මන් මේ කියන්නේ සිරිලංකාවේ ජානාධිපති ගැන නොවේය අහවල් රටක ජනාධිපති කෙනෙක් ගැනය. හැබැයි මෑන්ස් ඒ අහවල් රටේ ලක් වැසියාට දෙන ආතල් දොන් සිරිසේනවත් බයිස්කෝප් වල දීලා නැත. එහෙත් දොන් සිරිසේන මෙන් ඒ සිරිසේනත් අමු ජෝකර් කෙනෙක් වුවත් පොළොවෙන් මතුවෙච්ච බිං කුඩ්ඩෙක් තරම්වත් කොන්දක් ඒ සිරිසේනට නැත.කොටින්ම කිව්වොත් පෙන්දෙකි. එස්.බී නම් ඒ කාලේ කිව්වේ පෙදි මාස්ටර් කෙනෙක් කියාය. දැන් කාලේ කියාද වෙනසක් නැත.
එහෙව් රටේ එහෙව් සිරිසේන එහෙව් ආතල් දෙද්දි මෙහෙව් රටේ මෙහෙව් සිරිසේන හිටං ආතල් දෙන්නේය. ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා එනම් 7 වැනිදා සිට පසුගිය අගහරුවාදා එනම් 13 වැනිදා වෙනතෙක් අඛණ්ඩව දවස් 7ක් මෑත ඉතිහාසයේ වෘත්තීය සංගමයක් පැවත්වූ නිර්ලැජ්ජිතම වැඩවර්ජනය පැවත්වූවාය. එය වඩාත් තුච්ච වන්නේ අතිශය ආසාධාරණ ඉල්ලීම් නිසා නොව. ඔහුන් උකසට ගත්තේ සා.පෙළ සිසුන්ය. ඔහුන් ඉල්ලුවේ සා.පෙල සිසුන්ට නියමාකාර ප්‍රවාහනයක් නොදෙන්නෙ පාලකයින්ගේ කඩිනමින් තමන්ට විසදුමක් නොදෙන නිසා බවයි.