රන්ජන් රාමනායක වර්ථමානයේ භික්ෂුවගේ සමලිංගික විෂමචාර පිළිබද සිදුකළ ප්‍රකාශය මහත් ආන්දෝලනයක් බවට මේ වන විට පත්ව ඇත. ඒත් ඔබත් මමත් දන්නා පොදු සත්‍යනම් සමලිංගිකත්වයට ශ්‍රී ලංකාවේ පන්සල තරම් ජනප්‍රිය වෙන තැනක් නැති බවයි. එහෙත් එවන් ප්‍රකාශයකින් බෞද්ධයෙකුගේ සිතෙහි යම් වේදනාවක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් කොතරම් කටුක වුවත් ඔබත් මමත් දන්නා පොදු සත්‍යනම් එයයි. එය බෞද්ධ දර්ශණයේ ප්‍රශ්ණයක් නොව ඒ ආගම් තුළ සිවුරට මුවා වී සිටින නිගන්ඨයන්ගේ ප්‍රශ්ණයක් බව ප්‍රථමයෙන් අප තෝරා ගත යුතුය.
*හැමදේටම පලිගන්නෙ පන්සලෙන්ද?
නැත, ශ්‍රී ලංකාවේ සමලිංගිකයින් අපට වඩාත් හමුවන්නේ පන්සලටත් වඩා ප්‍රාදේශීය මට්ටමේ පක්ෂ දේශපාලන කදවුරු සහ රූපලාවන්‍ය විෂය සම්බන්ධ අයවලුන්ගෙනි. සමලිංගිකත්ව යනු ඔහුනගේ අයිතියකි. එහෙත් බාල වයස්කාර අපයෝජන වලට මුල් තැන ගන්නේ පන්සලයි.
*එහෙනම් ඇයි පන්සලම?
දුප්පත් අම්මගෙන් හා පියාගෙන් වෙන්වෙන පිරිමි කුඩා දරුවා තනිවෙන්නේ පන්සලේය. කුඩා සාමණේරයන් වහන්සේලාට ඇති එකම හව්හරණ දුප්පත් කම විසින් ඈත් කොට ඇත. දවසට කිහිප වරක්ම පොඩි උන්නාන්සේලාගේ දැඩි අකමැත්තෙන් තම ලිංගික විකෘතිය සංසිදුවා ගන්නා ලොකු හාමුදුරුවොන්ට එපිටින් වචනයක්වත් කීමට පොඩි හාමුදුරුවොන්ට නොහැක. සිවුරට මුවා වී කරන ලිංගික අපචාර වල ඛෙදය නම් නඩුත් හාමුදුරුවන්ගෙය බඩුත් හාමුදුරුවන්ගෙය.