොහොමද දෙයක්  හරියට කරන්නෙ කියලා. නැත්තම් සෝෂල් මීඩියා වලින් තියෙනවයි කියලා හිතන මොකක් හරි ඉලව් හැකියාවකින් ප්‍රයෝජන ගන්නෙ කොහොමද කියන එක මන් ඉගෙනගත්තෙ උගෙන්.
                           මන් පෞද්ගලිකව ගප්පියට හෙන ලව් කැරට් එකක්. මුල්ම රෙස්පෙක්ට් එක උඹට. මන් ජීවිතේ හම්බෙලා නැති එවුන්ගෙන් වැඩියෙන්ම හම්බෙලා කතා කරන්න කැමති එකෙක් ඉන්නවනම් ඒ ලිස්ට් එකේ උඩම එකා තමයි ගප්පියා. සනී අක්කත් ඉන්නෙ දෙකට. මොකද අපේ අර මොකද්ද තින්කින්ග් පැටර්න් එක පවා වෙනස් කරේ ගප්පියා.
                                                                  ඉන් පස්සේ ඉතින් බොලොග් කියන වචනෙ අහලා තිබ්බත් මන් හිතන් හිටියේ ඒකට විශේෂ IT  දැනුමක් තියෙන්න ඕනෙ කියලා නිකන් අර සර්වර් එකක් රන් කරලා වෙබ් එකක් වගේ කොරන්න ඕනෙ එකක් කියලයි හිතන් හිටියේ. ඒත් දිගටම මන් ගප්පියගෙ බොලොග් ලිපි කියෙව්වා ඒ කාලෙ. ඔය අතරේ මන් අහඹු විදියට ගිය අවුරුද්දෙ මේ වගේ දවසකට දවස් දෙක තුනකට කලින් ගූගල් එකේ සින්හලෙන් මොකක් හරි ගහලා හොයනකොට අහඹු ලෙස ගියා කතන්දරකාරයා කියලා බොලොග් එහෙකට. ලිපියක් දෙකක් කියවනකොට මට හිතුනා මටත් මේ වගේ එකක් කරන්න ඇත්තනම් කියලා.
                                   ඒත් ඉතින් බොලොග් ලිපි වලින්ම තේරුණා කතන්දරකාරයා හෙන ඉගෙනගත්ත පොරක් කියලා. ඉතින් හොද it  දැනුමක් ඇතිව ප්‍රෝග්‍රෑම් එහෙම ලියලා වෙන්න ඇති කියලා මේක හැදුවෙ. ඒත් ඉතින් ඕකෙ කැරෙකැවෙන කොට එහෙ මෙහෙ තියෙන ඒවා ඔබලා ගියා තව බොලොග් දෙක තුනකට. අප්පට කලුවා මාරපන් ගියපු ගමන හොදයි ඇත්තටම මට වඩා. මන් බලන්න ගත්තා යකෝ කොහොමද මෙච්චර පිරිසක් බොලොග් ලියන්නෙ කියලා. මට බොලොග් එක මොකද්ද කියලා මතක නෑ. ඒත් මන් එක බොලොග් එකකට ගොඩ වුනාම පල්ලෙහයින් බොල්ග් ලිස්ට් කියලා පේළියක්ම ආවා. අප්පටසිරි ගියා විතරයි මෙන්න බොලොග් ලෝකයක්. ඒ දවස් ටිකේම හිටියේ ඒ බොලොග් වල.
                                          බොලොග් ගැන දන්න එකෙක් නෑ ගෑවිච්ච තැනක. ඉතින් ගැවුවා ගූගල් එකේ කොහොමද බොලොග් එකක් හදන්නෙ කියලා . ඔන්න ආවා ලිස්ට් එකක්. නිකන් දෙමල පත්තරයක් බලන් හදනවා වගේ බොලොග් එකක් හැදුවා බොහොම අමාරුවෙන්. ඒ හරියටම ගිය අවුරුද්දෙ මීට දවසකට ඉස්සෙල්ලා වෙන්න ඕනෙ. ඒත් ඉතින් සමහර ගැජට් ගන්න විදිය ගැනවත් එතකන් බොලොග් ගැනවත් හරි අවබෝධයක්වත් තිබුන් නෑ.
                                            ඉතින් මොකද කරේ ගිය අවුරුද්දෙ අද වැනි සුන්දර දවසක පින්බර කුමාරයෙක් බොලොග් එකක් ලියලා. සින්ඩි වලට ඇතුලත් කරගන්න කියලා දස අතේ තියෙන සින්ඩි වලට මේල්ලු දැම්මත් දෙක තුනක් විතරක් රිප්ලයි කරලා තිබ්බා. (සමහර ඒවගේ රිප්ලයි ආවෙ මීට මාස දෙක තුනකට කලින් :-)) ඔය ඉතින් සින්ඩි සින්ඩි ගෑවට ඕවගෙන් හරියට මොකක් වෙනවද කියලවත් ලොකු තේරුමක් තිබුන් නෑ.
                                                     මාතලන් ලියපු බොලොග් පාඩම කරුමෙකට හම්බුනේ සෑහෙන පස්සෙ.එතකොටත් මන් ඒකෙ තිබ්බ හුගක් ඒවා හදාගෙන තිබ්බෙ. ඒත් සමහර ගැජට් දා ගන්නෙ කොහොමද කියලා උත්තරයක් හොයාගන්න පුළුවන් වුනේ නෑ. ගූගල් දෙයියොන්ගෙන් ඇහුවත් (බොලොගර් ෆ්ලෝවර් එක එහෙම) ඒකත් නිකන් දුන්නෙ මහ අජූත උත්තර. අටම්පහුර සින්ඩියේ රිප්ලයි එකත් එක්ක ආව ඉෂ්ඨ දෙයියෙක්. ඒ තමයි අටමා ලෙස කවුරුත් හදුන්වන අටම්පහුර.  ඒකාගෙන් බොලොග් ගැන අහපු සමහර කුජීත ප්‍රශ්ණ වලට ඒකට මුහුණ දෙන්නෙ කොහොමද කියලා මන් පසුකාලීනව සෑහෙන කල්පනා කරා. එතරම්ම විලි ලැජ්ජයි .
                           ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ. අලුතෙන් බොලොග් ලියන්න එන අපි වගේ එවුන්ට අටම් තරම් අතහිත දෙන එකෙක් මේ බොලොග් අවකාශෙ තවත් නෑ.  සරලවම කිව්වොත් ඒකා නැත්තම් මගේ බොලොග් එකත් නෑ.
                                                   තුන්වැනියට මට ස්තූති කරන්න ඕනෙ අනිත්කොන බොලොග් එක ලියන සුන්දර වෛද්‍යවරියට. එ තමයි වෛද්‍ය බෝධිනී සමරතුංග. ඇය තමයි බොලොග් ලියපු මාව අගය කරලා. මට කවදාවත් යන්න බැරි වෙච්ච සුවිශාල අවස්ථා රාශියක් නිර්මාණය කරලා දුන්නෙ. ඒ නිසා ඈ පිළිබදවත් මගේ හිතේ තියෙන්නෙ සුවිශාල ගෞරවයක්.
                                                        ඒ වගේම තව කෙනෙක් මතක් කරන්න ඕනෙ. ඒ තමයි "මන් එරන්දි"  බොලොග් අඩවිය ලියන එරන්දි අක්කා. ඇය ගැන කොහොම ලියන්නද. මේ බොලොග් ලෝකය තුල නිරන්තරයෙන් ධෛර්මත් කරනවා විතරක් නෙවෙයි. ඇය සතු දැනුම හැම විෂයක් සම්බන්ධවම නිතරම මට ලබාදෙනවා. ඇයගේ කවි කියවන ඕනෙම කෙනෙකුට තේරෙනවා නොයෙකුත් විෂයන් සම්බන්ධව ඇයට තිබෙන පූළුල් දැනුම. ඉතින් ඇයගෙන් යම් යම් දේ නිරන්තරයෙන් ඉගෙනීමත් ලොකු ආශිර්වාදයක්. ඇත්තටම එරන්දි අක්කා කියන්නෙ තවත් අක්කා කෙනෙක් නෙවෙයි. මගේම අක්කා කෙනෙක්.
                                                               ඒ වගේම තව පුද්ගලයෙක් ඉන්නවා මගේ මුල් පෝස්ටුවේ සිට හැම පෝස්ට් එහෙකටම එකක් නෑර මේ දක්වා කමෙන්ට් කරපු.  බොලොග් කමෙන්ටුවකට බොහෝ එහා ගිය බෑදීමක් ඇති කරගත්තු සහෘදයෙක්. පෝස්ට් එකක් නොදැම්මත් අසනීපයක්ද කින්ද මන්ද කියලා හොයල බලන ප්‍රාණසම අතිජාත සහෘදයෙක් නැත්තම් සහෝදරයෙක් ඒ තමයි දුමී. ස්තූතියි මචෝ උඹටත් බොහොමත්ම...........ඒ වගේම කොලොම්පුරේ වගේම,සොදුරු සදවතිත් මතක් නොකරම බෑ.
                                                තව පිරිසක් ඉන්නවා. ඒ බොහෝ කාලයකට පෙර බොලොග් ලියපු  ලියලා නවත්වපු,සමහරවිට තාමත් බොලොග් ලියන පැරණිම බ්ලොග්කරුවන් පිරිස තමයි ඒ. ඔහුන් තමයි "සිංහල බොලොග්" කියලා අවකාශයක් ඇති කරේ. ඔහුන්ටත් බොහොම ස්තූතියි. ඉතින් ඒ අවකාශය පිට්ටනියක්නම් එදා මෙදා තුර ඒ පිට්ටනියෙ හයේ පහරවල් ගහපු බොලොග් පතාක ලියන්නන්ටත් ස්තූතියි මොකද ඔහුන් සිංහල බොලොග් ගැන ඇති කරපු ජනප්‍රියත්වය හින්දා තමයි. මිනිස්සු බොලොග් බලන්න පුරුදු වුනේ. ඉතින් ඒ නිසයි අපි වගේ ඇට මැස්සො ඒ පිට්ටනිවල ජිල් බෝලයක්වත් ගහනකොට ඒවා බලන්න මිනිස්සු ආවෙ. 
                                                               අන්තිමට තව එක්කෙනෙක්ව මතක් කරන්න ඕනෙ. මොකද මන් මේ ස්තූති කරපු ඔක්කොම බොලොග් වලට සම්බන්ධ අයනේ පෞද්ගලික ජීවිතෙත් ලිවීම පැත්තෙන් මාව දිරිමත් කරපු අය බොහොමයි. ඒ ගැන ලියන්න ගියොත් මේක නිකන් මාගලක් වගේ දිග වෙනවා. ඒ නිසා මන් එකම එක්කෙනෙක්ට විතරක් ස්තූති කරන්නම්.
                                 මොකද අද බොලොග් වල ලියන්නෙක් වෙන්න ඒ දිරිමත් කිරීම මූලිකම පදනම වුනා කියලා මට හිතෙනවා.  මන් පහ වසරෙදි මට උගන්වන්න ගෙදරට ආපු ටියුෂන් ගුරුවරයෙක් තමයි ඔහු. හුරුපුරුදු විදියට කියනවනම් ඒ තමයි සමන් අයියා. අද හැමෝම ඔහුට සමන් සර් කිව්වත් අපිට පොඩි කාලෙ ඉදන්ම කට හුරු උනේ ඔහුට එහෙම කියන්න. 
                            ඒ කාලෙ  මන් ලියපු රචනා එහෙම ස්කෝලෙ ගුරුවරුන්ට ප්‍රියමනාප වුනේ නෑ. මොකද මගේ අකුරු අමු කැතයි. ඒත් අමාරුවෙන් හරි ඒවා කියවපු සමන් අයියා මට ඒ කාලෙ පුදුම හිතෙන තරම් ප්‍රශංසා කරා. වෙන ළමයි ඉස්සරහා මාර විදියට ඒවා අගය කරා. මන් ඇති තැන වගේම මන් නැති තැනත් මන් ගැන කියලා තිබ්බා, අගය කරලා තිබ්බා. 
                            මන් හිතන්නෙ මන් ලියපු මොකක්ම හරි එකක් මුලින්ම රසවින්දෙත් ඔහු, මාව මුලින්ම දිරිමත් කරෙත් ඔහු, කොටින්ම කියවන්නෙක් විතරක් වුණු මම ලියන්නෙක් කරන පාරට දැම්මෙත් ඔහු.ඒ පාරෙ අපු මගේ වැදගත්ම තැනක් තමයි මේ බොලොග් එක. ඉතින් ඔහුටත් බොහොමත්ම ස්තූතියි.
                                                                      ඊලගට ස්තූති කරන්න ඕනෙ බොලොග් එකේ ඉන්න වැදගත්ම පිරිසට....... ඔව්... ඒ තමයි උඹලා.......උඹලා නැත්තම මගේ බොලොග් එකත් නෑ. පල්හෑලි කියවලා බොරුවට හරි නයිස් මචෝ, පට්ටයි රෝමා, තව ලියපන් රෝමා.... කියලා කමෙන්ට් කරන, නොකරන, කියවන උබලා නැත්තම් බොලොග් එකක් ලියලා මක්කා කරන්නද බන්....
                                ස්තූතියි නම් ගම් නොකිව්වට උබලා ඔක්කොටම නම් ගම් කියලා ස්තූති කරන්න හිතුනත් එක නමක්වත් මිස් වුනොත් ඒක ඊට වඩා ප්‍රශ්ණයක් නිසා නම් ගම් මොකුත් කියන්නෙ නෑ. ඒත් උබලා ඔක්කොටම බොක්කෙන්ම ස්තූතියි.
                                                                        තව පිරිසක් ඉන්නවා ඒ වගේම වැදගත්. මගේ ෆේස්බුක් පිටුව බොලොග් එකට වඩා පරණයි.  ඉතින් ඒකත් එක්ක හිටපු තව පිරිසක් ඉන්නවා මගේ මේ බොලොග් එක කියවන. ඒ වගේම මොකක් හරි කතාවක් පරක්කු වුනත් මැසේජ් එක්ක දාලා පරක්කු ඇයිද අහන.අදටත් මේ බොලොග් එකට වැඩිම වීව්ස් ලැබෙන්නෙ ඒ පිටුව හරහා. ඒ වගේම ඒ හරහා ඇවිත් දැන් කීපදෙනෙක්ම අනිත් බොලොග් දිහාත් ගිහින් බොලොග් කියවන්නො වීමත් තව සතුටක්. ඒ වගේම ඉන් දෙන්නෙක්ම බොලොග් අඩවි ආරම්භ කිරීම ඊටත් වඩා සතුටක්.
                           අන්තිමට මට උඹලගෙන් ඉල්ලන්න තියෙන්නෙ එකම එක දෙයයි. "මේ පල්හෑලිත් එක්ක මේ අවුරුද්දෙත් මෙහෙම්ම ඉදපල්ලා" කියලා විතරමයි. ස්තූතියි බොක්කෙන්ම. කියවන උඹලා තමයි නන්නත්තාරවුණු සිතුවිලි  ලියපු මට වටිනාකමක් දුන්නෙ ........... 

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook         
                                                                                                                        

62 comments:

  1. /* ඒත් ඉතින් බොලොග් ලිපි වලින්ම තේරුණා කතන්දරකාරයා හෙන ඉගෙනගත්ත පොරක් කියලා. */

    (රෝමාන්තික) රස්තියාදුකාරයෙක් වුනාට යමක් කමක් තේරෙනවා එහෙනම්!

    හොඳයි හොඳයි මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි ඉතින්. මට බොලොග් එකක් ලියන්න මුල්ම උත්තේජය ඇතිවුනේ ඔබතුමාගේ ඒ බොලොග් එකෙන්. ඊට කලින් මන් බොලොග් කියලා මෙලෝ දෙයක් දන්නෙ නෑ.
      ඉතින් අවුරුද්දක් ගිය තැන ඒ බොලොග් එකේම අයිතිකරු මෙහෙම කමෙන්ට් එකක් දාපු එකත් දෛවෝපගතයි. ස්තූතියි බොහොමත්.....

      Delete
    2. අනුනට මඩ ගහන්න. බ්ලොග්කරුවන් කොටවන්න, ඇනෝ ඇවිල්ලා පිම්බන්න ,නොදන්නා බයිලා කියලා අනුන්රවටන්න, ලංකාවේ ඉන්න පොරවල්වලට ඔසීරට කියන්නනේ දෙව්ලොව සැප සම්පත් දෙන රටක් කියන [අනික් අය එනවට අකමැති ]
      මන් තමයි සිංහල බ්ලොග් ලෝකේ කින් කියලා කියන සිපිපියා (රෝමාන්තික) රස්තියාදුකාරයෙක් වුනාට යමක් කමක් තේරෙනවා එහෙනම්!..... අනේ හොඳා තවම ළදරුවෙක්නේ එකයි ඔය

      Delete
    3. ඇයි බන් ඇනෝ එහෙම;;;

      Delete
  2. කෝ කෝ කොහෙද පාටිය? කේක් කාලම විශ් කොරන්නං.. හෙහ්..

    අර සමන් අයියව මතක තිබ්බ් එක් තමයි පින්ච් පොයින්ට් එක.. වෙල්ඩන් බ්‍රෝ. කීප් අප් ද ගුඩ් වර්ක්!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කල්‍යාණ මිත්‍ර මන් මුලින්ම හිතාගෙන හිටියෙ ඔබතුමා මහ ලොකු ලයින් කාරයෙක් කියලා :-) ඒත් පසුව තමයි තේරුනේ ඔබ ඉතාමත්ම හොද නිහතමානී බොලොග් කරුවෙක් කියලා.ස්තූතියි බොහොමත්....

      සමන් අයියාගෙ දිරි ගැන්වීම ඒ කාලෙ ඉහටත් උඩින් දැනුනා. පසු කාලීනව ඊටත් වඩා ලිවීම අගය කරපු අය හිටියත්. පොඩි පැලේකට වතුර දානවා වගේ ඔහුගේ දිරි ගැන්ව්ම් හොදටම දැනුනා.

      Delete
    2. ඇහ්.. අඩේ එහෙම හිතෙන්න හේතු දෙක තුනක් කියපංකො.. මට සෙට් වෙලාම නැති කොමෙන්ට් එකක්.. :)

      Delete
    3. ගැත්තට සමාවෙන්න ඕනෙ හිත රිදුණනම්. ඔබතුමා බොහොම හොද නිහතමානී,අනිතිමානී ඒල කොල්ලෙක් ( අර මන් මුල්ම කාලෙ ගූගල් ෆ්ලෝවර් එක ගැන ඇහුවනේ අටම් දන්නෙත් නැති හින්දා අහන්න කෙනෙක් වෙන හිටියෙ නෑ. ඒකට රිප්ලයි එකක් වත් දැම්මෙ නැති නිසයි හිතුවෙ "යකෝ මූගේ තියෙන ඝනකම කියලා" ඔබ තුමාට මේව්වා එක මතකත් නැතිව ඇති අප්පා. අයෙත් සමාවෙන්ට හොදේ ගැත්තට.)

      Delete
    4. අඩා එහෙම එකක් මතක නෑ තමයි .. මතක් උනත් ඉතිං මට කියන්න වෙන්නෙත් අටමගෙං හරි මාතලං ගේ සින්ඩියෙන් හරි අහගනින් කියල තමයි .. මේ රෙද්ද අවුරුදු ගානක් කරාට මං අදටත් ඕවා දන්නේ නෑ බං..

      Delete
    5. ඒකනෙ අප්පා කිව්වෙ මතකවත් නැතිව ඇති කියලා. ආයෙත් ඉතින් සමාවෙන්ඩ ඕනෙ හොදේ.....

      Delete
  3. උණුසුම් සුබ පැතුම් රස්තියෝ අවුරුද්දක් තුල ඔයා මේ බ්ලොග් ලොකේ ගිහින් තියෙන දුර ගැන අවංකවම සතුටුයි.හැබැයි ඉතින් සතියකට පාරක්වත් මුකුත් නොලියන එක ගැනත් අවංකවම කේන්ති.ආ.. මාවත් මතක් කරල තියෙන එකටත් ස්තූතී හොදේ.ඉතින් තව බොහෝ දුර ගමනක් යන්න මගෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් තුළ ගියපු ලොකුම දුර බොලොග් පැත්තෙන් ගියේ වෝටර්ස් ඒජ් එකට තමයි සොදුරු. බස් දෙහෙකම යන්න උනා...:-)
      සදවතී පැරණි බොලොග් ලියන්නියක් වුනත් ඒ මාන්නෙ පැත්තකින් තියලා බොහොම සාමාන්‍ය විදියට අපිත් එක්ක ඉන්න එක ගොඩක් වටිනවා සොදුරු. මන් සොදුරුගෙ වැඩියෙන්ම කැමති ඒකට. බොහොම ස්තූතියි සොදුරු ආදා පටන් මගේ බොලොගයේ නිතරම රැදුණට.

      Delete
  4. ඉහි ඉහි... උයා අරිම නරකායි.. උයා අපි බැනපුවාට හොදයි කියල නැහැ.. ඉහි ඉහි... තලාම තලායි

    ReplyDelete
    Replies
    1. ලිඛිතා මට බැන්නෙ කවද්ද.????බැනපුවම කව්ද අනේ හොද කියන්නෙ දෙකක් කියනවා ඇරෙන්න. නෑ මන් කිව්වෙ ඉතින් එහෙම නැතුව බෑනෙ ලිඛිතා මේ සමාජෙ ජීවත් වෙන්න.....
      කෝම උනත් බොහොම ස්තූතියි ලිඛිතා ගොඩවුණාට.....

      Delete
    2. ආ... එහෙනම් මම බැන්නේ නැද්ද? චා චා වස වැරැද්දයි. මීට පස්සේ බලන්ටකෝ ඈ !

      හි හි හි....
      මට එක්කෙනෙක් කිව්වා ඉඳල හිටලා හරි පොඩ්ඩක් අඬන්න පුරුදු වෙන්න කියල. පොඩි ප්‍රැක්ටිස් පාරක් දැම්මේ. වැඩේ හරි වගේ!

      Delete
    3. යාං හෑල්ලේ අඬන පුංචි අම්මගේ චරිතෙට යවන්න හොඳයි.. :)))

      Delete
    4. එල එල ලිඛිතා කව්ද බන් මේ ඉදලා ඉදලා අඩන්න කියන්නෙ අඩනගීරියක්ට.
      ඔව් කල්‍යාණ මිත්‍ර මේකි හරියන්නෙ එහෙම කැරට් එකකට තමා....නැත්තම් මල් සිංදුවකට විෂුවල් එහෙකට උනත් කමක් නෑ.

      Delete
  5. සුබ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රාජේ පුලු පුලුවන් වෙලාවට මගේ බොලොගයට ගොඩ වැදිලා ලබා දෙන ප්‍රතිචාර වලට.....

      Delete
  6. රසින් අඩු නැති විවිධ ලියමන් බ්ලොග පුරාවට තියෙයි බෝමා
    හිතින් සුවඳය සහෝදරකම් මිනුම් කරලා කියනු කෝමා
    හොඳින් වසරක ආව ගමනට සුභ පැතුම් මම තබමි රෝමා
    වරෙන් කීවත් කේක් කන්නට කේක් නැතිවිට දුකයි බෝමා....

    සුභ පැතුම් අවුරුද්දට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බන්...එකම කාලවල් වල බොලොග් ලියන්න අවුදින් මේ දක්වා මමත් වැටෙන්න නොදී අරන් ආවට......

      Delete
  7. සුභ පැතුම් රෝමා. ඉස්සරහටම යමු.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහොම ස්තූතියි ඉයන් ඔබවැනි ප්‍රවීනයින්ගේ ප්‍රතිචාර බොහොම වටිනවා

      Delete
  8. නියමයි රෝමා,දැන් කොහෙද පාටිය තියන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේ පුංචි රටේ කොහෙදිම හරි දවසක හම්බෙයිනෙ මචෝ...එදාට ගහපු කන සාක්කුවෙ වැටෙන්නම...

      Delete
  9. ආ මග දෙස හැරි බලා දිරි අරගමු තව දිගු ගමනක් යන්න තිබෙන බැවින්.
    සුබම සුබ පැතුමන් ඔබට එක්කරනවා සහෝදරයා.
    කවදාද අපි ආයෙමත් සෙට්වෙන්නේ කණ සාක්කුවට වැටෙන්න ගහන්න?

    ReplyDelete
    Replies
    1. එල එල බන් බොහොම ස්තූතියි...කෝ බන් උඹ සෙට් කරනවයි කිව්ව ට්‍රිප් එක.එකේදි ගහමු ලෙලි යන්න. අර බක්කරේ කියන්නෙත් හොදම වර්ගේ සංචාරකයෙක් උගෙනුත් උපදෙස් ටිකක් ගමු.

      Delete
  10. දැන්නං පාර්ටිය ඉවරයි ඇති මාහිතේ.
    මොනව උනත් අවුරුද්දක්ම රස්ති ගහපු එකේ දැං ඉතිං ඒ ගැන හොඳ අත්දැකීමක් ඇතිනෙ. ඉතිං දිගටම රස්ති ගහන එකයි ඇත්තෙ.
    සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. අයෙත් ඉතින් ලියන්න එපා කිව්වත් දිගටම ලියනවා.බොහොම ස්තූතියි Praසන්ன...

      Delete
  11. සුභ පැතුම් රෝමා.. තවත් දුර ගමනක් යන්න ලැබේවා...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතිය් අරු

      Delete
  12. මගේ සුබපැතුම් මචං, වැටෙන්න නොදී කොහොම හරි ඉදිරියටම යමු. රැදී ඉන්න තමයි අමාරු අත්දැකීමෙන් කියන්නේ , ඒ නිසා යන්න හිතුනොත් ආයෙත් බලපන් උබේ පරණ පොස්ට් දිහා, යන්න දෙන්න එපා හිතට බ්ලොග් එක දාල කවදාවත් , අත්දැකීමෙන් කියන්නේ .

    සුබ උපන්දිනයක් රස්තියාදු බ්ලොග් එකට ;-)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. තාමනම් එහෙම හිතුන් නෑ බන්. ඉස්සරහටත් එහෙම හිතුනොත් නිතරම බොලොග් එක අප්ඩේට් නොවුනත් හිතට දැනෙන දෙයක් වුනොත් අනිවාර්යෙන්ම මේකෙ ලියවේවි. ඒත් කවදහරි බොලොග් ලියන එක නතර කරන්න හිතුනොත් උඹෙ ක්‍රමේ කරන්නම්. සමහර විට මේ කමෙන්ට් එකත් එතකොට දකිවී :-) එල මචෝ..බොහොම ස්තූතියි....

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. සුභපැතුම්... දිගටෝම ලියාගෙන යමු ඈ...ලංකාවට ආපු දවසක කන්න මටත් කේක් කෑල්ලක් ඉතුරු කරලා තියහන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අම්බලංගොඩ. ලංකාවට ආවොත් වැඩි දුරකත් නෙවෙයිනෙ ඉන්නෙ ඒ නිසා ආවොත් අනිවාර්යෙන්ම කේක් කෑල්ලක් එක්ක තව මොනවහරි බොන ජාතියකුත් තියාගෙන හම්බෙමු.(මන් කිව්වෙ මේ මැන්ගො කිට්ස් නෙර්ක්ටා වගේ පළතුරු බීමක් එහෙම.... හොදයි නේ...:-) )

      Delete
  15. Replies
    1. බොහොමත්ම ස්තූතියි සුභ පැතුමට

      Delete
  16. පට්ට...
    අවුරුද්දක් ගියා දැනුණේවත් නැද්ද මන්දා...
    දිගටම ලියමු...
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා අද ඊයෙ වගේ නේ බන්....
      මමත් වයසට යනවද මන්දා බන් දන්නෙවත් නැතිව....
      බොහොම ස්තූතියි මචෝ...උඹටත් ජය වේවා.....

      Delete
  17. අදමයි ආවේ සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බන්... දිගටම වරෙන් එහෙනම්...

      Delete
  18. සුභ පැතුම් රොමෝ, මට ඔයාව හම්බවෙලා අවුරුද්දක් නොවුනට මටත් ඔයා බ්ලොග් ලෝකෙ ලොකු සහෘදයෙක්.....දැන් ඉතින් තව වැඩිපුර පෝස්ට් ටිකක් දාන්න. අවුරුද්දකට දාල තියෙන පෝස්ට් ගාන හොඳටම මදි... මේක දැක්කහමයි මට මතක්වුනෙ, මටත් දැන් අවුරුද්දකට කිට්ටුයි කියල,, බොල කරන වැඩ දැක්කම මමත් මොනව හරි කුරුටු ගාන්නම එපෑ..

    ReplyDelete
    Replies
    1. පොඩි වැඩ වගයක බන් මේ දවස් වල හිටියේ එකයි රිප්ලයි කරන්න පරක්කු වුනේ. අනිවාර්යෙන්ම මචෝ අදුනගත්ත දවසෙ ඉදලා උඹත් එක්ක තියෙන්නෙත් බොලොග් වල වගේම ෆේස්බුක් වලත් හොදම සම්බන්ධයක්. පෝස්ට් ගාන අනික් බොලොග් වලට සාපේක්ෂවනම් ගොඩක්ම අඩුයි තමයි බන්. ඒත් තියෙන වැඩත් එක්ක මේ ගාන තමයි මචෝ දිගටම දාන්න වෙන්නෙ. එව්වට හරියන්න උඹ ලියහන්.පුලූවන් හැම වෙලාවකම අපි එන්නම් කියවන්න. බොහොම ස්තූතියි බන්.

      Delete
  19. උමාගෙන් රෝමාට උනුසුම් සුබ පැතුම්....

    ReplyDelete
  20. සුභ පැතුම් ඔබේ බ්ලොගයට. හමුවීම ගැනත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි වගේම මටත් ඔබතුමා හමුවීම බොහොම සතුටක්

      Delete
  21. සුබ පැතුම් රස්ති. තව ඉදිරියට යන්න.

    ReplyDelete
    Replies
    1. මොනිටරේ කඩාගෙන තමයි බොල තව ඉස්සරහට යන්න ගියොත් යන්න වෙන්නෙ. එනිවේ බොහොම ස්තූතියි යාත්‍රා...........

      Delete
  22. දිගටම ලියන්න, සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි කාණ්ඩා......

      Delete
  23. අයිය පුතා මන් වැහිබඳු...එක්සෑම් ඉවරායි..දැන්නෙ දැක්කෙ මේක..මගෙනුත් සුභපැතුම් පිලිගන්න ඈහ්..එල එල..දිගටම ලියාන් යාන්..����

    ReplyDelete
    Replies
    1. ඒල එල දැන් එතෑකිනෙ නිතරම නේ. ඒක නෙවෙයි කොහොමද් එක්සෑම්?(එක්සෑම් කර්පු එවුන්ව මානසිකව වට්ටන්න අහන ප්‍රශ්ණයක් තමයි ඉතින් ඕක)

      Delete