මගේ පොඩි එකීගෙම
වයසෙම නුඹ උන්නට
පවක්වනු කිම මා උන් හැදුවේ
ගෑනීගෙ මලගමට පසු
පන මෙනි රැකගෙන
ඒකීගෙම වයසේ නුබේ සලු පිළි ගලවනකොට
මගේ හිත නොපිච්චුනේ උන් ගැන වල්කමක්
හිත කොනකවත් නොතිබුණූ හින්දම
දවසෙ පඩියෙන් කීයක් හරි ඉතුරු කරගෙන
මන් නුඹ සොයා ආවෙ
මගේ සැනසීම
මධුවිතත් නුඹත් පමණක් හින්දම
මධුවිතත් නුඹත් පමණක් හින්දම
කරගැට ඇති දෙ අත්ලේ පිරිමැදුම සියුමැලි නොවුනට
සුරාන්තයට ගෙන යමි ගැටයෙකුටවත් නොහැකි ලෙස
වෙරයොදා නුඹ හා යෙදුණට මා ලබමින් සතුට
නොසිතමි නුඹට
මා හා රමණය පිළිකුලක් බව
මා හා රමණය පිළිකුලක් බව
මත්වී සිස් වූ බීර බදුනත් විසික් කොට ඇදමුල්ලට
සිතුසේ නුඹේ සුව විදගනිමි අද දරදඩු දැහැනින් ළගට ගෙන
දෙතොල් මන මත් කරයි
චුම්නයක් ඇහැකිද දෙතොලට
චුම්නයක් ඇහැකිද දෙතොලට
නොරිස්සුම් ගෙන බැනුමට දෙයක් නොවෙයි කෙල්ලෙ
හැම මාසෙකම එන එකෙක්නෙ මම
හැම මාසෙකම එන එකෙක්නෙ මම
හෙටක් ගැන ඉරක් පායනු නැති නාට්ටාමියෙකුගෙ ජීවිතයට
සැනුසුම නුඹත් මී විතත් පමනකි රිදුම් දුන්නට
සමාවෙයන් මට
-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook
-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook
ප.ස. - ජර්මානු ජාතික Sandra Hoyn බංගලිදේශයේ ගණිකා නිවාස කලාපයක් තුළ සංචාරය කරමින් ගනු ලැබූ ජායාරූප කිහිපයක් මේ වන විට අතිශය කතාබහට ලක් වී ඇත.මින් ඉහත සදහන් ජායාරූපය ඔහු ලබාගත් ජායාරූප අතරින් දහසකුත් දෑ කතා කරන ජායාරූපයකි. එහෙත් එය තුළ වූ ඇයගේ සිත මෙන්ම ඔහුගේ සිතත් අපගේ විදග්ධ සමාජය තවමත් හරියට කියවා නැත. ඇයගේ සිතට මෙන්ම ඔහුගේ සිතටත් කතාවක් ඇත. ඒ කියවීම ලැබූ නිදහස් සමාජයට වික්ටර් රත්නායකයන් වැන්නෙකුගේ විවාහය තලු මැරීමට තරම් වන් දෙයක් නොවනු ඇත.
මචං උබේ ලින්ක් එකටත් ගියා. උබ මේ ෆොටෝ වලින් වටිනාම ෆොටෝ එකත් තෝරාගෙන ඒ ෆොටෝ එකට 100% ක වටිනාකමක් අගයක් සංවේගයක් එක්කරල තියෙනව උබේ කවි පෙලෙන්.
ReplyDeleteනියමයි.
👊🏽
ස්තූතියි බන්. බොලොග් එකට ගොඩ වැදුන එකත් සෑහෙන්ඩ වටිනවා...👊 👊 👊 👊
Deleteනියම කවි පෙලක්.
ReplyDeleteබංග්ලාදේශයේ විතරක් නොවෙයි මේවාගේ මුඩුක්කු පැල්පත්වල වෙසෙන ගණිකාවන් ඉන්දියාවේ මුම්බායිවලදිත් දැකලා තියේනවා.
ස්තූතියි අසංග. ලංකාවෙත් නාගරික වශයෙන්(විශේෂයෙන් කොළඹ) මේ තත්වයන් මෙහෙම්ම තියෙනවා.
Deleteතිත්ත ඇත්ත.. :(
ReplyDeleteකවුරුත් ලිංගික කුහකත්වය සහ පිටින් පෙන්නන සෝබන සුචරිතවාදය තුළ වැළලුනු තිත්ත ඇත්ත.
Deleteඉරද පායනා ළෝකෙක එදා මෙදා
ReplyDeleteසැරද වැඩියි මේ ගැටළුව හිතේ බදා
වරද කරන උදවියටම තැලුම් නොදා
වරදට හේතු පිළියම් සෙව්වොතින් හොඳා....
ජයවේවා!!!
බොරුව රජයන කොදෙව්වක පිනකට ඉපදුනදා
Deleteසරුව ඇතේ වට පිට හැදියාවන් පිට ඔපදා
බැරුව අමාරුව හොද කර ගැනුමට උන් ගියදා
ගියවුන්ට කෙළ ගසති උඩ බලමින් මුන් සැමදා
ඔව් බන් තාමත් පරක්කු නෑ පිළියම් යොදන්න
ඒ පින්තූර ටික බැලුවට පස්සේ කියන්න දෙයක්වත් හිතා ගන්න බෑ
ReplyDeleteලංකාවෙත් ඔය තත්වය ඔහොම්මමයි....නිල කලාප නෑ.නොනිල කලාප සෑහෙන.
Delete"අදුරේ පව් කරන දනා එළියෙ රවන ළදුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළදුනේ
කුහුබිවෙකුටත් වරදක් නැති වැරදිකාර ළදුනේ"
ශිෂ්ඨ සමාජය වහන ඇත්ත කතාව
රස්තිගේ කවිය අගයමි. ඊට වඩා හිත නතරවුනේ අර පින්තූර එක්ක. ඒ ගැහැණුන්ගේ මුහුණු දකින අපිට උන්ගේ හිත්ද දකින්න තිබුනා නම් කොච්චර හොඳද....මේ ගැහැනුන් පිලිබඳ මට එදත්, අදත් දැණෙන්නේ මහා වේදනාබර හැඟීමකි. මොවුන්ගේ ජීවිත මහා දුක්බර කතා පොත්ය. ඒ ජීවිත කොන්ඩම් වගේ. වැඩේ කරගත්තට පස්සේ අල්ලලා විසිකරලා දානවා.
ReplyDeleteස්තූතියි. එවන් දුක්බර කතාද බොහෝය. මම සහසුද්දෙන් දත් එවන් කතාද ඇත.
Deleteනැති වුන් මේවාගෙන් සැනසෙයි
ටිකක් ඇති වුන් ස්පා වලින් සැනසෙයි
හොදට ඇති වුන් තරු පහේ හෝටල් වල සැනසෙයි
ඒත් මෙයින් වැඩියෙන්ම තැලෙන්නෙ මුලින්ම කියපු උන්ය. සුචරිත සමාජය උන් කොන්ඩම් වගේ විසි කරන්නෙ කොණ්ඩම් අතින්වත් අල්ලපු නැති එවුන් ලෙසය
කවි ටික නියමෙට ලියලා තියෙනවා...
ReplyDeleteස්තූතියි මිතිල
DeleteHarima agei obage kawi sithiwilla. Jaya!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි
Delete"ඇයගේ සිත මෙන්ම ඔහුගේ සිතත් අප කියවා නැත"මේ වචන පේලිය එක්ක ඡායරූපය දැක්කම,ජීවිතය ගැන අපි හිතන්නේ හැමවෙලේම ඒකපාර්ශිකව නේද කියල එකපාරටම හිතට දැනුනා.
ReplyDeleteඔව් බක්කරේ මේ ලෝකේ කලූ මිනිස්සු කියලා ජාතියක් නෑ ඉන්නෙ කලු සුදු මිශ්‍ර අළු මිනිස්සු
Deleteඅමරසිරි පිරිසගේ ලදුනේ සින්දුව මතක් වුනා ...
ReplyDeleteසරළෑ සුගම විදියට කියන්න ඕන හැම දෙයක්ම ඇතුල්වෙච්ච ගීතයක්
Deleteමේ ලෝකේ ජීවත්වෙන හැමෝටම කතාවක් තියනවා බං. වෙලාතියෙන්නේ අපි ඒ කතා අහන්න ලාස්ති නෑ. අනිත් එකාගේ කතාවට වඩා අපිට , අපේ කතාව ලොකුයි. දෙන්නක් අතර අවබෝදයෙන් වෙන්න ඕනේ දෙයක් මුදල් පදනම්කරගන සිද්දවෙනවට ආසම නෑ. ඒත් බඩගින්න කියන්නේ මහා එපාකරපු පජාත් දෙයක්
ReplyDeleteඅවාසනාවකට මුදල කියන දේ හැමදේට්ම පදනම් වෙලා ඉවරයි බන්.
Deleteඔව් බන් අපේ රටේත් ලොකු මිනිස්සුන්ට නොපෙනෙන මිනිස්සු ඉන්නවා බන් ගොඩක් බඩගින්න වෙනුවෙන්ම විතරක් ලොකු අරගලයක් කරන.
කොළඹ ගුණසිංහ පුරේට ඇතුල් වෙන ඉසව්වෙ ඉන්න සමහරක් මෙහෙම අය හරි ලාබාල වයසේ කියලා පෙනෙනව....ජීවිතේ හැටි...
ReplyDeleteඒ වගේ පැති තව කොච්චර තියෙනවද විසිරි. ඒ මිනිස්සුන්ගේ තියෙන්නෙ ඔය මිනිස්සුන්ගේ කියලා බනින වල්කමට එහා ගිය අසරණකමක කතාවක්.
Deleteමෙව්ව කියවන්න නම් රස්තියාදු කාරයගෙ එකට ගොඩ වෙන්නම ඕන..මේ කාන්තාවන්ගෙ මුහුණු දැක්කහම මට පේන්නෙ ඒගොල්ලො කියාගන්න බැරි අසරණ කමකින් පෙළෙනව කියලයි.
ReplyDeleteඔව් බන් මේ ලෝකෙ හැමෝටම සර්ව සාධරණ තැනක් කරන්න බෑ. ඒත් මෙතරම් අසාධාරණයට ලක්වෙන වෘත්තියක්,මිනිස්සු පිරිසක් තව නැතිව ඇති.
Deleteමොනවා ලියන්නද කියලා තේරෙන් නෑ... ගැහැණු මියයමින් ජීවිතය ගෙවන්න වෙර දරනවා ගණිකාවෝ වෙලා.. ස්තූතියි මෙවැනි දේවල් ලියනවට රස්තියාදුකාරය නුඹට....
ReplyDelete:'-(
ගැහැණියගේ සිත වගේම මේ වයසක මිනිහගේ හිතත් අපේ විදග්ධ සමාජය තාම කියවලා නෑ අරුශි
DeleteHithanna deyk thiynw ayye ned...hmmmm.......
ReplyDeleteඔව් සදනි.උඩ පින්තූරය කතාකරන පින්තූරයක් එකයි මේ ජායාරූප පෙළම මෙතරම් ජනප්‍රිය වුනේ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකතා කරන පින්තුරයක්, ඒ මුණු වල කියා ගන්න බැරි දාහක් දේවල් එකට එකතු වෙලා.
ReplyDeleteඒ දේවල් කැටි කරලා ඔබ ලියලා.
ස්තූතියි බොහොමත්ම යාත්‍රා
DeleteAyye paththara wlt liynwd oya
ReplyDeleteනෑනෙ සදනි.මන් ලියන් නෑ
DeleteEhemd rsthiyadukarayo gdk athi ehenm..kohom unth ayya lyn style ekt kmthi mn..oyt subpthnw digtm lynna..kiywnna innwne api..✋✋
Deletesmwenna ek cmment ek deparak publish wenwne..hithl krnawa nemei..
බොහොමත්ම ස්තූතියි සදනි.රස්තියාදුකාරයොනම් ගොඩයි.මාත් ඉන් එකෙක් විතරයි.
Deleteවැරදිලා හරි කමෙන්ට් වැටෙන එක කොච්චර දෙයක්ද සදනි :-)
This comment has been removed by the author.
ReplyDeleteපින්තූරය දැකපු ගමන් මම දැන ගත්තා සිද්ධිය ගැන...
ReplyDeleteමම බලලා තිබුණේ...
හෙහේ...
ඔව් බන් මේ පින්තූර සෙට් එක සෑහෙන ජනප්‍රිය වුණා. මේවගේ තියෙන්නේ සමාජෙ වෙනම ස්ථරයක්.
Deletecall me
ReplyDeleteela ayye
Deleteඋබයි මායි සෙට් වෙන හැම දවසකම වගේ අළු චරිත ගැන කතා කරනවානේ. මට මේකත් එහෙම කල කාතාවක් වගේ දැනුනා. නියමයි රෝමා. ජයවේවා !!!
ReplyDeleteඔව් බන් මේ ලෝකෙ සම්පූර්ණ කලූවත් සුදුවත් මිනිස්සු නෑ
Deleteඅවශ්‍යතා ද්විත සමපාත වීම මත මෙම කථාව නිර්මාණය වී ඇත.
ReplyDeleteඒහෙත් අවාසනාවකට සමපාත කරගන්නා ගැණුම්කරුවාගේ කොන මෙය පිටතදී දැඩිව හෙළා දකියි
Delete