31 October 2016

ශ්‍රී සුමන සමන් දෙවියන් සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේ


බෞද්දයින්ගේ අති සංවේදී පූජණීය ස්ථානයක් වන ශ්‍රී පාදස්ථානය අවට රක්ෂිතය මේ වන විට හෝටල් කර්මාන්තය උදෙසා වන ඉදිකීරිමක් සදහා විකුණා ඇති බව අපි සැවොම දන්නා කරුණකි. ඊට අප විරුද්ධ විය යුත්තේ බෞද්ධාගමික පදනමකින්ම නොවිය යුතුය.මන්දයත් ඕක විකුණපු එවුන්ට මෙන්ම මිළදී ගත් එවුන්ටද ආගමක් අවශ්ෂ්‍ය නැත. ජායාරූප වල සිටි මරක්කල උන්දැලෑද ෆුල් ඇරබියන් කිට් මරා සිටියද දවසකට කැතලික් බඩු හත අට පාවිච්චි කරන්නෝ වෙතැයි සිතමි.උන්ට දෙවියෝ කීවද නැතද උන් ඒවා කරති. එය විකිණපු සිංහළ අමු බෞද්දයෝ ද එපමණකි.
                                        ශ්‍රී පාද විහාරස්ථානධිපති ස්වාමින් වහන්සේ ඉකුත් දිනයකදී මාධ්‍ය සාකච්චාවක් පවත් වමින් කී අමුතුම කතාවෙන් කියවුනේ උන්වහන්සේ ප්‍රමුඛව ශ්‍රී පාදස්ථානය බොහොම දාඩිය මහන්සියෙන් ගොඩ නැගූ බවයි.අහෝ දුකකි තිතකි.........අඩියක් අඩියක් ගානේ සමන් දෙවියන් විකුණාගෙන කමින් මිනිසුන්ගෙන් සල්ලි අන්තිම තුජ්ජ ආකාරයට ගසා ගෙන කන ශ්‍රී ලංකාවේ පහත්ම ආකාරයේ පරිපාලනයක් ගෙනයන්නෙ උන් වහන්සේගේ අඩවියේය.
                             
 කිරිකොඩු,දඩු කෝඩු යැයි කියමින් සමන් දෙවියන්ගෙන් ආශිර්වාදයක් නොමැතිව ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමෙන් සමන් දෙවියන් දඩුවම් කරතැයි පවසා අහිංසක බැතිමතුන් බය කොට සල්ලි ගරා ගනිති.එහෙත් සමන් දෙවියන්ට අර මරක්කල උන්දැලට මොකුත්ම කරන්ට බැරි විය. සැදැහැවත් සිංහළ බෞද්දයන්ගෙන් කුඩා ඇවඩක් වුවත් දඩුවම් දෙන සමන් දෙවිදූගේ තේජස ඔහුන්ට නොපෙන්වන්නේ ඇයි දැයි නොදනිමි. අනෙක් කාරණය සෝවාන් ඵලය ලබා ගත් සමන් දෙවිදුන් මිනිසුන්ට දඩුවම් දෙන ආකාරය මා නොදනිමි.නමුත් ඒ ක්‍රමය උන්වහන්සේලා දන්නවා විය යුතුය.තවද භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ව තව තැනක පූජා භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහායැයි කියමින් පිරිත් නූල් විකුණයි.කහ නූල රුපියල් පනහකි,රතු නූල රුපියල් හැත්තෑවකි,සුදු නූල රුපියල් සීයකි මේවාද උන්වහන්සේගේ අප්‍රතිහත කැප කිරීම් තුළින් එලිදැක්වූ අලෙවිකරණ සංකල්ප විය යුතුය. නමුත් උඩ මළුවට යනතෙක් සිද්ධාලේප වෙදමහත්යත්.වෙන්ඩෝල් වෙදමහත්යත්,මහජන බැංකුවත්........ ආදී ව්‍යාපාරිකයින් හැර විහාරස්ථානය කළ ප්‍රතිසංස්කරණයක් දක්නට නැත.
   

26 October 2016

බාලිකා ළමා නිවාසේ කාලගෝට්ටිය


පහුගිය දවසක මමයි තව යාලුවෝ දෙන්නෙකුයි හැන්දෑයාමේ වෙරළට ගියේ ඒ සිසිල් මද නල විදිමින් පොඩි කතාවක් දාන්න.කොහොමත් සෙනසුරාදට, ඉරිදට හැමදාමත් වගේ හවස් වෙනකොට ඒ පැත්තට ඇදෙන්නෙ නොදැනුවත්වම වගේ.හරියට නිකන් මලට ඇදෙන කොල්ලො වගේ බඹරු වගේ.එතන උන්නු එකෙක් අපේ ගමට පොඩ්ඩක් දුරින් තියෙන බාලිකා ළමා නිවාසෙක උත්සවයකට ගිහින්.මොකද මිනිහා අපේ ගමේම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක් නිසා දවසකට ඔය වගේ උත්සව දෙක තුනකටවත් යනවා.ඒත් ඉතින් මිනිහා එතන උන්නු ළමයි ගැන බොහෝම සංවේදි වෙලා ඕන ඒ ආගිය කතා අපිත් එක්ක බෙදා ගන්නවා
                                                          ඒ අතර අපි කතා කරේ ඔහුන්ට හැම සැප සම්පතම තිබුනත් "ඔහුන්ගේ ජීවිතයේ ඔහුන් වෙනමම කොටසක් ලෙස ඔහුන් තනි වෙලාය" යන සිතුවිල්ල තුළ ඔවුන් ජීවත් වෙනවා කියලා. මොකද ඔහුන් හැමදෙනාම ආවෙ මන් ගියපු පාසලටමයි. මගෙ පන්තියෙත් කිහිප දෙනෙක්ම හිට්යත් ඔහුන් සමාජශීලී වෙන්නෙ අතිශයින්ම දුර්වල විදියට උදාහරණයක් විදියට පොඩි කාලේ ඉස්කෝලෙදි හැම කොල්ලම කෙල්ලම ගෙදරින් හොරෙන් ගෙනැල්ලා හරි ඉල්ලා ගෙන ඇවිල්ලා හරි රුපියල් පහට දහයට වෙරළු, සියඹලා, අයිස් චොක් වගේ ඒවා කනවා
                                                        ඒත් ළමා නිවාසේ ඉන්න ළමයින්ට කවදාවත් එහෙම කරන්න සල්ලි පාලිකාවන් ඒ ළමයිගෙම අතට  නොදුන්නේ ඒ ළමයිගෙම යහපත ගැන හිතලා උනත් ඔහුන්ට ජීවිතයේ ඒ තැන් තදින් දැනෙන්න ඇති.අනිත් හැම ළමයම එක වගේ බවත් ඒත් තමන් වෙනස් පිරිසකට අයත් බවත් හැගෙන්න ඇති. ඒ නිසා අපි දෙයක් දුන්නත් ගන්නෙ නෑ.ටික කාලයක් යද්දි මට හොදටම තේරුණා ඔහුන්ට අනුකම්පාව දක්වනවට ඒ ගෑණු ලමයි පොඩ්ඩක්වත් කැමැති නැති විත්තිය.
      ශෝකයෙන් සලිතවෙලා සංවේදි බවෙන් අන්ධ වෙලා ඉන්න මොහොතේ මාත් මගේ මහපරිමාණ සිතිවිලි වදන් කරලා දිග හරිනවා.

18 October 2016

සහෘදයා සුභ උපන්දිනයක්


අද උදේම විශ්මි ඇවිල්ලා මගෙන් ඇහුවා අද මදුසංක අයියගේ බර්ත් ඩේ එක නේද කියලා. උබ කොහොමත් දන්නවා මට ඕවා මතක නෑ කියලා. බුකියට ගිහිල්ලා බැලින්නම් වැඩේ ඇත්ත.මට මතක් උනා උබ අද  ඔෆිස් එකේ හිටියනම් මොන වගේ ද කියලා. ඇත්තමයි බන් කියන්නේ උබ නැතිව ගොඩක් පාළුයි. ඒත් උබ රට ඉදන් කෝල් එකක් ගත්තම මන් නම් කියන්නේ උබ නෑයි කියලා ගානක්වත් නෑ බන් කියලා. උබ නැති හින්දමද කොහෙද වැඩ ටිකත් හොදට වෙනවා කියලා.
                                                      හැමදාමත් වගේ උබ හරි සහෝදරයා ජීවිතේ හරිම සින්තැටික්.විදේශයක ජීවත් වෙන උබට සුභ උපන්දිනයක් කියලා viber කරද්දිත් හිතටත් නිකන් මොකද්ද වගේ බන්.වෙනදටනම් උබේ වචනෙන්ම කියනව වගේ ලාවට මොකක් හරි කරලා යහපාලනයෙන් පටන් අරන් රුසියානු විප්ලවේ වෙනකම් කතා කරලා නදීක ගුරුගේ ගේ සංගීතයේ ව්ශ්වකර්ම තැන් ගැනත් කතා කරන්න තිබ්බා.ඇයි වික්ටර් රත්නායකගේ සුගායනයට මුසු වුනු ප්‍රේම කිර්තියන්ගේ පදවැල්, ඔක්කොටමත් වැඩිය ලෝක අර්ථික අර්බුදය හා පෙට්ටි කඩේ ප්ලේන්ටියේ පාලන මිල. හැමදාම ලයින් දාන HSBC එකේ බැදපු අක්කිගේ(උබට නංගි) චීස් පාට සුන්දර ලලිත සිරුර,

11 October 2016

මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 3 කොටස

කොහොමින් කොහොම හරි රස්තියාදුකාරයාට මේ අනපේක්ශිත පෙම් ඇරයුම ලැබුනත්. රස්තියාදුකාරයගෙ සිත දැන් තරමක් නොසන්සුන්.ඇයි ඉතින් මොකද්ද දැන් ඉදිරියට වෙන්නෙ කියලා ලොකු කුතුහලයක් තමයි රස්තියාදුකාරයට තිබුණේ. ඒත් මේ තාක් දේවල් අනාරාධිතව පැමිණියා වගෙ.ඒ සිදුවීමුත් අනාරාධිතවම වෙයි කියලා රස්තියාදුකාරයා හිතන්න ගන්නවා.ඔන ඔය දවස් වලට ආසන්න දවසක තමයි අලුත්ගම දර්ගා නගරයේ ස්වාමින් වහන්සේ නමක් වැඩම කළ මෝටර් රථ‍යේ මඟ අවහිර කිරීම නිසා මුස්ලිම් තරුණ කණ්ඩායමක් එක්ක එම පිරිස ආරවුලක් ඇති ඇති කරගත්තේ. 
                                                              ඇය සමග දුරකතනයෙන් දවසක් දෙකක් කතා බස් කළත් ඇයගේ රජකාරීමය අවිවේකීභාවය සහ මා ඒ වන විට යම් විභාග කටයුත්තක් සමග අවිවේකි වී සිටීම නිසාත් දවසක් දෙකක් නොදැනීම වගේ ගත වුණා.ඒ අතරතුර කාලයේ දුරකතන ඇමතුමක්වත් ගැනීම රස්තියාදුකාරයාට අතපසු වුණත්. ඇයනම් නොවරදාවාම දිනකට එක වරක් හෝ ඇමතුමක් දෙනු ලැබුවා. මේ අතරතුර තමයි අලුත්ගම නගරයේ සිට දර්ගා නගරය බලා සිංහල බෞද්දයින් පිරිසක් පෙළපාලියක් යනු ලැබුවේ. ඉතින් මෙම පෙළපාලිය මහා ගැටුමක් වෙලා.අපේ ඉතිහාසය නැවතත් අදුරුකරන්න සමත් වුණු හැටි හැමෝම දන්නවා.

03 October 2016

මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 2 කොටස


              සුමානයක් ගතවෙන්න ඉස්සෙල්ලා රස්තියාදුකාරයා මේ ගැටළුව ඉදිරිපත් කරේ මේ සම්බන්ධ විශේෂඥ දැනුමක් තිබුණු ගමන් සගයෙක්ට.ඔහු තමයි මා ජීවිතෙ දකින ලද ගැහැණිය සම්බන්ධ විශාලතම සමත්කම් රාශියක් සමත් කොට ඇති පුද්ගලයා.අතිශය කඩවසම් පුද්ගලයෙකු වන ඔහුගේ බැලීමට පවා කාන්තාවන් නිරුවත් වන බව තමයි අපි කථාවට කියන්නෙ. මනෝ විද්‍යාව සම්බන්ධ කොපමන විද්වතෙකුටවත් ඔහුට ගැහැණිය සම්බන්ධව ඇති කියවීමෙන් දශමයකදු ඇතැයි රස්තියාදුකාරයා සිතන්නෙ නෑ.කෙසේ හෝ සියළු දෑ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ අදහස ව්‍යවහරික භෂාවෙන්ම කිව්වොත්

"ඒකී ලයින් එක තමයි දෙන්නෙ, උබ ගිහින් ටෝක දාපන් " යන්නයි....
ඒ විතරක් නෙවෙයි යන විදිය කතා කරන්න ඕන මාතෘකාව පවා නොදරුවට කියලා දුන්නෙ ඔහුම තමයි.

                                                                          පහුවෙනිදා අතිශය රහසිගතව දැන් රස්තියාදුකාරයත් එයා දිහා බලනවා.හැමෝටම හොරෙන් දැන් රස්තියාදුකාරයත් බරටම වැඩ.ස්ටේශමක් දෙකක් යනකොට සෙනග ටික ටික වැඩි වෙනවා.පර්දාවට වැහුණු ඒත් හොරෙන් බලන ඒ සුන්දර මුහුණ දිහා රස්තියාදුකාරයා දැන් වෙනදට වඩා ලොකු විශ්වාසයකින් බලනවා. එහෙම පොඩි වෙලාවක් යනකොට සෙනග වැඩි හින්දා එතනට වාඩි වෙන්න එන්න කියලා ඇය කියනවා.දුරින් ඉදන් ඇහෙන නොඇහෙනෙන විදියට.රස්තියාදුකාරයට ඉබ්බා දියේ දැම්මා වගේ රස්තියාදුකාරයා එතනට කිට්ටු වෙනවා.ඇය වාඩි වෙලා හිටපු ආසනයත් දෙනවා.එත් එතන හිටපු කට්ටියත් එක එක විස්තර අහනවා.ඇයි ඉතින්  එක දුම්රිය මැදිරියෙ ගියාට කවදාවත් සමීපව කතා කරලා නෑනෙ. අර අක්කත් නැගිටලා එයාගේ පාඩුවෙ යනවා.දැන් රස්තියාදුකාරයට ආපු වැඩේ කරගන්න බෑ.මුල් දවසෙන්ම කරගන්නත් ඕනෙ තව දවසක් මෙතන ගියොත් අපේ සෙට් එකේ එවුන්ට අනිවා මාට්ටු වෙනවා.අන එතකොට රස්තියාදුකාරයට ආව ටිකිරි මොලේ