උතුරෙත් දකුණෙත් නුවරත් ඇති රුසිරුම මුතු පබළු විත්
ගාලු මුවදොර වෙරලේ ගොඩ ගසමින් හිනැහෙන
ලංසි කෙල්ලට ෆර්සාන්ලා පර්දාවට පයින් ගසා පෙම්පුරන කොට
මධු සුව පිරි තිව්යලා හදවත් දිවා රැයක් නැතිව උණුසුම් කරන
වෙසගනන් තෙත් වූ හදවත් තුළින් පෙම් කරන සද
පතිණියන් පාරේ කාෂ්ඨක හදවත් වලින් හෙළුවෙන් දුවන
ඇරියස් පිරුණු ජීවීත බුකියේ කැළඹෙනා විටෙක
හිරවුණු කොටුවෙන් පිට යන්න හොදම තැනලු රිලැක්ස් වුණු කාමරය
හදවත උඩට ආදරය මෙට්‍රික්ටොන් ගණන් වලින් දමන
කුරුදුවත්තෙත් වැල්ලවත්තෙත් පාරේ ඇත ආදරේ පපුවත් බරවෙන්න
නිදහසක් ඇත්ද ලොකේ මේ පුර තරම් වෙන කොහෙවත්ම
පැරිස්නම් මොනවද බන් ලෝකේ රෝමාන්තිකම නගරය තමයි කොළඹ
-සුපුන් සමීර-
එකඟයි එකෙන්ම!
ReplyDelete"පැරිස්නම් මොනවද බන් ලෝකේ රෝමාන්තිකම නගරය තමයි කොළඹ" එකෙන්ම
Deleteසොලිඩ් හෝටල් ඇත රිලැක්ස් කාමර වල කොටුවෙන් පිට පැන්න
ReplyDeleteදුම්වැටි මදුපැන් පෙන නගින බීරද ඇති පමණට බොන්න
පිරුනු දෙතනනෙන් යුතු රුසිරු ඇන්ටිලා නංගිලා මෙන්න
කොළොම්පුරේදි හමුවුනේ අපි මිතුදම් ඇතිකරගන්න
හරි ලස්සන නංගිලා
Deleteහරි නැත්නම් අක්කලා
බලන් ඉද්දි වටවෙලා
මොකටෙයි මේ ඇන්ටිලා?
ආයෙත් අහලා සුප්පා කවිය..ආයෙත් ඉතින් කොලොම්පුරේ නොදන්න කොළඹ
Deleteඇන්ටිලට නෙවෙයි ආච්චිලට වුනත් ආදරේ කුමට තහනම් කරනු ටෙකා...එක එක අයගේ රස වෙනස්නෙ බන් කොලොම්පුරේලා කැමැති ඇන්ටිලට වෙන්ටැ ඉතින්....... )))
Deleteඑදිනෙදා ජීවිතයේ රුසිරු.
ReplyDeleteවචන තුනකින් කෙටියෙන්ම
Delete+++++++++++
ReplyDeleteස්තූතියි මද්දා....
Deleteරාගය උතුරන්නෙම
ReplyDeleteකලපුවේත් හරි මැදය
ස්නේහය ගලන්නෙම
ලතාවට ගඟක හරි සීරුවටය
ඒත් අපි දුවන්නෙම
හෝ ගාන පොකුණටය
ඉසියුම් වැලි ඉහින
මට සිළිටු වෙරළටය
සැනෙන් පියවර මැකෙන
පෙණ ගහණ කරදිය සුවඳටය
ආදරේ හොයන්නෙම
chat එකක ඉස්පිල්ලක පාපිල්ලකය
ජිවිතේ වරදින්නෙම
කොටු ඇතුලේ අඳුරු කාමරවලය
ජිවිතේ සුන්දරම
වරදින තුරුමය.... :)
නියම කවියක් අක්කේ....."වෙසගනන් තෙත් වූ හදවත් තුළින් පෙම් කරන සද පතිණියන් පාරේ කාෂ්ඨක හදවත් වලින් හෙළුවෙන් දුවන" මන් මේ පද පේළි දෙකෙන් කිව්ව දේ වල දිගුව අක්කගෙ කවි බසින්....අපූරුයි.......
Deleteඒක හරිය කියමු. මේ ෆොටෝ එක කොහෙද
ReplyDeleteNegombo, Sea St?
DeleteYes , Should be Mr.Jay
Deleteමීගමුව ))) සෙට් වෙන ෆොටෝ එකක් සෙට් උනේ නෑ ගූගල් එකේ.ඔය තියෙන්නෙ ඔරිජිනල් එකේ ලින්ක් එක
Deletehttps://www.google.lk/imgres?imgurl=http://static.asiawebdirect.com/m/kl/portals/srilanka-hotels-ws/shared/teasersL/negombo-nightlife/teaserMultiLarge/imageHilight/negombo-night-teaser.jpg&imgrefurl=http://www.srilanka-hotels.ws/nightlife/&h=450&w=800&tbnid=ueQT3A6kE2K2_M&tbnh=168&tbnw=300&usg=K_hMPhOZOZofTqz8coA5ppM4woXcw=&hl=en-LK&docid=qyZbQfjRlXWcwM
රෝමයේ අන්තය වගේ
ReplyDeleteරෝමයත් නගරයක්ද????? )))
Deleteරෝමාන්තික.. හෙහ්... ඒකත් අර පළමෝත වගේ පරිවර්තනයක් වෙන්නැති.. :D
ReplyDelete"Romantic" යන වදනේ සිංහල අරුත ලෙස සුලභව භාවිතා වෙන්නේ රෝමාන්තික යන්න. ඒත් මක්කැයි සෙන්නා පළමෝත????
Deleteඇයි බන් ඔය කවුද එකෙක් first hand experience කියන එක පළමෝත අත්දැකීමක් කියලා පරිවර්තනය කරලැයි කියන්නේ.. හෙහ් හෙහ්...
Deleteරෝම + අන්ත
Deleteඒක නිකන් අයුර්වේද බෙහෙතක නමක් වගේ.......
Deleteරටේ ආර්ථිකයනම් රෝමෙටත් වඩා අන්තයට ගිහිල්ලා තමයි ප්‍රාජේ.....
Deleteනෑ රත්නපුර..
ReplyDeleteආදරේ රත්නප්පුර වගේද ))))
Deleteම්.... ඕනෙම කෙනෙකුට තමන්ට ආදරය දැනිච්ච ගම හෝ නගරය තමයි වැඩියෙන්ම රොමැන්ටික්. ඒ හැඟිමත් එක්ක අවට හැමදේම ආදරණීයව පේන්න ගන්නවා .
ReplyDeleteඅනිවාර්යෙන්ම සදවතී........
Deleteඑල ද බ්‍රා...පට්ට පොස්ට් එකක්
ReplyDeleteඑලම බ්‍රා......
Delete