17 October 2018

පැරිස්නම් මොනවද බන් ලෝකේ රෝමාන්තිකම නගරය තමයි කොළඹ



උතුරෙත් දකුණෙත් නුවරත් ඇති රුසිරුම මුතු පබළු විත්
ගාලු මුවදොර වෙරලේ ගොඩ ගසමින් හිනැහෙන

ලංසි කෙල්ලට ෆර්සාන්ලා පර්දාවට පයින් ගසා පෙම්පුරන කොට
මධු සුව පිරි තිව්යලා හදවත් දිවා රැයක් නැතිව උණුසුම් කරන

වෙසගනන් තෙත් වූ හදවත් තුළින් පෙම් කරන සද
පතිණියන් පාරේ කාෂ්ඨක හදවත් වලින් හෙළුවෙන් දුවන

ඇරියස් පිරුණු ජීවීත බුකියේ කැළඹෙනා විටෙක
හිරවුණු කොටුවෙන් පිට යන්න හොදම තැනලු රිලැක්ස් වුණු කාමරය

හදවත උඩට ආදරය මෙට්‍රික්ටොන් ගණන් වලින් දමන
කුරුදුවත්තෙත් වැල්ලවත්තෙත් පාරේ ඇත ආදරේ පපුවත් බරවෙන්න

නිදහසක් ඇත්ද ලොකේ මේ පුර තරම් වෙන කොහෙවත්ම
පැරිස්නම් මොනවද බන් ලෝකේ රෝමාන්තිකම නගරය තමයි කොළඹ

-සුපුන් සමීර-