චරක අයියා තම බිරින් දැ සමග දෙසැම්බර් පාසල් නිවාඩුවට බිරුන්දැගෙ ගමේ යන අතර චරක අයියා ද දවස් දෙක තුනක් නැවැතී නැවතත් ගෙදර පැමිණෙන්නේ රැකියාව සදහා යාමටය. එහෙත් සත්‍ය ලෙසම ඒ දවස් ටික අපිට රජ මගුල්ය. මන්දයත් උන්දැගෙ බිරින්දැ ගෙදර නොමැති දෙසැම්බර් මාසය නම් අපේ වාර්ෂික මහා මෙව්වා එකය. අපේ හතර ගම් තුලානක නත්තලක් නැතත්. අපිද යමරෙට සැමරෙන්නෙ මේ කාලයේය. චරක අයියාගේ ගෙදරම සැමැරීමට විශේෂ හේතු කීපයක් ඇත.
1. එය පිහිටන්නේ ගමේ ගෙවල් දොරවල් අඩු ප්‍රදේශයකය
2. නිවස පිහිටන්නෙ ගස් කොලන් වලින් පිරුණු වත්තක හුදෙකලාවය
3. ඉහත කරුණු දෙක නිසා නන්දන අයියාගේ dj සංගීතය කන පැලෙන්න ලබා ගත හැක.
4.පසුදා එය පිරිසිදු කළ පසු බිරින්දැගේ ඉවට හව්වෙනවා බොරුය
අවුරුද්දක් තිස්සෙ හීනියට දෙක තුනක් සළු වී ගෙදර එන විට පූස් පැටියෙකු සේ ඒමට බොහෝ උන් පුරුදු වන්නෙ ගෘහස්ත සාමය ආරක්ෂා කරගැනීමටය. එහෙත් මෙදා නම් එව්වාට සීමා නැත. ඈත එපිට මිතුරෙකුගේ ගෙදර බනකටට පිරිතකට කියා ගමේම ඇති චරක අයියලෑ ගෙදරට රින්ගන්නේ නිල බොක්කෙ ඇති එව්වත් වමනෙට එනකන් බී අවුරුද්දක ඇරියස් කවර් කිරීමටය.
භාර්යාවන් මත් වූ වතුරට අමූ කෑ යකින්නන් ලෙස හැසිරෙන්නෙ ඇයි දැයි ඔබ සිතනවා ඇත. උදාහරණයකට චරක අයියාම ගතහොත් ඔහු දියවැඩියාවේ උපරිම පරිසාදිත මට්ටමේ සිටින තර පුද්ගලයෙකි. ඒ කෙතරම් ද යත් රහමෙර පාවිච්චියෙන් පසු දිනම අංග ජාතකය පවා පට්ට යන තරමට වැඩේ අවුල් වී ගොසිනි. තත්වය එසේ වුවත් එව්වා අපිට වැඩක් නැත ඉන්නා ටික කාලේ කති බොති ප්‍රීති වෙති. වැඩිම උනොත් මැරෙති.
හැමදාම වගේ එදත් අපේ ප්‍රීති කාලයේ ආරම්භය විය.පුදුමාකාර නිදහසක් සහ ප්‍රීතියක් මුසු වූ හැගීම් වලට ගල් වීදුරුවක් මික්ස් වූ කල දැනෙන ආතල් එක ලිවිය නොහැක බීලාම ගත යුතුය. හැමදාමත් වගේ අපේ සාමාජික නන්දන අයියාගේ dj සංගීතයට අපි බඹර පදෙමෙදි ගීත ගායනා කරයි.එනම් ට්‍රැක් එක වෙනම යන අතර අපේ හදවතේ මුල්ලෙම තියෙන විරහව,අසම්මතය,සම්මතය,බැදීම,ආදරය ගීතයට නැගෙන්නෙ බොක්කෙන්මය.