24 July 2019

EXප්‍රස් ජීවිත


හරිම තැනකින්
පටන් අරගෙන
අන්තිම නැවතුම
තිතට දැනගෙන
හතර අතටම දුම් විසුරුවාලන
දුවයි හැල්මේ E‍Xප්‍රස් කෝච්චිය
යන ගමන් මග
වෙහෙස දැනුනු තැන
විටෙක හුදෙකලා
දුම්රිය නැවතුමක් දුටු සද
එතැන පොඩ්ඩක් නතර කරලා
තමන්ගේ බර
නැවතුමට නිදහස් කරලා
තමන්ගෙ හිස් තැන් වලට
මිනිස්සු පුරවා
දුවයැයි හැල්මේ
ආයෙත් ආයෙත්  හූ තියමින්
EXpress කෝච්චිය

-සුපුන් සමීර-

8 comments:

  1. අයාලේ යන මන්දගාමි දුම්රිය අදත් සුපුරුදු වේදිකාවට ලගාවේ. අනන්තය දක්වා හිතුන හිතුන තැන නවත්වනවා ඇත.

    මචෝ ලෝකය හා කාලය EXPRESS උනාට ජිවිතය EXPRESS ද? ඒක තාමත් මන්දගාමියි වාගේ.

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නෙ ඒ උඹලා අපි වගේ අය...........හරියට මගේ කවියේ තියෙන හුදෙකලා නැවතුම් වගේ අය. තවමත් බහුතරයක් ලෝකෙ මිනිස්සුන්ගේ ජීවිතේට මැප් එකක් තියෙනවා. උන් එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් වගේ ඒවා පස්සෙන් දුවනවා. ඒ ජීවිත වල වරදක් නෑ. එහෙම තමයි වෙන්න ඕනෙ.ඒත් මගේ යටි හිතෙන් තාමත් ආදරේ කරන්නේ උඹලා වගේ අයාලේ යන චරිත වලට සහෝදරයා.......

      Delete
  2. Replies
    1. ස්තූතියි ප්‍රාජේ............

      Delete