දවසෙ කුලියට
අම්මා එලියට ගිය කළ
ගෙට සක්මන් කල මාමා නූබේ කාමරේ අගුලූ දැම්මම
උදේ රෑ කන බත් පත අම්මා දුන්නාට
ඉන්නෙ උගෙ ගෙයි නිසා
පොඩි අක්කා කට තද කරන් තිරිසෙනෙක්ට ඉඩ දුන්නද
ඉස්කෝලෙ යන්නට කලියෙන්
පුන් සදවන් නුඹෙ රුව
ඉරි තැලූ විදූරුවෙන් හැඩ කරගන්නා මගේ පොඩි අක්කේ
අද නුඹ
ඉරි තැලුණු වීදුරුවෙන් එහි හැඩ වෙනස් වී ගිය හැටි දැක
කදුලූ උණන උබේ දෙනෙතට
දුන් කදුලට සාප වෙයන් උන් හට
උන් උන් නොහදුනති අක්කේ නුබේ ලස්සන හීන
නූඹටත් ඕනෙ නැති බව ඇත්ත
හැමදාමත් කදුලේ විදවන්න
උඹටම අයිති නැති එකෙක් උබේ කුසේම තියා ගෙන
උබ කොහොමද අක්කේ ජීවත් වෙන්නේ
වෛරයකින් ඌ එක්ක
නුබේ යහළු යෙහෙළියන් කැල
පෙම්වතුන් හා උන් තුරුලේ නේද
අගුළු දා වුන් දොර නෑරපන් අක්කේ උඹට අසුභයිලු ඒක
මේ ආත්මෙදි දෙවියෝන්ගේ සැලසූමේ
නුඹ ගැන තිබිලා නෑලු එහෙම
පල්ලියේ ෆාදර් කිව්වේ මට ඒක
ෆාදර්ගෙ කාමරේදි දවසක