21 June 2017

ප්‍රේමය නම් කිමැයි කියා හදුනාගත් කිසිවෙකුත් නැති (18+)


පොඩි පොඩි කොලු ගැටව් ගේ බිජු අතගාන කලෙක
නැත්ත වෙතේ රහසින් ගල් කපනා රටෙක
පොඩි පොඩි වුන් රවටමින් චොකලට් සීනි බෝලයට
උන් ගනිති ලල් එක ලොල්ලෙකු වී සංස්කෘතියේ
රෙද්ද පල්ලෙන් වැටෙන

දිවා රෑ ගොදුරක් සොයමින්  ඒ මේ අත වෙහෙසෙන
කටාර් ලා ඇත මේ දම් දිව සතර දෙස
බියර් එකක් වත් ගැටයෙකුට දී කටට ගෙන උරනා දවස
මුට්ටියත් බිදිය හැක  ට්‍රයි කරොතින් අතමිට මොලවා වැද හොත්ව

එකල් රටේ සියලූ දුසිරිතෙන් පිරෙන
සමරිසි ප්‍රේමය අකපැයි එය වෙතිදෝ ලෝ දම් කරුම
සද තරු පායා ඇති රැයක  මල් මල් පෙම්වත් කතා මැද
නොසිටුනු ආසා පෙම්වතුන් නම් තව ලොවෙහි වෙද

වල ගැසුණු ගොරහැඩි කම්මුල් පහස දුන් චුම්භනය
 සොදුරුය දැනුනත් ඇගෙහි හිරු ගඩු පිපුම
පාළු ගෙදර නොබිදිමින් උන් උන් පිරිපුන් වලද
උන් උන් විදිති ආදරය එය වෙතේ ප්‍රේමය නම් නැත්ත

ඉදින් සද තරු පායා ඇති රැයක නුඹ හට ළං වෙන්න
ළං වී තුරුලටම තව තව දේ මුමුණන්න
ආදරය තව දුරද කිවමැන නෙත් බැදි කත ලග  පෙම්බර වැට් තරුව

-රෝමාන්තික රස්තියාදුකාරයා-

47 comments:

  1. අනෙ අම්මෝ ඒක.... මම යනෝ මුකුත් නොකියම

    ReplyDelete
    Replies
    1. අපි මොකුත් නොකියන තරමට නැති කරේ උන්ගේ නිදහස සහ අයිතිය සොදුරු....
      සමරිසියන්ටත් අයිතියක් තියෙනවා ආදරේ කරන්න සහ විදින්න....
      එය තහනම් කොට නීතී දැමීම කොතරම් මිලෙජ්ජද...?

      Delete
  2. මේ ලගදි දැක්කා බෞද්ධාලෝක පාරේ ඩබල් ඩෙකර් බස් එකක සමරිසි කැම්පෙන් එකක් යනවා. කොල්ලෝ කෙල්ලෝ වගයක් නටනටා ගියා අපිට වෛරකරන්න එපා කියලා ගහපු බොඩ් උස්සාගෙන.

    ReplyDelete
    Replies
    1. ඒක හොද ප්‍රවනාතාවක් බන්....
      අපිට වෛරකරන්න පුළුවන් මොන පදනමකින්ද බන්?
      මිලේජ්ජත්වය තියෙන්නෙ රටේ නීතිය තුළ සහ සංස්කෘතික වහල්ලු තුළ බන්

      Delete
  3. හිතක හැඟුම් ඒ හදවත්වලද ඇතී
    දුකක තවරලා නිහඬව සුසුම් බොතී
    රටක එවන් වූ පිරිසක් කොන් කරතී
    ලොවක ඔවුන් නිතරම පාගා දමතී........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතක් ඇතේ අප හිත් වාගේම ඇති
      දුකක් ඇතේ උන් හට විදිනු නැතී
      ලොවක් විසින් පගා දැමුවත් නොවැති
      ඉරක් යටදී උන් පෙම් කෙරෙමුට කැමතී

      අගේ ඇති කවියක් දුමී...ජයවේවා....

      Delete
  4. Replies
    1. ඔන්න ඔහේ 18- උනත් අවුලක් නෑ බන්.
      කෝමත් වැඩියෙන් ඔය ගැන දැනුවත් වෙන්න ඕනෙ උන් තමයි නෙ... :D

      Delete
  5. ම්ම්ම් .... හ්ම්ම් ...

    ReplyDelete
  6. පික් එක සැර වැඩියි බන්😂😂😂

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඉතින් සැබෑ එව්වනෙ බන් 😂😂😂

      Delete
  7. Replies
    1. Live and let live is the rule of common justice - Roger L'Estrange

      Delete
  8. ඕව ස්කවුටින් , කැඩෙටින් , පල්ලි, පන්සල්, මැඩ්රාස් , ඉස්කෝලේ හොස්ටල් ආදී හැම තැනම සිද්ධ වෙනවා. වැඩිපුර ඒවා බාලාපරාධ ගණයට තමයි වැටෙන්නේ. එහෙම ඒවා වෙන්නේ නැති විධිහට රඟපාමින්, වැඩිහිටි වෙලා ඒ විධිහට ජිවත් වෙන අයට බැනල වැඩක් නැහැ. එක අතකින් ඒ මිනිස්සු අවංකයි. එංගලන්තයේ නිදහස දී තිබෙනවා. ප්‍රශ්නයක් වෙලා නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් එව්වා අපේ රටේ හැමතැනම තියෙනවා ඕනවටත් වඩා. විශේෂ්‍යයෙන් ප්‍රාදේශීය දේශපාලකයින්ගෙන් 60% ක් විතර සමලිංකයන් ඒත් උන් උන්ගේ ආතල් එක අරගෙන ඉන්නවා විතරයි ඒ වෙනුවෙන් කිසිම නීතිමය පදනමක් ගේන්න කිසිම උත්සහයක් නෑ.

      spotlight ෆිල්ම් එක බැලුවද (2016 ඔස්කරා සම්මාන උළෙලෙ හොදම චිත්‍රපටිය ඇතුළු ඔස්කාර් සම්මාන 6 දිනුවා) එහි කියන්නෙ වතිකානුව පවා දැනුවත්ව සමරිසි පූජකවරුන් ළමුන්ව අපයෝජනය කරන ආකාරය පිළිබද සත්‍ය කතාව. ඔහුන් පසුව හෝ ඊට නිතිමය පසුබිමක් නිර්මාණය කර යම් අඩු සීමාවකට එම අපචාර ගෙනාවා? ඒත් අප?

      Delete
    2. නැහැ බල නැහැ. නමුත් ඇමෙරිකාවේ කතෝලික පල්ලියට අති විශාල වන්දි මුදලක් ගෙවන්න වුණා. ඒ ගොල්ලෝ තරමක් බංකොලොත් කියලත් කියනව. එංගලන්තයේ එපමණ නැහැ. නමුත් අයර්ලන්තයේ සිද්දි ගොඩක් වාර්තා වුණා. අවුරුදු 16 ඉහල පුළුවන් ලිංගික සම්බන්ධතා පවත් වන්න.

      Delete
    3. පුළුවන්නම් බලන්න එහි සැබෑ මාධ්‍ය වේදින් තමයි 2003 Pulitzer Prize ඒක ගන්නෙත්. ඔවැනි සිදුවීම් නිසා අවිචාරවත් සමාජය විචාරවත් කිරීමට පසුකාලීනව නීතිය හදපු සුද්දා එය වෙනස් කරත් අපි සුද්දාගෙම නීතිය කරපින්නගෙන වෙන්නට අවශ්ෂ්‍ය සියළුම අපචාර දැන දැන වහගෙන සිටිනවා.

      Delete
  9. අඩේ නියමයි බං.

    ReplyDelete
  10. මම නොක්ලමුත් නොකරමි ගැරහීම

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි වටින්නෙ.....

      Delete
  11. කවියත් කතාවත් මල් හතයි.. ෆොටෝ එක ලොල් හතයි.. හෙහ් හෙහ් හෙහ් ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි ඇදපු මෑන්ස් ඇදලා තියෙනවා ලොල් හතටම

      Delete
  12. අපෝ අපි දැක්කේ නෑ...

    ReplyDelete
    Replies
    1. මන් දන්න අරුෂි සෑහෙන විවෘත කෙනෙක්

      Delete
    2. අම්මෝ රෝමා කොහොමද එහෙම කියන්නේ.. මාර කෙනෙක්නෙ ඔයා...

      Delete
    3. අරුෂි සමහර අය නොලියන තැන් ස්පර්ශ කරමින් ලියනවා මන් දැකලා තියෙනව
      ලිංගිකත්වය,මත්ද්‍රව්‍ය වගේ දේවල් කෙටි කතාවක උනත් අවශ්ෂ්‍ය තැන් වලට නොමසුරුව යොදනවා.

      Delete
    4. මං නිරායාසයෙන් ලියැවෙන දේවල් වෙනස් කරන්න උත්සහ කරන් නෑ... මං කියවපු හුඟක් පොත් මහ බරපතල එව්වා. ඒවා තමා මාව නරක් කලේ.. ඒකයි එහෙම ලියැවෙන්නේ..

      Delete
    5. නිරාසයෙන් එන දේවල් කොටුවක් ඇතුලේ හිරවෙලා දානකොට නියම රහ දැනෙනවා අඩුයි. ඒ නිසා නිරායාසයෙන් එන දේවල් ලියන එකට මන් කැමතියි

      Delete
  13. අද තමයි මේ පැත්තට ගොඩ උනේ . අපේ පැත්තටත් ගොඩ වෙලා යන්න
    http://snimalka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ එන්නම් අපිත් ඔය පැත්තෙ

      Delete
  14. සමරිසියන්ටත් අයිතියක් තියෙනවා උන්ගෙ ආතල එක ගන්න. ඒත් බහුතරයක් වයසක උන් කරන්නෙ 16ටත් අඩු පොඩි කොල්ලන්ව අමාරුවෙ දාන එකනෙ. මම හිතන්නෙ මේකත් එක හේතුවක් සමාජය සමරිසියන්ට වෛර කරන්න.

    ReplyDelete
    Replies
    1. සමරිසියන් ගැන වෛරයකට වඩා සංස්කෘතිය ගැන බයක් බන් තියෙන්නෙ. වෛර කිරීම නොකිරීම හේතුවක් වීම වැරදියි බන් තව පිරිසකගේ නිදහස සහ අයිතියට බධා කිරීමට
      මෙවන් අපචාර විධිමත් නීතිමය තත්වයක් ඇතුලේ නැතිම කරන්න බෑ ඒත් අඩු කරන්න පුළුවන් වෙයි,
      මොකද විරුද්ධ ලිංගියන් අතර වුනත් අපචාර තියෙනවනේ.ඒ නිසා ඒවා නැති කරන්නම බැරි වෙයි බන්.

      Delete
  15. මම රොටී කද්දී අනෙකා පිට්ටු කනවායි කියා මා ඌ හෙලා දකින්නේ නැත.නමුත් ළමා අපචාර වලට වහා යමක් කල යුතුව ඇත.උන්ගේ රුචිකත්වය අනුව දිරවන කෑමක් තෝරාගැනීමට තරම් අවබෝධයක් එනතුරු සම්මත රෙසිපි අනුගමනය කිරීම යෙහෙකි

    ReplyDelete
    Replies
    1. සියළු සමරිසියන් ළමා අපචාරකරුවන් නොවේ. අනෙක් කරුණනම් වඩාත් වැදගත්ම කරුනයි. එනම් පවතින තත්වය තුළ බොහෝ සමරිසියන් සම්මත රෙසපියට එනම් විරුද්ධ ලිංගිකයන් හා විවාහ වෙයි. මෙයින් ඔහුනට වඩාත් වැදගත් වන්නෙ දරුවෙකු සදා ගැනීම වැනි අරමුණ සහ සමාජයට අනුවර්ථනය වීමේ අවශ්ෂ්‍යතාවයි. එවැනි තත්වයක් තුළ අනෙක් පාර්ශවයට ඇතිවන තත්වය කුමනාකාර වෙයි ද.? ගෘහ ජීවිතය පිටට පමණක් රසට පෙනුමට තිබෙන ඇතුළත ගිනි ගොඩකි. මම පෞද්ගලිකව දන්නා එවැනි ජීවිත බොහෝ වෙයි. එවැනි වුන් ගැන නවකතාවක්ම ලිව හැක. ඔබත් දන්නා සමරිසියන් කී දෙනෙක් විවාහකද කියා මදකට විමසා බලන්න?

      Delete
  16. උනුන් අයිතිය නොගරහමි...මම ද

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි වටින්නෙ විසිරි

      Delete
    2. විචාරක දියණිය වෙමි
      තනිවම ආමි
      බැලු බැලු අත කමෙන්ට් තිබුයෙන් කීවක් නොලිමි

      Delete
    3. welcome to the blog's world. :)

      Delete
    4. පියතුමාගේ ධජය රැගෙන ඉදිරියට යන්න සුභ පැතුම්.

      Delete
    5. අජිත් අයියගෙ කමෙන්ට් එක නැත්තම් නිකන් අකුණක් ගැහුවා වගේ වෙනවා.
      මොකුත්ම කියන්න එපා ආපු එකම කොච්චර එකක්ද
      පියතුමාගේ හිටවපු කොඩිය තව තවත් ඉස්සරහට අරන් යන්න. සුභ පැතුම්....

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete