01 August 2018

කපටි පාට හිනාවක් (කෙටිම කෙටි කෙටි කතාවක්)

                                   
                                      පෙරවදනක් ඕනෙමද කතාවකට. මේ කතාවට පෙරවදනක් නෑ. පසුවදනක් කියලා එකක් දෙන්න හදන්නෙත් නෑ. ඇය තරමක් සුදුයි, බෝලයි, උසයි, මහතයි ඇය මුලින්ම දැක්කෙ පොලිස් පාක් හෝල්ට් එකේදි. ඇයට තිබ්බෙ වෙනස්ම හිනාවක්. ඒකට හරියන්නෙ "අහිංසක" හිනාවක් කියන එක නෙවෙයි. ඒක කපටි හිනාවක්.
                         කපටි පාට හිනාවක් තිබ්බට එයා කපටි කෙල්ලෙක් නෙවෙයි. අහිංසක පාට ගෑණු ළමයෙක්. ඇත්තටම හිනාව විතරයි කපටි පාට. ඒක ටිකක් අපප්භ්‍රංෂයක් වගේ වුණාට. එයාගේ හිනාව එහෙමයි.
                       කපටි කියන වචනය ඇර සමහරවිට ඒකට හරියන්නෙ වෙන වචනයක් වෙන්න ඇති. ඒකට හරියන තනි වචනයක් සිංහල භාෂාවෙ නෑ. ඒක හරියට මෙහෙම කිව්වොත් "ආදරණීය බවක් පෙන්වන කපටි පාට අහිංසක හිනාවක්" වගේ වාක්‍යකින් එයාගේ හිනාවට සාධාරණයක් කරන්න පුළුවන්.
                     එයාගේ ලස්සන ප්‍රතිශත වලින් බෙදුවොත් එයාගේ හිනාවට සීයට හතලියක්වත් තනිකරම දෙන්න ඕනෙ. ඇත්තටම ඒක කපටි පාට ලස්සන හිනාවක්.