එදා වැස්සක් ඉවරවුණු ගමන්ම පාරේ අයිනේ මඩ වලවල් පිරුණු තෙත පරිසරයක් තිබ්බ දවසක්. මේ එයාගෙන් මට ආපු හතර වෙනි කෝල් එක නැත්තම් හතරවෙනි හයර් එක කිව්වත් වරදක් නෑ. එදත් එයා ඇවිත් කිසි කතාබහක් නැතිවම ත්‍රීවිල් එකට නැග්ගා. ඔව් ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්. අර මුල් දවසෙ ඇර තාමත් එයා හිනාවෙනවා මන් දැකලා නෑ.
හොදටම වැහැලා තෙත් වෙලා තිබ්බෙ ගහ කොළ හැම එකක්ම.තව ආයෙත් වහින්නද කොහෙද. වැහි බීරුම වගේ. හදිස්සියක් කියපු නිසා මමත් ටිකක් වේගෙනුයි ගියේ ඒත් ටිකක් දුර යද්දි ඉස්සරහින් ආපු මෝටර් බයික් එකක් ඒ පැත්තෙන් ආපු බස් එක ඉස්සර කරගෙන හිතපු නැති විදියට වේගෙන් ත්‍රීවිල් එක ඉස්සහරට කඩාගෙන ආවා.මොනවා කරන්නද තප්පරෙනුත් දහයෙන් පන්ගුවක්දි මට හිතන්න වුනා. මන් කරේ එක තැන වමට හරවපු එක. ත්‍රීවිල් එක බිමට පෙරළුනා. මෝටර් බයිකාරයා ත්‍රීවිල් එකේ අයිනෙ වැදීලා විසි වෙලා ගියා
මම නැගිටිනකොට බිම වැටිච්ච පාර ඕලුවෙන් ලේ එනවා. ඒත් එයාටනම් ලොකු තුවාලයක් නෑ අත මොහොක හරි වැදිලා ලේ එනවා. මන් හිතන්නෙ ඒකටද කොහෙද එයාට සිහිය නැතිවෙලයි තිබුනෙ.
මන් ඕලුවෙන් ලේ ගලද්දි ගිහින් එයාව තුරුල් කරන් නැගිට්ටුවා. මගේ අතින්ම වතුර ගහද්දි තමයි එයාට ටිකක් සිහිය ආවෙ. මන් එයාව වත්තන් කරන් ත්‍රීවිල් එකත් එතනම දාලා වෙන ත්‍රීවිල් එහෙක නැගලා හොස්පිට්ල් එකට ආවා.
මගේ නලල තුවාල වෙලා තිබ්බ නිසා. මට දවස් දෙකක් යනකම් ටිකට් කැපුවෙ නෑ. මොකද ඕලුවට වැදුන නිසා එහෙම තියාගන්නවලු. එයාටනම් එදාම ටිකට් කපලා. ඇත්තටම නවතින්න තරම්වත් තුවාලයක් නෑ එයාට. ඒත් යන්න ඉස්සෙල්ලා මගේ සුවදුක් බලලා තව සික්ස් පැක් හස්බන්ඩ් එයාට ගෙනාපු පළතුරු වට්ටියකුත් සික්ස්පැක් හස්බන්ඩ්ම මගේ කබඩ් එක උඩ තියලා එයාලා දෙන්නා යන්න ගියා. පිටින් පේන තුවාල වලට වඩා එදා මට රිදුම් දුන්නෙ පිටට නොපෙනන තුවාල.