24 May 2017

අපේ දන්සැල

                                                     
           
                         වෙසක් මාසෙ කියන්නෙත් පුල් මාවලස් කාලයක්.විසේසයෙන් අප ගම්මැද්දෑවෙ සාමාන්‍යයෙන් වෙසක් වලට වඩා උත්කර්ශ්වත් සහ අලංකාර පොසොන් එක. ඒත් ඉතින් ඒ කොහොම වෙතත් අනාදිමත් කාලෙක ඉදන් අපිත් වෙසක් සද නැග ගෙන එන අල්ලපනල්ලෙ ලක ලෑස්ති වෙන්නෙ අනාදිමත් කාලෙක ඉදන් අඛන්ඩව අපි සැට් එක සිදුකරන සුමධුර ධර්ම දේසනාව සහ මහා දන්සැලෙහි වැඩ කටයුතු ඉෂ්ඨ සිද්ධ කරන්න. මේ පාර අපි තීරණය කරේ ආරණ්‍යවාසී හාමුදුරුවො කෙනෙක් ගෙනැල්ලා වෙනස් විදියේ ධම්ම දේශණාවක් කරන්න. කාගෙත් වැඩි මනාපෙන් හැමදාමත් වගේ ගල්දූව ආරණ්‍යයේ ලග්ගල කල්‍යානවංශ නැමැති හිමි නමකට ආරාධනා කෙරුනා.
                                                                      දැන් එතකොට දන්සැලට දෙන්නෙ මොනවද අපේ අන්තර් වෙසක් බෞද්ද මහා සංවිධානය සකච්චා කරා. ඉන්පසුව සියල්ලෝගේම ඒකමතික ජන්දයෙන් සහ දෙතුන් දෙනෙකුගේ දැඩි විරෝධය හමුවේ. අතිසය පජාතන්ත්‍රවාදී විදියට නුඩ්ල්ස්,පාප්පු සහ සීනි සම්බල් දෙන්න තීරණය කෙරුනා. මුල් සාකජ්ජා වටේදිම නුඩ්ලස් වලට අපේ හිතවත් සාමාජික ගම්සභාවේ මන්ත්‍රී තැම්පත් අවන්ත සහෝදරයාගේ සම්පූර්ණ අනුග්‍රහය ලැබුණා.
                                                                    ඒ වගේම සම්බල් වලටත් සමාජික පහුලකින් සම්පූර්ණ බරපැන ලැබුණා,  පහුලකින් ලැබුනැයි කිව්වට ඕක නිකන් පහුල් සංවිධානයක් වගේ එකක් මොකද ඔය පහුලේ ඉන්න සහෝදර සහෝදරියො හතරපස් දෙනයි, වද පුංචි අම්මගේ ඉස්සර ගෙදර එකයි පස්සෙ ගෙදර එකයි දෙපැත්තෙ ගෙවල් වල එවුනුයි සේරොම ඔය සම්බල් භාරගත්ත පහුලට අයත්. ඉන්පස්සෙ අන්තිමට පාප්පු වලටත් එක දෙන්නා කිලෝ හතර පහ සමාදර  සමඅනුග්‍රහය දුන්නා.

15 May 2017

ගඟ ලඟ තොරණ ලඟ ෆෝකස් කරපු ලිය


ගඟ ළග තොරණ ළග ෆෝකස් කරපු ලිය
හන්දියේ තොරණ ලගදී මිසින් විය
කුමට කියමි ඈ ගැන රුව ගති වරුණ
පන්සලේ කූඩුවේවත් නෑ කැටයම් එතරම්ම

මාකට් එක ළග කුඩුවෙ සුන්දර කැටයම් අතරේ
දැක්කෙ අර ලියයි වෙනසක් නෑ කැටයම් ඇයගේ
පහුලේ උන්දැලත් මිස් කොට කවුරුත් නැති අතරේ
රටකජු ගොට්ටේ නම්බරේ ලියලයි ඈ දුන්නෙ

කට සැකරයි සිතකුත් මගේ ඈ ගැන නැති පාටයි
පිකප් එකේ ලග නැව්වට ඈ නිව්ටල් කෙල්ලයි
පාර දෙපස එහෙ මෙහෙ යන ලියනුත් බෝමයි
මේ වෙසඟෙවත් පින පල දුන්නොත් මල්මයි

වැදලා රනවරා,ඔසුපැන්, සව් දන්සැල් දෙකතුන හතරක්ම
බත් දන්සැලක් සෙව්වෙමි බඩගින්නත් වැඩිවෙලා හොදටම
කීලෝමීටර් දෙකතුන පෝලිමේ ලොකු පොඩිවුන් අතර
සෙට් වුනෙමි අගට පෝලිමෙ කලියෙන් හෙට එළි වෙන්න

ඉස්සරහම හිටි ලිය සුන්දර වෙති බෝම
ඉගසුග බෝම ඇත මහතට පොස් එකට
කැටයම් ඇයගේ නැත සුන්දර ඇය ලෙන්ගතුය
ඇගටම ආපු පොඩි එහෙකුටත් ඈ එරෙව්වය

ගෙදර කෙනා මෙහි නෑලු ආසයිලු දන්සැලකින් කන්න
නැන්දම්මත් එක්ක ආවේ ඒ නිසාලු දන්සැල් වදින්නට
බඹ ගානක් දිග පෝලිමෙ මල් මල් කතා මැද
ගෙවුනා සොදුර ලෙස පෝලිම තව දිග වූවානම් මල්ම

කුමට කැටයම් කොටනු කදුරු ලීයේ ඉතින් හැඩ දමා
විදපූ ලීයෙ කැටයම් සුන්දර වෙති කදිමයි බෝමා
කැටයම් ටික තියා ගනින් කෙල්ලෙ පොසොනුත් ළග එනවා
මෝරපු ලීය ලෙහෙසියි ලපටි ලීයට හම යනවා

-රෝමාන්තික රස්තියාදුකාරයා-

ප.ස.- ඔන බොලොග් වසන්තයේ අන්තිම හරිය යන්නෙ. මාත් ආයෙ පැත්තෙවත් නැහැයි හිතුවට චුන්ඩක් උඩට ඇවිල්ලා ඉන්නෙ. අපේ දුමීලා.අටම්ලා,අරූලා,ඉයන්ලා,ඉවාන්ලා,සොදුරු අතීතය..... එහෙමත් පෙරමුනේම සටනේ. ඔය කොයි කාගේ හරි හොද පෝස්ට් එකක් තියේනම් කියවලා බලලා චන්දයක් දාල එන්න. චන්ද පහක් දෙන්න පුළුවන්ලු. හොද එකෙක්ට දාහල්ලා. හොදම එකානම් මම තමයි. ඒත් තව හතරක්ම තියේනේ. ඒවත් දාහල්ලා කාට කාට හරි. ඔක්කොටම ජයින් ජයම වේවා.......එහෙමැයි කිව්වට මට පොඩ්ඩක් වැඩියෙන් ජයවේවා........