අද නවකතාවක්, කෙටි කතාවක් තියා කවියක්, නිසදැසක් බැලුවත් තියෙන්නෙ පරම පිවිතුරු, අකලංක, පුජණීය ආදර කතා. ඒ මොකද මිනිස්සු කැමැතියි සුදු චරිත වෙන්න.නොමැතිනම් වැදගත් මහත්වරු වෙන්න,නෝනාවරු වෙන්න. ඒ මහත්වරුන්ගෙන් සහ නෝනවරුන්ගෙන් පිරුණු ලෝකයේ හරිම සින්තැටික් බවක් තමයි රස්තියාදුකාරයට දැනෙන්නෙ. බොරුවෙන් දුවන ඇත්ත වසන් කරන ලෝකය තුළ තියෙන්නෙ පුහු ආත්ම වින්දනයක් පමණයි. එදිරිවීර සරිස්චන්ද්‍රයන්ට වඩා මාර්ටින් වික්‍රමසිංහයන්ට, සයිමන් නවත්තේගමයන්ට රස්තියාදුකාරයා තාමත් පන මෙන් ආදරේ කරන්නේ ඒ නිසා.
සංහිදියාව ගැන දහසක් දේ කියවෙන කාලෙක රස්තියාදුකාරයා සංහිදියාව කියන දේ ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුම් කරපු කථාවක් තමයි මේ කථාව පටන් ගන්නෙ රස්තියාදුකාරය දුම්රියෙ යන්න පටන් ගන්ත මුල්ම කාලෙන්.රස්තියාදුකාරයා මුලින්ම හදුනන්නෙ නැති වුවත් පසුව අතිශය හෘදයාංගම බැදිමක් ඇති වූ සමූහයක් නොමැති නම් සෙට් එකක් මේ දුම්රිය තුළ වූණා.අපි හැමදාමත් යන්නෙ පුරුදු තැන.ඒක හරියට ලියල දීපු තැනක් වගෙ වෙන කවුරුත් අපි ඉන්න තැනට එන්නෙත් නෑ අපි කව්රුත් වෙන සෙට් ඉන්න තැන් වලට යන්නෙත් නෑ.දුම්රියෙන් තම රැකියාවට යන්න පුරුදුවෙලා ඉන්න අයටනම් මෙක අළුත් දෙයක් නෙවෙයි.
එවැනි සමූහ රාශියක්ම හැමදාමත් අපි යන දුම්රිය මැදිරිය තුල වෙනවා.ඒ අතරින් අපි සිටින කොටසට පිටුපස පැත්තට වන්නට යම් සැලකිය යුතු දුරකින් තවත් සමුහයක් අපි මෙන්ම සතුටු සාමිචියෙ ගිලෙමින් සිනා සයුරෙ කිමිදින් යනවා ඔහුන්ගෙ ඔය හක හක හිනා සද්දෙ මුළු පෙට්ටිය පුරාවටම වුනත් රැව් පිළිරැව් දෙන්න සමත් වෙනවා.ඔහුන්ගෙ නෙවෙයි කොයි කාගෙ හිනාවටත් ඕක ඇතුළෙ මැනස් කියල දෙයක් තිබුනෙ නෑ.ඔන ඔතන හිටිය මැදිවිය නොඉක්මවූ මුස්ලිම් කාන්තාවක් රස්තියාදුකාරයා දිහා මේ කාන්තාව යම් ව්මසිලිමත් ස්වරූපයකින් බලන බව රස්තියාදුකාරයට දවස් දෙක තුනකින්ම වැටහුනා. උදාහරණයක් විදියට දුම්රියට ගොඩ වුණු ගමන්ම "ගුඩ් මෝර්නින්ග්" කියන්න කොච්චර දුරක හිටියත් ඇය පුරුදු වෙලා හිටියා.හරියට රස්තියාදුකාරයා ගොඩවෙනකම්ම බලන් ඉදන් කියනව වගෙ ස්වරූපයක් තමයි එතන තිබුනෙ. ඒ වගෙම ඇය පර්දාවට මුවා වෙළා සෙනග අතරින් උනත් මාත් එක්ක කිහිප පාරක්ම හිනා වෙනවා. වයසින් වැඩි කාන්තාවක් වුනත් පර්දාවට මුවා වෙලා ඇය සිනහා වෙනකොට එතන තිබුනෙ අමුතුම හැගීමක්.