මේ පෝස්ට් ලියන්නෙ ටිකක් හදිස්සියේ ඒත් විසි පහ විකසිත වුණු නෙළුම් යායේ හමුවුනු සුන්දර බොලොග් කරුවන්ගෙ ඉදලා අෆ්ටර් පාටියෙදි දෙල් වෙන්න සළු වෙලා ගෙදර ගියපු ගමන වෙනකම් කියන්න හුගක් දේවල් තියෙනවා හැබැයි මන් මේ ලබන ඉරිදා හවස වෙනකම් ඉන්නෙ පොඩි භීතිකාවක. ඒ නිසා එකි නොකී හැම දෙයක්ම කියන්න වෙන්නෙ ලබන සතියේ දාන පෝස්ට් එකකින්.
ඒ වගේම ලබන සතියෙදි සදවතිගේ වික්ටර් ගී දහයේ අභියෝගය, ඒ වගේම නොලියන්න හිටපු ඒත් ක්මෙන්ට් කරලා මැසේජ් කරලා දාන්නයි කියපු "කණ්ණාඩි දාපු ලස්සන ගෑනූ ළමයගේ" පෝස්ට් එකේ දෙවැනි කොටසත් ඊළග සතියෙදි දානව කියලා පොරොන්දු වෙනවා.
මගේ බොලොග් එක ගොඩ දාගැනීමෙ ඉදලා මේ වෙනකම් ලොකු සප් එකක් දුන්නු, දෙන අටම් අයියා හමු නොවීමනම් පට්ට දුකක්.ඒ වගේම මාතලනුත් හිටියනම් වටිනවා. කෝම උනත් ඔක්කොම ගැන ඊළග සතියෙ ලියන්නම්. මොකද මන් ඉන්නෙ භීතිකාවක.කෝම උනත් ඊළග සතිය වෙනකම් මට පිළිවෙලකට බොලොගක් බලන්නවත් වෙලාවක් හම්බෙන එකක් නෑ. එදා හම්බුනූ කතා බස් කරපු, නොකරපු හැමෝටම ස්තූතියි.
සැ.යු.
විකසිත වූ සුන්දර නෙළුම් යායේ පුල් විස්තරේ ලබන සතියේ