සිහින ගෙනන සොදුරු සිහින
අර ඈත දිදුලන සදක් වාගේ...............
ඉරත් ගිහින් සඳ පායන හැටි බලන්න
යාය පුරා මල් පීදෙන හැටි බලන්න
ඔයත් එක්ක රෑ අහසේ තරු ගණින්න
ඉඩ හරින්න මේ හුළගේ හුස්ම ගන්න
පාට පාට ලෝකේ සුදු පාට සොයා
අන්ධකාරයේ අපි ඇවිද ගියා
කළු ඔක්කොම එක තැනකට එකතු වෙලා
අපි ඇවිද ගියා පාට හොයා
ජෝක්නම් අවුල්
කුණුහර්පනම් මාර ලල්
පිරිසකකට මගුල්
දක්වමින් නගුල්
එහෙ මෙහෙ අරන් යති
ජන්දෙට පෙර ට්‍රයල්
යටත්වැසියට නැතත් වියවුල්
උන්ගෙ හැම ට්‍රයි එකම ෆඋල්
මේ හැම අස්සේ
කොයිල් ඇටේ වැසියෙක් වීමත්
එක වෙලාවකට සෑහෙන අවුල්
- රොමාරස්-
01. පොහොට්ටුවෙන් - රනිල්,නාමල්
02. සජබෙන් - සජිත්
03. ජාතික ජනබලවේගෙන් - අනුර
ඔයිට අමතරව විසික්ක වෙලා එන කැඩිච්ච පක්ෂ වලට උදාහරණයකට විමල් වීරවංශලගේ හෙලිකොප්ටරේ,පාඨලිගෙ 44 වගේ පක්ශ වලට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන් තත්වයක් තාම හැදිලා නෑ ඒ නිසා කොහොමත් මීළග ජනාධිපතිවරණයට තාමත් පිට්ටනියට ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් තත්වයකට හරි තියෙන්නෙ ඔය උඩ තුනට විතරයි.
මුලින්ම සජබෙ ගැන කතා කරොත් සජිත් තමයි අනිවාර්යෙන් මීළග ජනාධිපතිවරණයට තරග කරන්නේ. ඒත් මේ වගේ වෙලාවකවත් අච්චර අජපල් ආණ්ඩුවක් තියෙද්දි නායකත්වයක් අරන් දිනන්න පුළුවන් වපසරියක් හදන්න තාම අසමත් වෙච්ච සජිත් කියන්නෙ කූඹි පුකක තරම් වත් දිනන්න දෙයක් නොකර ඉබේ ඔඩොක්කුවට වැටුනොත් විතරක් ගොඩයන එකෙක්. ඉතින් සම්ප්‍රදායික අපේ පැරණි ජන්ද ප්‍රතිඵල වල ස්ටැටික් අනුවනම් 2024 ජන්දය දිනන්න ඕනේ සජිත් උනාට. සජිත් කියන්නේ මේ රේස් එක පිටිපස්සට දුවන තමන්ගේ තාත්තගෙ කාලෙටත් වඩා පරණ ක්‍රමත් එක්ක දේශපාලනෙ කරන කෙනෙක් නිසා . මේ රේස් එකෙන් ලොකු වාසියක් සජිත් හින්දම අනිත් දෙගොල්ලොන්ටම ලැබෙනවා.
දින්ක්ෂි ප්‍රියසාද් පවුල කියන්නේ ඇත්තටම ලස්සන පවුලක්. පවුල් ජීවිතෙත් සෑහෙන ලස්සනකට ගත කරන ජීවිතේ විදින පවුලක්. මේ ලියවිල්ල උන්ට අපහාසයක් විදියට ගන්නෙපා. මේක ෆේස්බුකියේ දැක්ක පෝස්ටුවක් එක්ක හිතිච්ච මගේ සිතුවිල්ලක් විතරයි.
දිනක්ෂි ප්‍රියාසාද් පවුල කියන්නේ මුල්‍යමය හැකියාවක් තියෙන ජීවිතය ඉතා සතුටින් ගත කරන පවුලක් නේ. සරුංගල් කරන කාලේට ගෝල්ෆේස් යනවා , අරගලයට ගිහින් අරගලයට සහභගි වෙනවා චායි ටී එකක් ගහන ගමන් ෆොටෝ අරන් බුකියෙ දානවා, Save විල්පත්තු කියලා ප්‍රොෆයිල් කවරයක් දාගන්නවා, අන්තිමට කහ පාට ජර්සි ඇදගෙන ඔස්ට්‍රේලියාවට කෘතගුණ සලකන්න යනව.
ලංකාව කියන්නේම දිනක්ෂි ප්‍රියසාද් පවුලක් වගේ එකක්. ඒකේ බහුතරයකට තියෙන්නෙ රැල්ලට පුප දීමක් මිස වෙන එකක් නෙවෙයි. නිකමට හිතපන්කෝ කොත්තුවක තිබ්බ නිල්පාට කෑල්ලක් පෙන්නපු වීඩියෝ එකකින් කොච්චර කැළඹීමක් රටේ වුනාද? මුස්ලිම් මිනිස්සු කී දෙනෙක්ගේ ගෙවල් දොරවල් විනාශ වුනාද? කී දෙනෙක් මැරුණද. ලංකාවට අරගලය කියන්නෙත් රැල්ලට පුක දීමක් මිසක් වෙන එකක් නෙවෙයි. රෝන්ග් ජෙනරේෂන් කියලා වැලලෙන්න හැදුවට අරගලකාරයෝ අල්ලපු අරලිය ගහ මන්දිරේ බලන්න ආපු පෝලිමම තමයි නෙළුම් කුළුණ බලන්න ගියෙත් 2015 මයිනව බලන්න ගියෙත්. ඔය තුනටම ගිය එවුන් ඇති තරම් ඇති ඔය පෝලිම් වල.
අද අහඹු ලෙස දැකපු ෆේස්බුක් පෝස්ට් එකකින් තමයි දැක්කෙ ආදරණිය බ්ලොග්කරුවෙකු වෙන 'මගේ ලෝකය - My world" නැමැති බ්ලොගෙයේ අකුරු කෙරූ ආදරණිය තරුණ බ්ලොග් කරුවෙකු වෙන ආටියා නොහොත් කළණ රජින්ද ආටිගල ආකාලයේ ජීවිතයෙන් සමුගෙන ඇති බව.
මම අන්තිම වරට දාපු පෝස්ට් එක සම්බන්ධ උනේ ආදරණිය සුනිල් පෙරේරාගේ අකල් වියෝව සම්බන්ධයෙන්. එත් උඹ එම පෝස්ට් එකට දැමු කමෙන්ටුව දිගේම මම අද උබේ බ්ලොගයට විසි තිස් පාරක් විතර ගියා. උඹ ගැන උඹෙ බ්ලොගය ගැන බ්ලොග් රසිකයෙක්, ලියන්නෙක් විදියට මන් උබේ මරණය ගැන ඇති වූ තිගැස්මෙන්ම මොකුත් තවත් නොලියා ඉදිරියට ලියන බලාපොරොත්තුවෙන් යන්නම් සුභ ගමන් ආදරණීය ආටියා..............