බස් එකෙ කොනක
ඔබ හා තනිව
පෙමින් වෙලී
සිපගන්නා අනවසර දෙකොපුල් හාදුවක
තිබුණත් හිරිවට්ටන ප්‍රේමයක්
අනවසර දිනෙක නිරුවත් පපුවේ
වැතිරුනදා දෑස් පියාගෙන
දැණුනා මට සැනසුමක්
ඔබෙ පපුව මැද්දේ ඇති සිත
කලබන සිහින කොතරම්ද කියා
කලබන සිහින කොතරම්ද කියා
මරණයත් සුරම්‍යය වේ නම්
නුඹේ පපුව උඩ
රමණයත් හෑල්ලුයිනම්
එහි උණුසුම
දැනෙන විට
තවත් කුමට ඉවසා සිටිම්ද
රකිමින් බඹසර කුමර
ඒ උමතු සිහිනවලම
උමතුවෙකු වී
සැරිසරා අතරමන් වී මියයනවාම හැර
-රෝමා-
නුඹේ පපුව උඩ
රමණයත් හෑල්ලුයිනම්
එහි උණුසුම
දැනෙන විට
තවත් කුමට ඉවසා සිටිම්ද
රකිමින් බඹසර කුමර
ඒ උමතු සිහිනවලම
උමතුවෙකු වී
සැරිසරා අතරමන් වී මියයනවාම හැර
-රෝමා-