පැතුම් ලෙස සොදුරිය යමු මුනි සිරිපා වැදුමට
සිතුම් ලෙස සිරිපා ගමේ සිට එකළග හෙමිහිට
වැදුම් දෙන්නට යමු හෙමි හෙමින් සිරිපා මුදුනට
නඩයෙන් වෙන්වී එකට හිද ලගදී ඉදිකටුපහන
විගහින් ගමු සෙල්ෆියක් කාටවත් නොපෙනෙන්න
සීතලෙන් වෙලී ඇති මොහොතකදී නුඹ වෙව්ලන
කබායෙන් පොරවමි සොදුර නූඹට උණුසුම දෙන්න
සීතගඟුලේ සීත වතුරෙන් දිය ගෙන සැනසෙන
නලලේ හාදුවක සළකුණ තබමි මම නොමැකෙන
සීතලේ වෙව්ලන මම නුබේ දෑතින් අල්ලාගෙන
වදුලේ තුරුලු කරගමි උණූසුම දෙමි නුඹ සනසන
පහුරු සේ අත් අල්ලා හැරමිටිපානේ දී නම් හොදටම
අමාරු වෙයි ඇයි සුදු කෙල්ල බතලත්නේ නුඹ බෝම
වාරු දී නුබේ සියුමැලි දෑත ගෙන හෙමි හෙමින් මම
කව්රු බෑ කීවත් යමි නොනැවතී ඇහෙළේ කණූව ලගටම
වෙලිලා මීදූමේ ඇහෙළේ කණූව ළග වෙව්ලන
ඇවිලිලා මෙන් දැනෙයි මගෙ හද පෙම් පුරන
පැටලිලා වගේ නුඹ මගේ තුරුලටම ගෙන
බීලා මෙන් මී ආසයි නුබේ දෙතොල් සිපගන්න
විසිරිලා වගේ බැතිමතුන් ඇත හැමතැන ඉන්න
ළංවෙලා කොහොම එනිසා මම නුඹව සිපගන්න
පේවිලා නගින බැතිමතුනගෙ සිත් නොතැලෙන්න
එක්වීලා බොමු උණූ කෝපියක් සීතල යන්න
පැමිණීලා වාරු ගෙන අහස්ගව්ව නැගගෙන
තුටුවීලා වදිමු මුනිදුගෙ සිරි පා පද්ම බැතියෙන
වෙන්වීලා ගියත් හැමදාටම නුඹ හමුවෙන්න
එක්වීලා පුළුවනිද මා හා නුඹට ජීවිත කන්දේ යන්න
සීතලෙන් වෙලී ඇති මොහොතකදී නුඹ වෙව්ලන
කබායෙන් පොරවමි සොදුර නූඹට උණුසුම දෙන්න
සීතගඟුලේ සීත වතුරෙන් දිය ගෙන සැනසෙන
නලලේ හාදුවක සළකුණ තබමි මම නොමැකෙන
සීතලේ වෙව්ලන මම නුබේ දෑතින් අල්ලාගෙන
වදුලේ තුරුලු කරගමි උණූසුම දෙමි නුඹ සනසන
පහුරු සේ අත් අල්ලා හැරමිටිපානේ දී නම් හොදටම
අමාරු වෙයි ඇයි සුදු කෙල්ල බතලත්නේ නුඹ බෝම
වාරු දී නුබේ සියුමැලි දෑත ගෙන හෙමි හෙමින් මම
කව්රු බෑ කීවත් යමි නොනැවතී ඇහෙළේ කණූව ලගටම
වෙලිලා මීදූමේ ඇහෙළේ කණූව ළග වෙව්ලන
ඇවිලිලා මෙන් දැනෙයි මගෙ හද පෙම් පුරන
පැටලිලා වගේ නුඹ මගේ තුරුලටම ගෙන
බීලා මෙන් මී ආසයි නුබේ දෙතොල් සිපගන්න
විසිරිලා වගේ බැතිමතුන් ඇත හැමතැන ඉන්න
ළංවෙලා කොහොම එනිසා මම නුඹව සිපගන්න
පේවිලා නගින බැතිමතුනගෙ සිත් නොතැලෙන්න
එක්වීලා බොමු උණූ කෝපියක් සීතල යන්න
පැමිණීලා වාරු ගෙන අහස්ගව්ව නැගගෙන
තුටුවීලා වදිමු මුනිදුගෙ සිරි පා පද්ම බැතියෙන
වෙන්වීලා ගියත් හැමදාටම නුඹ හමුවෙන්න
එක්වීලා පුළුවනිද මා හා නුඹට ජීවිත කන්දේ යන්න
-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook